Saturday, October 13, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 21 - අනේ ඇයි මෙයා පොඩි ලමයින්වම රේප් කරන්නේ?

මේක මම ඇත්තටම අහගෙන හිටපු කතාවක් නෙවේ. ඒත් මම මේ ජොබ් එකට එන්න කලින් මගේ ඔෆිස් එකේ වෙච්ච් කතාවක්.  මේක මගේ මතකෙට ඇවිල්ල ගොඩක් කල්. අද ලියන්නම් හෙට ලියන්නම් කියල ඉන්නවා. ම්හු... කෝ ලිව්වේ වෙන වෙන බහුබුතනේ. මතකනේ පහුගිය කාලේ නැගලම ගිය නිවුස්. දැන් කියයි 6% කේස් එක කියලා. නෑ ඊට පොඩ්ඩක් කලින්. එතකොට අර මේජර්ගේ සීන් එකද? නෑ ඒකත් නෙවෙයි. ඊටත් පොඩ්ඩක් කලින්.  එතකොට අර මුන්නේස්වරමේ එළු සීන් එක වෙන්ටෑ? නැහැනේ බොලල්ලා. එහෙනම් අහවල් එකද ? අහවල් එකක් තමයි. අර අකුරැස්සේ වුනේ. හා හරි හරි අපිට මතකයි. අර රේප් කේස් නේද? ඔව් ඔව් රේප් කෙසේ තමයි. 

ඔන්න අපි නියම තැනට ආවා. පහුගිය කාලේ, දවසේ පත්තරයක් ගත්තොත් ඕනෑම දවසක රේප් කේස් එකක් පත්තරයක. ඔන්න ඔය වගේ එක දිගට රේප් කේස් පත්තරේ දිගටම ගිය කාලයක් තිබුනාලු එක්දාස් නවසිය අනූ ගණන් වල මුල හරියේ. මම මේ ජොබ් එකට ආවේ අනූ ගණන් වල හරි මැද නේ. ඒ නිසා එහෙම වෙන්නට ඕනෑ. උදේ තේ විවෙකෙදී කල්ලි ගැහිලා තේ හදාගෙන බොන පුරුද්දක් ඒ කාලේ අපේ ඔෆිස් එකේ තිබිලා තියෙනවා. එහෙම එකතු වෙලා ඉන්නකොට එක එක මාතෘකා එනවනේ කතා කරන්න. දැන්නම් ඔය 6%, පැට්‍රල්, ටුවෙන්ටි20, මාමා, එළුවා වගේ කතානේ එන්නේ. ඒ කාලේ නැගලම ගිහින් තියෙන සීන් එක මම අර කලින් කිව්ව රේප් කේස් සීන් එක. ඔන්න ඉතිං මේ කතාවට මුල් වෙච්ච අපේ කතා නායිකාව. ආහ් ! එයා ගැන පොඩ්ඩක් විස්තර කලේ නැත්නම් ලොල් ගතිය නැතුව යනවා. 

එයාගේ නම - නම මොකටෙයි, අපි එයාට කතා නායිකාව කියමු. නැහැ එහෙම හරි නෑනේ අපි මේ වචන දෙකම එකතු කරලා දාමු රුසියන් නමක්."කතානා". එල නේද? ඒ කාලේ වෙද්දී බඳින වයසේ හිටිය කතානාට කවුරුත් පේජ් බෝයි කියල ඇමතුවේ එයා කොන්ඩේ හොඳටම කපල ඉන්න කොට කොල්ලෙක්ගේ වගේ මුණ නිසා. බෝතල් අඩි කන්නාඩි දෙකයි තරබාරු සිරුරයි. ඇවිදින්නෙත් බොහොම හිමිං ඒ මදිවට. ඉතිං රජෝ ඔය වගේ ඇත්තෙකුට පුරුෂ පරානයක් හොයනවා කියන්නේ ඉතිං කළු නික හොයනවා වගේ වැඩක් නේ. ඒත් කතාන කසාදයට බොහොම කැමතියි. බස් එකේ, ඔෆිස් එකේ, මගතොට යන කවුරුවත් ඉතිං කතානට බැල්ම දාන්නේ නෑ. එක අතකට පව්. ඒත් ලබා උපන් හැටිනේ. හොඳ දේපලකට හිමි කම් කිව්වත් කිසිම ප්රෝතිචාරයක් වැඩ කලේ නෑ. (මේ ටික කිව්වේ කතාව රසවත් කරන්න. කතාවට ඇගේ නියම ස්වරුපය අවශ්‍ය නිසා. ඇයට මේකෙන් කිසිම අපහාසයක් කරන්න නෙවයි) . ඉතිං ඔෆිස් එකේ ඇති වුනා මේ වගේ දෙබසක්.

කතානා : අනේ බලන්න මෙයා මේ පත්තර වල තියෙන දේවල්. බැලුවොත් තියෙන්නේ රේප් කේස් එකක්. බලන්න මේ අවුරුදු හතරක පොඩි ළමයෙක්ව රේප් කරලා. අඩු ගානේ අපි වගේ නං කමක් නෑ. 

මේ කතාව එතන හිටිය මගෝඩි කොලුවෙක් හැමෝටම ඇහෙන්න කා ගහල කියනවා. 

