Saturday, December 29, 2012

ලාවට එක දෙක වෙච්ච වෙලාවල් ......

සිංහලෙන් බ්ලොග් ලියන කියවන අය අතරේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයා නොහොත්  බුද්ධි නොමැකෙන සටහනක් තිබ්බ කියන එකයි මගේ විශ්වාසය. බුද්ධිගේ විශේෂය වුනේ චිත්‍ර ඇඳීමේ කෞශල්‍යය පමණක්ම නොවේ. ඔහුගේ නිර්මාණශීලී රචනා කලාවත් ඊට ඉවහල් වුණා. මට හිතෙන්නේ නම් මම මාර අවසානවාවන්තයෙක් කියලා. මොකද මගේ සිංහල බ්ලොග් කෙරුවාවේ වයස අවරුද්දකට කිට්ටු නිසා. මුල ඉඳලම මේ කෙරුවාවට සහභාගී වෙන්න ලැබුණානම් හොඳයි කියලයි නිතරම හිත වද දෙන්නේ. 1998 විතර ඉඳලා අන්තර්ජාලයේ සැරිසරලත් සිංහල බ්ලොග් ලෝකෙට කඩා වැටෙන්න 2011 වෙනකම්ම ඉන්න වුණා. 

බුද්ධි තියලා ගිය මතක සටහන කාගේත් හිත් වල නොමැකී තිබේවි. එහෙත් ඒ අඩුව මකන්න කව්රුන් හෝ ඉදිරිපත් විය යුතුයි. ආයි ඉතිං අපට ඒ වගේ සිත්තරෙක් හමු වෙන එකක් නෑ කියල හිත හිත ඉන්නකොට, යන්තම් හරි ඒ අඩුව පුරවන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක් මේ දවස් වල යාන්තමට හිස ඔසවාගෙන එනවා. කොපි කිරීම ඒ හැටි හොඳ දෙයක් නොවේ කියා ඔබ කියාවි. ඒත් මහ වැසි තිබුන තැනකට පොද වැස්සක් වත් නැත්නම් කිසිම ගතියක් නෑ. හැබැයි පොද වැස්ස වැටෙද්දී මහ වැස්ස තිබුණා නම් කිය කියා ඉන්න එකේ තේරුමකුත් නෑ. බුද්ධි ආයෙත් බ්ලොග් ලියන්න හෝ සිත්තර නිර්මාණ ඉදිරිපත් නොකර ඉන්න ගත්ත තීරණය අපිට වෙනස් කරන්න බෑ. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්. සමහරවිට කෙනෙක් සැක කරන්න පුළුවන් මේ ලෝක විනාශ කතාව නිසා ඇති වුන කලකිරුණු හිත නිසා බුද්ධි ඒ වගේ තීරණයක් ගන්න ඇති කියලා. 

මං මේ වටරවුමක් කියාගෙන ආවේ කා ගැනද කියලා මේ වෙනකොටත් ඔබට දළ අදහසක් ඇති. ඔව් ඔබ හිතුව ඇති මාත් මේ කියන්න හදන්නේ අවතාර් ගැන. දෙදෙනෙක් සංසන්දනය කියන්නේ මහා මෝඩ වැඩක්. මේ ලෝකයේ 100% සමාන දෙදෙනෙක් නෑ. එහෙම වෙන්නෙත් නෑ. සමහරවිට නිවුන්නු එහෙමෙ වෙයි කියල ඔබ කිව්වොත් සමහර නිවුන්නු ඉන්නවා පෙනුමෙන් වත් සමාන නැති. අවතාර් ගැන මේ තරම් ගුණ වරුනාවක් ගහන්නේ එයාගේ බ්ලොග් එකේ මගේ පොස්ට් එකක් ගැන ඇඳපු සිත්තරේ කියල ඔබ කියාවි. ඔහු පවත්වපු තරගයේ ජයක් ලැබුණ නිසා ටිකක් සුදු හුණු පාරක් ගානවා කියල ඔබ හිතාවි. ඔව් ඒක එහෙම කියල හිතා ගන්නකෝ. හැබැයි මට කියන්න ඕන මේක නෙවේ. 

අවතාර් මේ පවත්වපු ප්‍රශ්ණ විචාරාත්මක තරගයේ එක් පියවරක ජය ගන්න මට ලැබුණ එක මහා ලොකු අරුමයක් විදියට මම සලකන්නේ නෑ. ඒත් කාලෙකට පස්සේ තමයි එක-දෙක වගේ තැනක් ලැබුණේ. මේක සම ජයග්‍රහණයක්. මටත් සයුරිටත් සම ජයග්‍රහණ තමයි මෙතන දීලා තියෙන්නේ. එකෙන් වුනේ මගේ මතකයේ සදාකාලිකව සැඟවෙන්න තිබුන එහෙත් ඉඳහිට මතක් වෙන කතාවක් එලියට ආපු එක. මේක එක්තරා විදියකට තවත් අඳුරු යුගයේ මතක සටහනක්.

