Tuesday, December 25, 2012

ඔබම සාදාගන්න(Do It Yourself) I - නත්තල සහ මගේ දියණිය

නත්තල් සමයේදී මගේ දියණිය පමණක් නොව ලෝකයේ සිටින සියලුම දරුවන් නත්තල් සීයාගේ පැමිණීම ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා. කිසිම ආගම් බේදයකින් තොරව දරුවන් අතර නත්තල් සීයා ජනප්‍රියයි. මගේ දියණියත් එසේමයි. ඇය සෑම දිනකම උදෑසන කොට්ටය යටට තෑගි තිබෙනවා බලන්න සතුටින් ඉන්නවා. මෙය අපගේ ආගමේ කොටසක් නොවන බව හෝ එසේ තෑගී ලැබෙන්නේ නත්තල් දින පමණක් බව මා තේරුම් කරන්න ගියේ නෑ. එවැනි දෙයක් තේරුම් ගන්න තරම් ඇය මුහුකුරා  ගිහින් නෑ. දිනක් මා හිම මිනිසෙක් සුපිරි වෙළඳ සැලකින් මිලදී ගෙන ඇයගේ කොට්ට අසල තැබුවා. නමුත් එය දුටු විගස ඇය හඬමින් පවසා සිටියේ තමා කලින් නොදන්නා දෙයක් ත්‍යාගය ලෙස ලැබිය යුතුය යන්නයි. පසුව මම චොකලට් හෝ වෙනත් කෑමක් ආදේශ කර බැලුව. ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මම හිතුව නත්තල් සීයාගේ ඇඳුම ඇය වෙනුවෙන් නිර්මාණය කරන්න.

අවසන් වතාවට කේ.එෆ්.සී. වෙළඳසැලට ගිය අවස්ථාවේ ඇයට ලැබුණු නත්තල් සීයා පළඳින තොප්පිය අප සතුව ඒ වන විටත් තිබුනා. එනිසා ඇයට නත්තල් සීයාගේ ඇඳුම වැනි එකක් අවශ්‍යව තිබුණා. මගේ මව මැහුම් වලට කුඩා කල සිට දක්ෂ වූ අතර ඇය නිවසේදී ඇඳුම් මැසීමට රුච්කත්වයක් දක්වන ලද නිසා ඒ අවස්ථා වලදී ඇයට අත් උදව් සපයා ලබා ගත් දැනුම් මට තිබුණා. අතේ මැසීම එකල අපට පාසලේදීත් කියා දී තිබුනා. ඇඳුමක වාටියක් අතින් මසන්න අම්මා කියා දුන්නේ අප කුඩා කාලයේදීමයි. කමිසයක්ට බොත්තමක් අල්ල ගන්න අපිට කුඩා කල සිටන් පුළුවන්. මගේ අම්මා තාත්තාගේ කලිසම් පවා මසා දුන්නා මට මතකයි. ඉතිං ඇයගේ දක්ෂතාව කෙතරම්ද කියා ඔබට හිතා ගන්නට පුළුවන් නේද? ඇගේ විනොදාංශයට සහය දීමෙන් මුලික මැහුම් පිලිබඳ අවුබෝධයක් ගන්න මට හැකි වුණා. මේ හැකියාව තවත් දියුණු කර ගන්න පුළුවන් වුණා 89/90 කාලේ මා නවාතැන් ගත් තැන සිටි ටේලර් මිතුරාට සහය දීමෙන්.

