Tuesday, January 1, 2013

2013 දී 24 තීරණාත්මක ඉලක්කමක් වෙයිද ?

රාජකාරි ඉවර වෙලා ගෙදර එන්න සපයලා තිබෙන කැබ් රියේ රියදුරුත් එක්ක සුහද පිළිසඳරක් දාගෙන එන එක මගේ පුරුද්දක්. කැබ් එක එන්න පරක්කු වෙලා කැබ් මධ්‍යස්ථානයේ අයත් එක්ක බහින් බස් නොවුන හැම දවසකම එහෙම තමා. මෙහෙම වෙලාවට රියදුරාට කථා කරන්න ඇරලා මම අහගෙන ඉන්න එක තමයි කරන්නේ. ගිය සිකුරාදා ආව කෙනාම තමයි අදත් ආවේ. මිනිහට මතක තිබ්බ ගිය සිකුරාදා මම කැබ් සේවාවට හොඳටම බැන්න බව. අද ආපු ගමන්ම ඇහුවේ

"අදත් පරක්කු වුනාද සර්" කියල

"නෑ අද එහෙම පරක්කුවක් නෑ" කියා මම නිශ්ශබ්දව යන්න උත්සාහ ගත්තත් මිනිහා මාව කතාවට ඇදාල ගත්තා. 

"සර් අද ඉඳල අර පොයින්ට් ක්‍රමය පටන් ගන්නවානේ, පොලිස් කාරයන්ට ගානක් හොයා ගන්න පුළුවන් නේද?"
පින්තුරය ගත්තේ : vectorstock.com
එහෙම කිව්වහම මටත් හිතුනේ මේ ලකුණු ක්‍රමය නිසා රාළහාමිලාට අමතර ආදායම් මාර්ගයක් රජය විසින් සපයලා දීලා කියලයි. මේ ක්‍රම හඳුන්වා දීම ඉතා වැදගත්. මොකද අද පාර බදු අරගෙන එලවන අර අශෝක් ලේලන්ඩ් බස් වලඩ්‍රයිවර් මහත්වරුන්ටයි, බටර් කපන්න වගේ එකතැන කපන ත්‍රී වීල් මල්ලිලාටයි, දකින දකින හැම අස්ස්කම රිංගවන්න හදන මෝටර් සයිකල් පදින තරුණ පරම්පරාවටයි යම්කිසි විනයක් ඇති කරවන්න අවශ්‍ය නිසා(මෙහෙම කිව්වහම අපේ මාරයාට තද වෙයිද දන්නෑ). 

දැන් නිකමට කල්පනා කරලා බලන්න මේ ලකුණු ක්‍රමය නිසා වාහන තදබදය අඩු වෙන්න පුළුවන්. ඒ කොහොමද ? කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ එක්තරා ඩ්‍රයිවර් මහත්මයෙක් ටලකුණු විස්සක් ගහනවා ලැබෙනවා මාස දෙකක් ඇතුලත. එතකොට හරියට අර පාපන්දු ක්‍රීඩාවේදී කහ කාඩ් පත ලැබුණා වගේ. ඔන්න ඔය වගේ වෙලාවකට තවත් වරදක් කරලා ට්‍රැෆික් රාලහාමි කෙනෙකුට අහු වෙනවා

රාලහාමි : මහත්තයා ලකුණු විස්සක්, එතකොට මේකෙන් තව 10ක් ආවහම මහත්තයාගේ ලයිසන් කැන්සල්. මාස දහයක් බස් එකේ තමයි යන්න වෙන්නේ. මොකද කරන්නේ. උසාවි දාන්නද ?

මෙහෙම කියනකොටම අපේ රියැදුරු මහත්මයා බැගෑපත් වෙලා කොහොම හරි ගානක් කතා කර ගන්නවා. එහෙම වුනොත් හොඳයි. අපි හිතමු මේකේ අනික් පැත්ත වුණා කියලා එතකොට අර මහත්තයාගේ ලයිසන් කැන්සල් වෙනවා ඊළඟ අව්රුද්ද වෙනකං. එතකොට එක්කෙනෙක් අවුට්. මේ වගේ අපේ ඩ්‍රයිවින් ඉතා හොඳ නිසා වාහන එලවන අයගෙන් භාගයක්ම අවුට් වුනොත් පාරේ යන වාහන ගණන දෙකෙන් පංගුවක් වෙනවා. මෙහෙම වුනාම ට්‍රැෆික් නිකම්ම අඩු වෙනවා. එක බස් එකක යන සෙනග දෙගුණ වෙනවා. දුම්රිය වලට සෙනග වැඩි වෙනවා. එක්කෝ රාළහාමිලා පොහොසත් වෙනවා. 

මේ ළඟදී අපේ හිරූ ලියපු පොස්ට් එකකින් දාල තිබුණා, චායාරුපත් එක්කම පාරේ විවිධ වැරදි කරන ආකාරය. ඒ වගේම ඩුබායි වල රියදුරු බලපත්‍රය ලබා දෙන විදිය ගැන අපේ කෝරලේ මහත්තයා පොස්ට් එකක් දාලා තිබුණා. මේ දෙක දෙකක් වුණත්, මේ දෙක සමපාත වෙන තැනක් තියෙනවා. ඒ තමයි විදේශීය රටවල් වල මේවා වෙන විදිමත් විදිය සහ අපේ තිබෙන ප්‍රාථමික බව. ඒ අතින් දකුණු ආසියාවේ ලංකාවේ, ඉන්දියාවේ, බංගලිදේශයේ වගේ රටවල ඉන්න දුෂිත පොලිස් නිලධාරීන් එක්ක මේ වගේ නීතියක් තවත් පොතකට සීමා වෙච්ච් අර කියපු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පරිදි හසුරුවමින් ජරාව ගොඩ ගහගන්න තිබෙන තවත් මාවතක්ද කියල හිතන්න වෙනවා. 

මේ වගේ නීතියක් දාලා අපේ පොලිස් නිලධාරී මහත්වරු හරියට ක්‍රියා කරයි කියල හිතාගෙන රජය ඉන්නවා. ඒත් නීති කඩන්න රියදුරන් පෙළෙඹෙන එක් හේතුවක් තමයි මේ වගේ දුෂිත නිලධාරීන් ඉන්න එක. හැබැයි අපි දැක්ක දඩ මුදල් වැඩි කරලා කරපු සීට් බෙල්ට් අනිවාර්ය කිරීම සහ බීමතින් රිය පැදවීම වගේ දේවල් යම් සාර්ථක මට්ටමකට ඇවිත් තිබෙනවා. හේතුව පොලිස් නිලධාරී මහත්වරු නීතිය හරියට ක්‍රියාත්මක කිරීමම නෙවෙයි. ඔවුන්ට හසු වී දඩ මුදලින් භාගයක් අතට දෙන්න තරම් වත්කමක් නැති නිසා. ඒ නිසා මේ අයට සිදු වෙනවා නීතිගරුක වෙලා තමන්ගේ එදා වෙලා කන්න තියෙන මුදල් ඉතිරි කර ගන්න. හැබැයි සමහර නීතිගරුක පොලිස් නිලධාරී මහත්වරු හරියට නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙත් වැඩියෙන් වෙන්නේ දුෂණය. මේවා ප්‍රසිද්ධ රහස්. ඕනෑම කෙනෙක් දන්නවා. මෙහෙම මුදල් අතට දීලා මාරු වෙන්නෙත් අපේ ක්‍රමයේ තියෙන අඩු පාඩු නිසා. රස්තියාදුව අවම කර ගන්න.

