Saturday, September 29, 2012

පාන්කරයා මාලුකරයා හැර වෙනත් කාරයන් සිටීද ?

අපේ සමාජයේ පුරුද්දක් තියෙනවා මිනිස්සු කරන රස්ස්වල් වලට "කාරයා" කියන විශේෂණ පදය එකතු කරලා පාන්කාරය, මාලුකාරය, කිරිකාරයා, පත්තරකාරය වගේ වචන වලින් ඒ අය නැති තැන ආමන්ත්‍රණය කරන්න. සමහර අය නිපුනතා දක්වන ලද ක්ෂේත්‍රයට පවා මේ "කාරයා" කොටස එක් කරමින් තනා ගත වචන සමාජයේ භාවිතා වෙනවා. සී.ඒ.එස්. කාරය, බී.ඒ. කාරය, එම්. ඒ, කාරය, පී.එච්.ඩී. කාරයා, එම්.එස්.සී. කාරයා, බී.එස්.සී කාරය යනු උදාහරණ කිහිපයක් පමණයි. ආමිකාරය, පොලිස්කාරය, නේවිකාරයා කියලා හමුදාවේ සහ පොලීසියේ අය නියෝජනය කලත් ගුවන් හමුදාවේ අයට මේ කාරයා කුලයේ නමක් නෑ, අනිත් කොටස තමයි ග්රාමාරක්ෂකයන් ඔවුන්ටත් මේ කාරය නමක් නෑ. 

මේ කාරයා කියන එකට දැඩි සේ විරුද්ද කාන්තාවන් කිහිප දෙනෙක්ම මට හමු වෙලා තියෙනවා. මගේ කාර්යාලීය සගයා ජනකගේ බිරිඳ වන සමන්ති එක්කෙනෙක්. එයා ඕනෑම කෙනෙකුට මහත්තයා කියල අමතන්න පසුබට වෙන්නේ නැතිලු. එතනින් නොනැවතී අනෙක් අයටත් 'කාරය' ලෙස නො-අමතන ලෙස ආයාචනා කර සිටිනවාලු. එහෙත් ඇගේ පියා පවසන්නේ කාරය යන්න අපිට බෝ වෙලා තියෙන්නේ අපේ රට පාලනය කල බටහිරයන්ගෙන් කියලා පොලිස්මන්, මිල්ක්-මෑන්, ෆිෂර්මන් ආදී වශයෙන්. එහෙත් අපේ අය මේ වචනය පාවිච්චි කරන්නේ අවඥාවට කියලයි මේ ක්‍රමය විවේචනය කරන අය පවසන්නේ. හැබැයි සමහරක් අයට මේ වගේ වචන වලින් කථා කරන්නේ නෑ. ඩ්‍රයිවර් - කාරය, කොන්දොස්තර-කාරයා, ග්‍රාමසේවක-කාරය වගේ වචන වෙනුවට ඩ්‍රයිවරයා, කොන්දොස්තරයා, ඉස්කොලේ මහත්තය, ග්‍රාමසේවක රාලහාමි කියන වචන පාවිච්චි කරනවා.

මේ ක්‍රමයට විරුද්ධ තවත් කෙනෙක් තමයි මගේ කාර්යාලයේ කාලෙකට කලින් වැඩ කරපු ලියෝනි මහත්මිය එයා ඒ කාලේ මේකට විරුද්ද වෙලා කාරය වෙනුවට "මෙයා" කියල කියන්න කියල අපිට කරදර කරා. අපිත් ඒ දවස් වල කථා කරද්දී "ඔයා බඳින්න කැමති ආමි-මෙයා කෙනෙක්ද?" කියල ඇයගෙන් අහනවා. ඒ ක්‍රමයට අනුව නම් ආමි-මෙයා, නේවි-මෙයා වගේ අපේ කටට නුහුරු වචන මාලාවක් තමයි. මේ ක්‍රම වලට ඇත්තටම අපට හුරු වෙන්න බැරි මේ වචන ඒ තරමටම ජන සමාජයේ කිඳා බැහැපු වචන නිසා. 
එක් අතකින් අපි කවුරුවත් කැමති නෑ අපට මේ වගේ වචන දාල කථා කරනවට. බැංකු-කාරය, කොම්පියුටර් කාරය, ක්ලාක් කාරය, ඔෆිසර් කාරය, මැනේජර් කාරය කියාලා අපේ ඔෆිස් වල අය කවුරුවත් කථා කරන්නේ නෑ. නමුත් බාවිතාවේ පහසුවට මේ වචන යොදා ගන්නවා වෙන්න පුළුවන්. සමහරු තමන්ගේ බිරිඳට වයිෆ් කාරය කියනවා මම අහලා තියෙනවා. මස්සිනා කාරය තවත් එකක්. නමුත් හස්බන්ඩ් කාරය කියනවා අහලා නෑ. සිකුරිටි කාරය, ජේලර් කාරය, නඩු කාරය, වාර්තා කාරය මේ අතරින් තවත් කාරයන් කිහිපයක්. ඇත්තටම මේවා යොදා ගැනීමේ තහනමක් සහ විරෝධතාවයක් නෑ. සමහරුන්ගේ හැකියාව දක්වන්නත් මේ වචනය යොදා ගන්න අවස්ථා තියෙනවා. මොළකාරය, වැඩකාරයා, ගණන් කාරය, අයි.ආර්.සී. කාරය මේ අතරින් වඩාත් සුලබව භාවිතා වෙන නම්. තවත් සමහරුන්ගේ නොහොබිනා පුරුදු වලටත් මේ කාරය යොදා ගන්නවා. බඩු-කාරය, ගල්-කාරයා, කොලු-කාරය නිකම්ම මතකයට එන ඒවා.

හැබැයි සාමාන්‍ය වහරේ මේ වචනය සභ්‍ය ලෙස බාවිතා වෙනවා තරමක වෙනස් කමක් සමග. ඒ 'කරු' කියන විශේෂණය එක්ක. අණ-කරු, වාර්තා-කරු, මුද්‍රණ-කරු, අයිති-කරු,සැපයුම් කරු මේ අතරින් කිහිපයක් පමණයි. වෙලාවකට හිතෙනවා මේ "කාරයා" කියන පදය ඔය "කරු" කියන එකෙන් බිඳිලා ආපු එකක්දෝ කියල. අපි මේ කරන බ්ලොග් කරුමාන්තයේ යෙදෙන අයට බ්ලොග්-කරු කියලා අමතනවා මා දැක තිබෙනවා.  හැබැයි අපේ ගීත වල පවා "කාරයා" යොදා ගත්ත අවස්ථා තියෙනවා. මේ අතරින් හිමිකාරයා, ඉරණම්කාරය මුලින්ම මතකයට එන වචන. සමහර විදේශිකයන් අමතන්නත් මේ කාරය කොටස යොදා ගන්නවා පෘතුග්‍රීසිකාරය, ලන්දෙසිකාරය, ඉංග්‍රීසිකාරය, ජර්මන්කාරයා, ඉන්දියන් කාරය, පකිස්තාන් කාරය, ඇමරිකන් කාරය. වෙලාවකට හිතෙනවා මේ කාරය කියන එක ඉංග්‍රීසි වචනයක් කෙලවරට දාන යොදා ගත්ත එකක්ද කියලත්. 

වෙලාවකට පම්පොරියටත් කාරය යොදා ගන්නවා. ඉඩම්කාරය, ගනංකාරය, වැඩ කාරය(ගෙදර වැඩට ඉන්න අයටත් කියනවා), පම්පෝරි කාරය, මොළ කාරය, බස් කාරයා, වාහන කාරය,  හැඩ කාරායා, විසේ කාරය, බල පුළුවන් කාරයා. මේ වචන ටික කියනකොට මතකයට එන සින්දුවක් තියෙනවා සංගීත් විජේසුරිය ගායනා කරන

බඹරා වගේ විසේ කාරය
දෙබර වගේ ගණන් කාරය
සමනලය වාගේ මම හැඩ කාරයා
මී මැස්ස වාගේ හරි වැඩ කාරය

මටනම් මේ කාරය කියන ප්‍රත්‍ය (හරිද මන්ද?..D) යොදා ගෙන භාවිතා කරන මේ වචන හරියටම හරිද නැත්නම් වැරදිද මෙහෙම කියන්නේ අවක්ඥාවටද කියල හරියටම නිනව්වක් නෑ. මෙය හරි හෝ වැරදි වේවා දැන් මේක සමාජයේ නිතර දෙවේලේ ඇහෙන කියන වචන. මේ වගේ දෙයක් එක රැයකින් වෙනස් කරනවා කියන්නේ අපහසු කාරියක්. අඩුම ගානේ ගැසට් නිවේදනයකින් හරි පාර්ලිමේන්තු පනතකින් වත් මේවා වෙනස් කරන්න බැරි දේවල්. 

තව ඩින්ගෙන් අමතක වෙනවා හොඳම කෑල්ල. යු.එන්.පී. කාරය, පී.ඒ. කාරය, ජේ.වී.පී කාරය කියන පක්ෂ දෙස්පාලනේදී භාවිත වෙන ආමන්ත්‍රණ සෙට් එක. ඒ වගේමයි එල්.ටී.ටී.ඊ. කාරයා. ඒගොල්ලොත් එක්තරා විදියක දේශපාලන කොටස් කාරයේ ටිකක් නේ. ආහ් ! කොටස් - කාරය එතනත් මේ කාරය තියෙනවනේ. දැන් බලාගෙන යනකොට මේ කාරයා නැති තැනක් නෑනේ. 

අපි මෙච්චර වෙලා කථා කලේ අපි විසින් අනුන් හඳුන්වන්න යොදා ගන්න භාවිතා කරන "කාරයා" දාපු වචන ගැන. ඒත් තමන්ව අමතන්න තමන්ම "කාරයා" දා ගත්ත අයත් අපේ මේ බ්ලොග් ලෝකේ ඉන්නවා. මට වගේම ඔයාලටත් මතකයට එන්න ඇති 

"කතන්දර-කාරයා"

Wednesday, September 26, 2012

මාරයාගේ බාප්පා ගැටලුවට පිළිතුරු වශයෙනි

මහත්මයාණෙනි/ගරුතර ස්වාමීන් වහන්ස

2012 සැප්තැම්බර 25 දිනැති යොමු අංක  මා.හෝ/ප.දි/ති.තු.කු./670 හා පන්සලට ආ බාප්පාගේ කතා වස්තුව  හිසින් පළවූ ඔබේ ලිපිය හා බැඳේ. 

එම ලිපියෙහි සඳහන් ආකාරයට ****ගේ බාප්පා ඔබට හොඳටම කරදරයක් වී ඇත්තේ ඔබගේ විවේක සුවයට හා අධ්‍යයන කටයුතු වලට බාදා ගෙනදෙමින් නොනවත්වා කරන ලද "කිසි කමකට" නැති දීර්ඝ විස්තර අසා සිටීමට සිදු වී ඇති බැවින් බව පැහැදිලිය.  ඇත්ත වශයෙන්ම ඔබ (වහන්සේ - එවකට) මුහුණ දුන් අපහසුතාවය ගැන අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර එවැනි තත්ත්වයන් ඇති වීම ස්වභාවික බව මා කරන ලද නිරීක්ෂණ තහවුරු වී ඇත.  ඇත්ත වශයෙන්ම එසේ කරගෙන යන කථා ඔබට බාදාවක් වූ විට ගත හැකි පියවර පහත දැක්වෙන මා මුහුණ දුන් හා නිරීක්ෂණය කල දේ ඇසුරින් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

අවස්ථාව 1

ඒ මා මිරිහානේ අමරපාල මහතාගේ නිවසේ නවාතැන් ගෙන සිටි කාලයයි. හරියටම වසර මතක නැතත්. එය 1998 හෝ 1999 වසර විය යුතු බව මගේ විශ්වාසයයි. යාබද නිවසේ විසු මගේ ඥාතීන් වූ චන්ද්‍රිකා/පියසේන යුවලගේ නිවසේ පවත්වන ලද දානයට සහභාගී වීමට මා එහි ගොස් සිටි අතර, ස්වාමීන් වහන්සේලා දන් වළඳා අවසන් වූ පසු ඉහල මාලයට වී අප දිවා අහාරයට කැඳවන තුරු මමත්, තවත් අසල්වැසි තරුණයකු වූ "කුක්කු සන්" සමග යම් කතාවක යෙදී සිටි වෙලාවක, කොහොන්දෝ දුව ආ කෙලි සිඟිත්තියක් ඇයව බිත්ති කන්ඩිය උඩින් වාඩි කරවන ලෙස මගෙන් ඉල්ලා සිටින ලදී. මමද මේ හුරතල් කෙල්ලව උස්සා අර කෙටි බැම්ම උඩ තැබුවා. ඊට පස්සේ ඈ එක දිගට කථා කරන්න පටන් ගත්තා

"අන්කල්, මේ බලන්න මගේ කකුල් පැලිලා තියෙන්නේ ඇයි කියල දන්නවද ? මම අපේ ගෙදර සිමෙන්ති  හදන තැනට ස්ලිපර්ස් දාන්නැතුව ගිහින්. මට අම්මි බැන්න ස්ලිපර්ස් දාන්නා කියල. මගේ නම සුජානි. අන්කල්ගේ නම මොකක්ද? අපේ අම්ම ඩොක්ට."

ඒ කියාගෙන ගිය හෑල්ල මට සම්පූර්ණයෙන් මතක නැතත් ඇය දෙනෝ දාහක් සිටින තැනක මා තෝරා ගත්තේ ඇයි ? මුලින්ම මට හිතුනේ ඇය කියවන්නේ පුනරුප්පත්ති කතාවක් කියයි. එහෙත් අයගේ පුංචි අම්මා පැමිණ "මොනාද අන්කල්ලට කියන්නේ" කියමින් ඈ කුදලාගෙන ගිය පසුත්, ඈ කියූ දේවල මගේ සිතේ දෝංකාර දෙන්නට වුනා. ඇය මටද යම් හුරුවක් ඇතැයි දැනුනා. (පසුව මා මගේ හිතට වද දුන් සියලු කාරණා ලේඛන ගත කලත්, ඒ පොත අන්ත්රස්දදාන වෙලා. එකල බ්ලොග් තිබුණා නම් මේවායින්  පුරවන්න තිබුණා). මා මෙවැනි හමු වීම් නම් කරන්නේ ආත්මගත බැඳීම් ලෙසයි. එක පාරටම හමු වූ මොහොතේ සිටම සමීප හිතවතුන් ලෙස කථා කරන්නේ ගිය ආත්ම වල අප සමග සමීප ඇසුරකින් සිටි අය බව මගේ විශ්වාසයයි. මෙවැනිම තවත් තරුණියක් මට හමු වුයේ වියලුව ප්‍රදේශයේ ඇති කන්දකැටිය මහජන බැංකුව පරිඝනකගත කරන්න ගොස් සිටි අවස්ථාවෙදීයි. ඇයද මිනිත්තු කිහිපයකින් මගේ සමීප හිතවතියක් වුණා. අදද නිතර කතාබස් නොකලද අප දෙදෙනා හොඳ මිතුරන්ය. 

