Monday, October 8, 2012

මහේල ජයවර්ධනත් සමග එකම බංකුවේ හිඳ වර්ල්ඩ් කප් නැරඹුවෙමි.

Sri Lanka's Mahela Jayawardena poses for photos with fans during a cricket practice session in Pallekele, Sri Lanka, Tuesday, Nov. 30, 2010. (AP Photo
පින්තුරය ගත්තේ http://uk.eurosport.yahoo.com/
2012.10.07

මහේල ජයවර්ධන කියන්නේ ශ්‍රී ලංකාවේ කෙනෙකුට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. ලෝක විස්සයි20 අවසන් තරගය පැවැත්වෙන අද දවසේදී ලංකාවේ වැඩිම කතා වෙන නම් වලින් එකක්. එම අවසාන තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමේ නායකයා වශයෙන් පමණක් නොවෙයි අද දින ඔහු ගැන කතා වෙන්නේ. පසුගිය පස් වෙනිදා ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවියට රයිට් තොම්ප්සන් මහතා ලියු "A man who speaks for a nation" යන ලිපිය සහ ඒ ඇසුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ අද දින බෙදා හැරුණු සටහන මගින් ඔහු කුමන වර්ගයේ පුද්ගලයෙක්දැයි ඉතා අනර්ඝ ලෙස විග්‍රහ කර තිබෙනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනු දුටු පළමු දවසේම, ඔහුගේ අනාගතය ඉතාමත් දීප්තිමත් බව තේරුම් ගන්නට මේ ක්‍රීඩාවට හැම අයුරකින්ම දායක වී ඇති කෙනෙකු වශයෙන් මට අපහසු වුනේ නෑ. ඒ කාලයේ මගේ මිතුරන් සමග මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අගනා සම්පතක් යයි මා පැය ගණන් තර්ක කර තිබෙනවා. නමුත් අවාසනාවකට මා ක්‍රිකට් දෙස බලන කෝණයෙන්ම මගේ මිතුරන් ක්‍රිකට් ක්‍රීඩාව දෙස බැලුවේ නෑ. ඔවුන් පමණක් නොවෙයි, අද ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය වේදීන් පාවා තම හැඟුම් වලට වහල් වෙලා තමයි විචාරයේ යෙදෙන්නේ. ඒ කියන්නේ තමන් ඇලුම් කරන ක්‍රීඩකයා වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා  කිසිදු වටිනාකමක් නැති තර්ක කරමින්. 


මම මුලින්ම මහේල ක්‍රිකට් ක්‍රීඩා කරනවා දකින්නේ, සනත් ජයසුරිය ටෙස්ට් ලකුණු 340ක් ලබා ගත දිනයේදීම අගනා අර්ධ ශතකයක් ලබා ගනිමින් ක්‍රීඩා කල ඉනිම තුලින්. එතැන් පටන් ඒ වනතෙක් සනත් ජයසුරියගේ රසිකයෙක් වූ මා මහේල ජයවර්ධනගේ රසිකයෙක් වනවා. එදිනේ වටිනාම ක්‍රීඩකයාගේ දිගුකාලීන රසිකයෙක් එක මොහොතකින් වෙනත් ක්‍රීඩකයකුගේ රසිකයකු වීම් පුදුමය දනවන කාරණයක්. ඒ වනතෙක් පිටියේ හතරකොනට ලවක් දෙවක් නැතුව පහර දෙන සනත් ජයසුරියගේ රසිකයා වූ මා හැඟුමට වඩා බුද්දියට ඉඩ දී මේ දර්ශනීය ස්පර්ශය(Elegant Touch) ඇති ක්‍රීඩකයා තෝරා ගන්නවා. මෙතන ඉඳලා තමයි අර කාර්යාලයේ ඇති වූ වාද-විවාද ඇති වන්නේ. මාත් සමගම එකට සනත්ගේ රසිකයන් වූ අනෙක් පිරිස මා හා ගැටෙන්න පටන් ගන්නවා. ඒත් මා මගේ බුද්ධිය අව තක්සේරු කරන්න සුදානම් වුනේ නෑ. මහේලට ඒ කාලයේ බොහෝ දෙනෙක් අකමැති වූ හේතුව ඔහුගේ ක්‍රිකට් වලට වඩා "ඌ මහා පඬියා" යන මනක්කල්පිත   සිතිවිල්ලෙන්. එක අතකට මෙය මගේ කාර්යාලීය මිතුරන්ට සීමා වුනේ නෑ. යන යන තැන අය කතා කලොත් "මහේල මහා පඬියා" කියන දේ දිව මතුරක් ලෙස කියවුනා. මට ඒ සිතුවිල්ල ඇති නොවන්න සාධාරණ හේතුවක් තිබුනා. සාමාන්‍යයෙන් ඉක්මණින් මිතුරන් ඇති නොකර ගන්නා මා දෙසත් සමාජය මේ ලෙසම බැලු අවස්ථා තිබුනා. මාත් සමග කුළුපග වූ බොහෝ දෙනෙක් පසුව මා හා කියා සිටියේ "අපි හිතන් හිටියේ ඔයා හරි ආඩම්බරයි කියල" යන්නයි. ඒ නිසාම මට වැටහුනා මහේල ගැන තිබෙන මේ නොකැමැත්තත් ඒ වගේ එකක් කියල. අනිත් කාරණය තමයි මුල් කාලයේදී මහේලා මාධ්‍යත් සමග කල ගනුදෙනුව මාධ්‍ය කරුවන් තුල පවා ප්‍රසාදයක් ඇති නොකල එකක්. බොහෝ දෙනාට තිබුණේ කෙනෙකුගේ මුහුණෙන් මිනිසා පිලිබඳ තීරණ ගැනීමේ පොදු දුර්වලතාව. 

ටික කලකට පසු අප අන්ත පරාජයක් ලැබූ 1999 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටයෙන් විසි වී ගිය පසු තරගයකදී මහේල ක්‍රීඩා කරනවා. එම තරගයේ විස්තර විචාරකයකු ලෙස සහභාගී වූ 1996 දී ශ්‍රී  ලංකා කණ්ඩායමේ ලෝක කුසලාණයේ ජයග්‍රහනයට කැඳවාගෙන යාමට මහත් පිටිවහලක් වූ පුහුණුකරු වී  ඩේව වට්මොරේ මහතා පවසා සිටියේ "මේ(මහේල) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් දමනා ස්ථාවර තැන්පතුවක්(This is a Fixed Deposit of Sri Lankan Cricket In Future)" යන්නයි. ඒ කියමන ඇසු සැනින් මගේ මුවගට සිනහවක් පහල වුයේ මට වැරදුනත් වට්මොර් වැනි පුද්ගලයෙකුට වරදින්නට නොහැකි නිසායි. ඒත් මෙවැනි දේට ඇහුම්කන් නොදී පන්දුව යන දෙස පමණක් බලා සිටින මගේ කාර්යාලීය මිතුරන් අර  පුරුදු තැටියම වාදනය කරමින් මහේල කිසි වැදගැම්මකට නැති ක්‍රීඩකයෙකු බව   පවසන්නේ අඩුම ගණනේ එම ඉනිමේදී දක්වන ලද දක්ෂතාව ගැනවත් නොසිතායි. 