වාසනාවකට මීටර් දෙකක් පමණ රතු පොප්ලින් රෙදි කෑල්ලක් මා ගාව තිබුණා. මම එය දෙකට නවා පෙටිකෝට් එකක ආකාරයෙන් කපා ගත්ත(මට එය කපන ආකාරයේ චායාරුපයක් ගන්න බැරි වුනා. සමාවෙන්න).  මගේ කලක් හොඳම මිතුරකුව සිටි අලුත්ගම ලාල් ටේලර්ස් අධිපති ලාල් ඇඳුම් කපන විට එහි බලාගෙන සිට ලැබූ අත්දැකීම් මෙතනදී ප්‍රයෝජනවත් වුණා.  එනිසා දෙපැත්ත විතරක් මහන්න අවශ්‍ය ආකාරයට එය කපා ගන්න හැකි වුනා. එය අවසාන කරන්න අඩුම තරමින් පැයක් ගත වුණා. මසා අවසන් කල පසු ලොකු සතුටක් ඇති වුනේ එය ඇයට කදිමට ගැලපුන නිසා. එය ඇඳගත් විගස යට නත්තල් සීයාගේ සුදු රැවුල අවශ්‍ය වුණා. එයටත් මට පහසු පිළිතුරක් තිබුණා. පුළුන් ටිකක් තිබුනා හොඳ වෙලාවට ගෙදර. අවශ්‍ය හැඩයට එයත් කපාගෙන ඇගේ කට සඳහා විවරයක් කපා ගත්තා. ඒත් හුස්ම ගන්නා විට පුළුන් නාසයෙන් පෙනහළු දක්වා යන්න පුළුවන් කියන භය මට ආවා. ඇලජික් නොවන සුදු පාට ප්ලාස්ටර් රෝල මේ වෙලාවේ මගේ පිහිටට ආවා. එම ප්ලාස්ටර් රෝල උපයෝගී කරගෙන නහය අසල කොටස ඔතා ගත්තා. එවිට පුළුන් ඇගේ නාසයට කිසිලෙසකත් ඇතුල් වෙන්නේ නෑ. සැරසූ පසු ඇය උද්දාමයට පත් වෙලා තෑගී දමා ගන්න කුඩා පන් බාස්කට් එක යොදා ගත්තා.

චායාරුප කිහිපයක් ගන්නත් මට පුළුවන් වුණා.




පසුබිමේ ආහාර ගන්නේ මගේ සොයුරිය.


ප:ලි: බ්ලොග් කියා යමක් තිබෙනවා යයි නොදත් අවධියේ ෆේස්බුක් නෝට්(2010.01.10) වශයෙන් ලිය තැබුණු සටහනකි. මෙය තමන්ම සාදා ගන්න (Do it Yourself) ගණයේ නිර්මාණයකි. මෙවැනි දේ සඳහා ඔබේ දරුවන් යොදා ගැනීමෙන් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කල හැක.

ෆේස්බුක් නෝට් එක අවශ්‍ය අයට මෙතැනින් ගොස් බලන්න පුළුවන්.

නත්තල සමරන සියලුම බ්ලොග් සහෘදයන්ටත්, මෙහි පැමිණ කියවා යන සියලු දෙනාටත් සුභ නත්තලක් වේවා !!!

45 comments:

  1. Replies
    1. හෙහ් ... හෙහ්.. හෙක්.

      Delete
    2. ╔══╗────────╔═╦╗──╔╦═╦╗─────╔═╗
      ║║║╠═╦╦╦╦╦╦╗║╠╣╚╦╦╬╣═╣╚╦══╦═╣═╣
      ║║║║╩╣╔╣╔╣║║║╠╣║║╔╣╠═║╔╣║║║╬╠═║
      ╚╩╩╩═╩╝╚╝╠╗║╚═╩╩╩╝╚╩═╩═╩╩╩╩╩╩═╝
      ─────────╚═╝───────────────────
      ………………………………▲………………………………
      ……………………………..☼☼.……………………………
      ……………………… …*•○♥○•*…………………………
      ……………………… .*♥♫♀♂♫♥*’………………………
      ……………..……*♥•♦►♫◄••♥* …………………
      ……………………*♥☺▬♥☺♥▬☺♥* …………………
      ……………….*♥•♥▬#♠ ♥#▬♥•*♥*…………………
      …………………*♥♫♥♥▬♫♥ ♥♫▬♥*♫* ………………
      ……………*♥☺♥☺♥♫*♣♥♫♥☺♥☺ ♥*……………
      ………….*♥♣♫♥♣♥☺♥♫♥☺♥� �♫♣♥*…………
      ………….*♥♥☺♣♥♫♥♥♫♥☺♥♫ ♥♣☺♥♥*…………
      ….……………………………▓█.……………………….………
      …….…………………………▓█.……………………….………
      .…………………… .๑۩۞۩๑………………………………

      මේක පුංචි දෝණිට......