අවස්ථාව 2

සාමාන්‍ය දැන හැඳිනීමක් තිබෙන අය තමන්ගේ පුද්ගලික අත්දැකීම් හෝ දුක්ගැනවිලි කියාගෙන යන්නේ අප ඒවාට සවන් දෙන අය බව ඔවුන් ඉවෙන් අඳුනා ගන්නා නිසාය. හැම කෙනාටම හැම කෙනෙක්ම මෙසේ දුක් ගැනවිලි හෝ අත්දැකීම් විස්තර කරන්න යන්නේ නෑ.  අද උදේ කාලෙකට පසු කොළ කැඳ කෝප්පයක් බොන්නට ලැබුනේ, ටික කාලයක් දකින්නට නැතුව සිට අප කාර්යාලය අසලට (චැතම් වීදියේ) ගෙනෙන තමන්ගේ වාහනයේ තබාගෙන ඉතා පිරිසිදු ලෙස රැගෙන එන කොළ කැඳ වෙළෙන්දා නැවතත් දකින්නට ලැබුන නිසාය. මා එම කැඳ කෝප්පය බොන තුරුත් ඉන් පසුවත් විනාඩි පහලවක් පමණ තමාගේ දුවට ඩෙංගු වැළඳුන ආකාරයත්. ඇය කොහොමත් සෙම අමාරුවකින් පෙලෙන අයෙක් බවත්, කෑම කෑමට හොර බවත්, තමා ඉතා මිල අධික පිටි වර්ගයක් පවා ගෙන ගොස් දුන්නද ඇය ඒවා පානය කරන්නේ නැති බවත්, කිසි දිනක ගවමස් අනුභව නොකළ තමාගේ නිවසට ගවමස් ගෙනගියේ තම දියණියගේ රෝගී තත්වය සමනය කර ගැනීමට බවත්, මීට කලින් තමා කුකුල් පීකුදු ගෙන ගියද, පාමසියේ නෝනා තමන්ගේ ගෙදර ඇති කල හුරතල් බල්ලා මියෑදීමට හේතුව කුකුල් පීකුදු බව පැවසු අතර, තමන්ගේ දැරියට ඒවා නොදෙන ලෙස අවවාද කල බවත්, තමා දැන් ගෙනගොස් දෙන්නේ එළුමස් බවත් ඉතා ශෝකීව පවසන ලදී. මා ඉතා උනන්දුවෙන් එම කතාව අසා සිටියා පමණක් නොව මා දන්නා දේවල්ද ඔහුට කියා ඔහු අස්වසලන්නට උත්සාහ කළා. මෙවැනි අය අප සොයාගෙන විත් මේවා පවසන්නේ අප ඒවා අසා සිටින බවට ඔවුන්ට ඉඟි දැනෙන නිසාය. 

අවස්ථාව 3

2003 වසරේදී මා ඉමදූව මහජන බැංකුව පරිඝනකගත කරන්න ගොස් නවාතැන් ගත්තේ අසල නිවසකය. එම නිවසේ විශ්‍රාමික ගුරු මහත්මියකගේය. ඇයට අමතරව ඇගේ දුව සහ සේවිකාවක් එම නිවසේ වෙසෙයි . ඔවුන්ගේ ආගන්තුක සත්කාර අපට දරා ගන්නට බැරි තරමට වැඩි විය. රාත්‍රිය සහ උදෑසන ආහාරය එම නිවසින් අපට සැපයුවේ අපගේ හෝ බැංකුවේ ඉල්ලීමකට නොව ඔවුන්ගේ කැමැත්තෙන්මය. කෑමට පෙර චාරිත්‍රානුකුලව වතුරද අල්ලා අංග සම්පුර්ණ ලෙස අපිට උපරිම ආගන්තුක සත්කාර කරන්නට ඔවුන් වග බලා ගත්තා. එහෙත් අපට ඉවසන්නට බැරිම දෙය වූවේ මේ ගුරු මහත්මිය කෑම ගන්නා අතරේදී අප සමග කයියට සෙට් වන්නට වීම නිසාය. අපට අවශ්‍ය විහිළුවක් වත් කර ගන්නට බැරි වන්නේ ඇයගේ මේ මැද්දට පැනීම නිසාය. විටෙක එම ප්‍රදේශයේ ඉඩම් ගාලු-කොළඹ යා කරන මාර්ඝයට අත්පත් කර ගන්න නිසා පොහොසත් වූ අය ගැනද, තමාට ලැබුන වන්දිය ගැනද, තම ඉගැන්වූ කාලයේ දේවල්ද අපේ ඉල්ලීමකින් තොරවම අපට බෙදපු නිසා ආහාරයත් සමග ගිල දමන්නට සිදු විය. එම නිවසේ ලිඳෙන් වතුර ඇද නාන්නට මට අරගයලක යෙදීමට වුවේ ක්‍රිකට් ගසන්න ගොස් මගේ අතේ සිදු වී තිබු ඇදීමක් නිසාය. තනි අතින් වතුර අදින්නට ගොස් පනිට්ටුව එහෙ මෙහෙ වදින දෙස බලා සිටි මේ ගුරු මහත්මිය 

"සර්ට මං වතුර ඇදලා දෙන්නද ? " යි අසු විටම් මට අප්‍රමාණ ලැජ්ජාවක් ඇති වුනා. අවුරුදු හැට හැත්තෑවක ආත්තම්මා කෙනෙක් ලවා වතුර ඇද ගන්න? 
"සර්ගේ අතට පත්තුවක් බඳින්න හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා උළු පට්ටලේ ගෙදර" මේ කතා වලට කණින් කොණින් ඇහුම්කන් දෙන අප පිළිතුරු බඳින්නේම නැත. එහෙත් ඉන් පසුව ඒ නිවසට උළු පට්ටලේ ගෙදර යනුවෙන් පවසන්න අප පුරුදු වුනා.
නාන තැනටත් ඇවිත් කරදයක් වන්නට වූ තැන මෙයට කල හැකි දෙයක් අප යන එන අතර සාකච්චා කළා. ඒත් අපට හරි පිළිතුරක් සොයා ගන්නට නොහැකි වී සිටියා. එක් දිනක් රාත්‍රී ආහාරය ගන්න අතර සුපුරුදු පරිදි ඇය අපගේ මේසය වටේ ඇවිදිමින්, පිඟන් වලට මාළු පිනි බෙදමින් කතාවට අර අඳින විට.

"අද හරියට දාඩිය දානවා. හියුමිඩිටි එක හොඳටම වැඩි වෙලාද කොහෙද ? නේද ඇන්ටි" කියා මා ඉස්සර වුනා.

"ඒ මොකක්ද සර් ඒ ?" කියා ඈ අසු විට මා කියා සිටියේ සාපේක්ෂ ආර්ද්‍රතාවය බවයි. ඇය තේරුණා වගේ හිනා වුනත් එක පාරටම අන්තරස්දාන වී ගියා. ඉන්පසුව ඈ අපේ කතාවට හොට දාන්න ආවේ නෑ. ඒ කාලයේ හියුමිඩිටි එක අපේ කටවල නිතර කියවෙන වදනක් වුනා. 

තමන්ට අනවශ්‍ය කතාවක් මෙල්ල කරන්න ඒ ක්‍රමයත් නරක නෑ. ඒ අමාරු වචන වලින් දමා ගැසීමෙන්.

අවස්ථාව 4

සිරස සුපර්ස්ටා මුලින්ම පටන් ගත් විට එය මං හිතන්නේ හැම කෙනෙක්ම නැරඹුවා. අපද ඒ කාලයේ අර මලිත්ට වූ අකරතැබ්බය ගැන නිතර කතා බහ කරන්න වුනා. කෙනෙක් කියා සිටියේ ඇමරිකන් අයිඩල් වැඩසටහනේ කොපියක් නිසා එම තරගයේ ආකාරයටම රිය අණතුරක් සංවිධායකයින්ම කර ඇති බවයි. මේ කාලයේ අපේ කාර්යාලයේ කාන්තාවක් (අවිවාහක තරමක වයස) මේ ගැන ඇඬු කඳුලින් සිටිය පමණක් නොව, රෝහලට මල්ද රැගෙන ගොස් ඔහු සමග මිතුරු කමක් ගොඩ නගා ගත්තා. ඒ කාලයේ මෙම කාන්තාව අපට මහත් හිරිහැරයක් වුනා. හැම වෙලාවේම මලිත්ට වූ අලකලන්චියද, ඔහුට ගැසූ එස්.එම.එස්. ගණන්ද, ඔහුගේ පවුලේ අය තමාද පවුලේ කෙනෙකු ලෙස සලකන අකාරයද අපට විස්තර කරන්න තියා ගත්තා. මෙය ඇණයක් බවට පත් වූ කල, අප කලේ ඇය කථා කරන්න ගත විට එයට හුමිටි තබමින් ඇය හොඳටම නැග්ගීමය. දැන් ඇය සිත සිටින්නේ අපිද මලිත්ගේ රසිකයන් බවයි. මේ උණුසුම අවසන් වී ටික දිනකින් ඇය හති දාගෙන විත් දිගටම කියාගෙන කියාගෙන යන්නට පටන් ගත්තා

"ඔයාලට මතකද මම කිව්වා මම මලිත්ව ඔෆිස් එකට එක්කන් එනවා කියල. ඔන්න මම එක්කන් ආවා. එන්න යන්න ගිහින් කථා කරන්න."

කාගෙවත් ප්‍රතිචාරයක් නැති තැන ඇය යන්න ගියා. ටික වෙලාවකට පස්සේ මූණ කළු කරගෙන ඇය ආ විට අප විමසා සිටියේ "කෝ මලිත්" කියාය.

"අනේ බලන්න වෙච්ච දෙයක් ලැජ්ජාවේ බෑ. මම එක්කන් ගියා නිමල් මහත්තයා ගාවට. එයානේ මෙතන ලොක්ක. මලිත්ට පුටුවේ වාඩි වෙන්න කියල ඇහුවනෙ මොන කැම්පස් එකෙන්ද ආවේ කියල. මම කිව්වා මේ අර මලිත් දන්නේ නැද්ද කියල. ආ පුතාගේ නම මලිත්ද? මොකක්ද කරන්න යන ප්‍රොජෙක්ට් එක කියල ඇහුවනේ. මම කිව්වා අර සිරස සුපර් ස්ටාර් එකේ මලිත් කියල. එතකොට නිමල් මහත්තය ආ මට මතකයි පුතා හොඳට නිවුස් කියනවා." කියල

ඔන්න තවත් ක්‍රමයක්. දැනගෙන වුනත් ඒ වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දුන්නම මේ වගේ ඇණ නිකන්ම ගලවන්න පුළුවන්. මාරයට ඉතින් මම මේවා කියා දෙන්න ඕන නෑ. ඔය බාප්පට කොරල තියෙන හරියත් මදි නෑ. 

දැන් වෙලාව උදෑසන 2.00 යි.

Sunday, September 23, 2012

කෙටිම කෙට් ලොල් කතා අංක 20 - ගූගල් දෙයියා හා බයිබලය


මං මේ ලියන්න යන කතාව අපේ වර්ගපූර්ණිකාව ලියන ආචාර්යමීවනපලානේ ජයරත්නයන් දැනගත්තොත් මොනවයින් මොනවා වෙයිද කියන්නමං නම් දන්නේ නෑ. සමහරවිට එතුමා මං එක්ක උදහස් වෙන්නත් බැරි නෑ. ඒත් මට වෙලාවකට හිතෙනවා එහෙම වෙන එකක් නෑ කියල. උදහස් නොවෙන්න හේතුව මේ පොස්ට් එක කියවල ඉවර වුන ගමන් ඔයාලට තේරුම් යයි.

හොඳයි දැන් ඔබට හිතෙනවා අති ගූගල් දෙවියන් සම්බන්ධ ලොල් කතාව මොකක්ද කියල. මේ පාරනම් සුදීකය ඇන ගන්නයි යන්නේ කියලත් හිතෙනවා ඇති. මොකද ආගම් සම්බන්ධ දේවල් වලට ඒ හැටි හොද කාලයක් නෙවෙයි මේක. දන්නවනේ හැමෝම අර ඉස්ලාම් ආගම සම්බන්ධ චිත්‍රපටය නිසා මේ දවස් වල ඇති වෙලා තියෙන තත්වේ. මේ යකත් කරන තරමක් ගොන් වැඩ තමයි කරන්නේ කියලත් ඔබට මේ වෙනකොටම හිතිලා ඇති. එක ඉතිං සුදීකයාගේ හැටියක්ම තමයි. ඇන ගැනීමයි සුදීකයයි කියන්නේ ආයි දෙකක් නොවෙයි එකක්ම තමයි. පහන් දැල්ලට පියාඹන පළඟටියට වෙච්ච එක තමයි වෙන්නේ. ඒත් ඉතිං ක්‍රිස්තියානි ආගමිකයන් ඒ තරම්ම අන්තවාදී නොවෙන හින්ද ඒ තරම් කරදරය නොවෙයි කියලයිමගේ විශ්වාසය. 