ඒ 1989 වර්ෂය, අපේ උසස් පෙළ ප්‍රතිපල අනුව, මට හිමි වෙලා තිබුණ තැන වැඩියක් බර වෙලා තිබුනේ සරසවි වරම් නොලැබෙන පැත්තට. ඒත් සමහරු ඒ කාලේ කාලකන්ණි බලාපොරොත්තුවකින් හිටියා. මෙහි සඳහන් කරන්නවත් වටින්නේ නැති වුනත්, ඔබගේ දැන ගැනීමට එය සටහන් කරන්නම්. සමහර අවස්ථාවාදීන් තේරුණ කෙනෙක් ඒ කාලේ තිබ්බ වාතාවරණය යටතේ මරණයට පත් වෙලා තමන්ට අවස්ථාව පෑදෙයි කියන අර කලින් කිව්වා කාලකන්ණි බලාපොරොත්තුවෙන් හිටියා කියන එක බොරුවක් නොවේ කියල ඔබට පිලි ගන්න වෙන්නේ පාසලට ළමයි ඇතුලත් කරන්න ගිය විට තිබෙන සටන් දැක්කාම. එහෙම ගොඩ ගිය අයත් ඉන්නවා. ඒත් ඒ වගේ අවස්ථාවකින් මට කැම්පස් යන්න නොලැබුණ එක ගැන අදටත් මගේ හිතේ කහටක් නෑ. ඒ කාලේ එහෙම හිතපු අයට නොතේරුන දෙයක් මට තේරුණා, ඒ තමයි අපි වගේම තවත් එකෙක් ගැන නේද අපි එහෙම හිතන්නේ කියන එක. ඒ තරුණයාගේ අම්මට ඔහු ලෝකයේ ඉන්න හොඳම පුතා. අන්න එහෙම හිතුවොත් නම් ඒ වගේ අවලං සිතුවිලි කෙනෙක්ගේ හිතට එන්නේ නෑ.

මම ඒ කාලේ වෙනකොට රැකියාවක් කරනවා. මා ඒ වෙත්දී දක්වපු ක්‍රීඩා කෞශල්‍යට පිහිට වෙන්න. අපේ පන්තියේ හිටිය විසි ගාණක් දෙනා අතරෙන් මුලින්ම රැකියාවක් කල කෙනා මම. ඒ අතිනුන් ඔන්න මම එක. මෙහෙම රැකියාවකට ගොස් ඉන්න අතරේ, අපි අතරේ අර තරුණ ව්‍යාපාරයට යොමු වෙච්ච අය, තමන් ක්‍රියාකාරී වූ පැති වල ඉඳල මට දුරකථන ඇමතුම් දෙන එකටමනම් මම හිටියේ පොඩ්ඩක් වත් කැමැත්තකින් නොවේ. මොකද එය ඒ කාලේ මරණයට අත වැනීමක් වගේ හින්දා. මම හරියටම දන්නේ නෑ ඔහු තවමත් ජීවතුන් අතරද කියලා. මගෙත් එක්ක පාසල් බස් රථයේ ගිය මිතුරෙක් තමයි නලීන්. උසස් පෙළ හදාරන්න කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. පාසල් බස් රථයේ මිතු දම අනිත් හැම එකකටමත් වඩා ලොකු වුන ඒ කාලේ, විභාගයෙන් පස්සේ හම්බ වෙන මිතුරන් අතරේ තමන් දැන් කරන දේවල් ගැන අදහස් හුවමාරු වෙච්ච වෙලාවක තමයි නලීන්ට මම ඒ කාලේ වැඩ කරපු බෙන්තොට බීච් හෝටලයේ අංකය ලබා දුන්නේ. 

"උඹ කොහෙන්ද කෝල් කරන්නේ?" මම විමතියෙන් ඇහුවේ, ඒ කාලේ දුරකථන කියන්නේ සුඛෝපබෝගී සම්පතක් වෙලා තිබුණු හින්දා. ගෙදරක ටෙලිෆෝන් තියෙනවා නම් එහෙමත් කෙනෙකුට තමයි. කොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් ධල කාරයන්ට තමයි ඒ කාලේ දුරකථන පහසුකම් තිබුනේ. 

"හරි මම කෝල් කරන්නනම්කෝ" ඒ නලීන්ගේ පිළිතුර. මමත් වැඩි විස්තර අහන්න ගියේ නැත්තේ අපි දෙදෙනා අතර මහ ලොකු සම්බන්ධයක් නොතිබුන නිසා. ඒත් ඒ යුගයේ දවසක රාත්‍රී අටට පමණ මට දුරකථන ඇමතුමක ආවා නලීන්ගෙන්.