මම මේ ලඟදි දවසක් තඹුත්තේගම ප්‍රදේශයේ තියෙන දම්සෝපුර කියන ඉතාම දුෂ්කර ගම්මානයක තියෙන සේවා මධ්‍යස්ථානයට ගියා. එසේ ගොස් එන ගමනේදී වාහනයේ එලාම් එකක් නොකඩවා වදින්න පටන් ගත්තා. මේ වනවිට අපගේ රථයේ ශාඛාවේ අය දෙදෙනෙකුත් උන්නා. මම හිටියේ ඉදිරි අසුනේ. පිටුපස හිටිය මගේ මිත්‍ර විපුල රියදුරාගෙන් මේ ගැන විමසා සිටියා. ඔහුගේ සීට් බෙල්ට් එක නොපැළඳ ඉන්න නිසා තමයි මේ එලාම් එක නාද වුනේ. මා පුරුද්දක් වශයෙන් වාහනයකට ගොඩ වූ විට ආසන පටි පළඳිනවා. මේ පැත්තේ කොහෙන්ද පොලීසිය යන්න තමයි උත්තරය වුනේ. ඇත්තටම මේ වගේ කැලෑබද ප්‍රදේශයක පොලීසිය තියා ග්‍රාමසේවක වරයෙක් වත් ඉන්න පුලුවන්ද ? කියලා අපිට හිතුනා. විපුල පුන පුනා ඉල්ලා සිටියා ආසන පටිය පළඳින්න. එහෙත් එය මායිම් නොකළ අපේ තරුණ ඩ්‍රයිවර් මහත්මා දිගටම ධාවනයේ යෙදුනා. විනාඩි පහක් යන්නට පෙර විශාල ගසක් යට සෙවනේ හුන්, අව් කන්නාඩි පැළඳ, ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් සිහි ගන්වන පාංශු දේහදාරී පොලිස් එස් අයි මහත්මයෙක් ඉතාම සෘජුව ඉඳ වාහනය නැවත්වූවා. වාහනයට එබුනා සීට් බෙල්ට් දාල නෑ නේද ? ලියන්න කියා ඔහු අණ කළා. 

මා එක් වර ආ විනිශ්චය වුයේ මේ නිලධාරියා නම්, නීතිගරුක අයෙක් බව. එම තීන්දුව හරියටම හරි යන්න තේරුම් ගන්න අප සියලු දෙනාට වැඩි වෙලාවක් ගත වුනේ නෑ. ඒ සඳහා සමතයකට යන්න මා මිත්‍ර විපුල සුදානම් වත්දී ප්‍රදේශයේ බැංකු නිලධාරියා තමා මේ ලියන රාළහාමිලා අඳුරනවා එහෙත් එස් අයි මහතා නොහඳුන බව පවසා එලියට බැස්ස. එහෙත් අර පොඩි නිලධාරීන් දෙදෙනා මුහුණ ඔබාගෙනම දඩ පත්‍රය අපේ රියදුරාට බාර දුන්නා. අපිට පිටත් වීම හැර කල හැකි කිසිවක් තිබුණේ නෑ. යන අතර වාරයේ මමත් විපුලත් රියදුරු තරුණයාට හොඳටම දෙහි කැපුවේ පුරුද්දක් ලෙස ආසන පටි පැලඳුවනම් එසේ නොවන බව. ඇත්තටම මෙහිදී වැදගත් වන්නේ ප්‍රදේශය නොව එහි අවශ්‍යතාවයයි. අපේ අය පොලීසිය අල්ලන නිසා ආසන පටි පැළඳ ගත්තත්, අවශ්‍ය කාරණය අනතුරින් වැළකීම. 

දැන් අපේ අර රියදුරාට සිදු වනවා උසාවියට ඊළඟ සතියේ ඉදිරිපත් වී දඩය ගෙවන්න. දැන්  අර නිලධාරියාව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ පිස්සකු ලෙස. සමස්තය එක් ආකාරයකට ක්‍රියා කරද්දී ඔහු පමණක් උඩුගම් බලා පිහිනනවානම් එහෙම පෙනෙන එකේ වැරද්දක් නෑ. දැන් අපේ රියදුරාට ගෙවන්න වෙන දඩ මුදල, නිවාඩු ලාබාගෙන් වෙනමම උසාවි පැමිණීමට සිදු වීම, නීතිඥයකුගේ සහය ලබා ගන්න. කොටින්ම මෙය සැබෑ දඬුවමක්. ඔහුට ඊළඟ සතියේ දවසක් විත් රියදුරු බලපත්‍රය රැගෙන යන්න කීවත් එයත් දඬුවමක්. 

නමුත් අපේ මේ දඩ මුදල් අය කිරීම සහ උසාවි ක්‍රමය ගැන පැහැදෙන්නට බෑ. ඔහු වරදක් කල බව සැබෑය. එහෙත් ඒ සඳහා සිරිපා කරුණා කරන්න වැනි ගමනක් යා යුතුද? විකල්ප ක්‍රමයක් ලෙස තමන්ට පහසු පොලිස් ස්ථානය සහ උසාවිය විමසා ඒ වෙත දඩුවම හෝ දඩ මුදල් ගෙවීමට යොමු කිරීම කාලෝචිත නැද්ද? මෙසේ අදාළ ප්‍රදේශය වෙත යාමට සිදු වීමද දඬුවමේ කොටසක්ද ? 

මුලින් සාකච්චා කල ලකුණු ක්‍රමය සහ සමස්ථ දඩ ක්‍රියාවලිය යම්කිසි අධීක්ෂණයක් යටතේ සිදු විය යුතු බව මාගේ විශ්වාසයයි. පොලිස් නිලධාරියා වරදකරුවන් හසු කර ගැනීමේ සිට උසාවිය දක්වා යොමු කරන ක්‍රියාවලිය ගැන සොයා බැලීමට වෙනත් බලතල සහිත උසස් නිලධාරීන්ගෙන් සැදී පරීක්ෂණ කණ්ඩායමයක අවශ්‍යතාවය පැහැදිලි වෙයි. එසේ වූවානම්, දඩ මුදල් වෙනුවට අල්ලස් ගැනීම වැනි ක්‍රියා සහ අත්තනෝමතික දඩ ගැසීම්ද පාලනය වනු ඇත. එසේ නොමැතිව මෙවැනි නීති දාහක් ගෙන ආවත් එය එම නිලධාරීන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා භාවිතා කිරීම හැර වෙනත් සෙතක් නොවනු ඇත. 

නීති වලින් පැන යාමට උපන් හපන්කම් දක්වන අපේ ජනතාව ගැනද වචනයක් කිව යුතුය. ඔවුන් හෙල්මට් පළඳින්නේ හිස ආරක්ෂා කර ගැනීමට නොව පොලීසියෙන් බේරීමටය. සමහරවිට හෙල්මට් මෝටර්සයිකල් ධාවනය සඳහා සුදුසු නොවන වැඩබිම් හෙල්මට්, ක්‍රිකට් හෙල්මට් වැනි දෑ දමාගෙන යන්නේ අනතුර වලක්වා ගැනීමට නොව නීතියෙන් ගැලවීමටය. දැන් සීට් බෙල්ට වලටද විකල්ප සොයමින් සිටී. බීමතින් එලවන්නේ නම් වාහනයේ ඒ.සී. නොදමා වීදුරු පහත කරගෙන යයි, මවුත් වොෂ් වලින් කට සෝදයි, පේපර් මින්ට් වැනි දෑ වික විකා යයි. වෙනත් උපක්‍රම ලෙස තම බිරිඳ හා අත දරුවා ඉදිරිපස ආසනයේ ගෙන යයි. එහෙත් බීමතින් රිය පැදවීමෙන් සිදු විය හැකි අනතුර හෝ ආසන පටි නොපැළඳ ගමන් කිරීමෙන් වෙන හානිය, හෙල්මට් නැතිව යාමෙන් සිදු වන අනතරු වලට වඩා දඩයෙන් බේරීම ඉදිරියට විත් තිබේ. මෙවැනි රටක නීතිය ක්‍රියාත්මක කරනුයේ කෙසේද? නීති යොදන්නේ රජයට මුදල් අය කර ගැනීම සඳහා පමණක්මද ? නැතිනම් දෙමව්පියන් හෙල්මට් දමා දරුවන් ඔහේ ගෙන යන්නේ මන්ද  යන්නට කිසිවකුට පිළිතුරු තිබේද? ජංගම දුරකථනය භාවිතයෙන් සිදු විය හැකි අනතුරු. අනෙක් පස සිටින කෙනා සැම විටම ඔබට ගෙන එන්නේ සුදහ පණිවුඩයක්ද ? මරණයක් ගැන හෝ වෙනත් ආපදාවක් දන්වා සිටියහොත් ඔබට තත්වය පාලනය කර ගත හැකිද ?