මම ඇත්තම කියන්නම්. මම කිසිම ආගමක් ගැන හරි හැටි අවුබෝධයක් තියෙන මිනිහෙක් නෙවෙයි. ඒ කියන්නේ කිසිම ආගමක් ගැන ගැඹුරින් හදාරලා නෑ. ඒත් හසිතට පිං සිද්ද වෙන්න සාර්ධාර් වරුන්ගේ ආගම ගැන නම් පොඩි අවුබෝධයක් තියෙනවා. කරුමෙට් එකත් ආගමක් නෙවෙයි. අපේ වගේ දර්ශනයක්. මේ කතාව මම කිව්වට මගේ ක්‍රිස්තු භක්තික මිතුරෝ තරහා නොවේව කියලයි මගේ පැතුම. ඔන්න එහෙනම් කතාව

බයිබලය රචනා කරලා තියෙන්නේ මෝසස් කියන දෙවියෙක් නොවූ එහෙත් මින්සුන් අතර දෙවියෙක් කියල කියන්න පුළුවන් කෙනෙක්. මේ කාරණා මම දන්නේ කොහොමද කියල දැන් සැකයි නේද? ඉතිං දෙයියනේ මම ගූගල් කළා. ඇත්තටම එතුමා බයිබලය රචනා කළා කිව්වොත් වැරදියි. එතුමා එහි ලියන්නා ලෙස කටයුතු කලත් එතුමාට මේ දේවල් දෙවියන් වහන්සේ විසින් විටින් විට මතු වී පැවසු දේවල් (වෙන්න ඕනෑ). ගූගල් කරලා බලන්න. ආ බයිබලයේ කොටස් දහසයක් තියෙනව. එකත් හොයා ගත්තේ ගූගල් කරලා. මේ කොටස් දහසයම ලියලා තියෙන්නේ එතුමා නොවෙයි. එකත් දැන ගත්තේ ගූගල් කරලා. අයියෝ මේ කියන්න ඕනෑ කතාව නොවෙයිනේ මම ලියාගෙන යන්නේ. හැමදාම වෙන වෙන වල් පල් ලියලා ඔයාලගේ වෙලාව වගේම බෑන්ඩ්විත් එකත් කනවා නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම මම තේකක් බොන්න කොටුවේ වයි.එම.සී.ඒ. එකට ගිය වෙලාවේ ටිකක් වයසක ඒත් කාර්යාලයක සේවය කරනවා වගේ පේන මහත්වරු දෙන්නෙකුගේ කතාවට කණ තියන් ඉඳල දැන ගත්තේ. එකත් මම ගූගල් කරලම.... ආ නෑ. ඇහුන කියල කිව්වනේ. දැන් දිව මතුරක් වගේ ගූගල් කළා, ගූගල් කරනවා, ගූගල් ලියනවා, (අර සෙලින්කෝ ඇඩ් එක මතකද කෝල් සෙලින්කෝ අන්න ඒ වගේ ගූගල් කරන්න කියන එක තමයි දැන් මගේ කටේ තියෙන්නේ). මේ දෙන්න අතර ඇති වුනා මෙන්න මේ වගේ දෙබසක්

 තමුසේ දන්නවද ගූගල් කියන්නේ මොකක්ද කියලා ?

 නෑ මං දන්නේ නෑ.


හොඳයි, දැන්නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා. ඒත් ඕක නැතුව දැන් අන්තර්ජාලයේ කිසිම දෙයක් කරන්න බෑ කියලා අපේ පුතා යාලුවෙකුට කියනවා මම අහගෙන.

ආහ් ! ඇත්තද? තමුසෙත් දන්නා දේවල්.


පස්සේ මම අපේ පුතාගෙන්ම අහ ගත්තා ගූගල් කියන්නේ මොකක්ද කියල.

ඉතිං ඉතිං මොකක්ද ඔය ගූ...ගල් කියන්නේ. සමහරවිට මල බද්දය වගේ කෙස් එකක් වෙන්න ඕනෑ. 


මේ මේ තමුසේ ඔය දෙවියන්ගේ දේවල් වලට අගෞරව කලර නිකන් කරදර වෙන්න එපා. (රහසින්) ගූගල් කියන්නේ දෙවියෙක් !!!

 මොනවා. මං නම් ඔය ඇහුවමයි.


 නැත්තේ නෑ. ඔය ගූගල් කියන දෙවියාගේ පහල වීම ගැන බයිබලයේත් සඳහන් වෙලා තියෙනවා. පුතා ඔය ගූගල් කරන දේවල් කිව්වම මට එක පාරටම මතක් වුනේ. මේක බයිබලයේ තමුසේ දන්නවද මැතිව් 7:8 කියල තියෙන්නේ මොකක්ද ? කියල.

පොඩ්ඩක් ඉන්නවා බලන්න (සාක්කුවට ඇත දමා කුඩා පොත් පිංචක් අතට ගෙන පෙරලා බලයි). ආහ් ! මේ තියෙන්නේ. මේක ඉතින් බොහොම ප්‍රසිද්ධ කියමනක් නේ. "සොයන්නාට හම්බ වෙයි. තට්ටු කරන්නාට ඇරෙයි" කියන එක. ඉතින් එකෙන් කොහොමද ඔය දෙවියෙක් ගැන කියවෙන්නේ?

මම කිව්වනේ මම පුතාගෙන් ඇහුව කියල ගූගල් කියන්නේ මොකක්ද කියල. ඉතින් පුතා කිව්වා.  මටනම් දෙවියෙක් කියලා. මම හැම දේම කර ගන්නේ ඒ දෙවියන් හින්ද. කියල.

මටත් දැන් ඉවසගෙන ඉන්න බැරිම තැන මැද්දට පැනල කිව්වා

ගූගල් කියන්නේ සෙවුම් යන්ත්‍රයක්. ඒකත් ඉතින් වැරදි නෑ. අංකල්ලාගේ පොතේ කියල තියෙන්නේ සොයන්නාට හම්බ වේ කියලනේ. ඇත්තටම ඕකෙන් හොයා ගන්න බැරි දෙයක් නෑ තමා.

ප.ලි: මීවනපලානේ ජයරත්න මැතිදුන් මේකට උරණ නොවෙන්නේ එතුමාගේ බ්ලොග් එකෙත් ගූගල් හොඳම සෙවුම් යන්ත්‍රය කියල දාල තියෙන්නේ දඬු මොණර යන්තරයටත් වඩා උඩින් ගිහින් හොයන්න පුළුවන් හින්ද වෙන්න ඕනෑ.

මම පුද්ගලිකව සියලුම ආගම් වල ගරුත්වයට කිසි හානියක් කරන පුද්ගලයෙක් නොවෙමි. ඒත් මේක හාස්‍ය උපදවන්න පුළුවන් නිසා ප්‍රබන්ධ කළා. ක්‍රිස්තු දහමට හෝ භක්තිකයන්ට අබමල් රේණුවක හෝ අහිතකින් ලියන ලද්දක් නොවේ. කිසිවකුට යම්කිසි සිත් තැවුලක් සිදු විනි නම් මගේ බලවත් කණගාටුව.

පින්තූරය ගත්තේ : http://www.pbs.org




Thursday, September 20, 2012

ක්ෂණික කෝප්පය ....

1989 අඳුරු යුගයේදී ජාතික ව්‍යපාර කළමනාකාරීත්ව ආයතනයේ පරිඝණක පාටමාලාව(හරි ට යන්න එන්නෑනේ) හදාරන්න මමත් යොමු වුනේ, ඒ වගේ මිල අධික කෝස් එකක් කරවන්න විශ්‍රාමික රජයේ සේවකයන් වෙච්ච මගේ දෙමාපියන්ට පුළුවන්කම තිබ්බ නිසා නෙවෙයි. ඒ කාලේ තිබ්බ භයානක වාතාවරණය නිසා. උසස් පෙළ අවසන් වුන තරුණයෙකුට ඉතිං ඒ කාලේ මරණ සහතිකේ ලියලා අතට දීල තිබුණා වගේ යුගයක, මේ වගේ විකල්පයක් තෝරා ගන්නවා හැරෙන්නට කල හැකි කිසිවක් තිබුණේ නෑ. උසස් පෙළ අවසන් වනවාත් සමග රැකියාවක් (හෝටල් ක්ෂේත්‍රයේ) ලැබුනත්, වැඩි කලක් නොයා හෝටල් වසන තැනට මග පෑදුනේ හරියට අර "අපි පුවක් ගහකට නැග්ගොත් දෙබලක්" කියන්න වගේ. ඉතිං ඒ කාලේ බොහොම දුෂ්කර විදියට මේ කෝස් එක කරලා ඉවර වෙනකොට කොහොම හරි ජොබ් එකක් හොයා ගන්නවා කියන මානාසිකෙට පත් වෙලා උන්නේ, මේ වෙනකොට මට උගන්වන්න දහ දුක් විඳපු මගේ දෙමව්පියන්ට ලාභාංශ ගෙවන්න ඕනෑ කියල මට සිය දහස් වරේ හිතුන නිසා. ජීවිතේ සැන්දෑ සමයවත් නිස්කාන්සුවේ ගෙවන්න ඒ අයට අවස්ථාව උදා කරලා දෙන්න මගේ හිතේ දැඩි ආශාවක් තිබුණා. 

ඔන්න ඔය වගේ වකවානුවක තමයි මම බේරුවල මොරගල්ලේ තියෙන "රිවරිනා" කියන හෝටලයේ පරිඝණක ක්‍රියාකරවන්න විදියට සේවයට එක් වෙන්නේ. ඒ කාලේ පරිඝණක ආශ්‍රිත රැකියාවක් කරනවා කියන්නේ ඉතිං හරි ලොකුයි. මේවා ලොකු වෙන්න වෙන්නම ඒවාට ඉන්න ඉරිසියා කාරයනුත් වැඩියි. බොරු වලවල් වල දාන්නයි හදන්නේ. සංචාරක හෝටල් වල තියෙන තව දෙයක් තමයි සේවා ගාස්තු ඒ කිව්වේ සර්විස් චාජ් සටන. පැහැදිලිව කිව්වොත් හෝටල් ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාව කරන අයට තමයි මේ සේවා ගාස්තුව 100% ක් ලැබෙන්නේ, මීට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ 100%,75%,50% කාණ්ඩ වල ය ඉන්නවා. පුහුණු වන සේවකයන් සඳහා 25% ක් ගෙවන්නේ. මේ සංචාරක හෝටල් වල අයට පුදුම හැකියාවක් තියෙනවා මාසේ මුලදී ගිය මාසයට අදාලව තාමන්ට ලැබෙන සර්විස් චාර්ජ් එක තමන්ගේ ඇඟට දැනිච්ච මහන්සිය අනුව පුරෝකථනය කරන්න. මේ වාක්‍ය කීපය සර්විස් චාජ් එක ගැන තේරුමක් දෙන්න ලිව්වත්, සර්විස් චාර්ජ් සටන කියන්නේ, මේවගේ වැඩ කරන අය තුල පුදුම කාලකන්නි බලාපොරොත්තුවක්. ඒ අලුතින් එකතු වෙන අයව පර්මනන්ට් වෙන්න ඉස්සෙල්ලා එක්කෝ ගෙදර යවන්න, නැත්නම් වෙනත් රස්සාවකට හෝ වෙනත් හෝටලයකට යවන්න. මටත් ඉතිං ඔය කියන බලපෑම් ඒමට ආවා. මේවා එන්නේ ඒ තැන වල ඉන්න පර්මනන්ට් අයගෙන්. එහෙම නැති හොඳ මහ්ත්වරුන්ත් ඉන්නවා. 

නමුත් මම මේ රැකියාවට යද්දීම මං ගැන යම්කිසි තරමක හොඳ රෙකමදාරුවක් ඒ අයට ලැබිල තිබුන නිසා මට මේ බලපෑම් ටිකක් අඩුවෙන් ආවේ. එකක් තමයි ඒ කාලේ බෙන්තොට-බේරුවල හෝටල් සමුහයේ වැඩ පෙන්නපු මගේ බාප්පා ආනන්ද කන්නන්ගර කියන නම. ඔහුට පුළුවන් වෙලා තියෙනවා ඒකම අංකය තියෙන රුපියල් පහේ කොළ දෙකක් හඳුනා ගන්න. ඒ වගේම හොර ඩොලර් නෝට්ටු වගයක් හඳුනා ගන්න. අනිත් අතින් ඒ වෙනකොට මේ පළාත් වල මගේ ක්‍රීඩා කෞශල්‍යටත් යම් තැනක් ලැබිලා තිබුණේ. ඉතිං පරිඝනකයක් හැසිරවීමේ හැකියාවත් එක්ක මට හොඳ අගයක් එකතු වෙලා තිබුණේ. 

ඒ කාලේදී බොහෝ ආයතන වල වගේ මේකෙත් පරිඝනකය ගිණුම් අංශයේ වෙනම කාමරයක තිබුණේ. මටත් සුර සැප ඔන්න ඔය පරිඝනකයට කරන සාත්තුව නිසා. මොකද දෙවියන්ට වගේම කපුවන්ටත් සැප ලැබෙනවනේ. එතනට එකතු වෙලා ටික කාලෙකින්ම ඉන්න අය එක්ක කුළුපග වෙන්න මට පුළුවන් වුනා. එකට පරිඝණක හැකියාවට වඩා ක්‍රීඩා කෞශල්‍ය ඉවහල් වුනා. ආයතනයට ක්‍රිකට්, පාපන්දු සහ බැඩ්මින්ටන් වලින් කීර්තියක් ගෙන්න මට පුළුවන් වුන නිසා ටික කාලෙකින්ම ජනප්‍රිය වෙන්න මට පුළුවන් වුනා. ඒත් අර කියපු ඉරිසියවල් එහෙමම තිබුණා. ලොක්කන් එක්ක වැඩි පයුරු පාසනමට ගියොත් , ලොක්කන්ට පු* දෙන්නෙක් වශයෙන් හංවඩු ගැහෙනවා. අනික් අතින් සේවය ස්ථිර කරන එක තියෙන්නේ ලොක්කෝ අතේ. මොනවා වුනත් ආයතනයේ සියලුම ලොක්කෝ අතරෙත් මම ජනප්‍රිය චරිතයක් වුනා. ඒ නිසා අවුරුද්දක් විතර යනකොට ස්ථිර සේවකයෙක් වෙන්න මට පුළුවන් වුනා. මම තනියෙන් නෙවෙයි මගේ අතිජාත මිත්‍ර සේනාරත්නත් ඒකම කාල වකවානු වල පර්මනන්ට් වුනා. එහෙම වුනාට පස්සේ තමයි අර කණ්ඩායම අර තමන් කරන කාලකන්නි ක්‍රියාවලිය කියල දෙන්නේ. ඒ කියන්නේ පර්මනන්ට් වෙයි කියල හිතෙන අයට වල කපන එක. 

ඒ කාලේ මේ ගිණුම් අංශයේ හිටිය පාලිත ෆොන්සේකා කියල මගේ වයසේම නාහෙට නාහන කොල්ලෙක් (දැන් නෙවෙයි ඉස්සර). ඉතිං අවුරුදු විසු දෙකක විතර අය කොල්ලෝ තමයි. එතන ඉන්න කොල්ලෝ සෙට් එක එකට එකතු වෙලා ගැන්සියක් හැදිලා හිටියා. මම, පාලිත, සේනාරත්න, ජයන්ත, කොටා(සුගත්), ප්‍රභාත්, උපසේන. මේ අතරින් උපසේන, මම සහ සේනාරත්න පර්මනන්ට් ජයන්ත, පාලිත, සුගත් කොන්ත්‍රාත්. අපි අතරේ ඒ වගේ බේදයක් තිබ්බේ නෑ. ඒත් වෙනත් දෙපාර්තමේන්තු වල හා සේවක සංගමයේ අයගේ මේ කෙටවිලිල්ල තිබුණා. අපිවත් අර කියපු ගොඩට දාගෙන පාලිත, ප්‍රභාත්, සුගත් වගේ අයව පහත් කරලා කථා කරන්න ඒ අය පුරුදු වෙලා හිටිය. මේ දේවල් වැඩියෙන්ම එලියට එන්නේ අපි ඒ කියන්නේ ගිණුම් අංශයේ අයත් අනෙකුත් සුපවයිසර් වරුන් (නඩත්තු, හවුස්කීපින්, කුස්සිය, රෙස්ටුරන්ට්) එකට දිවා ආහාරය ගන්න ස්ථානයේදී. බොහෝ වෙලාවල් වලට කැරම් ගහනකොට. හින්ට් ගැහිලි වලින් තමයි මේ අළු යට ගිනි පුපුරු එලියට එන්නේ.