මහේල ගැන ඊළඟ හොඳ විචාරය ලැබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් පැමිණ ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දුන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තරග තීරක වරයා වන රන්ජන් මඩුගල්ලේ මහතායි. බ්‍රයන් තෝමස් මහතා සමග සම්මුඛ සාකච්චාවකට සහභාගී වන මඩුගල්ලේ මහතා කියා සිටින්නේ "ඔහු තුල සැඟවුණු දක්ෂතා තිබෙනවා. ඔහුගේ අඩුපාඩුව තමයි දිගු ඉනිම වලට නොයෑම. ඔහුට තිබෙන ජීවමාන උදාහරණය සචින් තෙන්ඩුල්කාර්" (Mahela is a player who has great potential. But what he currently lacking is not playing big innings. The living example for him is Sachin Tendulkar).  මට මේ දේවල් කියූ ආකාරයටම මතක සිටින්නේ මා මහේලට දැඩි ලෙස ඇලුම් කරන රසිකයෙක් වන නිසා කියා ඔබට හිතෙන්න පුළුවන්. එහෙත් අනෙක් බොහෝ ක්‍රීඩකයන් මෙන්ම වෙනත් දේ සම්බන්ධව ලැබෙන මෙවැනි ප්‍රකාශ මගේ මතකයෙන් ගිලිහෙන්නේ නෑ. 

මින් ටික කාලයකට පස්සේ ඔස්ට්‍රේලියාවේදී මුරලි පන්දුව දමා ගසන චෝදනවා නිසා එවකට නායකයා වූ අර්ජුන රණතුංග තරගයේ විනිසුරු වූ රෝස් එමර්සන් සමග ආරවුලක් ඇති කර ගන්නවා. එම තරගය අවසාන ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නේ ලකුණු තුන්සිය ගණනක් පසුපස හඹා ගිහිං. එම තරගයේදී එවකට තරුණ ක්‍රීඩකයකු වූ මහේල ශතකයක් වාර්තා කර ගන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ කටින් පහර දෙන්න අර්ජුන තරම් ප්‍රවීණ නොවුනත්, එම අපවාදයට උඩගෙඩි දුන් එංගලන්ත කණ්ඩායමට අගන පිළිතුරක් පිත්තෙන් ලබා දෙමින්. 

එම කාලයේම ක්‍රිකට් තරගයට පෙර කෙරෙන සංවාදයකට ප්‍රවීණ විස්තර විචාරකයකු ලෙස සහබාගි වන හේමන්ත දේවප්‍රිය මහතා පවසන්නේ "මහේල ශරීරයෙන් ඉතා කුඩායි, ඒත් මානසිකව ඔහු තුල ඉන්නවා  යෝධයෙක් තරම් විශාල පුද්ගලයෙක්". මේ කියමන් වලින් මට පසක් වන්නේ මා ගත් තීරණය සහ මගේ මතය නිවැරදි බවයි.  

ඉන් අනතුරුව එන්නේ මහේලට ඉතා අවාසනාවන්ත තරගාවලියක් වූ, දකුණු අප්‍රිකාවේ පැවැත්වූ 2003 ලෝක කුසලාන තරගාවලියයි. එහිදී ඔහු ක්‍රීඩා කල ඉනිම හතකදී ලබා ගන්නේ ලකුණු 21 ක් පමණයි. ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඔහුට නිර්දය ලෙස පහර දෙනවා. එම වාර්තා කියව මගේ කාර්යාලීය මිතුරන් මගෙන් විමසන්නේ "දැන් නම් මහේලව හලන්න කාලේ හරි නේද ?" කියයි. මා ඊට දෙන පිළිතුර වන්නේ "තව මැච් 40-50ක් බින්දුව ගැහුවත් මහේල වගේ පිතිකරුවෙක් හොයා ගන්න බෑ. මහේල ටීම් එකේ ඉන්න ඕනේ. බලපන් මහේලව හලනවද කියල" මා කිව ආකාරයටම මහේල දිගටම කණ්ඩායමේ  රැදී ඉන්නවා. එවිට ඔවුන් තේරුම් කමිටුව විවේචනය කරනවා. මගේ ඒ කියමන පසු කාලයක මතක තබාගෙන පැවසුවේ ලෙහෙසියෙන් දෙයක් මතක තබා ගැනීමට නොහැකි පුද්ගලයෙක් ලෙස මුළු කාර්යාලේම ප්‍රසිද්ධ සුසන්ත. ඒ 2007 ලෝක කුසලාණයේ හොඳින්ම ලකුණු අතර සිටි ක්‍රීඩකය සහ කණ්ඩායමට නායකත්වය දුන්නේ මහේල වීම ගැන සාකච්චාවට බඳුන් වූ මොහොතේදී. 

මා සිතන ආකාරයටම සිතන තවත් අය සිටිය යුතුයි. එහෙත් කිසිම තැනකදී මට එවැනි කෙනෙක් මුණ ගැහුනේ නෑ. නමුත් මා කියවන ඉංග්‍රීසි බ්ලොග් එකක් වන Cricket Through the Eyes of an Irishman හී පල වී තිබු  The Kelani river of Sri Lankan Cricket !! by Nipunika Sandarenu කියවූ මා අමන්දානන්දයට පත් වන්නේ එම ලිපියෙන් කියා ඇත්තේ මා පවසන දේම වෙනත් ආකාරයකින් පැවසු දේශීය විස්තර විචාරකයකු පැවසු දෙයකි. අප කවුරුත් දන්නා පරිදි කැළණි ගඟ ශ්‍රී ලාංකික ජන ජීවිතයට කරන මෙහෙය අප්‍රමාණය. එහෙත් කැළණි නදියට දොස් මිස වර්ණනා ලැබෙන්නේ නෑ. බීමට ජලය පමණක් නොව විදුලි ජනනයට පවා දායකත්වය සපයනවා.  එහෙත් කැළණි ගඟට හොඳක් කියන කෙනෙක් දකින්න නෑ. ඒ වාගේම මහේල දක්ෂතා දක්වන විට පැසසුම් නාවත් මහේලට වැරදුන විට මාධ්‍ය ඔහුට එලව එලව පහර දෙයි. නිපුනිකාගේ ලිපිය අප කියවන්නට පෙර අයිරිෂ් ජාතික බ්ලොග්කරුවා කියවා එය ඔහුගේ බ්ලොග් අඩවියට එක කරන්නේ මහේල යනු මාහැඟි වස්තුවක් බව ඔහු දන්නා නිසායි. මොනවා වුනත් පසුව සොයාගෙන යාමේදී නිපුනිකාද බ්ලොග් එකක් ලියන බව සොයා ගන්න ලැබුනා. 

කතාවේ වැදගත් තැනට එන්නේ දැන්. අපිත් එක්ක මේ බ්ලොග් කට්ටක් අටෝගෙන ඉන්න සුදිකය කොහොමද මහේලත් එක්ක එක බංකුවේ වාඩි වෙලා මැච් බලන්නේ ? මේක මු දැකපු හීනයක් වෙන්න ඕනේ. මුත් ක්‍රිකට් ගහන එක ඇත්ත තමයි. ඒත් මහේල එක්ක එකට වාඩි වෙන්න. වැඩ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නම් ඔන්න කමක් නෑ. මහජන බැංකුවේ වැඩ කරන එකාට මහේල එක්ක වාඩි වෙන්න චාන්ස් එක වදින්න විදියක් නෑනේ. ඒකත් එකටම මොනවා හරි තරගයකින් දිනාපු එකක්ද දැන්නෑ? හරි මාතෘකාව දැකපු ඕනෑම කෙනෙකුට (මාව දන්න) මේ වගේ අදහස් ගොන්නක් ගාලගෙන ආවා නම එක ස්වාභාවිකයි. එහෙම නොවුනානම් තමයි වැරදි. 