මේවාට අපේ අය දෙන කදිම උත්තර සෙට් එක නම්, ලොක්කෝ හොරකම් කරත්දී අපි කරන පොඩි ඒවා තමා පෙන්නේ, මේ රටේ ඉහල සිට පහලට සියලු තැන් වල දුෂණය, අපි විතරක් හරි වෙලා වැඩක් නෑ. මේ රට හදන්න බෑ වාගේ කියමන්ය. මේ නීති ගෙන එන්නේ ඇයිදැයි ඔබත් සිතා බලන්න. 

ප.ලි. අද සිට ක්‍රියාත්මක වන නීතිය මාරක අනතරු සහ බීමතින් රිය පැදවීම සඳහා පමණක් අදාළ වන බව එකී රියදුරු මහතාම කියා සිටින ලදී. නැතිනම් ලබන අවුරුද්දේ දෙසැම්බර් වනවිට පාරේ තිබෙන්නේ මැති ඇමති වරුන්ගේ වාහන පමණක් බව සහතික කොට කිව හැක. 

75 comments:

  1. ඔය පොයින්ට් ක්‍රමය ඉතාම හොද ක්‍රමයක් ඒත් ඇත්තටම ලංකාවේ ඔය නීතිය මොන පැත්තටද යන්නේ කියන එක හිතා ගන්න් බැරි කරුනක්,,මේ ලගදී මගේ යාලුවෙක් එකම මාසෙදී 2ක් අධික වේගෙන් වාහනය ධාවනය කරලා අහු වෙලා අවුරුද්දකට තාවකාලිකව ඉතාලි රියදුරු බලපත නැවැත්තුවා අන්න පොර දැන් බයිසිකලේක ගමන

    ReplyDelete
    Replies
    1. ඕනෑම නීතියක් හරියට ක්‍රියාත්මක වනවා නම් හොඳයි. අනෙක තරාතිරම නොබලා දඬුවම ක්‍රියාත්මක විය යුතුයි.

      Delete
  2. වටිනා අදහස් ටිකක්... අගනා ලිපියක්....අපි විතරක් කියවල වැඩක් නෑනේ....මේවා ගැන අවශ්‍ය තැන් දැනුවත් කරන්නේ කොහොමද?..

    ReplyDelete
    Replies
    1. දැන් පත්තර වලට ලියන අයත් මේවා කියවනවා. එයාලා මේක දැකල පත්තරේට ලිව්වොත් හොඳයි.

      Delete
  3. සිට් බෙල්ට් නැතුව ගිහිල්ල දඩ කාපු එකට නම් .. සාදු සාදු ... :)
    ඔබට සුබ නව වසරක් සුදික ..

    ReplyDelete
    Replies
    1. අධික දඩ මුදල් නිසා එය වරදක් හෝ කරුමයක් බව ජනතාවගේ සිත් තුල කිඳා බැහැල තියෙනවා. ඒ ක්‍රමයෙන් හරි එය ක්‍රියාත්මක වීම සතුටට කරුණක්. ඒ කාලේ සීට් බෙල්ට් දාගෙන යන එක නයා ඇරීමක් ලෙසයි අපේ සමහර කුප්ප මිනිසුන් කීවේ.

      Delete
  4. කතන්දර තුමා මා වෙනුවෙන් කවියක් ලීවා
    ඒ දැක මසිත හරි සතුටින් පිරිලා ආවා
    හිට්ස් සහ කමෙන්ට් එන විදියක් වේවා
    ඔබතුමාට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  5. //රාජකාරි ඉවර වෙලා ගෙදර එන්න සපයලා තිබෙන කැබ් රියේ රියදුරුත් එක්ක සුහද පිළිසඳරක් දාගෙන එන එක මගේ පුරුද්දක්//

    මෙහෙම වාහන පහසුකම් සපයන එක කොච්චර දෙයක්ද? :D

    වැරදි කලාම ඔය වගේ පොයින්ට්ස් එකතු කරලා අවසානෙදී බලපත්‍ර අවලංගුවෙන තැනට වාහන පැදවීමේ නීති ගොඩක් රටවල තියෙනවා. මොන හේතුව හන්දා ඒක හඳුන්වා දුන්නත් රියදුරන් අතර විනය ඇතිකරවන්නක් හැටියට මට නම්, මේ දේ පෙනෙන්නේ.

    ඒත් වැරැද්ද සිදු උනු ස්තානයට යන්ට සිදුවෙන එක නම් මිනිසුන්ගේ කාලය ඒ වගේම මුදල් නාස්ති කරවන්නක්...

    //එහෙත් එය මායිම් නොකළ අපේ තරුණ ඩ්‍රයිවර් මහත්මා දිගටම ධාවනයේ යෙදුනා. //

    මේ වගේ අය හන්දා පාරවල්වල රිය අනතුරු වැඩිවෙන්ට පුලුවනි. එයාට නම් දඩ ගහන්ටම ඕනේ. සුදීකලාට කියන්ට තිබුනේ සීට් බෙල්ට් නොදැම්මොත් අපි බහිනවා වගේ දෙයක්...:)

    //මේ රටේ ඉහල සිට පහලට සියලු තැන් වල දුෂණය, අපි විතරක් හරි වෙලා වැඩක් නෑ. මේ රට හදන්න බෑ වාගේ කියමන්ය//

    මට නම් හිතෙන්නේ කවුරු මොනා කීවත් කලත්, අපි හරියට හිටියා නම් ඉවරයි කියලා. අරයා, මෙයා එහෙම කල නිසා අපිත් එහෙම කරනවා නම් වැරදී. ඒ මතයේ ඉන්නකල් අපි හැදෙන්නේ නෑ.


    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට 100% ක් එකඟයි.

      Delete
    2. ඒ වුනාට මේ කැබ් සේවාව පුදුම විදියට ගනුදෙනුකරුවන් රස්තියාදු කරනවා.

      Delete
  6. //මෙහෙම කිව්වහම අපේ මාරයාට තද වෙයිද දන්නෑ//

    ඔව් ඩෝ තද උනා තමා... හොද වෙලාවට ලග පාතක නොහිටියේ.. නැත්තං උදේ පාන්දරම මිනිමැරුමක්.. :D

    අනේ බං අපි මේ ආසාවකට අස්සෙන් දාගෙන යනවා නෙවෙයි.. හිතලා බලහං නිට්ටඹුවේ ඉදන් කොළඹට කිලෝමීටර් 40යි... පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගියත් පැයෙන් ගියෑකිනේ.. 40 කියන්නේ මහ වේගයකුත් නෙවෙයිනේ... ඒත් උඹ හිතන්නේ 40ක වේගෙට ගියොත් නිට්ටඹුවේ ඉදන් කොළඹට යන්න කොච්චර වෙලා යයි කියලද... හරියටම පැය 2 යි විනාඩි 45ක් යනවා... මං මේ එක දවසක් කරලා බැළුව හින්දා කියන්නේ... හිතහංකෝ ඒක සාධාරණද කියලා... ඉතිං කරන්න වෙන්නේ යන්න පුළුවන් තැනදී 60ට 70ට යන ගමන් දාන්න පුළුවන් තැනකින් දාලා යන එකයි... දැන් ඔය උඩින් සුදීක කිව්වා නේද ලිස්ට් එකක්.. මේ බයිසිමෝටෝ පදින අපියි..ලොකු බස් කාරයොයි..ත්‍රිවිල් කාරයොයි ගැන... ඒත් සුදීකට මිස් උන වැදගත්ම කට්ටිය තමා කාර් වල යන උදවිය...