පාලිත ෆොන්සේකා කියන චරිතය මම මේ කියන්න හදන කතාවේ ප්‍රධාන චරිත දෙකෙන් එකක්. මම එනකොටත් කොන්ත්‍රාත් (50%) කැටගරියේ සේවකයෙක් විදියට අවුරුදු කීපයක්ම පාලිත එතන වැඩ කරලා තිබුණා. කළුතර තිස්ස විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ අවුරුදු කිහිපයක්ම නායකත්වය දරපු පාලිත ඒ වෙනකොට කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ නායකයා. විමල් වීරවංශ ඇමති තුමත් මේ කණ්ඩායමට තමයි ඒ කාලේ ක්‍රීඩා කරලා තිබුණේ. හැබැයි පාලිත බොහොම තදේට යූ.ඇන්. පී කරපු කෙනෙක්. කොයි තරම් දරුණුවට කරලා තිබුනද කිව්වොත් ඒ කාලේ සහෝදරවරු ඔහුගේ පපුවටත් පිස්තෝලය තියලා දේශපාලන කටයුතු නවත්වන්න කියල තර්ජනය කරද්දීත්, "නෑ මම නවත්වන්නේ නෑ, උඹලට පුළුවන් දෙයක් කරපල්ලා" කියපු ජාතියේ මිනිහෙක්. ඒත් සහෝදරවරු වැඩි කරදරයක් කරලා තිබුණේ නෑ. පාලිතටත් අර කැපිල්ල හොඳටම ඇවිත් තිබුන කාලයක් මේක. නිතර ලේ රත් වෙලා හිටිය පාලිත් කොයි වෙලාවෙත් ඕනෑම කෙනෙක්ගෙන් ගේම ඉල්ලන ගතිය නිතරම දකින්න ලැබුනා. ඉතිං පාලිත් මේ දා ගන්න ගේම් බෙරණ ඒකම තමයි අපේ වැඩේ. හැබැයි පාලිතටත් මටත් වඩා කළමනාකාරිත්වයෙන් තැනක් ලැබිල තිබුණේ ඒ වෙනකොට ක්‍රිකට් වලින් පාලිත් දක්වපු දක්ෂතා නිසා. 

දෙවන ප්‍රධාන චරිතය තමයි ටී. වී. සුනිල්. මිනිහා ජේ.වී.පී. කාරය කියල තමයි කවුරුත් කියන්නේ. මම පර්මනන්ට් වෙලා ලියුම ආපු වෙලාවේ පර්සනල් ඔෆිසර් මට කිව්වේ ඔය ටී.වී. සුනිල්ලව වැඩිය ආශ්‍රය කරන්න යන්න එපා කියල. මගෙත් එක්ක වැඩි තරහක් මිනිහා පෙන්නුම් නොකලත් මටත් වැඩිය අල්ලපු නැති කෙනෙක් තමයි. ඒ වෙනකොට එතන තිබ්බ යුනියන් එකේ නායකයා වුනත්, මිනිහා ඒක ඇපේට තියලා මිනිහගේ වැඩ කර ගන්නවා කියන මතය ප්‍රසිද්ධියේ නැති වුනත් අහු මුළු වල යන කථා වල නිතර කියවිච්ච දෙයක්. අති පණ්ඩිතයා කියල කවුරුත් කියනවා. ඒත් මගෙත් එක්ක මිනිහා ෂේප්. කැරම් ගහන්න ගියාම තමයි මිනිහාගේ ආත්මාර්තකාමී ගති එලියට එන්නේ, නැත්නම් කෑම බෙදා ගනිද්දී. යුනියන් නායකයා, ජේ වී පී කාරය කිව්වට මිනිහා ආත්මාර්තකාමියා, එතකොට යූ ඇන් පී කාරය, කොන්ත්‍රාත් කාරය පාලිත හැම දේකදිම ඉස්සරහට එන හිත හොඳ මිනිහා. මට ඕක සිය දහස් වරක් හිතුන දෙයක්. හැබැයි කාටවත් කිව්වේ නැත්තේ මේ දෙන්නම තරහා වෙලා ඉන්නවට අකමැති කෙනෙක් වුන නිසා. මට ඕන වුනේ මේ දෙන්නව සමගි කරන්න. ඒත් මුන් දෙන්න නයයි මුගටියයි වගේ ආත්මගත් වෛරයකින් වගේ හිටියේ. 

පාලිතගේ කොයි දේටත් ඉදිරිපත් වීම ගැන අපූරු කතාවක් තියෙනවා. මේක සංචාරක හෝටලයක් වුනාට සේවකයන්ට කෑම උයන්නේ වෙනම. වෙනම කුස්සියක. අපිට දෙන කෑම බොහෝ වෙලාවට කටේ තියන්න බෑ. අපිත් හැම වෙලාවේම මේවට වැලි දා ගන්නවා. දවසක් දවල් කෑමට අඹ අට උයලා තිබ්බ. රත්ගම පැත්තේ ඉන්න කෙලින් කථා කරන බුලට් පොරක් හිටියා ප්‍රේමදාස කියල. කටහඬේ පවා දකුණේ ගතිය ගෑවිලා තිබුණා. මේ පැත්තට ආවේනික ඇදලා-පැදලා කරන කතාව නිසා නිතරම හිනා උපදවන පුද්ගලයෙක්. කථා කීමේ අති දක්ෂයෙක්. ඉතිං අපිට දවල් කෑමට අඹ ඇට තිබ්බ එක මහා අවමානයක් වගේ සියළු දෙනාම කරපු කතාවල් අහගෙන හිටිය ප්‍රේමදාස අඹ ඇට එකෙන් ටිකක් පිඟානකට බෙදා ගත්තා

"මේවා සුද්දන්ට කපල ඉතිරි වෙන අඹ"

"මම යනවා මේකත් ඇරගෙන පර්සනල් ඔෆිසර් ගාවට තව කවුරු හරි එකෙක් වරෙල්ලා"

කවුරුත් මුණින් මුණ බලා ගනිද්දී පාලිත නැගිට්ට

"මමත් එනවා"

දෙන්නත් එක්ක යන්න ඇරලා. 

"අපිට බඩගිනියි කන්නත් බෑ. කෝ බලන්න මේ අඹ මොන වගේද? " කියල එක්කෙනෙක් අඹ කෑල්ලක් බෙදා ගත්තා. කෙනා කවුද කියල අද මට හරියට මතක නැති වුනත් මම හිතනවා එම ආයතනයේ සාමාන්‍යධිකාරීවරයාගේ ඥාති සහෝදරයා වෙච්ච් ලොකුහෙට්ටි තමයි මේ වැඩේට මුල පිරුවේ කියල. මේකා එක අඹ ඇටයක් සුප්පු කරලා පැත්තකින් තියල අනිත් එකත් බෙදා ගන්නකොට, රවුමකට එකා දෙන්න ගානේ කට්ටිය එකතු වුනා. අපි කීප දෙනෙක් කැරම් ගගහ හිටියේ. එක පාරටම අඹ පින්ගානත් ඇරගෙන පාලිතයි ප්‍රේමදාසයි එක්ක පර්සනල් ඔෆිසර් ආවා. පිඟන් වල තියෙන අඹ ඇටයි, හිස් වෙච්ච අඹ බාජනෙයි දැක්ක පර්සනල් ඔෆිසර් මහත්තයා හිනා වෙලා කියනවා

"අඹ ඇට කන්න බැරි පාලිතටයි, ප්රෙමදාසටයි විතරද ?" කියලා.

මේ ආයතනයේ නීති තදයි. නිස්කාරනේ තැන් තැන වල කථා කර-කර ඉන්නවා ලොක්කෙ දැක්කොත් කෙලින්ම අදාළ අංශයේ ලොක්කට කථා කරලා කියනවා.  හැබැයි තේ වෙලාවේදී අපි නොමිලයේ ලැබෙන තේ එක අපේ කෝප්ප වලට දාගෙන අපේ ඩිපාර්ට්මන්ට් එක එළියේ තියෙන කොරිඩෝවට වෙලා කයියක් ගහන ගමන් තමයි තේ බොන්නේ. එතනින් එළියේ තියෙන්නේ මුහුද. ගිනියම් අව්ව මුහුදට වැටිලා රිදී කැඩපතක් වගේ බබලනවා හවස දෙකහමාර වෙද්දී. අපි තේ බොන අතරේ ඈතින් ටීවී සුනිල් එනවා දැකල පාලිතගේ කටහඬ ටිකක් උස් වුනා. මමයි පාලිතයි ආදී තුනක් විතර කොරිඩෝවේ මුණින් මුණ බලාගෙන තේ බොනවා. වේගයෙන් කඩාගෙන ආපු ටී වී සුනිල් 

"කෝ එහාට වෙයල්ලා. මෙතන යන්නවත් ඉඩ නෑ" කියා ගෙන පාලිතවත් තල්ලු කරගෙන යන්න හදනකොටම පාලිත හරස් වුනා

"අපි ඉන්නේ මෙහෙම තමයි උඹ මොකද කියන්නේ" කියල පාලිත ඇහුවාම ටී.වී සුනිල් පාලිතට ගහන්න වගේ ඇත වැනුවා. එතකොටම කෝප්පේ ඉතිරි වෙලා තිබ්බ තේ ටික පාලිත සුනිල්ගේ ඇහැට ගැහුවා. මම තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා. සුනිල් එක පාරටම ඇහැට අත් දෙක ගෙනකොටම පාලිතයා ගැහුවේ නැද්ද කෝප්පෙන් විදිලි කොටනවා වගේ හයියෙන් සුනිල්ගේ නළලට. තප්පර දෙකකදී වගේ වුන සිදු වීමක් මට වලක්වන්න කොහෙත්ම හැකියාවක් නෑ. දැන් අහි බැඹ පැලිලා ලේ ගලනවා, සද්දේ ඇහිලා ආපු කට්ටිය සුනිල්ව කෙලින්ම පර්සනල් ඔෆිසර් ගාවට ඇරගෙන ගියා. මේ වෙනකොට අනිත් පැත්තෙන් දුවගෙන ගිය  පාලිත නියෝජ්‍ය කළමනාකාර තුමාගේ කාමරේ. සුනිල්ව රෝහලට පිටත් කරපු පර්සනල් ඔෆිසර් මහතා ඊළඟ මගේ අතින් ඇදගෙන මිනිහගේ කාමරයට ගියා. 

"ඔහොම වාඩි වෙන්න. දැන් මට කියන්න වෙච්ච දේ." මේ වෙනකොටත් අපේ අනිත් අය කට උත්තරය දෙන්න අවශ්‍ය විදිය මට කියල තිබුන නිසා ඒ විදියටම මම කිව්වා. එතැනදී මට තේරුණා දෙයක් තමයි ටීවී සුනිල් එක්ක මිනිහත් ඒ හැටි හොඳ නෑ. නැත්නම් ගහන්න වගේ ඇත යැව්වා කියන එක පාලිතගේ කම්මුලට වැරෙන් පහරක් ගැහුවා කියල ලියලා මගෙන් අත්සන් ගත්තේ. මේක වෙලා ටික වෙලාවකින් මුළු හෝටලයේම ලව් ගින්නක් වගේ කතාව පැතිරිලා. 

ක්ෂණික කෝපය, ක්ෂණික කෝපය, ක්ෂණික කෝප්පය වෙන්න ගත වුනේ විනාඩි කීපයයි. පස්සේ මේක හෝටලයේ හැම තැනකම කථා වෙන පොදු වචනයක් බවට පත් වුනා.

"ක්ෂණික කෝප්පය"

ප:ලි: පස්සේ මේකේ පරීක්ෂණය තියන දවසේ මම නිවාඩු ගත්තේ වෙනත් කාරණයකට. ඒත් මම අමතක කලේ නෑ නියෝජ්‍ය කළමනාකරු වෙච්ච් විජේමාන්න මහත්මයට කියන්න "ඔන්න ඕක ෂේප් කරලා දාන සර්" කියල.

දැන් වෙලාව උදේ 1.15. මගේ දුවගෙන් ලැප් එක නිදහස් වෙන්නේ රෑ දහයට.

පින්තූර ගත්තේ : [1] greenspotantiques.com [2] peppermill-miri.blogspot.com

Tuesday, September 18, 2012

සෝදිසියක්, පසුවිපරමක් සහ දැනුවත්කිරීමක්


ලියන්න ඕන තරම් මාතෘකා හිතට ආවත්, ඒ මාතෘකාවක් ඔස්සේ ලියන ගමන් ඒකට උඩින් හෝ යටින් මේ කරුණු එල්ලන එක ඒ තරම් හොඳ මදියි කියල මට හිතෙන්නේ. මොකද සමහරවිට අපි කරන්න යන දැනුවත් කිරීමට අවශ්‍ය අවධානය ගන්න අපට බැරි වෙනවා වෙනත් පොස්ට් එකක ඒක එල්ලන්න ගියාම. සමහරවිට අපි කියන්න යන්නේ පුද්ගල චරිතයක් ගැන නම්, එසේ එල්ලීමේදී  ඒ කියන පුද්ගලයාට යම් අවමානයක් සිද්ධ වෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. දැන් එහෙනම් අපි ඒකෙන් එක මේ විස්තර මොනවද කියල හොයලා බලමු. හැබැයි පොස්ට් කලාට පස්සේ තව මොනවා හරි තියෙනවනම් මම එකතු කරනව අමනාප වෙන්න එපා.


සෝදිසිය.... 


