Sunday, November 18, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 23 - සර් බැංකුවේ spa දාලා

coloribus.com


අපේ කාඩ් මධ්‍යස්ථානයට අනුබද්දව සේවය කරන ලිපි බෙදා හැරීමේ සේවකයා (කුරියර් - බැංකුවේ බොහෝ දෙනා ඔවුන්ව කූරියා යන පහසු වචයෙන් හඳුන්වයි. දැන් පුරුද්දට ගොස් ඇති නිසා අවශ්‍ය තැනකදී පවා මේ පුද්ගලයන්ට කියන්නේ කූරියා යනුවෙනි. මෝටර් සයිකලයෙන් එහා මෙහා විදුලි වේගයෙන් යන මොවුන්ගේ ජීවිත් ගැන විටෙක අනුකම්පාවක් ඇති වේ. එක් අලුත් සේවකයෙක් දිනක් විමසා සිටියේ මොවුන්ට කුරියා කියන්නේ වල කජ්ජ පෙනී පෙනී කරන අවදානම් ක්‍රියාවක් කරන නිසාදැයි කියාය. කෙසේ වෙතත් මුල සිටම මේ වචනය හරියට පරිහරණය කරන්න මා පෙළඹුනේ කුඩා කල සිට හරි වචනය සොයා බලා භාවිතා කිරීමේ මට තිබූ පුරුද්ද නිසාය) හැමදාමත් ලිං මැඩියන් සේ කාර්යාලයේ පුටු රත් කරනා අප වෙත එන්නේ නැවුම් ප්‍රවෘතියක්ද සමගයි. මේ දින වල අපට එම සේවය ගෙන එන කුමාර නමැති දෙමළ තරුණයා(35කට වැඩියි) දවසකට එකක් ආතල් කතාවක් කියයි. 

පහුගිය  T20 ලෝක කුසලානය කාලයේ ඔහු ඕනෑම ක්‍රීඩාංගණයකට හෝ කොළඹ නගරයේ උත්සව ශාලාවකට හොරෙන් පැනිය හැකි ස්ථාන ගැන දිගු දේශනයක් කලේ, තරග සඳහා ටිකට් මත්තේ නැහෙන අපි වගේ උන් ගැන අනුකම්පවෙන්මය. ඒත් ඒකා කියන ගස් දිගේ බඩගාගෙන යාමට තරම් අපිට පිස්සුවක්ද, ගැම්මක්ද නැත. එහෙත් කුමාරයා ඒවා කියන ආකාරය අසා සිටීමට මා හරි කැමතිය. රුපියල් දෙසිය පනහේ ටිකට් රුපියල් දහ දාහට විකුණා හොද්ද බොර කරගත් කීප දෙනා අතරට කුමාරයාද එකතු වෙයි. 

"ස(අ)ර් අපිට කීඅක් අරි ඔයා ගන්න මේම චාන්ස් එකක් එන්නේ ඉදලා ඉටලානේ. දවසක් මං නිදාගෙන ඉන්නකොට මාත්තයෙක් කෝල් කරා 250 ටිකට් අතරක් තීනවා මට පන්දාක් එකකට දුන්නොත් ෂේප් කියලා. මට කරන්ට් වැදුනා වගේ නැගිට්ටේ. අපේ කොල්ලේක්ගේ බොසා ටිකට් ඔය ඔයා ඉන්නවා කියලා දන්නා නිසා. මම ගැවූවා කෝල් එකක්. මල්ලි ටිකට් අතරක් තියෙනවා දා දා ගානේ මොකද කියන්නේ. රයිට් අපේ වත්තට ඇවිල්ල මට කෝල් එකක් ගාපන්. පැය බාගෙන් අතලිස් දාක් මගේ අතේ. ටිකට් දුන්න මාත්තයාට අතර ගානේ දුන්නේ. එතකොට දාසයයි. කොල්ලට දුන්න අතරක් ඌනේ සර් වැඩේ මාටුට කරේ. මට විස්සයි. විස්සයි විස්සෙන් මාත් ගොඩ".

කුමාරයාගේ මේ ආතල් නිසා මං කුමාරයා එක්ක ටිකක් ටෝක් එකක් දාන්න අමතක කරන්නෙම නෑ. මේ ලඟදි දවසක් ඉන්ටර්නැෂනල් ඩිවිෂන් එකෙන් ෆෝම් සෙට් එකක් ගෙන්න ගන්න මම යාලුවෙක්ට කථා කළා. කාව හරි එවපන් මචං - මේ දවස් වල හරි බිසී කියලා යාළුවා තිබ්බ ෆෝන් එක. මම යාළුවගේ නමයි ඉන්න තැනයි කොළ කෑල්ලක ලියලා කුමාරයව යැව්වා. හවස කුමාරයා ආවා. 