    ට්‍රැෆික් එකක් හදන්නේ උන්දලා... ලක්ෂ ගානක් දීලා වාහනයක් ගත්තම ඒ උදවිය වැඩිදෙනෙක් හිතාගෙන ඉන්නේ ඒ මුදලත් එක්ක මහා මාර්ගයත් තමුන්ට ලියලා දීලා කියලා... යන්නේ කොට කොට... ඒකත් පාර මැද්දේ.. වැරදිලාවත් අපි වමෙන් හරි දාන්න හැදුවොත් මෙන්න ඒ පැත්තට අයින් කරනවා... උන්දලා සෑම වංගුවකදීම වංගුව පැත්තට තාර් එක ගෙනියන එක පැහැදිලිව බලා ගතෑකි නිකමට හරි කඩුවෙල ඉදන් බත්තරමුල්ල පැත්තට ගියානං..අර ලස්සනට පළලට තියෙන පාරේ මේ මිනිස්සු යන්නේ එක ලයින් එහෙක නෙවෙයි... උන්දලගේ හිතුමතේට.. ඉතිං උන්දලා පාර පුරා යද්දි..කොට කොට යන ගමන් ඉස්සර කරන්න තියෙන ඉඩ නොතියා යනකොට.. අපි මොකද කරන්න ඕන..? අර ලක්ෂ ගානක වාහනයක් ගන්න සල්ලි තිබුනට මොලේ කළඳක් නැති උන්නැහේලත් එක්කම පිටි පස්සෙන් දාගෙන ලොට ලොට යන එකද..? නිට්ටඹූවේ ඉදන් නුවර පාරේ කිලෝ මීටර් 40ට පැය දෙක හමාරක් ගෙවන එකද..?

    ලංකාවේ කරන්න ඕන පැහැදිලි දෙයක් තමා පාරවල්වල හැම එහෙකම ට්‍රැක් අදින එක... වාහනයක පළලට වඩා අඩි දෙකක් තිබුනම ඇති ට්‍රැක් එහෙකට... ඒ කරලා ටැක් දෙකක් මැදි කරගෙන මීටර් සීයකට වඩා දුරක් යනවා පේන හැම වාහනයකටම 5000හෙන් එහාට දඩ ගහන්න ඕන... වාහනයකට ඉස්සර කරන්න මීටර් සීයක් හොදටම ඇති එයිට වඩා දුරක් ට්‍රැක් දෙකක් අල්ලං යනවා කියන්නේ උගේ තියෙන අමන කම මිසක් වෙන දෙයක් නෙවෙයි.. එහෙම උනානං අපූරුවට පාරවල්වල ඉඩ එනවා... කොටන එකා කොටද්දී යන එකා යයි... ලංකාවේ උන්ට ට්‍රැක්වල එළවන්න පුරුද්දක් එනතුරු මේ ට්‍රැෆික් අවුල ලෙහන්න බැහැ... කල යුත්තේ හිතින් ට්‍රැක් එක තෝරගෙන පාරේ ඉඩ නියම විදියට පාවිච්චි කරන එක උනත් අපේ උන්ට හිතිං පාර බෙදාගෙන යන හැටි තේරුං ගන්න තරං මොළයක් නැහැ... ඒ හින්දා තව කීයක් වියදං උනත් කමක් නැහැ අදින්න තියෙන්නේ පාරවල් දිගටම ඉරි... ගහන්නයි තියෙන්නේ ඉරි මැදි කරං යන උන්ට දඩ... මේක මේ අවුරුදු ගානක් තිස්සේ කල්පනා කරලා කියන දෙයක්... ඕක කලානං ඔය ප්‍රශ්නේ සීයට 50ක් විසදෙයි...

    ReplyDelete
    Replies
    1. මමත් මේක පිලි ගන්නවා. සමහර කාන්තාවෝ සල්ලි එකතු කරලා කරලා අර ගන්නවා කාර් පොඩ්ඩක්. ලයිසන් ගන්න ගියාමත් නිකංම ලයිසන් එක හම්බ වෙනවා. ඊට පස්සේ අර මාරයා කිව්වා වගේ ඉර මැද්දට කරගෙන යනවා.

      Delete
    2. “කාන්තාවෝ” ???

      ඇයි අන්කල් ලා..... හි හි

      Delete
    3. අංකල්ලාගේ ඩ්‍රයිවින් වල විනයක් තියෙනවා. දැන් ඉන්න අර ඇමති පුත්තු වගේ හැසිරෙන උන් තමයි අර මාරයා කිව්වා වගේ පාර බදු ගන්නේ.

      Delete
    4. හරි ඉතිං.. ඒ “කාන්තාවෝ” යෑ... හි හි...
      පාවිච්චි කරපු වචනේ තමයි වැරදි... හි හි

      කෙල්ලෝ කෙසේ වෙතත් ඇන්ටිලාගේ තියෙන වැරැද්ද තමයි ගෙදර දොරේ ප්‍රශ්න ඔලුවේ තියාගෙන ඩ්‍රයිව් කරන එක... අඩු ගානේ පාරට දාන්න කලින් දෙපැත්ත බලන්නත් මතක නැති වෙන අය ඉන්නවා...

      Delete
    5. ඔය කාන්තාවො ගෙදර ප්‍රශ්න හිතේ තියාගෙන කරන්නෙ වාහන එලවන එක විතරක් නෙමෙයි. මේ ළඟදි HNB ‍එකේ ගෑනු කෙනෙක් මගෙං හොඳට අහගත්ත මගේ වැ‍ඩේ කරන ගමං ෆෝන් එකෙං ගෙදර ඉන්න මහ උන්දැට බෙහෙත් ගන්න හැටි කියන්න ගිහිල්ල.

      Delete
    6. //ලංකාවේ කරන්න ඕන පැහැදිලි දෙයක් තමා පාරවල්වල හැම එහෙකම ට්‍රැක් අදින එක... වාහනයක පළලට වඩා අඩි දෙකක් තිබුනම ඇති ට්‍රැක් එහෙකට... ඒ කරලා ටැක් දෙකක් මැදි කරගෙන මීටර් සීයකට වඩා දුරක් යනවා පේන හැම වාහනයකටම 5000හෙන් එහාට දඩ ගහන්න ඕන...//

      මාරය මල්ලිගේ මේ කතාව හරියට හරි කියල මටත් හිතෙනව ඇත්ත ට්‍රැක්වල එලවන්න පුරුදු කරන්නම ඕනෙ සේරටම කලින්...

      පත්තරවලට ලියන අය මේ කාරනා ලියනවලකො...නීති හදන උන්ගෙ ඇස්ගොබ වලට අහුවෙන්ටවත්

      Delete
    7. කාන්තාවෝ කිව්වම ඔන්න අපේ කාන්තා පාර්ශවෙට තද වෙලා. ඇත්තටම හැම කාන්තාවම වැරදි කරුවෝ නොවෙයි. උදාරහරණයකට මගේ අක්කත් එක්ක හොඳින් වාහන එලවන්න අපි කාටවත් බෑ.

      Delete
    8. ට්‍රැක් වල දුවන එක අධිවේගී මාර්ගේ නම් කියල තියෙන විදියට කරනවා.

      Delete
    9. කාන්තාවෝ ගැන කථා කරන්න එපා... බහුතරයකගෙ හරිම අපිළිවෙලයි රිය ධාවනය, ඒවගේම අපරික්ෂාකාරියි... සිරා කොලුවා 99න් බේරිලා තියෙන බොහෝ වතාවල රියදුරා කාන්තාවක්.... වගකීමෙන් කිව්වෙ...

      Delete
    10. ඒ නිසා වෙන්න ඕනේ බොහෝ දෙනා කාන්තාවන් දැක්කම ඉඩ දෙන්නේ.

      Delete
  7. වටිනා ලිපියක් :)
    ජය වේවා!!!!