කෙනෙක් යම් ක්ෂේත්‍රයකට ආපු මුල් කාලේ දිරි දෙන්න ඉදිරිපත් වෙන කෙනාව අර ආධුනිකයාට පෙන්නේ ඉටු දෙවියෙක් වගේ. මමත් මේ සිංහල බ්ලොග් ලියන්න ආරම්භ කරපු කාලේ මගේ පොස්ට් වලට කමෙන්ට් කරන්න ඉදිරිපත් වෙච්ච්, මගේ බ්ලොග් එක මුල ඉඳල ෆලෝ කරන්න ඉදිරිපත් වෙච්ච් අය මට කවදාවත් අමතක කරන්න බෑ. ඉතිං මෙතන ඒ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්න නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒත් මේ  ලැ යිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක් දැන් ටික දවසක ඉඳල වැඩි සද්ද බද්දයක් නෑ. අද කාලේ වෙන දේවල් වල හැටියට (අර සුදු වෑන් සීන් එහෙම මතක් වෙනකොට) ඇඟ කිලිපොලා යනවා. මුල් දවස් වල එක දිගට මගේ පොස්ට් වලට කමෙන්ට් කරපු කෙනෙක් තමයි කිරි පුතාගේ විත්ති ලියන, කිරි පුතා, දැන් බොහෝ දෙනෙක්ට මතකෙට එන්න පුළුවන්

"හැබෑටම මේ යෝධයට මොකක්ද වුනේ ?, ගොඩ කාලෙකින් පොස්ට් එකක් දැක්කෙත් නෑ නේද ?" කියල.

අර බුද්ධි නැති වුනාම දාපු වගේ දැන්වීමක් දාන්න හිතිලත් පස්සේ හිතුව මුනුපොතේ මාත් එක්ක එකතු වෙලා ඉන්න සයිබර් මිතුරන් ගණන අඩු නිසා මෙහෙම ලියනවා කියල. අද මම කිරිපුතාගේ බ්ලොග් එකට ගිහින් බැලුවා අන්තිමට පොස්ට් එකක් දාල තියෙන්නේ ජුලි මාසේ 16 වෙනිදා.  සයිබරයේ සිහින සැණකෙළියේදී කොල්ලව මුණගැහුනත්, හරි හමන් විස්තරයක් හුවමාරු කරගන්න නොලැබුන එක නම මහා වස වැරද්දක්. මේ වගේ වැඩක් මට වෙච්ච් පලවෙනි වතාව මේක නෙවේ. ඒ ගැන පසුව කියන්නම්කො. කිරිපුතා මේ සයිබර් අවකාසේ කවි ලියන අය අතර කැපී පෙනෙන චරිතයක්. මට ඒ තරම කවි ලියන්න බැරි වුනත්, කිරි පුතා දාන කවි පන්ති වලට කවි වලින් උත්තර බැඳලා මගේ කවීත්වයත් යම් මට්ටමකට මුවහත් කරගෙන එනකොටම තමයි මේකා අන්තරස්දාන වුනේ. වෙන මොහොකටවත් නෙවේ ඉරිසියාව, ඉරිසියාව, හා උඹ මේක බලනවානම් දාපන්කෝ උත්තර. 

පසුවිපරම ....


මම අන්තිමට ලිව්ව ක්‍රිස් ගේල් ඌව නෙක්ස්ට් කණ්ඩායමට ක්‍රීඩා නොකිරීමට හේතුව මෙය විය හැකිද ? කියන පොස්ට් එක. ලියපු මටවත් එතන තියෙන මේ කථාව ඇත්ත එකක් කියල හරියටම නිශ්චිතව කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මොකද ලලිත් මෝදි කියන මනුස්සයව අපි කොහොමද විශ්වාස කරන්නේ? මොනවා වුනත් මේ කතාවල් වල යම් කිසි සත්‍යයක් තියෙනවා කියල විශ්වාස කරන්න හේතු කිහිපයක්ම තියෙනවා 

  • ලලිත් මෝදි මෙහෙම කිව්වේ හොර රහසේ නොවීම. ඔහු මේක එලි කරන්නේ ඔහුගේ ට්වීට්ර් ගිණුම හරහා. එතකොට එකට එක් වෙලා ඉන්න හැම දෙනාම මේක දකිනවා. මේක වැරදි නම් නීතිමය පියවරකට වුනත් අර සුනන්දර් කියන පුද්ගලයට යන්න පුළුවන්. තවමත් එහෙම ආරංචියක් නෑ.


  • මෙවර (ඔක්. 9) දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් නව දෙනෙක් (මතබේදයට තුඩු දුන්  පොලාර්ඩ්, බ්‍රාවෝ,  නාරයින් ඇතුළුව  ඩු ප්ලේසිස්, ඇල්බී මෝකල් , මෝනේ මෝකල්,මයික් හසී,මිචෙල් ජොන්සන් සහ බ්‍රෙට් ලී  ) අයි.පී.එල්. හී  කණ්ඩායම් 2කකට සුදුසුකම් ලැබුවා. ඒත් ඔවුන් සියලු දෙනාම තෝරා ගන්නේ තම රටෙහි කණ්ඩායම නොව අයි.පී.එල්. කණ්ඩායමයි. 
ඉතිං කලින් ලිපියෙන් කල අනාවරණය වගේම එහෙම සිද්ද වෙනවා. ට්‍රිනිඩැඩ් කණ්ඩායමට ඩොලර් 450,000 මෙහි අලාභය ලෙස ලැබුනත් තම කණ්ඩායම දුර්වල වීම් දරා ගන්න බෑ.

දැනුවත් කිරීම 


[1] මම ලිව්ව අර මුදල් ප්‍රතිචක්‍රීයකරණය - අප දැන ගත යුතු කරුණු  කියන පොස්ට් එකටම සම්බන්ධ කතාවක් තමයි මේක. ලඟදි මහ බැංකුවෙන් සියලුම බැංකු වෙත කරපු දැනුම් දීමක් ලංකාවේ ඉන්න අපේ මිතුරන්ට වැදගත් වෙයි කියල හිතෙනවා. ඒ දැනුම්දීමට අනුව ඔබ ළඟ තිබෙන පලුදු වූ හෝ වෙනත් ආකාරයකින් හානි වූ ඕනෑම මුදල් නෝට්ටුවක් ඕනෑම බැංකුවකට බාර දීල ඒ වෙනුවට අලුත් නොට්ටුවක් ගන්න අවස්ථාව ගනුදෙනුකරුන්වන්ට සලසල දීල තියෙනවා. මින් ඉදිරියට රුපියල් දහයේ නෝට්ටු නිකුත් කරන්නේ නැති නිසා දැන් ඉතාම අබලන් තත්වයේ තියෙන එම නෝට්ටු එකතු කරගැනීමත් මෙහි අරමුණක් වෙන්න පුළුවන්.

[2]  මම මීට ටික කාලෙකට කලින් දාපු ඉර බැස යන දර්ශනයක් ...... කව්රුත් කියවන්න ඇතියි කියල විශ්වාස කරනවා. ඒකෙන් කියවෙන්නේ මගේ චිත්‍ර ගුරුතුමා අපට දීපු අවවාදයක්.  ඒ පොස්ට් එක දාලා ටික කාලෙකින් මට මුණුපොතෙන් ආව චරිත දිසානායක කියල කෙනෙකුගෙන් මැසේජ් එකක්. බලනකොට චිත්‍ර සර්ගේ පුතා. පස්සේ අපි දෙන්න මුනුපොතේ මිතුරන් වුනා. පස්සේ එයා මගෙන් යම් යම් උපදෙස් ඉල්ලා හිටිය සිංහල බ්ලොග් එකක් හදන හැටි. ඊට සති දෙකකට විතර පස්සේ අහම්බෙන් ලැබුණ ලින්ක් එකකින් මම ඒ බ්ලොග් එකට ගියා. ඇත්තටම එය විශේෂිත වර්ගයක බ්ලොග් එකක්. එහි වාක්‍ය කීපයකට වඩා නෑ. බලනකොට එය ඕඩියෝ බ්ලොග් එකක්(Teckකතා වගේ). ඒ කියන්නේ කෙටි වාක්‍ය කීපයක් හැඳින්වීමකට පස්සේ චරිත කරන සංගීත විචාරයන් තමයි එහි තියෙන්නේ. මම පසුව දැනගත්තේ ඔහු ශ්‍රී ලංකාවේ සිටි කාලයේ රුපවාහිනි, රේඩියෝ වගේම මුද්‍රිත මාධ්‍ය වලටත් දායක වෙච්ච දක්ෂ විචාරකයෙක් කියල. ඇත්තටම ඒ හැඳින්වීම කොයි තරම් නිවැරදිද කියල තේරෙයි ඔහ්ගේ විචාරයකට සවන් දුන්නොත්. ඔහි බය නැතිව කෙලින්ම කථා කරන පුද්ගලයෙක්.
My Photo

මෙන්න ලින්ක් එක http://soundtalking.blogspot.com. ඒකෙ නම sound talking. ගිහින් බලන්න දිගටම අහන්න හිතෙයි.  මේ පින්තූරේ ඉන්නෙත් එයාම තමයි. අපේ එස්. ඒ. දිසානායක සර් වගේමයි. එයාගේ කටහඬින් මම අවරුදු ගානක් පිටිපස්සට ගිහින් සර් උගන්නපු පාඩමක හිර වුනා වගේ දැනුනා. ඔහුගේ සංගීත දැනුම කොයි තරම් පුළුල්ද කියල වැටහෙනවා එම් පටිගතකිරීම් වලට සවන් දුන්නම. ඉතිං ඇස වෙහෙසගෙන පරිඝනක තිරයට මූණ ඔබාගෙන දවසම ගත කරන අපිට, ඒ ට්‍රැක් එක ප්ලේ කරලා නිවිහැනහිල්ලේ අහගෙන ඉන්න පුළුවන් රාත්‍රී කාලයේදී. 

තවත් විනාඩි කිහිපයකින ඇරඹෙන විස්සයි20 ලෝක කුසලානයට මුහුණ දෙන අපේ සිංහ පැටවුන්ට ජය ගන්න ශක්තිය දහිරිය ලැබේවා කියා පතන ගමන්ම, අද ආරම්භ වෙච්ච කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිහිං පොතක් දෙකක් අරගෙන ඔබේ දැනුම පුළුල් කර ගන්න පොඩි කාලයක් මිඩංගු කරන්න කියා ඉල්ලනවා. 



Saturday, September 15, 2012

ක්‍රිස් ගේල් ඌව නෙක්ස්ට් කණ්ඩායමට ක්‍රීඩා නොකිරීමට හේතුව මෙය විය හැකිද ?

මෙය 2012.09.14 දින http://www.cricturf.com වෙබ් අඩවියේ පළවූ

SUBMITTED BY SIDATH BANDARA ON FRIDAY, 14 SEPTEMBER 2012 11:54 GMT INTERNATIONAL NEWS

CRICTURF EXCLUSIVE : COULD THIS BE THE REASON BEHIND GAYLE NOT PLAYING FOR UVA ?


ලිපියෙහි සිංහල පරිවර්තනයකි.



පින්තූරය : http://www.tamo.asia

දින කිහිපයකට ඉහතදී අයි.පී.එල්. හී හිටපු සභාපති ලලිත් මෝදි මහතා  වර්තමාන අයි.පී.එල් ප්‍රධාන විධායක සුනන්දර් රාමන් සහ බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කෙරොන් පොලාර්ඩ් අතර  බ්ලැක් බෙරි මැසෙන්ජර්(Black Berry Massenger - BBM) මගින් සිදු කරන ලද කෙටි පිළිසඳර(chat)    අනාවරණය කරන ලදී. අගෝස්තු 28 වනදා මෙසේ ඔහුගේ ට්විට්ටේර් ගිණුමට එක් කර තිබු පී.ඩී.එෆ්. සබැඳියාව මගින් පෙන්වා දෙන පරිදි අයි.පී.එල් ප්‍රධාන විධායකයා බටහිර ඉන්දීය ක්‍රීඩකයින්ට චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ කණ්ඩායමට ක්‍රීඩා නොකරන ලෙස  අයථා බලපෑම් කල බව පෙන්වා දෙයි.

ලලිත් මෝදි ඉදිරිපත් කරන ලද සබැඳියාව දැන් දැන් වලංගු නොවන්නේ එහි බාගත කිරීම් වල උපරිම සීමාව පසු කර ඇති හෙයිනි.  පහතින් දැක්වෙන්නේ එම පිළිසඳරයි.

මෙහි පොලාර්ඩ් ගේ හැඳිනුම් නාමය : KP 55 (All in d mind):

සුනන්දර් : මහතුනි ඔබ චැම්පියන්ස් ලීග් 2012 සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම පිලිබඳ ප්‍රශ්නය ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ සමග විසඳ ගත්තාද ?

පොලාර්ඩ්: පෙන්නේ ට්‍රි.ටු. වගේ...

සුනන්දර් : ඔබගේ ගිවිසුම උල්ලංඝනයක් වෙනවා

පොලාර්ඩ් : කුමන ගිවිසුමද ???

සුනන්දර් : ඔබගේ අයි.පී.එල් ගිවිසුම.

පොලාර්ඩ් : මොකක්ද එම උල්ලංඝනය වන්නේ, නැත්නම් ඔවුන් අත්හිටුවයිද ?  සීයට 20ක්.  එය චැ.ලී. 20 සඳහා වෙන්කර තිබෙනවා.

සුනන්දර් : උල්ලංඝනයක්.

සුනන්දර් :  මම දැන් ගංගාට කථා කළා, ඔහුටත් කිව්වා. ඔහු කිව්වා ඔහු විසඳනවා කියා ඔබලාට කැමති කණ්ඩායමක් තෝරාගෙන ක්‍රීඩා කිරීමට.

පොලාර්ඩ් : ගංගා??


පොලාර්ඩ් :  මට තේරෙන්නේ නෑ ??

පොලාර්ඩ් :  ඒ වෙනුවෙන් ඔහුට මොනවද කරන්න වී ඇත්තේ ??

පොලාර්ඩ් :  එයට අදාළ නීති මොනවාද ??

සුනන්දර් :  ඔහු ටෙලිෆෝන් කලේ අගෝස්තුවේදී උත්සවය සංවිධානය කරන රජයේ ක්‍රීඩා නියෝජිතයෙක් ලෙස  

සුනන්දර් :  ඔහුට කීවා ට්‍රිනිඩැඩ් හී හැසිරීම හොඳ නැති බව සහ මෙලෙස හැසිරුනොත් ඔවුන්ට ආරාධනා නොකරන බවට.

පොලාර්ඩ් :  යහළුවා, උල්ලංඝනය ගැන,  කරුණාකර මට කියන්න මගේ ගිවුසුමේ මා උල්ලංඝණය කරන්නේ කුමක්ද කියා, ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ ගැන, ඔවුන් ඉල්ලා සිටින්නේ අප සියළු දෙනාම හොඳම කණ්ඩායමේ කොටසක් නිසා ක්‍රීඩා කල යුතු බව !! 



පොලාර්ඩ්:  ඉතිං මා අතරමං වීමක ඉන්නේ මේ වෙන සිදුවීම් සමග !!