හැබැයි මේකත් එක්තරා විදියක චාන්ස් එකක් තමයි. ඔයාල දන්නවනේ මම වැඩ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් අංශයක කියල. පහුගිය සටහන් දෙක කියෙව්වනම් ඒක වැටහෙනවා. හොඳයි, අපි වැඩ කරන්නේ VISA ත් එක්කනේ. ඔන්න 2010 පාපන්දු ලෝක කුසලානයට VISA එකෙන් ලොකු ප්‍රමෝෂන් එකක් කරා හිල්ටන් හෝටලයත් එක්ක එකතු වෙලා. හේතුව තමයි දකුණු අප්‍රිකාවේ දහවල් කාලයේ පැවැත්වෙන තරග නරඹන්න  ලෝකයේ හොඳම කාලය, ඒ කියන්නේ රාත්‍රී 8.00 ට පමණ තියෙන්නේ අපි ඉන්න කලාපයේ වීම.  ඒ පාපන්දු තරඟ අර විශාල තිරයක පෙන්වන. එතන VISA gold කාඩ් හිමියන්ට ඇතුලත් වීමේ ටිකට් ඒක 25%ක ඩිස්කවුන්ට් එකකට ලබා දෙනවා. ඒ කියන්නේ රුපියල් 1000ක් වෙන ටිකට් ඒක රුපියල් 750ට ලබා දෙනවා. ඒ විතරක්ද ඇතුළේදී ඒ රුපියල් දාහෙම කෑම බීම මිලදී ගන්න පුළුවන්. මම ක්‍රිකට් වලට වගේම පාපන්දු වලටත් ඒක වගේම ඇල්මක් දක්වන නිසාත් මුල සිටම ස්පාඤ්ඤ කණ්ඩායමට සහයෝගය දක්වපු නිසාත්, දවස් දෙකක්ම මෙතන තරග බලන්න මම ගියා. දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු මේ පාපන්දු ලෝක කුසලානය පෙන්වන iL Ponte කියන හිල්ටන් හෝටලයේ පිහිනුම් තටාකාංගණය තිබෙන මනරම් ප්‍රදේශයම දකුණු අප්‍රිකානු සිරි ගන්නා ආකාරයට සරසා තිබුනා. ඒ විතරක්ද දකුණු අප්‍රිකානු ජෑස් සංගීත කණ්ඩායමක් එහි ගෙන්වා තිබුනා. එම සංගීත කණ්ඩායමේ සිටි කළු තරුණියත් සමග කුළුපග වෙන්න මට අවස්තාවක් උදා වුනා. ඒ ගැන වෙනම පොස්ට් එකකින් විස්තර කරන්නම්. අර වුවුසෙලාස් කියන නලාත් බොහෝ දෙනෙක්ගේ අත් වල තිබුණා.  දැන් කිසිදු තරග බිමකට වුවුසෙලාස් රැගෙන යන්න තහනම් කරලා. ඒ වගේම විවිධ කණ්ඩායම් වල ටී ෂර්ට් විකුණන ස්ටෝල් එකකකුත් තිබුනා.
වුවුසේලාස් : www.wikipedia.org
ඒ ජූලි මාසේ තුන් වෙනිදා, මම වැඩට එන ගමන් තව ඇඳුමක් දාගෙන ආවා. මටත් ගෝල්ඩ් කාඩ් එක ලැබුනා විතරයි. අපේ ඔෆිස් එකේ ඉඳල හිල්ටන් එකට තියෙන්නේ පයින් යන දුර. හිල්ටන් එක කිව්වට iL Ponte කියන හිල්ටන් එකෙන්ම කරගෙන යන ඉතාලි ආපන ශාලාව. මීට කලින් මම එක වතාවක් මිතුරෙක් සමග ගොස් තිබුනා. ඊට අමතරව ඉතිං ලොන්ඩරියට තමයි. ඒකත් තියෙන්නේ එතනම. හවස ඇඳුම් මාරු කරගෙන මමත් චන්ඩියා වගේ ගියා ගිහින් ඇදලා ගත්ත ගෝල්ඩ් කාඩ් එක. කෙලින්ම දුන්නා. එයාලට මම ප්‍රමෝෂන් එක ගැන විස්තර කියන්න යද්දී එයාල දන්නවා. කෙලින්ම 750ක් ස්වයිප් කරලා කාඩ් එකයි රිසිට් එකයි පෑනයි දුන්න අත්සනට. මම ගියා ඇතුලට. හොඳටම තිරය දිස් වෙන තැනක් ඉදිරිපස පේලියේ බංකුවක වාඩි වුනා. කාටවත් කරදරයක් නෑ. මගේ ටිකට් එකට ලැබුන ටෝකන් වලින් ඔරේන්ජ් ජුස් එකක් ගෙන්වාගෙන මම තිරය දෙසට ඇස් යොමු කළා. මුල් තරගය ආර්ජෙන්ටිනාව සහ ජර්මනිය අතර. පටන් ගන්න තව වෙලා තියෙන නිසා ශ්‍රී ලාංකික නිවේදකයා ප්‍රශ්න අහන තරගයක් පටන් ගත්තා. මම මේවට හිත යොමාගෙන හිටියේ.  මගේ ලඟට ආව එක්තර වේටර් වරයෙක් "සර් දිස් ඉස් එ බූක්ඩ් ටේබල්. කැන් යූ ප්ලීස් මූව්  සම්වෙයාර් එල්ස් ?" කියල කිව්වා. මම කල්පනා කලේ වෙන් කරපු මේසයක් නම් ඇයි මට විතරක් යන්න කියන්නේ. තවත් අය වාඩි වෙලා ඉන්නේ. ඒ ගමන්ම මම මගේ ළඟ  ඉන්න කෙනා කවුද බලන ඔලුව දකුණු පැත්තට හැරෙව්වා 

මේක තමයි ටිකට් එක.

මහේල ........ ඔව් .... ඒ ඉන්නේ මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකය මහේල. ඔහුගේ බිරිඳ ක්‍රිස්ටිනාත් එක්ක. මගේ ඔලුව නිකන් තෝන්තු වෙලා ගියා. මම මහේලගේ මුණ දිහා බලල හිනා වුනා. ඔහුත් පෙරලා සිනහවකින් සංග්‍රහ කළා. මම පිටිපස්සේ ආසනයට යද්දී ඔහු මා දෙස බලා හිස ඇල කර මද සිනහවක් පෑවා. ඔහුට තේරුනා මට සිදු වෙච්ච අපහසුතාවය. ඔහු මාත් සමග හිස ඇල කර මද සිනා පෑවේ "අනේ සොරි අයියේ" කියන පෙනුමකින්. නමුත් ඔහු එසේ කරන්න මේ සුදීකය කවුද? ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයා,  හිටපු නායකයා.  කතා කරන්න බොහොමයක් දේ තිබුනත්, ඔහුගේ පුද්ගලිකත්වයට හානි කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. අවුරුද්දේ වැඩි කාලයක් ගිනි අව්වේ වේලිලා-වේලිලා ඉන්න කෙනෙකුට තමන්ගේ බිරිඳත් එක්ක නිවිහැනහිල්ලේ ඉන්න ටික මැද්දට පැනල ඇණයක් වෙන්න කොහෙත්ම උවමනාවක් තිබුනේ නෑ. එහෙම හිතලා ඔහුත් එක්ක ටිකක් කතා කරන්න මගේ හිතට ආපු ආසාව අපහසුවෙන් මැඩ ගත්තා. ඔවුන් එතනට ඇවිත් තිබුනේ  ආජෙන්ටිනා මිතුරු පිරිසක් සමග. ඔබ පිලිගන්නවද එම තරගාවලිය තුල තරග තිබෙන හැම දවසකටම අදාළ රටේ කිහිප දෙනෙක් මෙතනට එකතු වුනා කිව්වහම. මාධ්‍ය වේදීන්ගෙන් ගැලවිලා, රසිකයන්ගෙන් ගැලවිලි මෙහෙම නිවී හැනහිල්ලේ ඉන්න මහේලලා වගේ අයට හම්බවෙන්නේ බොහොම පුංචි අවස්ථාවක් විතරයි.  ඔහු දන්නවානම් මේ ඉන්නේ ඔහුගේ හොඳ රසිකයෙක් බව ? ටික වෙලාවකට පස්සේ කවුදෝ ටී-ෂර්ට් එකකට අත්සනක් ගන්න මහේල ගාවට ආවා. ඒ අවසරෙන් මගේ පොකට්ටුවෙන් මගේ කාඩ් එකක් ගෙන අනිත් පස මම ඔහුගේ අත්සනක් ගත්තා සිහිවටනයක් ලෙස. මම ඊට කලින් කිසිම කෙනෙක්ගේ සමරු අත්සන් අරගෙන නෑ. ඔවුන් ආර්ජන්‍ටිනාවට සහය දැක්වුවත් ජර්මන් කණ්ඩායම එම තරගය ජයගත්තා. ඉන් පසුව තමයි මා නරඹන්න බලාපොරොත්තුවෙන් සිටි ස්පඥ්ඥය සහ පැරගුවේ අතර තරගය.  මම දැක්කා මහේල යුවලත් එක්ක රසික රසිකාවියෝ එකට හිඳිමින් චායාරුප ගන්නවා. මට එහෙම කරන්න හිතුනත් මා වෙනුවෙන් මගේ දුරකථනයෙන් ක්ලික් කරන්න මේ වගේ තැනකට එන කෙනෙක් ඉදිරිපත් වෙයි කියල හිතන්න අමාරු නිසා, ඒ අසාවත් මැඩ ගත්තා. 
මේ තියෙන්නේ මම අර ගත්ත අත්සන.