"මචං මම නලියා"

"ආහ් ! උඹ කොහොමද කතා කරන්නේ"

"ඒවා සුළු දේවල්" එහෙම කිව්වට නලින් කතා කරන්නේ රහසින් වගේ. මොකක් හරි හොරයක් ඇති.

"උඹ කොහෙද ඉන්නේ" 

"මම ඉන්නේ මීගමුවේ. අපි මේ දවස් වල මිනිස්සු හම්බ වෙන්න යනවා තුවක්කුත් අරන්" එහෙම කියත්දී මට නිකන් කලන්තයක් වගේ ආවා.

"මො .... කා....ක් .... අයි කියපන්"

"යකෝ අපි T56 අරගෙන යනවා. ගිහින් මිනිස්සුන්න්ගේ පපුවට තියල ප්‍රශ්ණ කරනවා. සමහරු එහෙමම කලන්තේ දාල වැටෙනවා. අපිට උවමනා සල්ලියි ආයුධයි. තිබුනොත් අර ගන්නවා. දඟලන අයට උත්තර දෙනවා"

මේ කතාව අහගෙන ඉන්න මගේ අත-පය ගැහෙන්න පටන් ගත්තා.

"මේ මම යනවා පස්සේ කතා කරන්නම්" හදිසියෙන්ම කියාගෙන නලිනය දුරකථනය විසන්ධි කළා. මං අතේ තිබ්බ රිසීවරය මුණ ඉදිරියට ගෙනත් බලල නැවතත් කණට තියලා ආපහු තිබ්බ නෙවෙයි තියවුනා. ළඟ තිබ්බ පුටුවේ වාඩි වුනා නෙවෙයි. පුටුවට වැටුනා. මොකද මල්ලී කියල රොහාන් අයියා අහද්දී මම දුවලා දුවල ගිහින් කෙලින්ම නැවතුනේ නාන කාමරයේ.

හෙට ජයවික්‍රමය හම්බ වුණාම මේ ගැන කතා කරගන්න හිතේ තියාගෙන මගේ රාජකාරියට හිත යොමු කළා. ඒත් හිත යන්නෙම නලීනය කියපු කතාවට. මේ යකා මට ආයි කතා කරයිද ? මගේ නම ලියපු කොලය හමුදාවට අහු වුනොත් මටත් දෙවි පිහිටයි. හෙට ජයවික්‍රමයා අහු වුණාම අහල බල්ලන හිතේ තියාගෙන වැඩේට හිත යෙදෙව්වා. 

මම සාමාන්‍යයෙන් උදේ හතට සේවයට වාර්තා කරන්න නියමිත වුනත්, රොහාන් අයියාව දැනුවත් කරලා එදා උදේ වැඩට නොයා ඉන්න තීරණය කලේ ජයවික්‍රමයාගේ මල කරදරේට. ආයි ඒ ලෙවල් කරන්නේ නෑ කියලා ඉන්න මට ඊයේ හම්බ වෙලා ජයවික්‍රමයා කලේ පුදුම කරදරයක්.

"මචං අපිට වගේ නෙවේ උඹට හොඳට වැඩ පුළුවන් එකේ, මේකට ඇවිල්ල පලයන්"

"මේ මම අයි ඒ ලෙවල් නොකරන්නයි හිතාගෙන ඉන්නේ"

"ඒ මොකද? උඹ නොකලා කියලා විභාග තියන එක නවත්වන එකක් නෑ"

"මට විභාග තිව්වත් එකයි, නැතත් එකයි. මම කිව්වනේ මම ආයි ඒ ලෙවල් කරන්නේ නෑ"

"ඒ මොකද? කිසිම විශේෂ හේතුවක් නෑනේ. ප්‍රජා රේණුක සාර පොරොන්දු වෙලා තියෙනවා, රිවිෂන් ක්ලාස් එකේ මුල දවසේ ගණන් දෙකක් දෙනවා, ඒකට වැඩිම ගන්න කෙනා දුප්පත් වුනත් පෝසත් වුනාට වැඩක් නෑ. ෆ්‍රී කාඩ් එකක් දෙනවා" කියල.

"ඉතිං මට මොකෝ. මම කිව්වනේ හිටපන්කෝ කරදර නොකර"

මෙහෙම කියත්දී ජයවික්‍රමගේ හිනා මුහුණ අඳුරු වෙලා යනවා දැක්කහම මට පොඩි දුකක් ඇති වුනා. 