සුනන්දර් :  ඔබ ට්‍රි.ටො. කණ්ඩායම තෝරා ගත්තොත් මුම්බායි ඉන්දියන් එකට නෑ. එය වෙනම කතාවක්.  ට්‍රි.ටො සඳහා ක්‍රීඩා කිරීමට රජය බල කිරීම හරි නෑ. රජයට තීරණය කරන්න බෑ ක්‍රීඩකයා කොයිකටද කියා

සුනන්දර් :  ට්‍රි.ටො. හොඳ නැති දේවල් ගොඩක් කරනවා  ලෝක ක්‍රිකට් ගසන්නන් සමග. ඒක ඩරන් දන්නවා

පොලාර්ඩ් :  එහෙත් කිසිම බල කිරීමක් නෑ ට්‍රි.ටො. සඳහා ක්‍රීඩා කිරීමට. සාමාන්‍ය අවස්තා වල සියලුම කණ්ඩාම් ඔබගෙන් අහනවා කුමන කණ්ඩායමටද ඔබ ක්‍රීඩා කරන්නේ කියා. 



සුනන්දර් :  ඔබගේ ක්‍රීඩා අමාත්‍යවර එය මාධ්‍යට පවසා තිබෙනවා.

පොලාර්ඩ් :  ඔහු කියන සියල්ල  මම දැක්ක, මට ඇහුනා. 



පොලාර්ඩ් : මගේ පැත්තෙන් කිසිවකු මට බල කරන්නේ නෑ යහළුවා ..!!


පොලාර්ඩ් : ඔබ දන්නවද මම වැඩ කරන්නේ කොහොමද කියා. මම ප්‍රශ්න අහනවා. ඒ වගේම තොරතුරු එකතු කරනවා. තීරණය කරනවා. මා තුලින්ම.



පොලාර්ඩ් :  මා තුලින්ම*

පොලාර්ඩ් : බ්‍රාවොත් නාරයනුත් කරන්නේ එහෙමයි. එනිසා මම හිතන්නෑ කිසිම බල කිරීමක් තියෙනවා කියල

සුනන්දර් :  එහෙනම් ඔබ සියල්ලෝම ගිවිසුම් උල්ලංඝණය කරනවා

දැන් ඔබට පැහැදිලිව පේනවා, අයි.පී. එල් ප්‍රධාන විධායකයාට අනුව, චැම්පියන්ස් ලීග් තරගාවලිය වෙනුවෙන් පොලාර්ඩ්, බ්‍රාවෝ සහ නාරයින් තීරණය කලොත් ට්‍රිනිඩෑඩ් සහ ටුබෑගෝ සඳහා ක්‍රීඩා කිරීමට, ඔවුන්ගේ අයි.පී. එල් කොන්ත්‍රාත්තු උල්ලංඝණය වන බව. අමතරව සුනන්දර් ඔවුන්ට තර්ජනය කරනවා ඔවුන් තමන්ගේ දේශීය කණ්ඩායම තෝරා ගත්තොත්, චැම්පියන් කුසලාණය සඳහා ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ වෙත නැවතත් ආරාධනා නොකරන බවට. ඔවුන්ට එසේ කිරීමට ලෝකයේ තිබෙන සියලු අයිතිවාසිකම් තිබෙනවා මන්ද සී.එල්.ටී.20 හී වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එහි සභාපති    එන්. ශ්‍රීනිවාසන් වීමයි.

ප්‍රශ්නය වන්නේ ගේල් ඌව සඳහා ක්‍රීඩා නොකිරීමට හේතුව මෙයද යන්නයි ? එස්.එල්.පී.එල්. වෙනුවෙන් ක්‍රිස් ගේල්ව තෝරාගෙන තිබුණේ ඌව සන්චිතයටයි. ඔහුට එස්.එල්.පී.එල්. මග ඇරුණේ අබාධ නිසයි. නමුත් ඌව නෙක්ස්ට් ප්‍රධාන විධායකයා කියන පරිදි ඔහු අවරුදු තුනක කොන්ත්‍රාත්තුවක් ඌව සමග අත්සන් කර ඇත. මෙවැනිම අවස්ථාවක සහීඩ් අෆ්රීඩි සී.ටී.එල්.20 සඳහා එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරනවා. එහෙත් ඔහුට එංගලන්ත දේශීය විස්සයි20 තරගාවලිය අතපහු වනවා. ඒක සමාන අවස්ථා දෙකකදී දෙයාකාරයකට කරුණු සිදු වන්නේ ඇයි ? එකම වෙනස ගේල් අයි.පී.එල්.  ක්‍රීඩා කිරීම සහ අෆ්රීඩි ක්‍රීඩා නොකිරීම. 

මෙවැනි අවස්ථා නිසා ඉන්දීය ප්‍රීමියර් ලීගය සහ චැම්පියන්ස් ලීගයන්ගේ විශ්වාසවන්ත භාවයන්  පිලිබඳ විශාල සැක සංකා  පැන නගිනවා.  පැහැදිලිවම මෙය තව දුරටත් අවිරුදු සිය ගානක සිට තිබු අලංකාර ක්‍රීඩාව නොවේ. 

© CricTurf 2012 | සිදත් සමීර.


පින්තූරය : theunrealtimes.com

Friday, September 14, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 19 - විජේ අන්කල්ගේ ඉංග්‍රීසි


විජේ අන්කල් කියන්නේ හැම වෙලාවකම හිනා මුසු මුහුණින් ඉන්න කෙනෙක්.  මිනිහාගේ කටින් පිටවෙන හැම වචනයකින්ම කාට හරි විහිළුවක් කරන එක එයාගේ පුරුද්දක් වෙලා තිබුණා. තමන්ගේ බිරිඳට ළමයින්ට කියල වෙනසක් නෑ විහිලු-කොලොප්පම්. පෙන්ෂන් අරගෙන හිටියට මිනිහා කලින් සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ කරලා තිබුණේ. මේ කියන කාලේ මම ඒ ලෙවල් කරනවා. ඒ කාලේ අපේ ක්ලබ් එකේ සාමාජිකයින් බොහෝ දෙනෙක් විජේ අංකල්ලගේ ගෙවල් පැත්තේ හවසට හවසට යන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ එයාලගේ ගෙදර තිබ්බ කැරම් බෝඩ් එක. ඒ වගේමයි පුත්තු තුන් දෙනා. අපිත් එක්ක එකට ෆුට්බෝල් ගහපු අය. මෙතන කැරම් ගැහිල්ලේ විශේෂයක් තිබුණා. ඒ නියම ජාත්‍යන්තර නීති රීති වලට අනුව ක්‍රීඩා කිරීම. හැබැයි එක් නීතියක් හැර. ඒ කතා කරන නීතිය. එක වුනත් ක්‍රීඩාවට අදාලව නෙවෙයි. සමහර කැරම් ගහන තැන වල දෙන්නගෙන් දක්ෂ එක්කෙනා අනික් කෙනාට උපදෙස් දෙනවනේ "අර ඉත්තට ගහපන්, මෙතන තියල මෙන්න මෙහෙම ගහපන් කියල" මෙතන ඒවා ඔට්ටු නෑ. හැබැයි අපි ක්‍රීඩා කරලම අත්දැකීමෙන් හොයා ගත්ත දෙයක් තිබුණා. ඒ ගහන්න ඩිස්ක් එක හම්බ වෙන කෙනාට එයාගේ යාලු කෙල්ල, එහෙම නැත්නම් ඉතින් මොකක් හරි සම්බන්ධ කමක්, එක්කෝ හිටපු කෙල්ල ගැන මතක් කලොත් ඉතිං ෂුවර් එකට ගහන ෂොට් එක කැලේ තමයි. මේක අන්තිමට විනෝදාංශයක් වුනා. ඒත් මට ඒ වගේ කරන්න විහිළුවක් නැති නිසා මම ඩිස්ක් එක ගත්තාම කට්ටියට කියා ගන්න දෙයක් නෑ ඉත්තෝ තුන හතරකට වග කියනවා. ඔන්න ඔහොම දවසක එළියේ ඉඳන් අපි කැරම් ගහන දිහා බලාගෙන හිටිය විජේ අංකල් කතා කරන්න පටන් ගත්ත

"මේ අද උදේ මං අර ඉස්කෝලේ පිට්ටනිය ලඟින් එනකොට දැක්කනේ මාර වැඩක්"

කිව්ව ගමන් කවුරුත් කටවල් ඇරගෙන විජේ අංකල් දිහාවට හැරුන. කව්රුත් දන්නවා විජේ අංකල් කිව්වොත් ඉතිං සුපර් කතාවක් කියල. මමත් ඊළඟ ඉත්තට ගහන්න ඕනෑ තැනින් ඩිස්ක් එක තියල හොඳට ඒම් එක ඇරගෙන ඒ පැත්ත බැලුව

"තමුසෙලාගේ තාත්තා කෙල්ලෝ උස පනින තැනට වෙලා බලාගෙන හිටියනේ. මම කතා කලාටවත් ඇහුනේ නෑ"

එහෙම කිව්වම හැමෝම බක-බක ගාලා හිනා වෙන්න පටන් ගත්තා. මේ කතාව අහල මේක විහිළුවක් වුනත් අපේ තාත්තට කියපු ඒ කතාව නිසා මට හරියට ඉත්තට ගහ ගන්න බැරි වුනා. ඊට පස්සේ අපේ අයියලා කට්ටිය මේ ට්‍රික් එක ටික කාලයක් පාවිච්චි කළා.

හැමදාමත් අපි කැරම් ගහන තැනට වෙලා හිනා කතා කියන විජේ අංකල් නිසා මේ ක්‍රම ගැහිල්ල නගලම ගියා. නිතරම හත් අට දෙනෙක් එළියේ පෝලිම් ගැහිලා හිටියා පරදින දෙන්නව නැගිට්ටවල වාඩි වෙන්න බලාගෙන. සමහරු මිනිහගේ කියුම් අහන්නම එතනට එක් රැස් වෙලා හිටියා. විජේ අංකල්ට හොඳ ඉංග්‍රීසි දැනුමකුත් තිබුණා. අපිට සිංහලෙන් කථා කලත් එයාගේ ළමයින්ට කථා කලේ ඉංග්‍රීසියෙන්. ඉතිං අපේ අයටත් මොනවා හරි දන්නැති දෙයක් තියෙනවනම් අහන්නේ විජේ අන්කල්ගෙන්. අපේ අතරේ හිටිය ටිකක් විහිලු කාරයෙක් වෙච්ච රෝහණ අයියා මිනිහගෙන් බොහෝ ඉංග්‍රීසි වචන වල තේරුම අහ ගන්නවා. දවසක් එතන මෙන්න මේ වගේ සංවාදයක් ඇති වුනා

රෝහණ අයියා : අංකල් "ක්‍රමයෙන්" කියන ඉංග්‍රීසි සිංහල වචනේ සිංහ  ඉංග්‍රීසි තේරුම මොකක්ද ? [ කතන්දර කාරයා පෙන්වා දීමෙන් පසු නිවැරදි කරන ලදී ]

විජේ අංකල් : ක්‍රමයෙන් කියන එකට කියන්නේ "ග්රැජුවලි" කියලනේ

රෝහණ අයියා : එතකොට "ක්‍රම(ක්)-ක්‍රමයෙන්" කියන එකට ?

මෙහෙම කිව්වහම විජේ අංකල් ටිකක් හිර වුනා. අපි කට්ටියම කැරම් ගැහිල්ල නවත්වල ඒ පැත්ත දිහා බලාගෙන ඉන්නවා. විජේ අංකල්ට ඉංග්‍රීසි වචනයක් හිර වෙන්නේ නෑ. ටිකක් වෙලා කල්පනා කර-කර හිටිය මිනහා හිනාවකුත් එක්ක මෙහෙම කිව්වා.

"ක්‍රම(ක්)-ක්‍රමයෙන් කියන එකට කියන්නේ ග්‍රැජු-ග්‍රැජුවලි කියල"  කිව්වේ හැමෝම හිනා සාගරයක ගිල්වමින්.

පින්තුරය ගත්තේ : mentalcrockpot.blogspot.com




Monday, September 10, 2012

සාහිත්‍ය මාසයේ - කියවන්නට (හිතන්නට) යමක්....

මේ සාහිත්‍ය මාසයයි. දැන් අවුරුදු කීපයක සෑම වරසකම සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කොට ගනිමින් "කොළඹ පොත් ප්‍රදර්ශනය" නමින් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විශාල පොත් ප්‍රදර්ශනයක් පවත්වයි. මෙහිදී සියලුම පොත් ප්‍රකාශකයන් තමන් සතු සියලුම අලුත්/පරණ පොත් තොග මෙම ස්ථානයේ ගෙනවිත් ගොඩ ගසයි. මෙය නැරඹීමට අතුරු සිදුරු නැතිව සෙනගද එයි. මීට සමගාමීව පොත් ලියන්නන් ඇගයීම සඳහා සම්මාන උළෙලක්ද පවත්වයි. පසුගිය දෙවසරක සිට මාද මේ පොත් ප්‍රදර්ශනයේ නරඹන්නෙකු හා මිලදී ගන්නෙකු බවට පත් විය. ඇත්තටම මේ පොත් ප්‍රදර්ශනය නැරඹීම දැන් විලාසිතාවක් බවට පත් වී අත.

"අපි ඊයේ ගියානේ පොත් ප්‍රදර්ශනේ බලන්න BMICH. හරියට සෙනග අනේ, කා ඒක පාර්ක් කර ගත්තෙත් හරි අමාරුවෙන්"

"අපෝ පිස්සු හැදෙනවා අපි දෙන්නයි පොඩි දෙන්නයි එලියට ආවේ මාර සටනක් දීල, හස්බන්ඩ් ගත්ත පොත් තොගේ ගෙනියන්න ලොරියක් ඕනේ. එය හරියට කියවනවා මෙයා"

"ටිකක් රෑ වෙලා ගියොත් නම් සෙනග අඩුයි"

මේ අපේ කාර්යාලයේ පසුගිය වසරක පොත් ප්‍රදර්ශනයට පසුව අසන්නට ලැබුණු සංවාදයකි. මා ඉහතින් කී වාක්‍යා වඩ-වඩාත් නිවැරදි බවට පසක් කරවන්නට මේ සංවාදය සමත් වන්නේ බොහෝ දෙනා එහි යන්නේ පොත් පිලිබඳ හෝ කියවීම පිලිබඳ දක්වන ඇල්ම හෝ කෑදර කමට නොව, ශ්‍රී ලාංකිකයන් කොයි දේටත් දක්වන තරඟකාරීත්වය නිසා බව පැහැදිලි වන නිසාය. නැත්නම් රැල්ලයි, කව්රුත් යන නිසා කැපෙන්නට බැරි නිසා යාමයි. කොල්ලන් මෙහි යන්නේ ගෙවල් වලට හිර වී සිටි කෙල්ලන් එලියට බහින විරල කාලපරිච්චේදයක් වන නිසාය. එක්-එක් අයට එක්-එක් බලාපොරොත්තු ඇත.  එහි ඒ තරම් අරුමයක් නැත. අද කොල්ලන් පන්සල් යන්නේ කෙල්ලන් දකින්නය. කෙල්ලන්ගේද වැඩි වෙනසක් නැත. පසුගිය වසර වල පවත්වන ලද පොත් ප්‍රදර්ශන හෝ සාහිත්‍ය උළෙලවල් නිසා නැත්නම් සාහිත්‍ය මාසය නිසා සිරිලක ජනතාවගේ රසඥතාව වර්ධනය වුවා යයි කාටවත් කිව හැකිද ? මගේ විශ්වාසය නම් කියවන්නෝ කියවති, නැත්තෝ ඔහේ දේශනා කරති.