මෙතනදී මම ඇත්තටම තේරුම ගත්තා ඔහු පඬියෙකු නොව නිහතමානී කමේ ප්‍රතිමුර්තියක් කියලා. සමහර මේ වගේ තරු මට්ටමේ අය පොළොවට උඩින් තමයි ඉන්නේ. සාමාන්‍ය මිනිසුන්ගේ ඉදිරියේ ඔවුන්ගේ මුවගට සිනහ එන්නේ නෑ. 

මේ දවස් වල ඔහුගේ නිහතමානීත්වයට පින් සිදු වන්නට, කැලේ පිපී කැලේම පර වන්නට ඉඩ තිබුණු දක්ෂතා පිරි පන්දු යවන්නෙක් කරලියට ගෙන එන්න සමත් වුනා විතරක් නොවෙයි, ඔහුට වැඩිමහලු සහෝදරයෙක් වෙමින් උපකාර කරන්නේ සමහරවිට ඔහුගේ මිය ගිය සොහුරා දිශාල් ගැන සිහි වී වන්නට පුළුවන්. ඒ ක්‍රීඩකයා අකිල ධනංජය. අපිට ඔහු ගැන ඉදිරියට හොඳ පුවත් අහන්න ලැබෙයි කියන එක තමයි මගේ විශ්වාසය. 

මම අකිල ගැන ලියපු පොස්ට් එකට මෙතනින් යන්න --->

අවසානයේදී මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා

"කෙනෙකු, ඔහුගේ හෝ ඇයගේ මුහුණින් විනිශ්චය නොකරන්න" කියා.

ලියා අවසන් කලේ 2012.10.08 හවස 5.46ට. 

69 comments:

  1. මහේල කියන්නෙ අපිට රටක් වටින කොල්ලෙක්....... මහේල වෙනුවෙන් ලියවෙච්චි හොඳම ආර්ටිකල් එකක් මේ....

    ReplyDelete
  2. මමත් ආස ක්‍රීඩකයෙක් තමයි මහේල.. මම ක්‍රිකට් බලන්‌ෙන් නම් නෑ.. ඒත් මහේල කතා කරද්දි තියෙන ඇඟටත් වඩා ලොකු බැරෑරුම් පෙනුමට මම ආසයි... නායකත්වයට හරි යන්නේ අන්න ඒ ව‌ෙග් කෙනෙක්... ඒ ඉතිං ම‌ට තේරෙන ටික තමයි...

    ReplyDelete
  3. @හිරු
    ඔය කියන කථාව ඇත්ත. ඔහු බොහොම ප්‍රබල මානසික මට්ටමක් තිබෙන ක්‍රීඩකයෙක්.

    ReplyDelete
  4. මහෙල විශිෂ්ටයි....ඒත් ඊයෙ තරගයෙ අසාර්තක මාලිංගටම ඔවර 4ම දුන්න ඒක නායකත්වයෙ ගැටළුවක් නෙද?

    ReplyDelete
  5. මහේල දිහා බලන හැමෝම හිතන්නේ පණ්ඩිත ආඩම්බරකාර, හිනාවක්‌ නැති මනුස්සයෙක් විදියට.ඒත් කෙනෙක්ගේ පිටතින් පේන දේ දිහා බලලා කෙනෙක් ගැන නිගමනයකට එන්න බෑ..

    හොද ලිපියක්..

    ReplyDelete
  6. @ඉන්ද්‍රජිත්
    සාමාන්යෙන් විස්සයි20 තරගයකදී තමන්ට ඉන්න හොඳම පන්දු යවන්නා තමයි 19 වන ඕවරය යවන්න යොදා ගන්නේ. පසුගිය තරග දත්ත අනුව දැනට වැඩිම ලකුණු වාර්තා වෙලා තියෙන්නෙත් මේ ඕවරයේදී තමයි. ඔවුන් ලබා ගත ලකුණු ප්‍රමාණය ගැන සලකලා 19 ඕවරය යවන්න මාලිංගව යොදා ගත්තේ පෙර සැලසුම ක්‍රියාත්මක කරමින්. මාලන් සැමුවෙල් ඒ වෙනකොට හොඳින් පන්දුව දකිමින් හිටියේ, වෙන කවුරු යොදා ගත්තත් ඔහු පහර දෙනවා. මේ වෙද්දී පන්දු නොයවූ ක්‍රීඩකයන් හිටියානම් අත්දැකීම අඩු අය(තිසර,ජීවන්,ධනංජය). අවසානයේදී කුලසේකරගේ පන්දුවාරයක් ඉතිරි වුනත් ඔහු විසි වන පන්දුවාරය යවන ක්‍රීඩකයා නිසා ඔහුට 19 වන ඕවරයත් 20ත් එකවිට යවන්න බෑ.

    ReplyDelete
  7. @ඉෂාන්
    බොහොම ස්තුතියි. ඔයත් මං වගේ හිතන එක සතුටක්.

    ReplyDelete
  8. ඒ දවස්වල මම පොඩි එකෙක් .ඒත් එදා ජයසූරිය 340 ක් ගහද්දි මගේ වීරයා වුණේ ජයසූරිය නෙමෙයි. මගේ වීරයා 66ක් ගහපු මහේල. එදා ඉඳන් අද වෙනකන් මගේ ක්‍රිකට් වීරයා මහේල.මහේලට ජය!!!

    ReplyDelete
  9. @A.Wickz
    හරි පුදුමයි. එහෙනම් එකම දිනයකදී අපි දෙන්නම මහේලගේ රසිකයන් වෙලා.