"හරි මම හෙට විතරක් එනවා එහෙනං. හැබැයි මට දිගටම එන්න කියල නම් කතා කරන්න එපා"

ජයවික්‍රමයාගේ මුණේ තිබ්බ ශෝකය කොහෙන් ගියාද නෑ. ආයෙත් පුරුදු විදියට හිනාවෙන් පිරුණා. ජයවික්‍රමයි මමයි  අතරේ කිසිම රහසක් තිබුනේ නෑ. මට සිද්දිය වෙන විදිය අයන්න අයන්නේ ඉඳල පැහැදිලි කළා

"උඹ ඇවිත් අර විභාගේ ලියල ෆ්‍රී කාඩ් එක අරන් දීපන්. ඊට පස්සේ එන්න ඕනෑ නෑ. දැන් සල්ලි අත ගාලා උඹට අධ්‍යාපනය කරන්න හිතෙන්නේ නෑ." මේකගේ කතාව හරියට අධ්‍යාපන ඇමතිගේ වගේනේ මට මොහොතකට හිතුනා.

මම පොරොන්දු වුන විදියට උදේ හතට අලුත්ගම බස් ස්ටෑන්ඩ් එකට ගියා. මම යනකොටත් ජයවික්‍රමයා ඇවිත්. 

"මම බස් එකේ එත්දී දැක්ක උඹ පාලම උඩ එනවා"

"මූ හිතාගෙන ඉඳලා තියෙන්නේ මම එන එකක් නෑ කියලා" මට එහෙම හිතුණා. දෙන්නත් එක්ක කතා කර කර ගිහින් අන්තිමට හතාමාර වෙත්දී පන්තිය තියෙන තැනට ආවා.  හරියටම කියනවනම්  කළුතර බාලිකාව පිටිපස්සේ තියෙන පුද්ගලික පන්තිය.

"බලපන් ඉන්න සෙනග. මේ හැමෝම ට්‍රයි කරන්නේ ෆ්‍රී කාඩ් ගන්න"

"උඹ දැන් හිතන් ඉන්නේ උඹටයි මටයි හම්බ වෙයි කියලනේ ? බලාගෙන හිටපං. බලපන් මට තාම නිදිත් මතයි"

"හරි හරි වරෙන් අපි මොනවා හරි කන්න" අපි දෙන්න කැන්ටිමට ගිහින් උදේට කෑවා. යන්තමට අට වෙත්දී ඇතුලට ගියා. එදා කාඩ් බැලුවේ නැති නිසා මමත් නිකම්ම ඇතුලේ. ජයවික්‍රම  යාලුවෙකුට කියල අපිට බංකුවක් වෙන් කරගෙන තිබුණා. 
පින්තූරය ගත්තේ : labspace.open.ac.uk
එදා ඉගැන්නුවේ පරාවලය කියන ගණිත කොටස. මම ආසම කොටසක්. ඉතාම උනන්දුවෙන් ගණන් කීපයක් කළා. ඒ වගේම තියරිත් කළා. අන්තිමට විවේකයෙන් පස්සේ ගණන් දෙකක් දුන්න හදන්න. මුල ගණන සාමාන්‍ය එකක් වුනත් දෙවෙනි ගණන ටිකක් සංකීර්ණ එකක්. ගණිතය හදාරපු අයට නම් තේරෙයි. ඒකේ තිබුනේ පරාවල දෙකක්. සමීකරණ එහෙම මට මතක නෑ. ඒ දෙක එක්තරා තැනකදී කැපෙන්න අවශ්‍යතාව කියලා t1t2 >= ..... කියල කොටසක් දීල තිබුණා. මමත් හිතන්නේ නැතිව ඔන්න  ගාණ හදාගෙන යනවා. ඒ කාලේ ගණනකට පරාද වෙන්න මම කීයට වත් කැමති නෑ. අන්තිමට එක තැනක හිර වුණා. තවත් විනාඩි දහයක් විතර ඉතුරුයි. මම වටපිට බැලුවා අනිත් හැමෝම ඔලුව ඔබාගෙන වැඩ. මමත් ආපහු ඔලුව ඔබා ගත්තා. අර අන්තිමට තියෙන කොටසේ t1t කෑලි හැම තැනම. මම නිකමට මේ t1t2 කියන තැනට x අකුර දාලා ලියල බැලුවා. එතකොට තේරුනා ඒක ax2  + bx + c =0 වර්ගයේ සමීකරණයක් කියලා. ඉතිං මේ වගේ ඒවායේ තියෙනවනේ b2 -4ac >=0  කියලා කලින්ම පිලි අරන්. මම එක මෙතනට දැම්මා. දාලා සුළු කරගෙන ගිහින් අන්තිමට අර x තියෙන තැනට t1t එතකොට අර කියපු උත්තරය ආවා. මම වෙලාව බැලුවා තව විනාඩි 2ක් ඉතුරුයි. මම වටපිට බල බල හිටියා. ජයවික්‍රමයා ජයග්‍රාහී ලීලාවෙන් මගේ දිහා බැලුවා. 

"ඒ කියන්නේ මූටත් හරි උත්තරේ ඇවිත්? නරක නෑ පහුගිය ටිකේ ගෙදර ඉඳන් ගණන් හදන්න ඇති" මට හිතුනා.