    ReplyDelete
  8. බිලා මාට්ටු වුනොත් නම් සොරි තමයි, දැන් නම් පොඩි අඩියක් දාන්න ගියත් බයික් එක ගෙදර දාලා යන්නේ තාම අහු වුන් නැ අහු වෙන්නෙත් නැ අහු වුනත් ලයිසන් එකත් නැ

    ReplyDelete
    Replies
    1. වාහනය ගෙදර දාලා කැබ් එකක යන එක තමයි ලේසි.

      Delete
  9. අන්න ගොසිප් එකෙත් තිබ්බා වැරදි දෙකකට අඩු වෙලාලු පොයින්ට් ක්‍රමය..

    උඹ දන්නවද මාත් එක්ක ඉන්නකොටම අපේ එකෙක් දඩයක් කෑවා අඩු වේගෙන් ආව කියලා. :ඩී

    අපි දකුනු පැත්තෙ තිරුවේ 70ක වේගෙන් යද්දි පිටිපස්සෙ අයට ඉස්සර කරන්න බැහැලු. ඒ නිසා එයාලා වම් තිරුවෙන් ඉස්සර කරන එක අපෙ වරදලු :)

    සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවට තමයි. කියන්න ඕන වුණාම මොකක් හරි හොයා ගන්නවා.

      Delete
    2. ඒ කතාව හරි අපි දකුනු අත තීරුවේ හිම්න් ගිහින් වම් පැත්තෙන් ඉස්සර කරන වාහනයකට අනතුරක් උනත් වරද අපේ .... හිමින් යන්වනං වමෙන් යන්න තමන්ට වඩා වේගෙන් ත්‍රීවීල් එකක් ගියත් දකුන ඉඩ දිය යුතුයි...
      ඔය ගොඩක් කාර් වල යන මහත්තුරු නෝනලා හිතන්නේ 40 -50 කියන්නේ මහ ලොකු වේගයක් කියලා ඉතින් යන්නෙ දකුනෙන්....
      අනිත් එක දැන් තියන අලුත් වාහන වල විසේසයෙන් ඔය දෙමුහුන් වාහන වල බැට්ට්‍රියෙන් දුවන්ඩ නං 40 ට වගේ තමා යන්නේ.... පිටිපස්සෙන් යන අපි අබ අසරනයි ...

      Delete
  10. ///මෙහෙම කියනකොටම අපේ රියැදුරු මහත්මයා බැගෑපත් වෙලා කොහොම හරි ගානක් කතා කර ගන්නවා. එහෙම වුනොත් හොඳයි. අපි හිතමු මේකේ අනික් පැත්ත වුණා කියලා එතකොට අර මහත්තයාගේ ලයිසන් කැන්සල් වෙනවා ඊළඟ අව්රුද්ද වෙනකං. එතකොට එක්කෙනෙක් අවුට්. මේ වගේ අපේ ඩ්‍රයිවින් ඉතා හොඳ නිසා වාහන එලවන අයගෙන් භාගයක්ම අවුට් වුනොත් පාරේ යන වාහන ගණන දෙකෙන් පංගුවක් වෙනවා. මෙහෙම වුනාම ට්‍රැෆික් නිකම්ම අඩු වෙනවා. එක බස් එකක යන සෙනග දෙගුණ වෙනවා. දුම්රිය වලට සෙනග වැඩි වෙනවා. එක්කෝ රාළහාමිලා පොහොසත් වෙනවා. ///

    //මේවාට අපේ අය දෙන කදිම උත්තර සෙට් එක නම්, ලොක්කෝ හොරකම් කරත්දී අපි කරන පොඩි ඒවා තමා පෙන්නේ, මේ රටේ ඉහල සිට පහලට සියලු තැන් වල දුෂණය, අපි විතරක් හරි වෙලා වැඩක් නෑ. මේ රට හදන්න බෑ වාගේ කියමන්ය. මේ නීති ගෙන එන්නේ ඇයිදැයි ඔබත් සිතා බලන්න. //

    සුදීක අයියා.. මං වෙන මොනා කියන්නද... හි හි

    නීති තියෙන්නේ “බේරෙන්න” නෙවෙයි.. “බේරන්න”.. ඒක තේරුම් ගන්නේ නැති එක තමයි අපේ උන්දලා කරන ලොකුම ගොන්කම...

    ///ට්‍රැෆික් එකක් හදන්නේ උන්දලා... ලක්ෂ ගානක් දීලා වාහනයක් ගත්තම ඒ උදවිය වැඩිදෙනෙක් හිතාගෙන ඉන්නේ ඒ මුදලත් එක්ක මහා මාර්ගයත් තමුන්ට ලියලා දීලා කියලා... යන්නේ කොට කොට... ඒකත් පාර මැද්දේ.. වැරදිලාවත් අපි වමෙන් හරි දාන්න හැදුවොත් මෙන්න ඒ පැත්තට අයින් කරනවා... උන්දලා සෑම වංගුවකදීම වංගුව පැත්තට තාර් එක ගෙනියන එක පැහැදිලිව බලා ගතෑකි නිකමට හරි කඩුවෙල ඉදන් බත්තරමුල්ල පැත්තට ගියානං..අර ලස්සනට පළලට තියෙන පාරේ මේ මිනිස්සු යන්නේ එක ලයින් එහෙක නෙවෙයි... උන්දලගේ හිතුමතේට..//

    මාරයියා මේ කියපු එක ගැනත් මං ලිව්වා.... ( මං නෙවෙයි.. අපේ මහත්තයා... හි හි)

    ReplyDelete
    Replies
    1. මාරයාට තද වෙලා කෑ ගහන්න එපා.

      Delete
    2. ඕක කිව්වම අපේ මහත්තයටත් තද වෙනවා... ඒ වෙලාවටවත් කට වහන්නේ නැති මම මාරයට බය වෙයිද සුදීක අයියේ... හි හි...

      Delete
    3. මම කිව්වේ මාරයා මට ගහයි කියලා.

      Delete
    4. ආ.. ඒකට බය වෙන්න එපා.. සපෝට් එකට මාත් ඉන්නවනේ... හි හි

      Delete
    5. එහෙමවත් බලමු.

      Delete
  11. පාරවල්වල යන හැමෝගෙම බුද්ධි මට්ටම් සමාන නැති නිසා පොදු නීති පද්ධතියක් අවශ්‍යමයි..
    සුදීක මතු කරලා තියන බොහෝ කරුණු වලට මම එකඟයි..

    ඒත් මේ ප්‍රශ්න වලින් බොහොමයක් විසඳාගත හැකියි සුදුසු රියදුරන්ට පමණක් බලපත් ලබාදී මගින්ම පමණක්...

    බොහෝ අයට ඒ දවස්වල ඉගෙන ගත්ත මාර්ග නීති අමතකයි දැන්..

    ReplyDelete
    Replies
    1. නීති තිබීම වගේම ක්‍රියාත්මක වීමත් වැදගත්. මාර්ග නීති මතක් කරලා දෙන්න රුපවාහිනී ආයතන වලට යමක් කරන්න පුළුවන්.

      Delete
  12. "මෝටර් සයිකල් පදින තරුණ පරම්පරාවටයි යම්කිසි විනයක් ඇති කරවන්න අවශ්‍ය නිසා(මෙහෙම කිව්වහම අපේ මාරයාට තද වෙයිද දන්නෑ)"
    තදවෙන්න විදියක් නැහැනේ මේ කියල තියෙන්නේ පැහැදිලිව තරුණ පරම්පරාවේ යගන කියල සීයලා ගැන නෙවෙයිනේ ඒ නිසා මාරයට වදින්නේ නැහැ ඔන්න හැට පැනපු උදවිය ගැන ලියල තිබුනානම් මාරයට කේන්ති යන එක සාධාරණයි.