"සර් මාර කට්ටක් කෑවේ. එතන spa දාල ඉන්දා ඔක්කොම අවුල්"

"මොනවා පලයන් යන්න. බැංකුවේ spa දානවා. උඹ හරි තැනටද ගියේ. නැත්නම් උඩ බලාගෙන මසාජ් ක්ලිනික් එකකට රිංගුවද ?"

"අරි අරි සර් මං දන්නැද්ද ? ඇමදාම යන තැන්නේ. ඔක්කොම බඩු එයාට මෙයාට දාලා. අලුත් පේන්ට් ගාලා, පොඩි පොඩි කොළ කෑලි ඇමතනම අලවලා. මටත් ඔෆිස් එකේ පියන් අයියා තමයි කිව්වේ මේ spa කතාව. ඌටත් ඔඳටම මල."

"ඇයි පියන්ලට යන්න දෙන්නේ නැද්ද ? ඒකට. ඕක තමයි වැරැද්ද. පොඩි එවුන්ට හැමදාම අඩුවෙන් තමයි දෙන්නේ. ඉතිං හැම තැනම අසහනය"

"ඉන්නකෝ සර් කියනකං. සර් දන්නවද අර ලුමිනස් පාට පොඩි කොළ කෑලි මිටියට අලවලා තියෙන ඒවා. අන්න ඒවා රෝසපාට, කා පාට, කොළ පාට. ඇම තැනම අලවලා"

"හරි හරි දැන් බෝඩ් එකක් එහෙමත් ගහලද? නැත්නම් හොරෙන්ද වැඩේ කෙරෙන්නේ. ඩියුටි වෙලාවටත් යන්න දෙනවද? "

"සර් මොකක් ගැනද කිඅන්නේ. එස්පා දන්නැද්ද අප්පා. අර පියන් අයියා තමයි කිව්වේ. හැබැයි සර් දැන් කිසි කරදරයක් නෑ. ගිය ගමන් බඩු ගෙන්න පුළුවන්. ඇමතැනම කොළ කෑලි නිසා කරදරයක් නෑ. මේම ගත්තා මේම දුන්න"

මේකා මොන හරුපයක් කියනවද මන්ද. මම ගත්තා කෝල් එකක් මගේ යාලුවට.

"මොනවද බං උඹලා කරන අසික්කිත වැඩ. උඹලට ආතල් ගන්න spa එකක් දාගෙන. ඒ මදිවට හැම තැනම ලේබල් ගහගෙන කියල අපිට ආරංචියි. කොහොමද මල්ලි කීයද ගාන ? උඹත් ගියා නේද?"

"උඹ මොකක් ගැනද කියවන්නේ. මේ.. මේ.. මට වැඩ තියෙනවා. උඹලට වගේ කයිය ගහන්න වෙලා නෑ."

"හරි හරි දැන් spa යන්නත් තියෙනවනේ. නේද ?"

"මොන ස්පාද යකෝ මෙහේ. උඹට පිස්සුද ? මේකේ ! ඔන්න ප්‍රයිවෙට් බැංකුවක නම් කමක් නෑ"

"ඇයි යකෝ ඕකනේ ලෝකේ තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක. ගූගල් ඔෆිස් එකෙත් දැන් තියෙනවා. රිලක්ස් කරන්න. වැඩ කරලා අමාරු වුනාම. උඹල තමයි දවසකටවත් මිනිස්සු අපිට නිකන් වත කිව්වේ නෑ"

"මේ. මේ. පලයන් වෙලාව කන්නේ නැතිව. අපි දැන් five S වලට අනුව තමයි වැඩ"

"මොකක්ද කිව්වේ five S. එතකොට මූට spa කියල තියෙන්නේ උඹලගේ පියන් කාරය ඒකටද? "

නරකම නෑ. 5-S බැංකුවේ සමහර තැන් වලට දැන් හඳුන්වලා දීලා. Five S, එස්-පහ වෙලා. අපේ කුමාරයට ඒක  කියවෙන්නේ එස්-පා කියල. මටයි වැරදුනේ. ටැමිල් ඌරුවට කතා කරන එවුන්ට 'හ' යන්න කියවෙන්නෑ කියල මට අමතක වුනා. දැන් ඉතිං හැම තැනම spa කියල ගහපු බෝඩ්නේ දකින්න තියෙන්නේ.

56 comments:

  1. මෙන්න කතා උපරිමයි. දෙමල පොර සිංහල කතා කරන විදිය දන්න නිසා ටික දුරක් යන කොට තේරුනා. අපේ හිටියා මාරි කියලා එකෙක්. ඌ එක කුස උපන් කියන්නෙ. අපි මාත්තියා එක හුකන් අය කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් නියමයි.