පන්තිය ඇරලා යන ගමන් උත්තර ගැන කව්රුත් කතා කළා. මම ජයවික්‍රමගෙන් ඇහුවා 

"උඹටත් හරි උත්තරේ ආවා නේද?" කියල. හිනා වෙලා මගෙන් ඇහුවා

"උඹ හරියට හැදුවා නේද ?" කියලා

"ලාවට එක ගාණක් නම් හරි" මම කිව්වා


"දෙවෙනි එකද ? " ඇස් උඩ තියාගෙන ජයවික්‍රමයා අහනවා

"නෑ පලවෙනි එක"

"අයියෝ ඒක මටත් හරියට හදන්න පුළුවන්. උඹ දෙවෙනි එක හැදුවේ නැත්ද?"

"ටිකක් දුරට" මම කිව්වා

දන්න කියන කාටවත් හරි උත්තරය ඇවිත් නෑ. අපි දෙන්නත් ආගිය කතා, පැරණි කතා, ඒ දවස් වල රටේ වාතාවරණය ගැන එහෙම දිගු කයියක් ගහගෙන ඇවිත් අන්තිමේදී අලුත්ගම බස් ස්ටෑන්ඩ් එකේදී වෙන් වුණා. ජයවික්‍රමයාගේ හිත මාව එන සතියෙත් ගෙන්න ගන්න. මම ඔලුව වනලා ආවා.

මට මේ සිද්දිය ඒ තරමට ලොකු වුනේ නෑ. ඒ දවස් වල මට රස්සාව නැගලම ගියා. මගේ ෂිෆ්ට් එක තිබුනේ රෑ 6.00 - 10.00 උදේ 7.00 - 10.00. මේ වගේ ඒවාට ස්ප්ලිට් ඩියුටි කියල කියන්නේ. ඒත් ඒ කාලේ හරියට කියන නම කවුරුවත් දන්නේ නෑ. ස්ප්‍රීට් එක වගේ වචන තමයි හැමෝම කිව්වේ. මෙහෙම් වැඩ කරද්දී උදේ 10.00 විතර වෙත්දී හොඳටම නිදි මතයි. දවසක් මෙහෙම නිදාගෙන ඉන්න කොට අම්ම ඇවිත් මාව අහරුවා. ජය්වික්රමයා ඇවිත්. මම නිදි මැලි කඩ කඩ වෙලාව බැලුවා හවස එකත් වෙලා. අපි දෙන්න එලියට ගිහින් කතා කරන්න පටන් ගත්තා.

"උඹ දන්නවද ප්‍රජා රේණුක සර්ගේ ගණන් දෙක කවුද හරියට හදල තියෙන්නේ. මම මේ පන්තියට ගිහින් එන ගමන්. උඹ ආවේ නෑනේ"

"ඉතිං කියපන්. කවුද ?"

"පලවෙනි තැනට ඉඳලා තියෙන්නේ බාලිකාවේ කෙල්ලෝ දෙන්නෙක්. හැබැයි උන් දෙන්න කොපි කරලා කියල දෙන්නම කපලා. ඊළඟට ලකුණු තියෙන්නේ උඹට. ෆ්‍රී කාඩ් එක අව්රුද්දටම. එන සතියේ ඉඳල යමං"

"මේ...මේ...මේ... මම කිව්වනේ. ඔහොම නෙවේ කොහොම කිව්වත් මම එන්නේ නෑ" 

"හරි උඹ එන සතියට විතරක් ඇවිත් ෆ්‍රී කාඩ් එක අරන් දීල නවතියන්. එතකොට අපිට ඒකෙන් යන්න පුළුවන්"

මට මතක විදියට මම ඒ වැඩේටත් ගියේ නෑ. ඔන්න ඔහොමයි මීට කලින් තරගයකින් මම එක වුනේ. හැබැයි දැන් නම් හරියට කට්ටිය එක වෙනවනේ බ්ලොග් වලට කමෙන්ට් දාලා. 

54 comments :

  1. අඉය ඒ ලෙවල් කරනකොට තමයි අපි ඉපදුනෙ.

    මන් දැක්ක අවතාර් අයියට දුන්නු තෑග්ග. මටත් කාලයක් තිබුන එක් වෙන්න ආසාවෙන් හිටපු. දැන් නම් කිසිම දෙයකට එහෙම උවමනාවක් නෑ.
    ටී56 අරන් ගෙවල් ගානෙ ගිය යාලුව තවම ඉන්නවද දන්නැ. මම නම් දන්න තරමෙන් එහෙම අය ගොඩක් අකල් මරන වලට ගොදුරු උනා.

    ඔයා වගේම මමත් කරන්න පරක්කු උන දේවල් ගොඩක් ගැන පසුතැවෙනව. ඒත් අයියෙ සතුටු වෙන්න හේතුත් ඔනැ තරම් තියනවනෙ. ඒ මදිද හින වෙල ඉන්න. ඔක්කොම අල්ලන්න දැන් ලියන්නකො ඇතිපදම්.