කියවීම පමණක්ම ප්‍රමාණවත්ද ?


ඔබ මැක්සිම් ගෝර්කිගේ "අම්මා" කියව ඇත්දැයි ප්‍රශ්ණ කළහොත් 80% දෙනා එය කියවා ඇති බවට සහතික කරයි. එහි එන චරිත මොනවාදැයි ඔබ අසා සිටියහොත් එයට හරි උත්තරය දෙන්නට සමත් වන කී දෙනෙක් ඇත්ද ? එම කතාවෙන් කියවෙන්නේ කුමක්දැයි ඇසුවහොත් පිළිතුරු දෙන්නට සමත් කී දෙනෙක් වෙත්ද? ඔබ කියවුයේ එහි කීවන මුද්‍රණය දැයි ඇසූවොත් දෙදෙනෙක් වත් පිළිතුරු දෙයිද? ඔබට එම පොත ලැබුනේ කෙසේදැයි ප්‍රශ්ණ කළහොත් එයට උත්තර දන්නේ කීයෙන් කී දෙනාද? හොඳයි ඔය කියන ප්‍රශ්ණ ටික ඔබ ඔබෙන්ම අසා බලන්න, මමද මගෙන් අසා බැලීමි. මටද මෙහි ගොඩාක් ප්‍රශ්ණ වලට පිළිතුරු නැත. නමුත් ශාරුක් කාන්ගේ වයස කීයද ? ඔහු රඟපෑ ඇති චිත්‍රපටි ගණන කීයද ? ඔහුට ළමයි කී දෙනෙක් ඇත්ද? ඔහු අහවල් ෆිල්ම් එකේ රඟපෑ චරිතක්ය කුමද ? ඔහුට ෆිල්ම්ෆෙයාර් සම්මාන කීයක් ලැබී ඇත්දැයි මේ අයගෙන්ම ප්‍රශ්ණ කළහොත් හරි අපුරුවට උත්තර දෙනු ඇත.


එසේ වීමට හේතුව කුමක්ද ?

කෙටියෙන් පිළිතුරක් දෙනවානම් මනුෂ්‍ය ස්වභාවයයි.   ඔබගේ මතකය පොදුවේ භාවිතාවට ඇති පරිඝණකයක හාර්ඩ් ඩිස්ක් එකකට සමාන යයි මා පැවසුවොත් ඔබ මා සමග උරණ වණු ඇත. පොදුවේ භාවිතා කරන පරිඝණකයක ලෝකයේ තිබෙන සියලුම මෘදුකාංගද,  බාගත කරන ලද පින්තූර, වෙනත් වයිරස් අඩංගු මෘදුකාංග සහ මෙකී නොකී සියලුම වර්ග වලට අයිති දේ වලින් පුරවා ඇත. ඒත් මේ තිබෙන දේ වලින් ඔබ ප්‍රයෝජනයක් ගන්නවාද?, එක් වතාවක් භාවිතා කල දෙයක් නැවත ප්‍රයෝජනයට ගන්නවද? එහි තිබෙන දේවල් නිසි කළමනාකරණයකින් භාවිතා නොවේ. එයට බොහෝ දේ පිරවීමට අය උන්නත් අනවශ්‍ය දෑ ඉවත් කරන්නට කිසිවෙකු නැත. ඒ කාරණය නිසාම අත්‍ය අවශ්‍ය දෙයක්වත් ඇතුලත් කර ගැනීමට වත් ඉඩක් නැත. ඔබේ මතකයද හර්ඩ් ඩිස්ක් එකක මෙන් සීමාසහිත ඉඩ කඩක් පවතී. එය අනවශ්‍ය වල් පල වලින් පුරවා ඇත්නම්, ඔබට  අත්‍ය අවශ්‍ය දෙයක්වත් ඇතුලත් කරගැනීමට ඉඩ කඩ නැත. හාර්ඩ් ඩිස්ක් එකකට වරක් ඇතුලත් කරන ලද දේ නැති වන්නේ කලාතුරකින් වුවත්, ඔබේ මොළයේ මුලින් ඇතුලත් කලදේ කාලයත් සමග ඉන් ඉවත් වේ. අවාසනාවකට ඉන් ඉවත් වන්නේ වැදගත් දේමය. ඔබට කියවූ පොත් වල ඇති දේ අමතක වන්නේ එනිසාය. අනෙක් අතට ඔබේ මතකයේ රඳවාගෙන තිබෙන දේ ඉතා ආකර්ශනීය ලෙස ඔබන ලද දේවල්ය. උදාහරණයකට හින්දි චිත්‍රපටයක එන දේ වර්ණවත්ව ඔබේ මතකයේ ලියා ඇත්තේ ගලේ කෙටූ අකුරු මෙනි. එහෙත් ඔබ පොතක්, සඟරාවක් කියවද්දී ඔබේ හිතේ මැවෙන චිත්‍රය එය කෙතරම් කාලයක් රඳා පවතීද යන්න තීරණය කරයි. 

මගේ කියවීම 

2010 වසරේදී පමණක් මා රුපියල් පන්දාහක පොත් මිලදී ගන්නා ලද අතර ඉන් කිහිපය හැර අනෙකුත් ඒවා තාම කියවා නැත. එක පොතක් රුපියල් පන්සීයක් වුවහොත් මා අවම වශයෙන් පොත් 10ක් මිලදී ගෙන ඇත. ඒත් තවම කියවා ඇත්තේ පොත් දෙකක් හෝ තුනකි. මිලදී ගත මුල් දින කීපයේදී ඉතා උනන්දුවෙන් කියවාගෙන ගියත් පසුව ඒ උනන්දුව හීන වන්නේ ඇයිදැයි මා මගෙන්ම ප්‍රශ්ණ කරගත් වාර අනන්තය. එහෙත් පසුගිය අවුරුද්දේද මා මෙම පොත් තොගයට අලුතෙන් තවත් පොත් ගොන්නක් එකතු කරන ලද අතර ඉන් කිහිපයක් පමණක් කියවා අවසන් කර ඇත. මෙය මට පමණක් විශේෂ තත්වයක් නොවේ.

හේතුව කුමක්ද ?

මෑත දිනකදී මගේ මතකය කුඩා කල අපගේ කියවීම් වෙත ඇදගෙන ගියේ නව බ්ලොග් පොස්ට් එකක් ලියන අතරතුරදීය.  කුඩා කාලයේ කඩයකින් ගෙන එන කඩදාසි ගොට්ට ලිහා කියවීමේ විනෝදාංශයක් අප අතර විය. ඒ ආකාරයෙන්ම කිසියම් මුද්‍රණයක් තිබෙන ඕනෑම කඩදාසි කවරයක් ගැලව බැලීමද අපගේතවත් පුරුද්දකි. අපට එකල තිබු එකම සන්නිවේදන හෝ සාහිත්‍ය මාධ්‍ය වුයේ කියවීමය. එහෙත් මුද්‍රිත මාධ්‍ය කියවීම හැරෙන්නට වෙනත් විකල්පයක් අප සතුව නොවිනි. එකල නොමිලයේ ලබා දෙන පාසල් පොත් නිවාඩු කාලය අවසන් වන්නට මත්තෙන් කියවා නිම කිරීම මගේ පුරුද්දය. මීට අමතරව නිවාස අසල පත්තර බෙදා හරින ඒජන්සියට ගොස් එහි තිබෙන බහුතරක් පත්තර කියවන්නට ඇබ්බැහි වී සිටියා මට මතකය. ඇත්තටම මේ ආභාෂය මට ලැබුනේ මගේ පියාගෙනි. බොහෝ දිනවල පියාත් මමත් දෙදෙනාම මේ පත්තර බැලිල්ලට යන්නේ එකටය. පසුව පුස්තකාල වල පොත්ද. මිතුරන්ගේ නිවසේ තිබෙන පොත්ද කියවීමට අවස්ථාව ලැබිණි. 

එකල අපගේ ජනප්‍රියම පත්තර වූවේ චිත්‍රකතා පත්තරය. සිත්තර, සතුට (පසුව මධුර) පත්තර දෙක නිති පතා ගන්නා ගෙවල් වලට ගොස ඉන් කොටසක් ඉල්ලගෙන කියවන්නට අප දින ගැන ගැන උන් ආකාරය තවමත් සිහි වේ. සමහර විට මේවා බලන්නට ගොස් අඩ්දබර ඇති වන අවස්ථාද විය. කුඩා කල මා මේ පත්තර වලට කෙතරම් ඇබ්බැහි වී සිටියද කියන්නට මා එකල මුහුණ දුන් ඇබැද්දියක් කදිමට සාක්ෂි සපයයි

එදා අපේ ගෙදරට ඉදිරපස නිවසේ බණක් කියන දිනයකි. එයට වැඩම කර තිබුණේ ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ බෙන්තොට උඩ කොටුව විහාරයේ විහාරාධිපති බෙන්තොට සෝමසිරි හිමියන්ය. බණ අතර ඇති ගිලන්පස විවේකයේදී උන් වහන්සේ ගිලන්පස ගන්නා අතර සාක්කුවේ තිබු සිත්තර පත්තර කැල්ල අතට ගෙන කියවන්නට පටන් ගතිමි. මෙය දුටු සෝමසිරි ස්වාමීන් වහන්සේ මට අමතක නොවන දේශනාවක් කරන ලදී.

"ඉස්කෝලේ මහත්තයාගේ පුතා, ඔය චිත්‍ර කතා කියවිල්ල නම් එච්චර හොඳ එකක් නෙවයි. මම දැක්ක දවස් කීපයක්ම අපේ  සාමණේර හාමුදුර්වන්ගෙන් පත්තර ඉල්ලගෙන යනවා. ඕවාට ඇබ්බැහි වුන අය අධ්‍යාපනේ කඩාකප්පල් කර ගත්ත. මම මේ වගේ දුන්න අවවාද පිළිපැද්දේ නැති කීප දෙනෙක්ම දැන් නොමග ගිහින් තියෙනවා. ඒ නිසා අඩ ඉඳල ඔය පත්තර බැලිල්ල නැත කරන්න ඕනා. මට පෙන්න ආයේ පන්සල පැත්තේ එනවා එහෙම නෙවෙයි ඔය චිත්‍රකතා පත්තර ගෙනියන්න". [එතකොට සාමණේර කට්ටියට මේවා හොඳයි. :p]

ඇයි මෙහෙම වුනේ ?

හොඳයි දැන් අපට කියවීම මේ හැටි එපා වන්නට හේතු සොයා බලමු.  ඇත්තටම අපට කියවීම එපා වී නැත. තිබෙන ප්‍රශ්ණය කියවීමට කාලයක් නැති වීම හා කියවන්නට තිබෙන දේ බහුල වීමයි. කාලය නොමැති වී තිබෙන්නේ අපට කරන්න තිබෙන වෙනත් කටයුතු නිසාය. අප දවසේ වැඩිපුරම කාලය ගෙවා දමන්නේ රූපවාහිනිය සහ අන්තර්ජාලය ඉදිරියේය. ඇත්තටම අන්තර්ජාලය යනු සියළු දේ එකතැන් වූ කප්රුකක් වැනි තැනක්ය. එයටකප්රුකක් යයි කීම ගැලපෙන්නේ නැත. කුණු ගොඩක් යයි කීම වඩාත් ගැලපේ. මෙය අවශ්‍ය දේ හා අනවශ්‍ය සියළු දේ ඇත. කියවන්න අවශ්‍ය ඕනෑම දෙයක්. සමහර පොත් පවා අන්තර්ජාලය සපයයි. ඉතින් කුමකටද මුද්‍රිත මාධ්‍යක් ? 

අනෙක තිබෙන පත්තර ප්‍රමාණය, සඟරා, නොමිලයේ ලබා දෙන පත්‍රිකා, අතිරේක එක සතියකදී අපගේ නිවසේ කොතරම ගොඩගසේනවාද ?  එක් සති අන්තයක  මිලදී ගන්නා පත්තර මාසයක් පමණ කියවන්නට ප්‍රමාණවත්ය.    එසේනම තිබෙන සම්පත් ප්‍රමාණයේ අතිරික්තය මේ ගැටලුවට ප්‍රධාන හේතුව බව දැන් පැහැදිලිය. ඇත්තටම අප අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ ගොඩ ගසා ගන්නා නිසා කියවන්නට වෙන් කරන කාලය වැදගත් යමක් වෙනුවෙන් මිඩංගු කිරීමට නොහැක්කේද මේ "කුණු අතිරික්තය" නිසාය. අප බ්ලොග් කියවීමට ඇබ්බැහි වී තිබෙන්නේද එයට ලඟා වීමේ පහසුව හා සමහර පත්තර ලිපි වලට වඩා ඒවා සාරවත් මෙන්ම සරල ඒවා බැවිනි. අනෙක දැන් ජංගම දුරකථනයේ සිට අයිපෑඩ්ය දක්වා සියලුම උපකරණ කියවීමේ මධ්‍යා බවට පත් වී ඇත. කෙටි පණිවුඩ මගින්ද සියලුම ප්‍රවෘති ඔබ වෙත ලඟා වේ. මේවා කියවා හෙම්බත් වූ පසු වැදගත් දෙයක් කියවීමට හිත එකලස් කර ගැනීමට නොහැක. මන්ද මේ වනවිටත් ඔබගේ මොලය මෙකී-නොකී ආරළු-බුරළු වලින් හෙම්බත් වී හමාර බැවිනි.

පොත් පත් කෙතරම් මිලදී ගත්තද, ඒවා කියවන්නට වෙලාවක් නැත්නම් ඇති පළේ කුමක්ද ? අවම වශයෙන් මසකට ඒක පොතක් වත් කියවන්න හැකි නම් කෙතරම් අගනේද ? අප නැවතත් කැරකී ආ යුත්තේ මෙතනට නොවේද? එසේනම බ්ලොග් කියවන ඔබ සැමගෙන් මා ඉල්ලන්නේ සාරවත් යමක් කියවන්නට කාලයක් වෙන් කර ගන්නා ලෙසයි. ඔබේ දරුවා පොත් පත් කියවන්නට යොමු කරවන්න. එය යහපත් හෙට දවසක් වෙනුවෙන් කරනා ආයෝජනයක් වනු ඇත. 