      Delete
    3. වැඩේ පොඩ්ඩක් අවුට් ගිහිල්ලා කමක් නෑ කියන්න ‍නතතල් ගහක් කියලා

      Delete
  2. නත්තල සහ අලුත් අවුරුද්ද කියන්නේ මේ වෙනකොට ලංකාව ඇතුලේ නම් එක ආගමකට හෝ ජාතියකට අයිති දෙයක් නෙවෙයි.. ඒක ලාංකීය සංස්කෘතික අංගයක් වෙලා කියලා මං හිතන්නේ..

    මං පොඩි කාලෙත් ඔය විදියට නත්තල් සීයා එනකම් බලං හිටියා... අපේ තාත්තා පුළුවන් විදියට හැම අවුරුද්දෙම මොනා හරි පුංචි දෙයක් මගේ කොට්ටෙ යටින් තිබ්බා නත්තල් දවසට.. ගොඩක් වෙලාවට ඉස්කෝලෙට ඕනේ දෙයක් තමයි.. දැං තමයි ඒ පුංචි දේවල් වල අගය වැඩි වැඩියෙන් දැනෙන්නේ... කෙලි පැටික්කිට ඒ සතුට ලැබෙනවා දැක්කම මට දැන් ඊරිසියයි වගේ.... හි හි...

    ඕවා කවදහරි එයත් මේ මං කියනවා වගේ කියයි නේද....

    සුදීක අයියටයි, පොඩි දූටයි, පවුලේ අයටයි සුබ නත්තලක් වේවා....

    ReplyDelete
    Replies
    1. හිරුටත් සුබ නත්තලක් වේවා !!!

      Delete
    2. @අකලංක : බොහොම ස්තුතියි නත්තල් ගහක් එව්වාට. මම හෙට ඇයට පෙන්වන්නම්.

      Delete
  3. ඇදහීමක් විදිහට මම කොයි ආගමත් ඒ තරම් තදින් විශ්වාස කරන්නේ නෑ . නමුත් ජෙසුස්, බුදු හාමුදුරුවන් වගේම ශ්‍රේෂ්ට මනුෂ්‍යයෙක් සහ චින්තකයෙක් විදිහටයි මම දකින්නේ . ඒ නිසා එතුමාගේ උපන් දිනය සමරන නත්තලත් ඒ නිසාම සුවිශේෂියි . අනෙක් අතින් නත්තල කතෝලික/ක්‍රිස්තියානු නොවන ආගමිකයින්ටත් එකතු වෙන්න පුලුවන් ආගමික උත්සවයක් , නත්තල් සියා සංකල්පය ඒකට හොඳ උදාහරණයක් . ඔබටත් දියණියටත් සමස්ථ ලෝක වාසීන්ටමත් සුභ නත්තලක් !

    ප.ලි- අපි නත්තලට එකතු වෙන විදිහටම , දිවාලි, පොංගල් වලටත් එකතු වෙන්න පුලුවන් කම තිබුනා නම් , වෙසක් එකට දන්සැල් දෙන්න කතෝලිකයින් වගේම හින්දුනුත් එකතුවුනා නම් කොයිතරම් හොඳද ?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ බුවා දැන් යම්තරමිකින් වෙසක් එකට අනෙක් ආගමිකයිනුත් එකතු වෙනවා මං දකිනවා.. විශේෂයෙන් හින්දු සහ ක්‍රිස්තියානි අය ... වෙසක් බලන්න ගියාම බෞද්ධයෝ හැසිරෙනවට වඩා වැඩි විනයකින් අනෙක් ආගමිකයන් හැසිරෙනවා මං දැකලා තියෙනවා....

      Delete
    2. කතොලික අය නම් එදා ඉඳන්ම එකතු වුනා . දේශපාලකය්ගෙ වුවමනාවට දෙකට බෙදුනේ නැත්නම් දෙමල - සිංහල මුහුවීම ඊටත් වැඩියෙන් වෙන්න තිබුනා

      Delete
    3. ඒක නම් සහතික ඇත්ත..