    දඩ ගෙවන්න ඒ ප්‍රදේශයට යනවා කියන්නේ නම් ඇනයක් තමයි මෙහෙ ඕනෙම තැනක වැරද්දක් කලත් ලංගම ට්‍රැෆික් ඩිවිෂන් එකෙන් ගෙවන්න පුළුවන් අපු හිතමු ඕමාන වල ස්පීඩ් ෆයින් එකක් වැදුනා එක ගෙන්වන්න ඕමාන යන්න ඕනේ නැහැ ඩුබායි වල පොලිසියට ගෙවන්න පුළුවන් මෙහෙ ඒ තරම් දියුණුයි. අනෙක ඕනේ වෙලාවක පොලිස් සයිට් එකට ලොග් වෙලා බලන්න පුළුවන් ෆයින් වැදිලද නැද්ද කියල. හරිම ලේසියි පහසුයි ලංකාවේ ඉන්න ජරා බාප්පලා එක්ක කොහෙද ඔය වගේ වැඩ කරන්නේ මීහරක් පොලිස් කාරයෝ මටනම් පෙන්නම බැහැ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. //මෙහෙ ඕනෙම තැනක වැරද්දක් කලත් ලංගම ට්‍රැෆික් ඩිවිෂන් එකෙන් ගෙවන්න පුළුවන් //

      එහෙත් තියෙන්නේ ලංගමද ? ඒ කිව්වේ ලංකා ගමනාගමන මණ්ඩලයද ?

      වෙබ් එකේ දඩේ බලන්න පුලුවන් එක නම් නියමයි. එෆ්.බී. එකේ දැම්මනම් ඊටත්ව් වඩා හොඳයි D

      Delete
  13. හෆ්ෆේ මොනව කරත් සේෆ්ට් ෆස්ට්.. හෙල්මට් එකක් දාගෙන ගිය නිසා දවසක් ලොකු බයිසිකල් අනතුරකින් බේරෙන්න පුළුවං උනා.
    අනතුරු වලින් තොර සුභ 2013 ක් වේවා!!

    රස්තියාදුකාරයාගේ දිනපොත

    ReplyDelete
    Replies
    1. මාර්ග විනයකින් යුත් රියදුරු පරපුරක් බිහි වේවා !!!

      Delete
  14. නිවැරදි කිරීමක් කලයුතුයි. රියදුරාගේ පෙර ලකුණු තත්වය රාලහාමිට බලාගන්න බෑ. රියදුරාට නං පුළුවන් තමන් වැරදි කීයකට හසුවුනාද යන ගනන අනුව ලකුණු ගෙස් කරන්න.

    මම නං හිතන දෙයක් තමයි ට්‍රැෆික් රාලහාමිලාගෙ තරමටම රියදුරන්/පදිකයන් වැරදි කරනව කියනඑක. හික්මීමක් තියනව නං කාටවත් පිංසෙන්ඩු වෙන්න ඕන නෑ. හැබැයි අපේ රටේ තියන මාර්ග දිහා බැලුවම හික්මීමකන් ඇතුව ගමනක් යන්න සාමාන්‍ය කාලය වගේ දෙගුණයක් යනව. කරන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම නං ටිකක් හොඳයි.

      Delete
    2. මේකෙත් ලොකු ඇත්තක් තියනවා.. විනය නීති උල්ලංඝණය වීමට අඩු පහසුකමුත් ගොඩක් බලපාලා තියනවා.. පාරවල්, ලේන්, පාර්කින් ප්ලෙසස් වගේ ඒවා නියමාකාරයෙන් තියනවනම් මෙච්චරම විනය කඩවීම් වෙයි කියලා මාත් හිතන්නෑ.. ත්‍රී වීල් කාරයන්ට වෙනමම පාරවල් ටිකක් ලියලම දෙන්න පුලුවන්නම් තවත් හොඳයි..හුඟක් අනතුරු, ට්‍රැෆික් ජෑම් හැදෙන්නෙ ඔය වාහනේ සහ අවිචාරවත්ව ඒවා එලවන වුන් හින්දා...

      ඒ වගේම පදිකයන්වත් සෑහෙන දැනුවත් කළ යුතුයි.. අරෙහෙන් මෙහෙන් හැම තැනින්ම පාර පනින එක මහ එපා කරපු කැත පුරුද්දක් වගේම අනතුරුත් වැඩි කරනවා..අනික කහ ඉරෙන් පනින් එකක් ගෙදර මිදුලෙ යනවා වගේ යන්නැතුව, තමන්ට නවත්වලා ඉඩ දීපු මිනිහා ගැනත් හිතලා පය ඉක්මන් කරලා යන්න ඕන. එහෙම නොවෙන නිසා තමා හුගක් රියදුරන් කහ ඉරෙන් පනින්ඩ ඉද්දිත් නවත්වන්ඩ මැලි කමක් දක්වන්නෙ.

      Delete
    3. ඔයාගේ මේ කතා ටික සම්පූර්ණ ඇත්ත. තව කරුණු කීපයක් එකතු කරන්න තියෙනවා. අපේ මිනිස්සුන්ගේ මම දකින ලොකු වැරද්දක් තමයි නීති කඩලා පම්පෝරි ගහන්න තියෙන කැමැත්ත. මුදල් ගෙවලා යන්න තියෙන තැනකට මුදල් නොගෙවා යන්න උත්සාහ කිරීම. එකිනෙකා පරයා ඉස්සර වෙන්න උත්සාහ කිරීම. හොඳම උදාහරණයක් තමයි අපි කහ ඉර ළඟ ඉන්නකොට වාහන වලට බැන බැන ඉන්නේ මුන් නවත්වන්නැ කියල. ඒත් වාහනයක යනකොට මේක අනිත් පැත්තට පේනවා. හැමෝම බලන්නේ ඉක්මනට තමන්ගේ වැඩ ටික කර ගන්න. මට ටික කාලෙකට කලින් කියවන්න ලැබුණා ලංකාවේ ඉංජිනේරුවෙක් සම්පාදනය කරපු පොතක් මහ මගට පන්සිල් කියලා. ඉතා වටිනා පොතක් හරි නම් රජයෙන් මේවා මුද්‍රණය කරලා හැම කෙනෙකුටම නොමිලයේ ලබා දෙන්න ඕනේ.

      Delete
  15. මටත් පේන්න බැරි ඔය ත්‍රීවීල් කාරයො තමයි. මම වාහනේ එලියට දැම්මොත් එකෙක හරි මගෙං අහගන්නව.
    මේ ක්‍රමේ හොඳයි හරියට කෙරෙනවනං.
    හැබැයි මෙකෙ තව එකක් තියෙනව. අලුත් කරන්න ඕන නැති පරණ ලයිසන් තියෙන අය වරදකට අහුඋනොත් මිනිහ අලුත් ලයිසන් එකක් ගන්න ඕන. ඒකෙං ආණ්ඩුවට ආයෙ ගානක් හම්බවෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් එලවන්නේ නැතිවම ඉන්නවා. එතකොට ලයිසන් එක ආරක්ෂා වෙනවනේ.

      Delete
    2. ප්‍රසන්න.
      වරදකට අහුවුනත් නැතත් ඉදිරි අවුරුදු දෙක ඇතුලත ස්මාට්කාඩ් ක්‍රමයට යන්න වෙනව කියල තමයි දැනට තියන ආරංචිය.

      Delete
  16. මට තේරෙන්නැත්තෙ, ඇයි ඉංග්‍රීසි නම්බර් වලට විතරක් සීට් බෙල්ට් අනිවාර්යය කරලා තියෙන්නෙ කියන එක. ඒ කියන්නෙ අනිත් වාහන අනතුරුවලට මුහුණ දෙන්නැද්ද ? මාරම විහිළුවක් ඒක. ඔය වගේ විහිලුත් තියන නිසා සමහරු පොලිසියෙ ඇහැට වැලි ගහන්ඩ විතරක් බෙල්ට් දාන එකෙත් පුදුමයක් නෑ..

    පොලිසියෙ බහුතරයක් ජරාව කන එක නවත්වන්නනම් කෝවෙ දාලා මකෝලා ගන්න වෙයි. දැන් අලුත්ම ක්‍රමේට Easy pay වලින්ලු නේද ජරාව ගන්නෙත්..