      Delete
    2. එහෙම ගත්තත් ඒක හරිනෙ බන්.. :-)

      Delete
  2. ස්පා වලට වැඩිය ආතල් විස්සයි විස්සෙන් විස්සක් හොයාගත්ත විදිය.

    ReplyDelete
    Replies
    1. දිගටම මැච් තිබ්බ නම් කොල්ල ගොඩ.

      Delete
  3. post 1 pastaya. Mathalan aiyage comment ekath pastaya.

    Math me dawas wala kilinochchiye nisa ohoma dewal ananthawath wenawa. Mehe wedi denekuta sinhala kiyala kiyagannawath be.

    ReplyDelete
  4. නියමයි කතාව එස් 5ටත් ගිය කල.
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. මං මේ බලන් ඉන්නේ සික්ස් සිග්මා එනකං.

      Delete
  5. මන් බඩල්කුඹුරේ වැඩකරන දවස්වල දවසක් අපිට එන කූරියා මගදී ඇක්සිඩන්ට් වෙලා ,බැංකුව ලගදිමයි ,ටක් ගාලා ඇම්බුලන්ස් 1 ක් ගෙන්නලා පටවලා යැව්වා ,කූරියා එතකොටත් කෑ ගහන්නේ අය්යෝ මගේ මේල් මල්ල කවුරුහරි ගනී ,ඒක මට දෙන්න කියලා ,ඒ රැකියාවේ අවදානම උපරිමයි

    ReplyDelete
    Replies
    1. වැඩිම අවදානම තියෙන්නේ නුවරඑලිය පැත්තේ ඉන්න අයට. එක තැනක වැස්ස තිබිලා අනිත් තැන වල නැති වුනාම හීතල කියල වැඩක් නෑ කියල දවසක් මට එක කුරියර් කෙනෙක් කිව්වා. සමහර දවස් වලට ලිස්සලා ගිහින් වැටිලා තේ වතු වල සිහි නැති වෙලා ඉන්නවලු දන්නේ නැතිව.

      Delete
  6. :)
    එස් පහ හොඳයි. හැබැයි කරන කෙනාගෙ හැටියට ප්‍රතිඵල වෙනස් වෙනව. එක ඔෆිස් එකක් එස් පහ කරාට පස්සෙ පරණ සේවකයන්ගෙ ෆයිල් ආගිය අතක් නැතුව ගියාලු. පස්සෙලු දන්නෙ එස් පහ කරපු අය ඒව ‘සෙයිරි‘ කරල කියල.

    ReplyDelete
  7. ඔය තියෙන්නේ කතා... මාත් කූරියෙක් වෙන්න ටිකක් කැමැත්තෙන් හිටියේ.. උඹ ඒකත් එපා කෙරෙව්වා...

    ReplyDelete
    Replies
    1. මහා පව් ජොබ් එකක්. දුක හිතෙනවා උන් පැත්තකට වෙලා ඔලුව ගහගෙන ඉන්නවා දැක්කාම.

      Delete
  8. ඒකත් සමයං භගවා.....

    ReplyDelete
  9. අපිත් ඔය වර්ගයේ අයට කිව්වෙ කූරියා කියලම තමයි... බලාගෙන ගියාම ඒක පොදුව්‍යවහාරය නොවැ...

    ReplyDelete
    Replies
    1. අපි වගේම තවත් ජීවියෝ ඉන්නවා එහෙනම් මේ රටේ. හා හා හා ...

      Delete
  10. ඉස්සර ඉතිං අපේ ඔෆිස් එකටත් එනවනේ ඔය කට්ටිය.. එක කොල්ලෙක් හිටියා නළුවෙක් වගේ... මාර ගති.. ජිම් ගිහින් ඇඟ නියමෙට හදාගෙන.. හි හි.. ලස්සන නමකුත් තිබ්බා.. මට දැං මතක නෑ අප්පා.. හි හි..

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඔයාට බයික් එකේ යන්න හිතුන්නත්තේ ..:)

      Delete
    2. බොට එතකොට හිතුනා නේද අපේ මහත්තයා හම්බවුනා වේලාසන වැඩී කියලා...

      Delete
    3. ඒක සිරා ඒ දවස්වල හැමතිස්සෙම වගේ හි‌තෙන එකක් නේ.... හි හි....
      අනේ ඌ පොඩි එකෙක් බං... ඒකයි එච්චර ලස්සන.. ඔය රස්සාව දිගට කරන උන් කැත වෙනවා ටිකක් කල් යනකොට.. ඒ තරම් කට්ටක් කන්නේ...

      අනේ සුදීක... මට බයික් නම් පෙන්නන්න බෑ... දැනුත් මේ බස් වල යාම කරුමයක් හින්දා හිත හදාගෙන බයික් එකේ යනවා... වෙන එකක් නැති කමටම...