    ReplyDelete
    Replies
    1. මේ එක ලැබීමෙන් අතීතය සිහිපත් වුනා එච්චරයි. කිසිම දෙයක් ගැන පසුතැවී වැඩක් නෑ මොකද ජීවිතයට අන්-ඩු නැති නිසා.

      Delete
  2. Replies
    1. උඹත් එකතාරා ජාතියක එකක් තමයි.

      Delete
    2. නෑ බොල දෙක....ඊළග වතාවෙ උත්සාහයක් ගනින් සුදු අටම් කොලුවෝ....

      Delete
  3. සුදීක අද නම් හෘදයාංගම ලියැවිල්ලක් කොටා තියෙන්නේ.බොහොම අව්‍යාජයි. මේ නිසාම කාතාව ඔයාගේ විතරක් නොවේ කියවන් හැමෝගේම බවට පත් වෙලා තියනවා. හරිම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  4. ඇත්තටම සුදීක අයියේ බුද්ධි සිත්තර ඇන්ද කියලා මුලින් මම දන්නේ නෑ.මාත් බ්ලොග් ලියන්න ආවේ පහු වෙලා නේ.මම කාටුන් අඳිනකල් වත් දන්නේ නෑ ඈ.පස්සේ අටමාද කොහෙද කිව්වට පස්සේ තමා දන්නේ බුද්ධි සයිබර් සිත්තරා කියලා.මම ටික ටික ඒ බ්ලොග් එක කියවන්න ඇබ්බැහි උනා.ඒ ඒකේ තියන පෝස්ට් ලියල තියන රටාවට.අපේ අවාසනාවට බුද්ධි බ්ලොග් වලට සමු දුන්නා .අපිට හොඳ හැකියාවක් තියන කෙනෙක් කෙනෙක් නැති උනා.බුද්ධිගේ හැකියාවට අවතාර්ගේ උත්සාහය සම කරන්න බෑ කොහෙත්ම.අවතාර් මේක පටන් ගත්තේ නිකන් හිතට ඇවිල්ලා
    මම වෙනුවෙන් පෝස්ට් එකක් වෙන් කලාට තෑන්ක්ස් ඈ

    ReplyDelete
    Replies
    1. ටිකක් කල් යනකොට දියුණු වෙයි. පොස්ට් එක ලියන්න නිමිත්ත ලැබුණේ ඔයාගේ තරගේ නිසා.

      Delete
  5. දෙයියනේ ! ඒ ලෙවල් වලට කරපුව තාම මතකද ?
    :)

    ReplyDelete
    Replies
    1. මතකයි කියල හිතුනේ නෑ. ඒත් ලියද්දී ලියැවිලා.

      Delete
  6. ටියුෂන් ක්ලාස්වල එක වුණු කතාව කිව්වාම මට මතක් වුණේ ඕ ලෙවල් ලියන කාලේ සයන්ස් ක්ලාස් එකේ අවස්ථා දෙකක එක වුණු හැටි.

    එක දවසක් රසායනික සමීකරණ පාඩමක් තිබුණේ. ඒකේ සමීකරණයක් තුලනය කරන්න තමා දීලා තිබුණේ. සමීකරණේ නම් දැන් මතක නැහැ. එදා කරන්ට් එක නැති දවසක්. පට්ට රස්නෙයි. සර් කිව්වා මුලින්ම හදන කෙනා ඉන්න ඩෙස්ක් එකේ හැමෝටම සර්ගේ ගාණේ බීම කියලා. කොහොම හරි ඉතින් මම මුලින්ම හදපු නිසා ඩෙස්ක් එකේ හිටපු එවුන්ටත් හරි පල්ලම :)

    දෙවෙනි එක වුණේ විද්‍යුත් පරිපථයක් ඇසුරෙන් තිබුණු ප්‍රශ්න 5 කට උත්තර ලියන එක. එදා නම් එක කෙල්ලෙක්ගෙත් උත්තර හරියටම තිබුණා. ඒත් අන්තිම ප්‍රශ්නේට උත්තරේ වැරදිලා කෙල්ල කැපුණා. ඒකෙනුත් අන්තිමට මම එක වෙලා පුළුන් පුරෝලා හදපු බලු පැටියෙක් ඉන්න කී ටැග් එකක් ලැබුණා.

    අපේ සයන්ස් සර් ගැනත් කියන්න එපැයි. මේ දවස්වල ප්‍රකට සම්පත් අත්තටගේ තමා ඒ සර්

    ReplyDelete
    Replies
    1. එයාගේ ගෝලයෙක් කියල කියන එක මේ කාලේ හැටියට ඒ තරම් නුවණට හුරු නෑ.