    ReplyDelete
    Replies
    1. මේක නීතිමය ප්‍රශ්නයක් කියල මට නම් හිතෙන්නේ. මොකද බෙල්ට් දැමීම අනිවාර්යයි කිව්වා නම් සමහරු බේරෙනවා වාහනේ බෙල්ට් නෑ කියල. එතකොට බෙල්ට් තියෙන අය පාවිච්චි කරන්න කිව්වනම් බෙල්ට් එක කපලා දානවා. මෙහෙම අකුරු වලින් පස්සේ කිව්වම බේරෙන්න බෑ.

      // දැන් අලුත්ම ක්‍රමේට Easy pay වලින්ලු නේද ජරාව ගන්නෙත්..//

      මේක මට තේරුනේ නෑ.

      Delete
    2. බෙල්ට් නැති උන්ට බෙල්ට් හයි කරගන්න කිව්ව නම් ඊට වැඩිය හොඳයි නේද ? එහෙම කරන්ඩ බැරිකමක් නෑ කියලයි මට හිතෙන්නෙ..
      Easy pay කියලා මොබයිල් ෆෝන් වලින් ගෙවීම් කරන විදිහක් තියනවලු නේද ? මම කොහෙදි හරි දැක්කා - බ්ලොග් එකකින්මද මංදා - එහෙම අහු වුනාම රාලාහමි කියනවලු Easy pay වලින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා.. ඕකෙ ඇත්ත නැත්ත මම හරියටම දන්නෑ..

      Delete
    3. ඒ අතින් නම් අපි ඉන්නේ ගොඩක් ඉස්සරහ. තව ටිකක් කල් යත්දී ක්‍රෙඩිට් කාඩ් වලිනුත් ගෙවන්න සෙට් කරයි. බෙල්ට් නැති වුන්ට හයි කරන්න කිව්වා නම් හොඳයි තමයි. නමුත් එතකොට කව්රු හරි කොම්පැනි කාරයෙක් මේකෙන් පෝසත් වෙයි. එහෙම දුන්න නම් සහන කාල වගේ දේවලුත් දෙන්න වෙනවා.

      Delete
    4. සෙන්නා
      ඔයවගේ විකාර නීති තියනව‍. උදාහරණයක් විදියට 79ට කලින් රෙජිස්ටර් කල වාහන දුම් සහතිකයෙන් නිදහස්. ඒත් ඒ වාහනවලින් තමයි වැඩියෙන් දුම පිටවෙන්නෙ.

      Delete
  17. ලයිසන් එක අවුරුදු දෙක තුනකට සැරයක් යාවත් කාළීන කරණ එක නම් හොද වැඩක්.
    ඕන තැනකින් දඩ ගෙවන්න පුලුවන් උනොත් ඒකත් සෑහෙන්න වටිනවා.

    ඒත් ඔය සේරටම කලින් අපි හොද විනයකින් පාරේ යන්න පුරුදු වෙන්න ඕනේ.මාර්ග අනතුරු වලට රියදුරන් විතරක් නෙමෙයි, පදිකයිනුත් වග කියන්න ඕනේ. සමහරු කහ ඉර බදු අරගන්නවා. පොලිස්කාරයන්ට අනිවාර්යයෙන් නඩු ගානක් හොයලා දෙන්න ඔනේ කියන එකත් නැවතුනානම් හරි.

    ReplyDelete
    Replies
    1. නීති රීති දාල තියෙන්නේ අපේම හොඳට කියලා රියදුරන්/පදිකයින් තේරුම් ගන්නකම් කිසි වැඩක් නෑ. පොඩි එවුන්ට වගේ අර ගණන්/මේ ගණන් දැම්මම තමයි ප්‍රශ්ණ ඇති වෙන්නේ.

      Delete
    2. බන්ඩා
      අවුරුදු තුනකට සැරයක් අලුත් කරන්න වීම සෑහෙන්න කරදරයක්. අලුත් කිරීම නරකයි කියනව නෙවේ. ඒත් ලංකාවෙ තත්වෙත් එක්ක මේක ලේසි වැඩක් නෙවෙයි. දැන් බලන්න මෙඩිකල් එක ගන්න යන්න වෙනව ඩීඑම්ඕ කෙනෙක් ලඟටම. හිතන වෙලාවට ගන්න පුළුවන්ද? බෑ. මේ අලුත්කරන වැඩේට දවස් තුනක් අනිවාර්යෙන් රස්තියාදු වෙන්න වෙනව. නීතියක් ගෙනඑනකොට ඊට අවශ්‍ය පසුබිම නිවැරදිව සැකසිලා නැත්නම් මිනිස්සු අමාරුවෙ වැටෙනව.

      Delete
  18. ගොඩක් හොදයි මලයෝ..
    නීති අලුතින් ගෙනාවට වඩා වෙන්න ඕනේ තියෙන නීති ටික හරියට ක්‍රියාත්මක කොරන එකයි. පොලිස් කාරයන්ට ඕනේ ඕනේ හැටියට තමයි වැඩ. පාරේ මද තියෙන ඉර උඩ තමයි ත්‍රි රෝද කරුවන්ගේ ඉස්සරහ රෝදේ තියෙන්නේ. උන්ට හිතුන පැත්තට හරවන්ට බලාගෙන. පොලිස් කාරයන්ට පගාව දෙන බස් දිහා උන් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මේවා ලියන්න ගියොත් ඉතින් කොමෙන්ට් එකක් නෙවෙයි පොස්ට් එකක් තමයි ලියවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තී වීල් වල හැන්ඩ්ල් එක ළඟ තියෙනවා පොඩි කෑල්ලක්. එකෙන් සීමා කරනවා කපන්න පුළුවන් ප්‍රමාණය. මේ මිනිස්සු ඒවා කඩලා දානවා අංශක 180 ක් හරි කපන්න පුළුවන් වෙන්න. ඉස්සරහට ඒ කොටස ඉවත් කිරීමත් තහනම්.

      Delete
  19. මට නං සෙට් වෙන්නෑ!!!! :/

    හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ් වෙලා සුජ සම්පත් ලැබේවා !!!

      Delete
  20. විවාදයක් නෑ... නීති අවශ්‍යයි. යුද්ධයෙන් පස්සෙ ලංකාවෙ මිනිස්සු වැඩිපුර මැරෙන්නෙ මාර්ග අනතුරු වලින් කියලත් හිතෙනවා...

    ප්‍ර‍ශ්නෙ තියෙන්නෙ පොඩි මිනිහට එක නීතියකුත්, ලොකු මිනිහිට එක නීතියකුත් ක්‍රියාත්මක වීම..ගැරේජ් නම්බර් ගහගෙන කොළඹ දුවන Defender කවදාවත් පොලිසියෙන් නවත්තලා බලනවා දැකලා තියෙනවද ?

    ලංකාව වගේ ජරා දේශපාලන සංස්කෘතියක් තියෙන රටක කොයි නීතිය ගෙනාවත් මුදලට,බලයට යට වන බව නම් ඉදුරාම කියන්න පුලුවන්... මේ නීතියවත් එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. //ප්‍ර‍ශ්නෙ තියෙන්නෙ පොඩි මිනිහට එක නීතියකුත්, ලොකු මිනිහිට එක නීතියකුත් ක්‍රියාත්මක වීම..ගැරේජ් නම්බර් ගහගෙන කොළඹ දුවන Defender කවදාවත් පොලිසියෙන් නවත්තලා බලනවා දැකලා තියෙනවද ? //

      ප්‍රතිශතයක් වශයෙන් මේ ගණන බොහොම අල්පයි. ඒ දිහා බලලා අනිත් අයත් නීති විරෝධී වුනොත් විකාරයක් වේවි. අපි ඒ තත්වෙට එන්න තව ගොඩාක් කල් යයි.

      Delete
    2. ප්‍ර‍තිශත නෙමෙයි සුදීක නීතිය හැම කෙනාටම එක වගේ වෙන්න ඕනෙ...දේශපාලුවන්ට එක නීතියකුයි,පොදු ජනතාවට එක නීතියකුයි උනාම නීතිය කෙරේ තිබෙන විශ්වාසය බිද වැටෙනවා...