      Delete
    4. ඇයි දැන් අලුත්ම සී.ටී.බී. ඒ.සී. බස් තියෙන්නේ.

      Delete
  11. මම හිටපු තැන වලත් හිටිය මේ විදියට කතා කරන පිරිසක්. සමහර වචන කුණුහරුප ගානට වැටෙන්නේ .

    මාරු සිද්දිය.

    ReplyDelete
  12. ඔන්න මාත් මට වෙච්ච වචන පටලැවිල්ලක කතාවක් දැම්මා
    http://hasarallak.blogspot.com/2012/11/blog-post_18.html

    ReplyDelete
  13. ඔය තීන්නෙ කතානෙ!
    මාත් හරි මනාපයිනෙ සුදීල ස්පාට වැඩ කරන්න. කොහෙද බං බැනුම් අහලා ඉවරයක් නෑ.

    මම ගාවත් තියෙනවා ස්පා පු‍ටුවක ෆෝටෝ එකක්. බ්ලොගේ දාන්න මොකක්ද වගෙ නිසා නිකා ඉන්නෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින් අපට මේල් කරලා වත් එවන්න.

      Delete
  14. හෙහ් හෙහ්... මරු පටලැවිල්ල...

    ReplyDelete
    Replies
    1. මම දන්නා කෙනෙක් හිටිය පටලැවිල්ල කියන්නේ 'ට' යන්න වෙනුවට 'ක' යන්න දාලා.

      Delete
  15. අම්මෝඋන් මාර කට්ටකත් තමයි කන්නේ

    ReplyDelete
    Replies
    1. අතුරේ යනවා වගේ තමයි.

      Delete
  16. හත් ඉලව්වේ සුදීක අයියේ මමත් අයිටී ජොබ් එක අත ඇරලා පියන වැඩේට අරි ඒ බැංකුවට යන්න හිතුවේ කොහෙද ඔයා වැඩේ කාලනේ හරියට අහන්නේ නැතිව. හිකිස්........... එල එල එකෙන්ම හිනහ ගිය පොස්ටුවක්

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන අයි.ටී. කාරයොත් පාක් අයක් ඉන්නවා ඒනම්.

      Delete
    2. හොන්ඩ පාක් හයක්.. මාතියා දන්නේ නැතුවට පඳුර එකක් පිරෙන්න වගේ යින්නවා..

      Delete
  17. A /L කරද්දි අපේ ආර්ථික විද්‍යා කුරියර් සේවාවෙ වගකීම ගැන කිවුවෙ මෙහෙම " ළමයි පාර්සලයක් අරන් යන කුරියෙක් මගදී වැටුනොත් තව කුරියෙක් ඇවිත් වැටුන කුරිය ලග තිබුන පාර්සලය අදාළ තැනට දීල තමයි වැටුන කුරිය ගැන බලන්නෙ " කියල . ස්පා කතාව නම් මරු.

    ReplyDelete
    Replies
    1. මේකෙන් තේරෙනව හැම කෙනෙක්ගෙම රස්සාව අනිත් දේවල් කරගෙන යන්න වැදගත් කියල.

      Delete
  18. එතකොට මුස්ලිම් උන්දැලාට "බ" කියවෙන්නේ නැහැ කියන්නේ ඇත්තද අයියා ?

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට උන් කරන්නෙම බිස්නස් නේ?

      Delete
  19. නියම කතා දෙක. විස්සයි විස්ස ටිකට් වලට නම් එය දේ එළිපිටම සිද්ධවුනා. කොහොමත් බස නොදන්නා කෙනෙක් එක්ක කතාබහක් ඇතිවුනාම රසවත් දේ බොහොමයි.

    ReplyDelete
  20. බොහොම ස්තුතියි. අපිත් බැලුව සාමාන්‍ය මිලට. එත් 250 ටිකට් 10,000 ට ගත්ත අයනම් නියම පිස්සෝ.

    ReplyDelete
  21. ස්පා ගියාට කමක් නෑ, එහෙන් මෙහෙන් අල්ලනව එහෙම නෙවේ හොදේ. දැක්කා නෙ අපෙ තානාතිපති තුමාට වෙච්ච දේ.

    ReplyDelete
  22. ආවා අද සිටන්..
    ඇවිත් යන්නම් ආයෙත් ..
    තුති මල් මිටි පිටින්
    දුන්නු සුබ පැතුමටයි සතුටින්..

    ReplyDelete
  23. ආවට තුති ඔබට
    සතුටකි දුන් පොරොන්දුවට
    එයටත් වඩා සුවඳයි ඔබ දුන් තුති මල් මිට
    එහෙනං හමුවෙමුකු ඉදිරියට

    ReplyDelete
  24. හප්පේ...එස් පා.... මැරෙන්න හිනා ඒකට නම්...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...