    ReplyDelete
  10. ගෑණු ළමයි උනාම ක්‍රිකට් වලට එතරම් මනාපයක් නැති උනත් මගෙ නම් ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්. ඒ තියෙන උනන්දුව නිසාම ඔය ක්‍රිකටර්ස්ලා ගැන කියවන්න සොයා බලන්නත් මම අමතක කරන්නෙ නෑ. මහේඅ කියන්නෙ අපි අර සින්හලෙන්ම කියන gentlemen cricketer කෙනෙක්.මම මහේලට හුඟාක් ගරු කරන්නෙ ඒ නිසයි. අද ඊයේ ආපු සමහර පණ්ඩිත ක්‍රිකටර්ස්ලා හැසිරෙන..කතා කරන විදිය දැක්කම මහේලගේ අගය තව තවත් දැනෙනවා. පසුගිය තරඟාවලිය පුරාම මහේලගේ දක්ෂතා කැපී පෙනුනා..ඇත්තෙන්ම ඔහු අගය කල යුතු ක්‍රීඩකයෙක්

    ReplyDelete
  11. සාමාන්‍ය ජීවතයේ වෙන දේවල් ලියන හැටි අපූරුයි

    ReplyDelete
  12. @ළිහිණි
    අද මං අතින් මේ ලිපිය ලියවෙන්නේ මම බ්ලොග් පටන් ගත්තේ මේ අවුරුද්දේ නිසා. ඒ වුනත් මෙය ලිවිය යුතු නියම කාලය 2003 වගේ කියලයි මට හිතෙන්නේ. අද බොහෝ දෙනෙක් පිලි ගන්න මහේල කියන්නේ ලෝකයේ බිහි වූ දක්ෂතම ක්‍රීඩකයෙක් හා නායකයෙක් බව.

    ReplyDelete
  13. සුදීක නයෙක් අරිනවා නෙමෙයි , මම මහේලගේ බැට්එක අතට අරගන දෙපාරක් වනලා තියනවා.

    මම ක්‍රීකට් ලෝලියෙක් නොවන නිසා බැට් එකේ වර්ගය මතක නැ. බෝල වැදිලා පලුදු උන පාරවල් මම අතගාලා බැලුවා මතකයි.

    මට මතක විදිහට කෙත්තාරාම පිච් එකේ කව්රු හරි අපේ එකෙක් බෝලයට පාරවල් දෙකක් ගැහුවා මතකයි.

    වෙන එකෙක් තමන් පණවගේ ආරක්ෂා කරන බැට් එක අල්ලන්ඩවත් දෙයිද.

    අපි බැට් එක දිහා බලනකොට ආ බලන්ඩ කියලා මහේලම බැට්එක දුන්නා

    සාමාන්‍ය කෙනෙක් වගේ නිහතමානිව අපිත් එක්ක ගනුදෙනු කලා

    ඇත්තටම අහිංසක , මහත්මයෙක් . පඩ නැ , අලි ඔලුව නෑ.

    ඔය වාසනාව මට උදා උනේ මතකද වසර ගණනාවකට කලින් මොබීටෙල් ටීවී කමර්ෂල් එකක් ගියා අන්න ඒ කමර්ෂල් එක කරන කොට මමත් ඒ කමර්ෂල් එකේ වැඩකලා.

    ඔය කමර්ෂල් එකේ මුත්තයියා මුරලිදරනුත් හිටියා එයා ගැනනං කතා කරලා වැඩක් නැ, එව්වා කියන එක හරි නැති හන්දා නිකං ඉන්නවා

    ReplyDelete
  14. සුදීක කවුරු මොනා කිව්වත් දැනට ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයෙක් මහේල ...
    බොරු කියන්ට ඕනේ නැහැ මගෙත් එක්ක වැඩ කරන ඉන්දියන් සෙට් එකත් කියන්නේ ඒගොල්ලෝ දැකපු හොඳම ක්‍රීඩකයෙක් මහේල කියල.

    වටිනා පොස්ටුවක්.

    ReplyDelete
  15. පෝස්ටුව දිග වැඩි හින්දා කියෙව්වෙ ටිකයි,

    මහේල හොද ක්‍රීඩකයෙක්, දක්ෂ නායකයෙක්....ඒත් ඊයෙ වැරදුනා.

    ReplyDelete
  16. @අටම්පහුර
    ඇත්තටම මහේල දිහා ඈතින් ඉඳන් තීරණ ගන්න එකයි මෙතන වෙන්නේ. පොලවේ පය ගහල ඉන්න පුද්ගලයෙක්. මම දුක් වෙනවා එදා ටිකක් කථා නොකකල එකට.

    ReplyDelete
  17. @Shanaka Kumara
    මගේ මේ පොස්ට් එකේ වටිනාකම මට දැන් දැනෙනවා. මහේල ගැන දන්නා කී දෙනෙක් දැන් කමෙන්ට් කලාද?

    ReplyDelete
  18. @Sumith Niriella
    කුමක් හෝ කාලය පිලිබඳ ප්‍රශ්නයක ඉන්නවා වගේ පේනවා. ඊයේ බටහිර ඉන්දීය ක්‍රීඩකයන් පන්දුවට පහර දෙද්දී විකට්ටුව අමාරු බව තේරුම් ගත්තා. එනිසා ඔවුන්ගේ වේග පන්දු යවන්නන්ගෙන් දෙදෙනෙකු පමණයි පන්දු යැව්වේ. රාම්පොල් සහ සාමි. ඔවුනුත් අඩු ඕවර ගණනක් යැව්වේ. බ්‍රාවෝ, රසල් සහ මදවේග පන්දු යවන පොලාර්ඩ් පන්දු යැව්වේ නෑ. ඔවුන් කඩුල්ලෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. අපට කාසියේ වාසිය ලැබුනා නම ප්රථිඑලය වෙනස් වන්න තිබුණා. මම හිතන්නේ අවසාන තරගයකට මීට වඩා හොඳ කඩුල්ලක් ලබා දෙන්න තිබුණා.

    ReplyDelete
  19. the best tactical captain in world cricket!

    ReplyDelete
  20. සහතික ඇත්ත, පොස්ට් ඒකෙන් ගන්න ලොකු දෙයක් තියෙනවා

    ReplyDelete
  21. බොරු කියන්න ඕන නැ ..පොස්ට් එක අසාවෙන් කියෙව්වා..මුරලි ගෙන කියල වැඩක් නැ.. ලංකාවේ මිනිස්සු සත5 ගණන් ගන්නේ නැ..සුද්දෙක් අවොත් පස්චාත් බාගේ දෙන්න යනවා

    ReplyDelete
  22. @Sabith
    And one of the best technical batsmen.

    ReplyDelete
  23. @පුබුදු
    හොඳයි බොහොම ස්තුතියි.

    ReplyDelete
  24. @Anonymous
    බොහොම ස්තුතියි. මුරලි ගැන දැන ගත්තේ අද.

    ReplyDelete
  25. https://www.facebook.com/media/set/?set=a.530242177002510.139005.100000501986303&type=1
    නිහතමානී කම ඇස් පනාපිට දුටුවෙමි...
    ඔය තීන්නේ ඒ වෙලාවේ ගත්තු ෆොටෝ එකක්..

    ReplyDelete
  26. @තරියා අබේ
    ඇත්තටම ඔයා හරි වාසනාවන්තයෙක්.

    ReplyDelete
  27. මහේල කියන්නෙ ළොව බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒකේ ආයෙ කතා දෙකක් නෑ. නමුත් මහේල ඔහුට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට හා ළෝකයාට විශාල බොරුවක් කලා. ඔහු විශිෂ්ටයකු කියා ඒවා කිසිසේත් අමතක කරන්නත් බෑ. මහේල ගැන ඔක්කෝම දන්න ඔබ එය නොදැන ඉන්නත් බෑ..