      Delete
  7. මටත් ඉස්සර ඔය වගේ ලෙඩක් තිබ්බා... පළවෙනියා වෙන්න දඟලන්නේ නෑ කීයටවත්... හම්බුනොත් ගන්නවා... හි හි... ඊට වැඩ්ය දඟලන්නේ වැඩේ හරියට කරන්න.. හැබැයි බෑ කියලා හිතුනොත් අතෑරලා දාන එක තමයි මගේ නරක වැඩේ...එහෙම අතෑරපු වැඩ ගොඩක් තියෙනවා... එහෙම වැඩකට කවුරු හරි පස්සෙන් බැන බැන ඇදගෙන ගියොත් හොඳට කරන වෙලාවලුත් තියෙනවා... ඕවා තමයි ඉතිං මගේ වැරදි... හි හි

    ReplyDelete
    Replies
    1. මගේ ලොකුම වැරැද්ද හිත ගිය මොකක් හරි ගැඹුරටම හාරන එක. එතකොට ඒ විෂයට තියෙන්න ඕනේ සමබරතාවය බිඳෙනවා. සමහර විට විභාගය ගැන වැඩි තැකීමක් නෑ.

      Delete
  8. Replies
    1. මමද ? ජයවික්‍රමද ?

      Delete
  9. පලවෙනියා වෙන්න උවමනාව මගේ නම් කවදාවත්ම තිබුනේ නෑ. ඒත් කරන දේක සාර්ථකත්වය දකින්න නම් හැමදාම කැමති උනා. ඒ නිසාම හුඟාක් කැපකිරීම් කලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා වටින්නේ. නොපසුබස්නා උත්සාහය. මම සමහර විට සමහර දේවල් අත ඇරලා දානවා කිසි හේතුවක් නැතුව.

      Delete
  10. අවතාර කොලුවා වතාවක් සිරා කොලුවවත් ඇන්දා...මෘදුකාංග භාවිතය ගැන ඉස්සර දවසක පුංචි පහේ උපදෙස් ටිකකුත් මවිසින් අවතාරට ලබා දුන්නා...එදාට වඩා ඔහුගේ සිතුවම් අද දියුණු මට්ටමකට පැමිණිලා තියෙනවා...හෙට තවත් ඉදිරියට ඔහු යාවි...

    ප්‍ර‍ජා රේණුක ගම්පහ ඉසව්වෙත් පන්ති කලා... සමහර විට අදත් කරනවා ඇති...සහෝදරයො වැඩ දාපු කාලෙ අපි හිච්චි උන් වෙච්ච නිසාම හොදයි...

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට සහජ හැකියාව තිබුනොත් දියුණු වෙන්න පුළුවන් උත්සාහයෙන්. සමහරු ඉන්නවා තනිකර උත්සාහයෙන් ජය ගන්න.

      Delete
  11. ගොඩක් දේවල් ඉගෙන ගත්ත සුදීක පොස්ටුවෙන් දිග උනත් කියෙව්වා.
    අර 89 කාලේ කතාව දැම්ම එක නම් පුදුම වටිනවා.ඕක තමා යථාර්තය.

    ReplyDelete
    Replies
    1. මගේ ජීවිතේ වටිනාම කාලය ඔය අඳුරු යුගය නිසා වැසී ගියා. දෙවන වතාව ඒ ලෙවල් නොකිරීමට හේතුවත් එයමයි.

      Delete
    2. එහෙම බින්දුවක් වත් හිතන්න එපා .ඔය කාලේ මොන තරම් දේවල් උනාද ?
      ඒ දේවල් හොදින්ම දන්නා ඔබම ඔබ ගැන ඔහොම හිතන්න එපා.කී දෙනෙක්
      ඉන්නවද අදටත් දෙපයින් නැගිටගන්න බැරි දෙපා තිබ්බත් ..සමහරුන්ගේ
      මව් පියෝ තව වසර කීපෙකට වඩා ඉන්නේ නැහැ.ඉන් පසුව ඔවුන්ගේ ජීවිත ?
      වැනසීම නෙවේද වන්නේ ?ඔවුන් හා සසදන්න ඔබව .

      Delete
    3. ඔබ කියන කතාව ඇත්ත. ඒ කාලේ අපිට තීරණය කරන්න වුණා, ජීවිතයද අධ්‍යාපනයද කියලා.

      Delete
  12. බුද්ධි ගේ චිත්‍ර වලට අවතාර ගෙ චිත්‍ර සමාන කරන්න හදන එක පොල් ගහට දෙල් කිව්වා වගේ එකක් නෙමේද

    ReplyDelete
    Replies
    1. කොතනද සමාන කරලා තියෙන්නේ. මම කිව්වේ මහ වැස්සක් තිබ්බ තැනකට පොද වැස්සක් වැටුනා කියල.