      Delete
    4. අවශ්‍යම දේ තමයි එකිනෙකාට සහ එකිනෙකාගේ ආගම වලට ගරු කිරීම. නමුත් මේ දවස් වල අනෙක් ආගම් වලට දැඩි ලෙස විවේචන ඉදිරිපත් කරනවා. එතකොට විශ්ව්වසය පලුදු වෙනවා.

      Delete
    5. අපේ පැත්තෙ නම් වත්තෙ දෙමළ කොල්ලො කෙල්ලො වෙසක් එකට දන්සැලක් දෙනවා.ඒ වගේම එයාලගෙ වේල් පෙරහැරෙ යන අයට සිංහල මිනිස්සු තැන තැන සංග්‍රහ කරනවා.
      දෙමළ අය මැරුණාම මරණ දැනවීම් වල දාන්නෙ "නිවන් සැප ලැබේවා" කියලා...ඔවුන්ගේ සෑම උත්සවයකම ජාතික කොඩියයි බෞද්ධ කොඩියයි එසවෙනවා.
      ඊට බල පෑ ප්‍රධානම හේතුව විදියට මම දකින්නෙ...මේ පැත්තෙ ඔවුන්ටම වෙන් වෙච්ච ස්කෝල නැති එක.මෙහේ සියළුම පාසැල් මිශ්‍ර පාසැල්; සිංහල දෙමළ හැමෝම ඉගෙන ගන්නෙ එකට. ඒ හින්දා එකිනෙකා අතර ජාතික හෝ ආගමික පරතර-වෙනස්කම් නෑ.

      රටේ තියෙන සෑම පාසලක්ම ජාතියකට,ආගමකට හෝ ලිංගයකට වෙන් නොකර සියලුම පාසල් මිශ්‍රපාසල් බවට පත් කිරීමෙන් හැමෝම මිනිස් සංස්කෘතියක් තුලට ගොනු කිරීම අපූරුවට කරන්න පුළුවන්.

      Delete
    6. එකට මුහු වෙලා ඉන්න එක ප්‍රශ්ණ ගොඩකට විසඳුමක්. ඒ වගේම මිශ්‍ර විවාහ වලටත් රජය දිරි ගැන්වීම් කරන්න ඕනේ.

      Delete
    7. @ Sumith
      / * රටේ තියෙන සෑම පාසලක්ම ජාතියකට,ආගමකට හෝ ලිංගයකට වෙන් නොකර සියලුම පාසල් මිශ්‍රපාසල් බවට පත් කිරීමෙන් හැමෝම මිනිස් සංස්කෘතියක් තුලට ගොනු කිරීම අපූරුවට කරන්න පුළුවන්. */

      මිශ්‍ර පාසල් කියන්නේ ගෑණු-පිරිම මිශ්‍ර පාසල් නේද, සෙන්ට්‍රල් ඉස්කෝල වගේ?

      දැන් ඔය කියන සිංහල-දෙමල පාසලේ ළමයින්ට උගන්වන්නේ දෙමල මාධ්‍යයෙන්ද?

      Delete
  4. මටත් පුංචි කාලෙ නත්තලට තෑගි හම්බ උනා.. දැන් නෑ.. මම ලොකුයිලු..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාම අරගන්න.

      Delete
  5. ඔබ ඇතුළු පවුලේ සැමට ම සුබ නත්තලක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම බුදු දහම අදහන කෙනෙක්.

      Delete
  6. ඇඳුමට වඩා ඒන්ජල් ලස්සනයි සුදීක අයියේ
    මෙරි ක්‍රිස්මස් ඈ හැමෝටම

    ReplyDelete
  7. ඔබ පවුලේ සැමටත් සුබ නත්තලක් වේවා !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!! ප්‍රsaன்னா

      Delete
  8. හදාගත්ත තෑග්ගෙ වටිනකම වැඩියි තමයි. සුදීකටත් දෝනිටත් පවුලේ සියල්ලන්ටමත් සුබ නත්තලක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඒත් මම බුදු දහම අදහන්නේ.

      Delete
  9. සුදීක ඔබේ ආදරණිය දුවණියටත් ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් හා නත්තලක් පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඒත් මම බුදු දහම අදහන්නේ.