      ලගදි හෙල්මට් නැතුව මැරවින් කිරිබත්ගොඩ මෝටර්සයිකල් පැද්දෙ ට්‍රැෆික් පොලිස් කොල්ලො බලාගෙන ඉද්දි...

      Delete
    3. ඔව් සිරා ඕස්ට්‍රේලියාවේ පෝල්ස් පොඩ්ඩෝ පොලිපතිගේ අගමැතිගේ ලයිසන් කැන්සල් කරලා. මෙහෙ කලොත් මොනවා වෙයිද?

      ඒ වගේ මෝඩයොත් එක්ක හැප්පෙන්න තරම් ඒ රාළහාමිලා මෝඩ වෙලා නෑ.

      Delete
  21. මේ මම ප්‍රායෝගිකවම කරලා තිබෙන දෙයක්. මම හමුදා සේවයේ යෙදී සිටියදී, මාර්ග බාධක රාජකාරියේ සිටිනවිට, අහම්බෙන් තෝරාගන්නා රියදුරන් 10 දෙනෙකුගෙන් මාර්ග නීති සහ මාර්ග සංඥා ගැන ප්‍රශ්න ඇසුවොත් ප්‍රශ්න සියල්ලටම නිවැරදිව පිළිතුරු දියහැකි අය ඉන්නේ උපරිම වශයෙන් එක්කෙනයි නැත්නම් දෙන්නයි.ඉතින් මෙහෙව් රටක අපි වාහනයක ගමනක් ගිහින් පණපිටින් ආපහු එන එකම ආසියාවේ නෙවෙයි ලෝකයේම ආශ්චර්යය නෙවෙයිද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු ලෝකේ නැති වැල් වටාරම් හොයන්න නම් ඕනෑ තරම් කාලයයි මුදලුයි කැප කරයි. විභාග කරන්නේ ඉන් එගොඩ වෙන්න මිසක් දැනුම තක්සේරු කර ගන්න නෙවෙයි. ඒ ගැන දැනුම වර්ධනය කර ගන්න කිසි උවමනාවක් නෑ. පහුගිය කාලේ මාතර ගිය වෙලාවක මම හැමෝගෙන්ම ඇහුව --<> වගේ පාරේ ගහල තියෙන්නේ ඇයි කියලා, කාටවත් පිළිතුරු නෑ. විභාගේකින් පස්සෙත් ඒ දැනුම වැදගත් කියල මිනිස්සු හිතන්නේ නැත්තේ ඇයි කියල තමයි මට තියෙන ප්‍රශ්නේ.

      Delete
  22. සුදීක නඩු ගැන ඔබේ යෝජනාව නම් හරිම වටිනවා.නැත්නම් ට්‍රිප් එකක් ගිය රියදුරන්ට දඩේ ගෙවන්න ආයිත් එහෙටම යන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. මිනිස්සු රැග් කිරීමත් දඬුවමේ කොටසක් කියල හිතනවද මන්දා? වැරදිකරු කියන්න නම් තියෙන්නේ ඕක කොතනදී කිව්වත් එකයිනේ.

      Delete
  23. පෝස්ට් එක කියෙව්වා...මට මේක එච්චරම අදාල නෑ. ගමන් බිමන් බස්එකේ නිසා.

    ReplyDelete
    Replies
    1. මාර්ග නීති රියදුරන්ට වගේම පදිකයින්ටත් අවශ්‍යයි. එහෙම වුනොත් විතරයි අනිත් අය මාර්ග නීති කැඩුවද කියල තේරෙන්නේ. බස් එකෙන් ගිහින් බහිද්දී අයිනෙන් ආව මෝටර් බයිසිකලයක හැපුනොත් මොකද කරන්නේ ?

      Delete
  24. මට පස්සේ මතක වෙච්ච කාරණයක්. හුඟක් නගර වලට ඇතුල් වෙන තැන් වල ඒ ප්‍රදේශ වල රථවාහන පොලීසි වලින් ගහල තියෙනවා "විනීත රියදුරන් සහ ඔබසැම සාදරයෙන් පිලි ගනිමු" කියලා. අර ඔබ සැම කියන එකෙන් අවිනීත රියදුරන්වත් පිලි අරන් තියෙනවා අනියම් විදියකින්. ඒ බෝඩ් ඔබ සම සාදරයෙන් පිළිගනිමු කියල සංශෝදනය කළා නම් අපූරුයි.

    ReplyDelete
  25. මේ ගැන කියන්න මිලියනයක් දේ මට තියෙනවා. නමුත් පෝස්ට් එකක් වෙන නිසා ඉතාම කාලෝචිත ලිපියක් කියලා නවතිනවා.

    විචාරකගෙ කතාව ඇත්ත. මම බලා ඉඳලා තියෙනවා දහ දෙනෙක් දකුණට හැරෙව්වොත් බොහෝවිට නව දෙනෙක් වැරදියි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙනම් පොස්ට් එකක් වත් දාන්න.

      Delete
  26. නීති අවශ්‍යයි. අපේ රටේ එලවිල්ලයි පාර පැනිල්ලයි පාරෙ ඇවිදිල්ලයි . .අජූතයිනෙ.. ඒත් ප්‍රශ්නෙ පොලිසිය නීතිය සාධාරණව ක්‍රියාතමක කරන්න තරම් පරිනතද කියන එකයි.. මම දෙපාරක් බොරු වැරදිවලට දඩ කාල තියෙනවා. එක පාරක් මම බොහොම හෙමින් එලවනකොට බොරු ගානක් පෙන්නලා කොලේ ලිවුවා. මම කතා කරනකොට එයාලට තද උන නිසා මං නිකම් හිටියා ලියපන් කියලා. දෙවෙනි පාර මම හන්දිය මැදට එනකොට කහපාට වැ‍ටුනා. රතුපාටෙ එලෙවුවා කියලා අල්ලා ගත්තා. මම පැහැදිලි කලාම මම කතා කරනවා වැඩියි කියලා උසාවි යනවද එහෙනම් කියලා ඇහුවා. අන්තිමට මම නොකල වරදකට දඩ ගෙවුවා. මේ දෙසැම්බර්වල මම කතරගම ඉඳන් එනකොට ෆාමසියක් ලඟ නවත්තලා දුව ඇරලා ස්ට්‍රෙප්සිල්ස් ගෙන්න ගත්තා. දුව ඉඳගන්නත් කලින් පොලිස් උන්නැහේ මගේ රියදුරු දොර ඇරලා සත්තමක් දාල කොලේ ලියන්න බාර දුන්නා. අන්තිමට එතන හිටි අනිත් මනුස්සයා හොඳ නිසා ලිවුවෙ නෑ.. නවත්තලා වාහනෙන් බැහලා නොගියොත් කොහොමද වරදක් වෙන්නේ ? අනික හදිසි වෙලාවකදීවත් සහනයක් තියෙන්න ඕනෙ නේද ?
    වාහන එලවන්නන් එක්ක තරහට වගේ කොල ලිවිල්ල යන්නේ. වැඩිදෙනෙක් හැසිරෙන්නේ රිලවාට දැලිපිහිය ලැබුනා වගෙයි.. පොලිස් පරීක්ශකවරුන්ගෙ සංගමෙ සභාපති පවා කියල තිබුනා අපි නීතිය රකිනවා වෙනුවට දඬුවම් පොලිසියක් වේගෙන යනවා කියලා.
    මහ දවාලේ ලයිට්දාගෙන පේලියට යන වී අයි පී වාහන හැම නීතියම කඩලා මිනිත් මරනවා. නීතිය මකුලු දැලක් වගේ අහුවෙන්නේ පොඩි උන් විතරයි..

    ReplyDelete
    Replies
    1. අපේ උත්සාහය මේවා නැති කිරීම තමයි. ඇමති වරුන්ට සහ මන්ත්‍රී වරුන්ට සාමාන්‍ය ජනතාවට වඩා විශේෂ වරප්‍රසාද තියෙනව මට හිතෙන්නේ. මේක දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර කරන්න.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...