    ReplyDelete
  28. Mahela kiyanne mageth priyathama kreedakaya.mage husband nam criket walata panath arala inne.hama thissema waradunama kiyanawa Mahela pandiyane ,ekai ehema une kiyala.eth catch ekakadi bole bima gawunoth hema kiyanawa apo Mahela kawadawath boru kiyanne na..harima awanka manussaya kiyala.ithin mama kiyanna uthsaha kale Mahelata kamathi akamathi kata unath kawadawath Mahelage awanka kama gana wath abhimanaya ganawath prashna naganna ba kiyana ekai.criket match atharathuredi jathyanthara wisthara wicharakayanta sawan dunnothin owun Mahela gana kiyanne monawada kiyala ahanna puluwan.."siya rata de siri sapa de " kiyala kiwata ape rate de nam ape minissunta age na.Mahelata banina gaman owun age karawi pakisthane Waseem Akram wa.bala mahalu kawruth danna paridi ckiket pittaniyedi ohu alima ali hora newa.

    ReplyDelete
  29. මහේල කියන්නේ ක්‍රිකට් වලට නොදෙවෙනි නායකයෙක්
    As a sri lankans we are proud of u mahela !

    ReplyDelete
  30. මමත් මහේලව දකින්නේ ඔබ දකින විදිහට තමා. ගොඩක් දෙනෙකුගේ නැති පරිනත කමක් මම ඔහුගේ දකිනවා.. එක වතාවක් මම මහේලව සහ බිරිඳව (එවකට පෙම්වතිය) හමුවී කතා බහ කොට තිබෙනවා. ඔවුන් බොහොම සුහද මිනිස්සු..

    ReplyDelete
  31. ඔහු දක්ශ ක්‍රිඩකයෙක් ඇත්තෙන්ම හොඳ නායකයෙක් හොඳ හදවතක් ඇත්තෙක්

    ReplyDelete
  32. මහේල කියන්නේ මම ආසම පුද්ගලයෙක් වගේම ..ආසම ක්‍රීඩකයෙක්

    ReplyDelete
  33. @මාතලන්
    අනේ ඒක නොදැන ඉන්න උඹ බබානේ කියල කියන්නැතුව කියනවද ඒ බොරුව මොකක්ද කියල. මේක බලන හැමෝම කැමතියි දැන ගන්න.

    ReplyDelete
  34. @Anonymous
    Eka hariyata wife husband gana kiyanawa wage LOL.

    ReplyDelete
  35. @Raj
    එක රාජ් කෙනෙක් හරි දැන් තියෙන්නේ අනිත් රාජගේ අදහස බලන්න. :D

    ReplyDelete
  36. @චමී4යූ~chami4u
    චමීත් මහේලට කැමතියි එහෙනං.

    ReplyDelete
  37. මහේල ගෙ වෙබ් සයිට් එක කලේ අපෙ කම්පැණි එකෙන්. එක මුලින්ම විවෘත කරන දවසෙ ඔහු වෙලවටත් කලින් ඇවිත් හිටියා. මට නම් ඔහු වීරයෙක් උනේ ලOකාවෙ team එකට සෙල්ලම් කරන්නත් කලින්.

    ReplyDelete
  38. මහේලව කිප වතාවක් මට මුණ ගැහිලා තියෙනවා... ඒ මා ක්‍රිකට් ක්‍රීඩාංගන වල ප්‍රවේශ පත්‍ර‍ සම්බන්ධයෙන් කටයුතු කල කාල වකවානු වලදි... ඔහුගේ අත්සන මගේ ලගත් තියෙනවා... මා දන්නා විදියට මහේල ලැජ්ජා ශීලී අයෙක්... ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍ර‍තිචාර වලට අඩුම තරමින් හිනාවක් හරි නොදක්වපු කෙනෙක් නිසා ක්‍රීඩා ලෝලීන් ඔහුට එතරම් කැමැත්තක් දැක්වූවේ නෑ... SSC ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා ලෝලීන් පිරිසක් දැඩිව ඔහු විවේචනය කල නිසාම ඔහු හතරේ සීමාව ආසන්නයෙන් පිටියේ මැදට මාරුවීමක් පවා ලබාගත්තා. එවකට නායකයා මාවන්. එහෙත් අද ඒ තත්වයේ යම්කිසි වෙනසක් වෙලා තියෙනවා කියලා පේනවා..

    මහේල හොද බව ඇත්ත එහෙත්...ඔහු පුද්ගලයන් සමග ඉක්මනින් මිතුරු වෙන කෙනෙක් නෙමෙයි.

    මට පුද්ගලික ජීවිතේ හමුවෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් නුවන් කුලසේකර හා රොමේෂ් කලුවිතාරණ ඉතාමත් නිහතමානී අය ලෙස දක්වන්න පුලුවන්... නුවන් මගේ පාසල් මිතුරෙක්... ඒ මිත්‍ර‍ත්වය අදත් තියෙනවා... ඔහුට ඇමතුමක් දෙන අවස්ථාවක රියදුරු අසුනේ හිටියත්.. පොඩ්ඩක් හිටපන් මේක අයින් කරලා නවත්තගන්නකං කියන ජාතියෙ චරිතයක්...

    රොෂාන් මහානාමත් ඉතාමත්ම හොද කෙනෙක් කියලා ක්‍රීඩා ක්ෂේත්‍රයේ අය කියනවා මම අහලා තිබුනත් පුද්ගලිකව හමුවෙලා නෑ...

    ReplyDelete
  39. @Anonymous
    ඔහු හොඳ විනයක් තියෙන පුද්ගලයෙක්. වෙලාවට වැඩ කිරීම හොඳ දෙයක්.

    ReplyDelete
  40. @සිරාගෙ කාමරේ
    //මහේල හොද බව ඇත්ත එහෙත්...ඔහු පුද්ගලයන් සමග ඉක්මනින් මිතුරු වෙන කෙනෙක් නෙමෙයි. //
    මේක ඉතින් ඔහුට ආවේනික ලක්ෂණයක්. මේක කවුරු හරි කියන්න තිබ්බේ කලින්ම. එතකොට ඔහු ගැන නිවැරදි තත්වය රසිකයන් තේරුම් ගන්නවා.

    අහ් ! නුවන්ගේ පාසල් මිතුරෙක් නම් එයාගේ මස්සිනා දුමින්ද වත් අඳුරනවා ඇති එහෙනං.

    ReplyDelete
  41. අද පරක්කු වෙලා මේ පැත්තෙ ආවෙ මෙන්න මගේ කතාව.
    ඔබේ කියු මහේල පඩියෙකු නොවන කතාව මා දන්නෙ අද ඊයෙක නොව 1989-1990 සිට මා මහෙල රසිකයෙකි පාසලේදී වයස 11 පහල ක්‍රීඩා කරන කාලයේ සිට මා ඔහු හදුනන්නෙමි. රොෂාන් මහනාම අප පාසැලෙන් බිහි වූවාට පසු ඔහු වැනිම මුල් බැසගත් පරාල ඇනයක් වනබව මහෙල ඒකල ඉඟි පලකොට තිබුනා. ඔබ බොහෝ දෙනා නොදන්නවා උනාට දිසාල් ජයවර්දන නැත්නම් මහෙලගේ සොහොයුරා ඔහු වැනිම දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සමහරවිට දෛවය ඒ අපට අහිමි කලේ අද ලෝකයම කතාකරන තරුවක් වන්නට ඉඩ තිබුනා.

    …1992 අවුරුදෙ මා ආනන්ද නාලන්ද මහතරඟය වෙනුවෙන් සමරු කලාපය නිර්මානය කිරීමට සම්බන්ද උනා. මට පැවරී තිබුනේ ක්‍රිකට් කන්ඩායම වෙනුවෙන් විරිඳු නිර්මානය කිරීම. අන්න එදා මම පොර. මට මතකයි මහේල මගෙ ලඟට ඇවිත් කියුවා "අයියෙ කාඩ් ගහන්නෙ නැතිව ලියන්න" කියලා . මහෙල විතරක් නෙමයි. කන්ඩායමෙ උන්න හැමෝම වගේ කියුවා. මහේල විශේෂ නිසා ඔහුගෙ නම සඳහන් කලේ. ඒකාලෙ වනකොට මහෙල ශ්‍රීලංකා කන්ඩායමය එක්වන ලකුනු පෙන්වමින් තිබුනෙ.