      Delete
    2. අනිවා සමාන කරොත් එහෙම නම් විලි ලැජ්ජාවයි .අවතාර්ට බෙල්ල වැල දාගන්න වෙනවා.පොල් ගහට දෙල් නෙමේ රට දෙල් ඈ.මගේ කුරුටු බලි ඒවත් එක්ක බලන්ඩ එපා බොලන්ලා

      Delete
    3. මේ නිහතමානීත්වය මා අගය කරනවා.

      Delete
    4. ඇයි එතකොට මගේ බ්ලොග් එකේ එන චිත්‍ර කොහොමද?...හෙක් හෙක් හේ..

      Delete
    5. ආපහු ගිහින් බලන්න වෙනවා.

      Delete
  13. සුදීක මාර ගණං කාරයෙක්නෙ.

    ReplyDelete
  14. ම්..අවතාර්ගේ හැකියාව නම් මමත් අගය කරනවා..ලිවීමේ ශෛලියත් තව වැඩි දියුණු කරගත්තා නම් ගොඩක් දුර යන්න පුළුවන්..
    ස්තුතියි සුදීක..සමහර වෙලාවට ජීවිතේ අපිට ලැබිලා තියන දේවල් එක්ක බලනකොට එක දෙක නොවුනට කමක් නෑ කියලත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. එන එන විදියට මුහුණ දීම තමයි මමත් කරන්නේ.

      Delete
  15. ඔබගේ ලිපිවල එන්න එන්නම වැල්වටාරම් වැඩි බව හැගෙනව.මේ ලිපියෙ මුල,මැද සහ අවසාන ටික ගත්තහම කටට ඇනුමක් නැතිව කියවන්න පුළුවන්.මට හිතෙන දේ කිව්වෙ හරිය,අමනාප නොවන්න.[අමනාප වෙන්න මිතුරු කමක් තිබුනෙ නැහැනෙ සුදික:)] නේද???

    ReplyDelete
    Replies
    1. ඔබගේ විවේචනය හිස නමා බාර ගන්නවා. එය මා වැනි ආධුනිකයෙකුට සවියක්. ඒත් මේ මාගේ ශෛලිය. එය වෙනස් කරන්නට යාමෙන් වෙන්නේ තවට් x ආකාරයයේ y කෙනෙකු බිහි වීම නොවේද ?

      Delete
  16. success :)අපිත් බඩ ගාපු තැන් නොවැ ඕවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, සබිත් සහ මම එකම ගං ඉවුරේ දෙපැත්තේ හැදුන අයනේ ...

      Delete
  17. මටත් වැඩිය එක වෙන්න අවස්ථා ලැබිලා නැහැ.

    ReplyDelete
    Replies
    1. එකම වෙන්න ඕන නෑ. අවශ්‍ය ඉලක්කයට ලඟා වීම තමයි වැදගත්.

      Delete
  18. පොද වැස්ස කවදා හෝ මහ වැස්සක් වෙන්න කියල පතමු.!

    ReplyDelete
    Replies
    1. පොද වැස්සත් බිම තෙමනවා, මහා වැස්සත් බිම තෙමනවා. දෙකෙන්ම වෙන්නේ එකම දේ. අවතාර්ගේ පැමිණීම ගැන මම හිතන්නේ බුද්ධිත් කැමති ඇති.

      Delete
  19. මමත් ඒ ලෙවල් කලේ ඒ යුගේමයි. ජීවිතේ හුඟක් අත්දැකිම් ලබාගත්ත කාලයක්. පළවැනිය වෙන්න අපේක්ෂාවක් කිසිදිනක නොතිබුණත් තරගයක් දෙන්න හිතේ කැමැත්තක් තිබුනා.

    ඒ මතකයන් කොයිතරම් සොඳුරුද කියා වැටහෙන්නේ මෙවන් සටහනක් දුටවාමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි සමකාලීනයෝ. නමුත් මේ මතකය සදාකාලිකවම කිසිවකු නැසූ කතාවක් වන්න තිබුණා අවතාර්ගේ පොස්ට් එක නොවෙන්න.

      Delete
  20. මටනම් ගණන් පෙන්න බැහැ. මගේ ජොබ් එක කරන ගනන්පෙන්න බැරි එකම එකත් මම වෙන්න පුළුවන් ඔලුව කැක්කුම හැදිලා අපස්මාරේට එනවා ගණන් පේනකොට.

    ReplyDelete
    Replies
    1. පෙන්නන්න පුළුවන් වුනොත් හදන්නත් පුළුවන් වෙනවා.

      Delete
  21. නැවත අපි ඉස්කෝලේ ගිය කාලෙට යන්න තියෙනවානම්....

    ReplyDelete
  22. මම එක වෙලා තියෙන්නේ අවුරුදු උත්සවයකදී අන්ධයට කිරි කවලා පළවෙනිය වුනා.

    ReplyDelete
  23. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    රටටත් අළුත් ආරම්භයක් - ජනතාවට යහපත් අනාගතයක් දෙන්න හොඳ සමීකරණයක්!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...