      Delete
  10. සුබ පතනවා සියලුම දෙනාට සුබම සුබ නත්තලක් හා කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් ............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඒත් මම බුදු දහම අදහන්නේ.

      Delete
  11. නත්තල, සිංහල අවුරුද්ද, ජනවාරි පලවෙනිද, වගෙම වෙසක් පෝයවත් මට විශේෂ දින නොවුනෙ ඇයි කියල නම් මම දන්නෙ නෑ. ඒත් උපතින් බුදුසරණ යන්නෙකු උන මට පෝය දිනක පන්සලකට යන්නට තරම් වත් පිනක් නැති බව නම් දැනෙනව. අනිත් අය උත්සව සමරනව බලල ලබන අහිංසක සතුට මට නම් ඇති.

    අයියෙ ඔයාගෙ දෝනි නම් මේ ලොකෙ ගොඩක් වාසනවන්ත දරුවෙක්, මොන දේවල් කොහොම උනත් එයාට හොද තාත්ත කෙනෙක් ලැබිල තියනව. ඒ අදරෙ තමයි දරුවන්ව ජීවත්කරන්නෙ. මම උනත් අදටත් ජීවත්වෙන්නෙ මගේ වාසනාවට ලැබුන අම්මයි තත්තයි නිසා.

    ඔයාල වගේ තාත්තල අද සමාජෙ අඩුයි අයියෙ.
    සුබ නත්තලක් වේවා ඔයාටයි, දෝනිටයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඒත් මම බුදු දහම අදහන්නේ.

      Delete
  12. අපිට නම් නත්තල් තියනවා :)
    ඔන්න ඔබටත් සුබ නත්තලක්.දෝනි හරි ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. සුබ නත්තලක් වේවා !!!

      Delete
  13. මේරි ක්‍රිස්මස් හැපී හොලිඩේ කිව්වා.........

    ReplyDelete
    Replies
    1. කෝරලේ මලයා අපි එහෙම ඔය ඉන්ග්රිස් වලින් කතා කොරන එක හරිද මන්ද ?

      Delete
  14. සුදීකගේ දුව නත්තල් සීයාගේ තෑග්ගකටත් වඩා ලස්සනයි.:-)
    සුදීක දුවට දුන්නු, නත්තල් තෑග්ගත් ලස්සනයි.
    හැමෝටම සුබ නත්තලක් සහ ප්‍රීතිමත් නිවාඩුවක්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩි කුමාරිහාමි. දැන් පොස්ට් එකක් දාන්න කාලේ හරි නේද? ඔයාටත් සුබ නත්තලක්.

      Delete
  15. සුභ නත්තලක් සුදීක අයියා...!!
    වටිනාකම තියෙන්නෙ තමන් කළ නිර්මාණය දැකීමෙන් ඇතිවන සතුටෙයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. මෙහෙම දෙයක් හදල ඉවර වුනාම පුදුම ආත්ම තෘප්තියක් තියෙන්නේ. ඔබටත් සුබ නත්තලක්.

      Delete
  16. සුබ නත්තලක් වේවා සහෝ...කාලෙකට පස්සේ හරි ආයෙත් බ්ලොග් අඩවියේ මේක පලකරන්න ලැබුන එකේන අපිත් යමක් ගත්තා ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඒක මට සතුටක්.

      Delete
  17. නිර්මාණය ලස්සනයි. හැමදේම මිලදී ගන්නවට වඩා මෙහෙම දෙයක් කලාම ඒක බලා ඉන්න දරුවා එයින් ලොකු අත්දැකීමක් ලබනවා.

    ReplyDelete
  18. අන්න තාත්තලා දුවලා. සුදීක නම් නියම DIY බුවෙක්! ඔය තෑග්ගෙ වටිනාකම මිල කරන්න බෑ.
    සුදීකයි මමයි දෙන්නම බෞද්ධයො වුනත්, සුභ නත්තලක් පතන්න ඒකෙන් බාදාවක් නෑ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මම හිතුව මේකෙන් වඩාත්ම සතුටු වෙන්නේ ඩුඩා කියල. මොකද එයත් හොඳ DIY මාස්ටර් කෙනෙක් නිසා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...