    ලොව පූජිත නමක් දිනුව මහේල ලක ලෑස්තියෙන්
    ගහන පාර හයේ හතර කවුරුත් දෙයි ඔල්වරසන්

    මේ මම් ඔහු වෙනුවෙන් එදා එක්කල විරිඳු පද කීපය.
    …මගෙ මල්ලි මහේලගෙ පන්තියෙ උන්නෙ මට මතක හැටියට 1986 සිට ඔහු(මගේ මල්ලි) එතරම් සමාජය සමග එකතුවෙන පුද්ගලයෙකු නොවෙ. පාසලේ කිසිම දෙයකට මම හිතන්නෙ පාසලෙන් නික්මුනාට පස්සෙ(1995න් පස්සෙ ) යොමුවුනෙ නෑ. 2002 නැත්නම් 2003 එවකට මහේල මුලු ලෝකයම දන්න කෙනෙක් ගල්කිස්සෙ එක්තරා ආයතනයකදි මට මහෙලව දකින්න ලැබුනා පාසලෙන් අස්වෙලා අවුරුදු දහයකට විතර පස්සෙ මාව අදුන ගනීද කියන බය තිබුන නිසා මම කතාකරන්න ගියෙ නැ. ඒත් ටිකවෙලාවකින් කෙනෙකු මගෙ පිටට තට්ටු කර "හලො පලෙහිපිටිය අය්යෙ" කියුවා. ඒ මහෙල පලෙහිපිටිය කියන්නෙ මගෙ මල්ලිට ඉස්කෝලෙදි කියපු නම. ඉතින් එහෙම මතකයක් තියන කෙනෙකු පඬියෙකු කියලා මමනම් හීනෙකින්වත් හිතන්නෙ නෑ .

    …මහෙල පඬියෙකු වීමට හේතුව මෙන්න මෙයයි.
    අද වගේම ඒකාලේත් කොල්ලො කෙල්ලො යාලුවුනානේ ඔය කාලෙ ඒ වයසේ උන්න කෙල්ලන්ගෙ වීරයා වෙන කෙනෙකු නෙමෙයි මහෙල. ඉතින් ඔය කොල්ලො කෙල්ලො හමු උනාම කෙල්ලො තමන්ගෙ කොල්ලට මහෙල ගැන වර්නනා කරලා කියන එක රුස්සන්නෙ නෑ .අර රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියනවනේ. අපි ගෑනු විතරයි එහෙම හිතන්නෙ කියුවට පිරිමින්ගෙත් හැංගුන ඒ ගතිය මගේ පාසැල් කාලෙ මිතුරන්ගෙන් මම දුටුවා. ඒ හැමොම වගේ මහේලට අදත් කැමති නෑ.

    …කමෙන්ටුව දිග වැඩි උනාවගෙ තව තියනවා මහේල SSC එකට ක්‍රීඩාකරන්න හේතු තියන කතාවකුත් වෙලාවක් තිබ්බොතින් දාන්නම්

    …මහෙල නිසා දනගහගෙන උන්න කතාවක් තියනවා කැමතිනම් බලන්න මහෙල නිසා දනගහගෙන උන්න කතාවක් තියනවා කැමතිනම් බලන්න මෙන්න ලින්කුව a



    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  42. Anonymous said... //Mahela kiyanne mageth priyathama kreedakaya.mage husband nam criket walata panath arala inne.hama thissema waradunama kiyanawa Mahela pandiyane ,ekai ehema une kiyala.//

    …මගේ පොස්ට් එක දානකොට මේක Publish වෙලා තිබුනෙ නෑ මේ මම් කියපු එකම නේද ?

    ReplyDelete
  43. @මාතලන්

    මමත් කැමතියි ඒක දැනගන්න

    ReplyDelete
  44. මහේල යනු මමත් කැමතිම ක්‍රීඩකයෙක්. ක්‍රිකට් වලට එච්චරම ප්‍රියතාවයක් නැති වුණත් මම ගරු කරන ක්‍රීඩකයෙක්!

    ReplyDelete
  45. @Loku John
    ඔයා කියපු අනාවැකිය ඇත්ත වුනහම ඔයාට මොන වගේ සතුටක් ඇද්ද? අනිත් එක මේ වගේ කෙනෙක් පුද්ගලිකව අඳුනන එක. මටත් ලොකු සතුටක් ඇති වුනා මම කියපු දේ බොහෝ දෙනා අනුමත කරන කොට.

    අර ඔයා කියන ඉරිසියා කතාව මම මීට කලින් දැක්ක නාමල් උඩුගම සම්බන්ධයෙන්. ඒ කාලේ කෙල්ලො පුදුම විදියට නාමල්ට ආදරෙයි. ඉතින් තමන්ගේ කොල්ලත් එක්කත් නාමල් ගැන කථා කරනකොට ඒ කොල්ලන්ට මාර විදියට තද වෙනවා. පස්සේ සංගීත ප්‍රසංග වල නාමල්ට හූ කියන්න සංවිධානය වෙලා හිටියා.

    ReplyDelete
  46. @Loku John
    සමහරවිට ඒක වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  47. @සිතුවිලි සිතූ
    මම හිතුවට ගොඩක් අය ඉන්නවා එහෙනං මහේලගේ රසිකයෝ.

    මම කැමතියි හැම දෙනාගෙන්ම දැන ගන්න කොයි කාලේ ඉඳලද රසිකයෙක් වුනේ කියල.

    ReplyDelete
  48. @සුදීක

    ඇත්ත ක්‍රිකට් තරඟයක තීරනය කාසියේ වාසියෙන් තීරනය කිරීමට සිදුවීම කනගාටුවට කරුනක්. කාසියෙ වාසිය අපි පැරදුනා කියලා දැක්කම එකපාරටම දුක හිතුනා. මොකද මේ දෙමනේ පකිස්තාන ශ්‍රිලංකා අවසන් පූර්ව තරඟයෙදි උනේ. මටනම් හිතෙන්නෙ පල්ලෙකැලේ විකට් එක මීට වඩා හොඳයි

    ReplyDelete
  49. @Loku John
    කාසියේ වාසිය කියන්නේ විකට්ටුව. මෙතනදී සාමි වාසි දෙකක් ගත්ත. එකක් මුලින් පන්දුවට පහර දීමේ වාසිය. අනිත් එක කඩුල්ලේ ස්වභාවය හොදටම තේරුම් ගෙන මද වේග සහ දඟ පන්දු යවන්නන් යොදා ගත්තා. ඔවුන් දන්නවා ඔවුන් ලබා ගත්තේ නියම දිනුමක් නොවන බව. සමිටත් මේ දේවල් එළියේ බලන් හිටපු එයාලගේ විසේසඥයෝ කියන්න ඇත්තේ. ඒ අතින් ඔවුන් දිනුම්. නමුත් මම කියනවා සෙමි ෆයිනල් තරගය තිබ්බ විකට් එක තිබ්බ නම් ජය අපිට හිමි වෙන්න තිබුණා කියලා. ලෝක මට්ටමේ අවසාන තරගයකට දුන් කඩුල්ල සාධාරණද ? කියල මම අහනවා තණතිල්ල බාර ප්‍රධාන නිලධාරියාගෙන්. හරි නම් ඉල්ලා අස් වෙන්න ඕනේ එයා. වෙන රටක වුනා නම් ?