පින්තුරය ගත්තේ : http://www.freyawest.com


Wednesday, September 5, 2012

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආධුනික සෙබලා(Rookie) - අකිල ධනංජය

ක්‍රීක්-ඉන්ෆෝ වෙබ් අඩවියෙහි පලවූ

Rookies, vets, and the forever unfulfilled 

Rookies, vets, and the forever unfulfilled More players who have the potential to catch your eye at the World Twenty20 Andrew Fernando, Firdose Moonda, Abhishek Purohit, Andrew McGlashan, Umar Farooq September 5, 2012

ලිපිය ඇසුරෙනි.
Akila Dananjaya celebrates one of his three wickets, Nagenahira Nagas v Wayamba United, SLPL, Pallekele, August 20, 2012

තවමත් 18 වියේ පසුවන දඟපන්දු යවන ක්‍රීඩක අමිල ධනංජය තිස්දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කරන විට ඔහු කිසිදු වෘත්තීය තරගයකට සහභාගී වී තිබුණේ නෑ. විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායමට නම් කරන විටත් ඔහු ක්‍රීඩා කර තිබෙන්නේ දේශීය විස්සයි20 තරගාවලිය වන එස්.එල්.පී.එල්. තරග හතරකට පමණි. ජාතික කණ්ඩායම තුලට ඔහුගේ වේගවත් ආගමනය දේශපාලන බලපෑමක් මත සිදු වූවක් බොහෝ දෙනා කල චෝදනාවක් වුවත්, හඳුනා ගැනීමේ දුර්වලතා නිසා ඔහු මග හැරී ඇත. නමුත් සත්‍ය වන්නේ ඔහුද ඕනෑම තරුණ ක්‍රීඩකයෙක් සිටින සිහින ලොව ජීවත් වීමයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් පුහුණුවීම් සැසියක  පන්දු යවන්නෙක් ලෙස ඔහු යොදාගන්නවිට, ධනංජය ක්‍රීඩා කරමින් සිටියේ තුන් වන කොටසේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසය. එම පුහුණු සැසියේදී ශ්‍රී ලංකා නායකයා සහ පුහුණුකරු වන ග්‍රැහැම් ෆෝර්ඩ්  දෙපල විශ්මයාට පත් කරන්නට ඔහුට හැකි විය. ධනංජයව සංචිතය වෙත සීග්‍ර-පථයෙන්(Fast-Track) ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබුනා. ඉන් අණතුරුව, එස්.එල්.පී.එල්. හී ස්ථානයක් දිනා ගන්නා ඔහු ඒ තුල දක්වන දක්ෂතා පදනම් කරගෙන් පළමු 15 දෙනාගේ කණ්ඩායමේ ස්ථානයක් සහතික කර ගන්නේ එස්.එල්.පී.එල්. හිදී කඩුළු නවයක් 6.36 ක් පමණක් ඕවරයකට ලබා දෙමින්.

ධනංජය තුලින් ප්‍රකට වන ප්‍රධානතම කුසලතාව වන්නේ එකිනෙකට වෙනස් ආකාර පහක  පන්දු, පුළුල් පරාසයක් තුල යොමු කිරීමේ හැකියාවයි.ඔහුගේ සාමාන්‍ය පන්දු යැවීමේ ශෛලීය වන්නේ පිට දඟ පන්දුවයි එහෙත් ඔහු දුස්රා සහ කැරම් පන්දුව වාගේම ගුග්ලි සහ පා දඟ පන්දුවද යවයි. මෙම විවිදත්වයටත් ඔහු ප්‍රදර්ශනය කරන වඩාත් සිත්ගන්නා ලක්ෂණය වන්නේ නොබියව පන්දුව ගුවනට මුසු කිරීම, පන්දුව බෑවුම සහ හැරවුම සඳහා කරන කැපවීමයි. මෙවැනි ඉහල තලයකදී ඔහු පෙන්වන තැන්පත් කම, ඔහුට හුරු ක්‍රීඩා මට්ටමට වඩාත් දිරි ගන්වනක්. එනමුත්  ඔහුගේ මේ තැන්පත් බව අන්තර්ජාතික මට්ටමේදී ප්‍රහාරයන්ට ලක් වන විට පත්වා ගන්න ඔහුට ඉතා මහන්සි වන්නට සිදු වනවා. 

විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේදී දුර්ලභ පන්දු යවන්නන් සාර්ථක වීමේ නැඹුරුවක් පවතිනවා, මෙන්ම නියතවශයෙන්ම, කෙටිකාලීනව ශ්‍රී ලංකාවට  අවශ්‍ය වනවා ධනංජය හා විවිධත්වය බහුලව ඇති අජන්ත මෙන්ඩිස් අතර බැරෑරුම් (පට්ට) සම්බඳතාවක්. මෙම පන්දු යවන්නන් දෙදෙනාම කියවීමට අපහසු පන්දු යවන්නන්, එහෙත් පිතිකරුවන් විශාල පහරවල් වලට යාමට බලාපොරොත්තු වන විටක ඔවුන් නිර්මාණය කරන දෙගිඩියාව විශාල වාසියක් වනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා එකතුව පන්දු යැවුවහොත් එම වාසිය තවත් තීව්ර වනවා. එස්.එල්.පී.එල්. හී ඔහු දක්වන ලද විශිෂ්ටත්වය නොවන්නට,  ධනංජය යනු තවමත් (මහේලට) කල හැකි සුදුවකි, ධනංජය අසාර්ථක වුවහොත් ඔහුගේ අත්දැකීම් සලකා බැලීමේදී තේරුම් කමිටුව කිසි විටෙකත් පසුබට වන්නේ නෑ රංගන හේරත් ඔහු වෙනුවට යොදවා ගන්නට. 

ධනජයගේ එස්.එල්.පී.එල්. හොඳම පන්දු යැවීම වාර්තා වන්නේ වේග පන්දු යවන්නට හිතකර , අවසානයේදී අනු-ශුරයන් වූ නැගෙනහිර නාගාස් කණ්ඩායමට එරෙහිවය. එහිදී ඇන්ජලෝ මැතිව්ස්ව පන්දුව ගුවනට මුසු කිරීමට හසු කර ගන්නේ,  ගුවනේදී ගිල්වන පිට දඟ පන්දුවෙන් සිදු කරන දඟකවීම අවසානයේ ඔහුගේ පිට ඉන්නේ වැදීමට සැලසීමෙනි. සරෝජ් පතිරණව ඔහු දවා ගන්නේ මිඩ්-විකට අන්තයට එල්ල කරන්නට තැත් කරන හයේ පහර ලෝන්ග්-ඕෆ් කළාපයට උඩ පන්දුවක් ලෙස යාමෙනි. එවිට් පන්දුව දඟකවෙන්නේ අපේක්ෂා කල දිසාවට විරුද්ද දිශාවටය. ස්කොයර්-ලෙග් හතරේ සීමාවට  යන උඩ පන්දුවකින් ධනංජය තම තෙවන ගොදුර ලබා ගනී. කැමරන් අක්මාල් අතින් ගිලිහුණු ස්ටම්ප් කිරීමේ අවස්ථාව සැපුරුවානම් ඔහු එම තරගය අවසන් කරන්නේ ලකුණු දහ-අටකට කඩුලු හතරක් වශයෙනි.

හැම කෙනෙකුම වාගේ තමාගේ නම සංචිතයට ඇතුලත් වූ බව පුවත් වෙබ් අඩවියක  දුටු බවට තම මිතුරකු පැවසූ විට ධනංජය විශ්මයට පත් වී තිබෙනවා. 
ඔහු ක්‍රීඩා කල එස්.එල්.පී.එල්. තරග හයෙන් ප්‍රථම තරගයේ පමණක් කඩුලු නොමැතිව අවසක් කර තිබෙනවා. 

අවසානයේදී ඔහු කල ඉතා වැදගත් ප්‍රකාශය මෙහි සඳහන් කිරීම වටිනවා

"මා කිසිවකු අනුකරණය කලේ නෑ, එහෙත් මගේ වීරයා මුත්තයියා මුරලිදරන්.  කුඩා කාලයේ සිට ඔහු පන්දු යවන ආකාරය මා දැක තිබෙනවා. ඔහුගේ පන්දු යැවීම සමග සංසන්දනය කර මගේ පන්දු යැවීම නිවැරදි කරගෙන තිබෙනවා"





Monday, September 3, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 18 - ලීටර් 12 ඔටුවා

ඔටුවා කියන්න පුදුම පවක් ගෙවන සතෙක්. එහෙම හිතෙන්නේ මේ ලඟදි දැක්ක ඔටුවෙක් මරණ අරාබි වීඩියෝව දැකල පමණක් නොවෙයි. කාන්තාරයේ උපදින්න, අනිත් මිනිසුන්ගේ බර අදින්න. විශේෂයෙන්ම අරාබි කාරයෝ වගේ අණක්-ගුණක් නැති මිනිසුන් අතරේ ඉපදෙන්නේ එහෙමත් කරුමයක් කරපු කෙනෙක් තමයි. මේ ලඟදි දැක්ක ඔටු බුරියානි එකකුත් තනි ඔටුවෙක් රෝස කරලා දාල හදපු.  ඒ කතා කොයි හැටි වුනත් මේක කෙටිම කෙටි ලොල් කතාවක් නිසා වැඩිය අටුවා-ටීකා නැතුව ඇත්ත කතාන්දරය කියන්නම්.

ඔටුවා කියන්නේ කාන්තාර සත්වයෙක්. ඔටුවගේ විශේෂය තමයි සති ගානක් වතුර නැතිව ජීවත් වෙන්න පුළුවන් එක. බොහෝ දෙනෙක් උගේ පිටේ තියෙන මොල්ලියේ තියෙන්නේ වතුර කිව්වට, එකේ තියෙන්නේ තෙල් නිධියක්. තෙල් නිධියක් කියන්නේ අරාබියේ තියෙන තෙල් ලිඳක් නොවෙයි, අර කොලෙස්ටරෝල් වගේ ජාතිය. 

මගේ එක්තාර යාලුවෙක් බොහොම අමාරුවෙන් ඔටුවන් හතර පස් දෙනෙක් අතර වෙච්ච සකාච්චවක් පටිගත කර ගන්න සමත් වෙලා. දැන් අහන්න එපා ඔටුවෝ කතා කරන්නේ අරාබිද, සිංහලද, උර්දුද කියල. එහෙනම් ඊට කලින් අහන්න ඕනේ අර ආවේස වෙන අය දෙමළෙන් කතා කරන්නේ ඇයි කියල.  එක්තරා ඔටු යාඩ් එකක ඉන්න ඔටුවන්ගෙන් එක විශේෂ ඔටුවෙක් ඉන්නවා ඌට ලීටර් 12ක් වතුර බොන්න පුළුවන්.  මොකක්ද ගොඩක් වතුර බොන්න පුළුවන් එකේ වැදගත් කම ? ගොඩක් බොන්න පුළුවන් එකාට ගොඩක් දවස් කාන්තාරේ ඉන්න පුළුවන්. හරියට ගොඩක් පෙට්‍රල් ගහන්න පුළුවන් ටැංකියක් වගේ. ඉතිං එතන ඉන්න අනිත් කිසිම ඔටුවෙකුට ඒ කිට්ටුවට එන්න බොන්න බෑ. 12ක් ට්‍රයි කරන්න ගිහින් අනිත් ඔටුවෝ ඇනගත් වාර අනන්තයි. ඔක්කොම ඉන්නේ ලීටර් 6 සිට 10 දක්වා බොන අය. ඉතිං අර ඔටුවාට මාර ඉල්ලුමක් තියෙන්නේ. අයිතිකාරයාගේ කල්ල මරේ.  එකක් ඉවර වෙනකොට එකක් ටුවර්. අනිත් අයිතිකාරයන්ටත් මේකට හෙන මල. හැබැයි අර ලීටර් 12 ඔටුවගේ අයිති කාරය ඒ ඔටුවව බොහොම පරිස්සම් කරා.

සිංහලට පරිවර්තනය කල(බොහොම අමාරුවෙන් - ඔටු ඩික්ෂනරිය ආශ්‍රයෙන්) ඒ ඔටු සාකච්ඡාව මෙන්න.

ඩබල් මොල්ලියා(පළමු ඔටුවා) : මම මේ උඹගෙන් අහන්නම කියල හිටියේ මට බොන්න පුළුවන් ලීටර් 8යි, එතකොට කකුල් නොන්ඩියාට (තවත් ඔටුවෙක්) බොන්න පුළුවන් ලීටර් 7යි,  අර බෙල්ලේ මයිල්ට බොන්න පුළුවන් ලීටර් 10ක්, උඹ කොහොමද ලීටර් දොළහක් බොන්නේ ?

කල්දේරමා(ලීටර් 12 ඔටුවා) : අනේ බං ඩබලෝ, මම සසර කලකිරිලා ඉන්නේ, අපේ මේ අයිතිකාරය කරන නරුම වැඩේට, මටත් බොන්න පුළුවන් ලීටර් අටයි.

නොන්ඩියා(තෙවන ඔටුවා) : හෑක් ! මොකක් ? උඹටත් පුළුවන් අටයි, එතකොට උඹ කොහොමද ලීටර් අටක් බීලා සති දෙකක් ඉන්නේ ?

බෙල්ලේ මයිල් (සිව්වන ඔටුවා) : මට නිකමට හිතුනා, මේක උඹලගේ අයිතිකාරයාගේ ටොම් පචයක් කියල. අපිත් ඔටුවොනේ, ඔටුවෙක් කොහොමද ලීටර් 10කට වඩා වතුර බොන්නේ ? 

කල්දේරමා(ලීටර් 12 ඔටුවා) : නැ මචං, මම කිව්වේ සසර කල කිරිල ඉන්නේ කියල. අපේ අයිතිකාරයා ලීටර් 15ක් විතර ටැංකියට පුරවලා, මම බීගෙන බීගෙන ගිහින් ඇති වෙනකොට වගේ වෙලාවට, ගඩොල් කැට දෙකක් අරගෙන මගේ ඇ* දෙකට ගහනවා. එතකොට මට එක පාරටම හුඋහ්ක් (^%^&*$#) ගෑවෙනවා. එහෙම හුඋහ්ක් ගෑවුනාම තමයි ඉතුරු ලීටර් හතර ඇතුලට යන්නේ. දවස් ගානක්ම ඉස්පොල්ලෙත් ගියා.

අවවාදයයි : අවිවාහක කාන්තාවන්ට තේරුම් ගැනීමට අපහසු විය හැක.

පින්තුරය ගත්තේ : michaelweening.com 


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...