    ReplyDelete
  50. මහේල ගැන ඔය වගේ කතා මමත් අහලා තියෙනවා... ගොඩක් අය ඉතින් බලන් ඉන්නේ කාට හරි කතාවක් කියන්නනේ... මම ක්‍රිකට් ගැන නම් එච්චර උනන්දුවක් නෑ... ඒත් බලන්න අවස්ථාවක් ලැබුනු වෙලාවට නම් බලනවා... කාගේ වුණත් බාහිර ස්වරූපෙන් ඒ මනුස්සයාගේ ගතිගුණ කියන්න බෑ... ඒ මනුස්සයව ආශ්‍රය කරලම බලන්න ඕන...

    ReplyDelete
  51. @අළුත් මල්ලි : Shan Dissanayake
    මේ පොස්ට් එකෙන් මම කියන්න බලාපොරොත්තු වුන දේ තමයි "කෙනෙකුගේ භාහිර ස්වරූපයෙන් ඒ කෙනා ගැන විනිශ්චය කරන්න එපා කියල"

    ReplyDelete
  52. sudeera nukan moda katha kiyanna epa. Mahela mageth pattama player. Eth mata thama therum ganna be ei Malingata over thunak eka digatama dunne kiyala. mokada okkoma dekka slow bowlerslata gahanna beri eka WI lata e welawe. 19 weni over eka newei awula eta kalin dunna over tika. Ethana tikak hithuwanam oita wada hoda deyak wenna thibba. Mokada 15,16 wage over eka Akilagen hari Dilshangen hari yewwanam Marlan ahuwenna thibba. Ithin mata hithenne ethandi Mahelage theerane weradi.

    ReplyDelete
  53. @Anonymous
    මේ ටික බලන්න
    මැතිව්ස් 1-(0) / 2- කුලසේකර(1) / 3 -මැතිව්ස්(1) / 4 - කුලසේකර(6) / 5 - මාලිංග(4) / 6 - අජන්ත(2) / 7 - මැතිව්ස්(4) / 8 - අජන්ත(4) / 9 - මැතිව්ස්(7) / 10 - ධනංජය(3) / 11 - අජන්ත(6) / 12 - ධනංජය(10) / 13 - මාලිංග(21) / 14 - අජන්ත(4) / 15 - ජීවන්(14) / 16 -අජන්ත(2) / 17 - මාලිංග(19) / 18 - ධනංජය(4) / 19 - මාලිංග(10) / 20 - කුලසේකර (15).

    අපිට එළියේ ඉඳලා ඉවර වුනාට පස්සේ ඕනෑ කතාවක් කියන්න පුළුවන්. ඇතුලේ ඉන්න මිනිහාගේ හිත වැඩ කරන ආකරේ අපිට කියන්න බෑ. ඔයා කියන්නෙත් අහු වෙන්න තිබ්බ කියලා විතරයි. මෙතැන 15 තමයි ප්‍රශ්නේ, නේද ? 16 ට 2යි ගහල තියෙන්නේ. 15 යවල තියෙන්නෙත් දඟ පන්දු යවන්නෙක්. මම නම් කියන්නේ මාලිංගව එළියෙන් තියල හේරත් ගස්සන්න තිබ්බ කියල. ඕනනං එහෙමත් කියන්න පුළුවන්.

    මම කියන්නේ මාලින්ගාව යොදා ගත්ත එක නෙවෙයි ප්‍රශ්නේ, මාලිංග පන්දු යවපු ආකාරෙ. IPL එකේ මිනිහා මේ වගේ ඕවර් යවනවා ගින්දර වගේ.

    ReplyDelete
  54. මහේල/මුරලි/සංගා

    මම ආස කරන ලාංකික ක්‍රීඩකයෝ තිදෙනා.

    අවසන් තරගය පරාද වෙලා මහේල ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලුවා. ඒකම ඇති මහේලගේ තත්වය පෙන්නන්න.

    ජය !

    ReplyDelete
  55. thankz for reading my blog post :).. me artical eka nam maru ... math mahela wa dakinna kalin mahelage first test match eka radio eken ahagena hitiye.. passe ara australia waladi gahapu ODI ekedi thama man eyawa hariyatama dekke.. Still he is my best...

    ReplyDelete
  56. ඔය කියන නිහතමානිකම ඇස දෙකෙන්ම මමත් දැක්කා. පෝස්ට් එක අසාවෙන් කියෙව්වා.. මට තියෙන ලොකුම දුක ලංකාවේ බිහිවුණු හොදම ක්‍රීඩකයෝ දෙන්නෙක් වුනු සංගා හා මහේල ෆයිනල්ස් හතරකට ඇවිල්ලත් කිසිම ලෝක ශුරතාවයක් නැතිව ක්‍රීඩාවෙන් සමුගන්න වේවි කියල හිතෙනකොට

    ReplyDelete
    Replies
    1. ඇත්ත. 2011 දී සචිනුත්, මෙවර ක්‍රිස් ගෙලුත් අප්‍රමානෙට සන්තෝස වුනේ ඔය කාරනේටම තමයි. ඔවුන්ට තිබෙන අවසාන අවස්තාව බංග්ලාදේශයේ තිබෙන මීළඟ විස්සයි20 තරගාවලිය.

      Delete
  57. මහේල මුල් කාලයේ ලක්බිම කියලා ස්ටිකර් එකක් අලවපු බැට් එකකින් සෙල්ලම් කරනවා මතකයි

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට මහේල මුලින්ම පාවිච්චි කලේ ටෝරස් එකක්, පස්සේ ලක්බිම අනුග්‍රාහකත්වය ලැබිල තියෙන්නේ.

      Delete
  58. 20 ෆයිනල් එකේ අපි දිනන්න ගියේ පිච් එකේ පිහිටෙන් ඒක අපිට බැක් ෆයර් වුනා තරගාවලිය පුරාම අපි සෙල්ලම් කරේ පිච් එකේ පිහිටෙන් මතකනේ දකුණු අප්‍රිකාව එක්ක මැච් එකේදී පදිරි වුන හැටි අපේ රටේ මැච් එක තිබ්බ හින්දා පිච් එකේ වාසිය ගන්න එක වැරද්දක් නැ එත් එකවත් හරියට කර ගන්න බැරි වුන එක ගැන දුකයි.

    මහේල ඕපන් ඇවිල්ලා බැට්‌ කරනවා බලන්න ආසයි නමුත් අදටත් සමහර ඇක්ෂන් මට පෙන්න බැ පද වැඩි

    ReplyDelete
  59. mamath Mahelata godak garu karanawa. me wenakal lankawe bihi una hodama captn mahela kiyalay mama nam hithanne. eya pandithay kiyana kathaawa mamath athi wenna ahala thiyenawa. mahelawa dakala katha karala nathi unath mahela pandithayek kiyala mata kawadawath hithila na. match 1 kadi tm 1 lead karana hati balan inna asay. Mahela nathi match 1k balanna asawak nathi wena tharamatama mama mahelage fan kenek wela.T20 wrldcp 1 paradunaata nemey mama aduwe. mahela cptncy 1n ain wenawa qwama. he is the best!!!!!!!!!!!!!

    ReplyDelete
  60. Aravinda Uduwawela
    I got to Know Mahela in 1992. Dharmaraja Vs Nalanda Under 19 cricket match. Still the friendship lasts. Before every match starts and after the match we use to exchange calls or SMS's. Sudeeka I am really happy to see an article about my best friend. Very rarely people praise Mahela. This is the best article I have ever read. You can add me if you are in facebook. You can see our friendship there. I will pass this article Mahela as well. Keep it up. Also thanks to all Mahela lovers. KIT

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...