"මේ බලන්න මේ කතානා කියනවා හැම තැනම පොඩි ළමයින්ව විතරක් රේප් කරනවා අනේ අපිව රේප් කරන්න කව්රුත් නෑ කියලා"

එදා ඉඳල කතානා මුණ ගැහුනම කව්රුත් අහනවා "අපිව  රේප් කරන්න තමයි ඉතිං කවුරුත් නැත්තේ නේද කතානා කියලා"

පින්තුරය ගත්තේ : humasattars.wordpress.com

44 comments:

  1. පව් බං ! උබලට උදව්වක් කරන්න තිබ්බ ඒ ඇත්තිට :)

    ReplyDelete
  2. අනේ සුදික මට කතානා කෙල්ලගේ එඩ්රස් එක දියංකෝ

    ReplyDelete
    Replies
    1. දෙන්නම් හැබැයි පස්සේ බනින්න බෑ හරිද?

      Delete
    2. ඇයි අටමො කතානාගෙ මැෂින් එකට තෙල් දාන්නද....

      Delete
    3. අටෝ ගේ ඔලුවෙ කෙස් නෑ...

      Delete
  3. හී හී උඹ නම් කියයි.

    ReplyDelete
  4. ලස්සන කතා පොඩ්ඩ ...!

    ReplyDelete
  5. kiyana widihata nam hithe thibuna awanka adahasada danneth ne eliyata awe.
    Ela kathawa.

    ReplyDelete
    Replies
    1. නෑ මචං කතානා කිව්වේ ලොකු අය නම් කමක් නෑ කියල. ඒක අපේ එවුන් කාඩ් එකක් ගහන්න අවශ්‍ය විදියට වෙනස් කරා.

      Delete
  6. හික්ස්.. පව් කතානා.. පොලව පාගෙන යන්න හිතෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. පාගෙන නෙමෙයි පලාගෙන

      Delete
    2. එයාට තාමත් ගානක් නෑ. කිව්වහම ඔලොක්කුවට වගේ හිනා වෙනවා.

      Delete
  7. අනේ ඉතිං ඊට පස්සෙවත් ඒ අසරණ දැරිවි කතානාට රේප් සීන් එකක කොටස්කාරියක් වෙන්න ඉඩක් ලැබුනද ... පවු නේද කාගෙ හරි දරුවෙක්නෙ...

    ReplyDelete
    Replies
    1. උඹ මෙතන ඒ ගෑනිගේ අප්පොච්ච වෙන්න ලැස්ති වුනාට, දැන් වයස හතලිස් පහක් විතර වෙනවා. පස්සේ නීතියානුකුල විදියට රේප් වෙලා දැන් බබාලා දෙන්නෙක්ම ඉන්නවා.

      Delete
  8. හෙහ් හෙහ්.... ඒ වෙලාවෙම මට පොඩි මිස් කෝල් එකක් ගහන්නනේ තිබ්බේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යකෝ රජෝ, ‍තෝ මැරෙන්න හදනවද අනීවාරෙතේ? :O

      සුදීක නොකිව්ව ටික මම කියන්නද උඹට? ඔය වැඩේට නෑව් කඹේකුයි, දිග අතට පලාපු වතුර බැරල් එකකුයිත් ඕනෙ වෙනවලු.

      ඒකලු සුදීකලා නිකං හිටියෙ. :(

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. උඹලා කඹ,බැරල් අරගෙන එනකං ඉඳියි මෙන් කියල.

      Delete
    3. හෙන්රි අයියා දිග අතට පලපු වතුර බැරල් ඕනෙ වෙන්න ඒකෙ ඇතුලෙ සබ්මැරින් පදින්නද ....

      Delete
    4. කතාවේ කාලේ අනුවනම් රාජාට මිස් කෝල් ගහන්න වෙන්නේ මොන්ටිසෝරියට

      Delete
    5. ඕකා මොටිසෝරියෙ හිටියත් විස්වාස කරන්නබැරි එකා.

      ඒත් නෑනෙ බං මොඩර්න් පේට්‍රියට්. මූ ඒකාලෙ මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න ඇති ගිය ආත්මෙ. ඒත් විස්වාස නෑ කුප්ප රජා. :D

      උඹ දන්නෙම නෑ නේ සිරා? අනේ වරෙං වඩා ගන්න.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    6. ඇත්තටම ඒ කාලේ CLI නැනේ ගඩොල් බාග තමයි තිබ්බේ.
      @Dude ඔය බටු ඇට කොල්ලේ කියන ඒවා ගණන් ගන්න එපා.

      Delete
  9. එල! ඔයවගේ උදවිය එකෙක් දෙන්නෙක් හැමතැනම ඉන්නව.

    ReplyDelete
  10. ඔබේ ගිමන්හලට ගොඩ විය මම.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා. දිගටම කියවන්න.

      Delete
  11. අයියෝ කතානා නාගෙන මදි නොකියන්න

    ReplyDelete
  12. කතානල වගේ අය තමයි චුටි බබාලා වගේ පෙන්නලා, පොඩි එඋව්වන්ව අපායට ඇදල දාන්නේ.ඔය එක එක පොඩි එඋව්න් වෙනුවෙන් සමරන උත්සව කරන සම හරක් කතානල කතා කරද්දීත් චුවින්ගම් සුවදට වඩා එන්නේ ,පෙරදා බීපු ඒවල ගද.

    ReplyDelete
    Replies
    1. මේ කතානා බොහොම අහිංසක කෙකෙන්.

      Delete
  13. නියම කාටුන් එකක් තිබුනා මේ ලඟදි. මාර්ග නීති කඩන කාන්තවන්ගෙන් පොලෝසියේ රත්තරන් මහත්තුරු ලිංගික අල්ලස් ගන්නවා කියලා. ඇමති ඇවිත් මේක නෝනට කියනවා. නෝනා කියනවා බලන්නකෝ අනේ මම හැමදාම රූල්ස් බ්‍රේක් කරනවා. ඔය වගේ එක්කෙනෙක් තම හම්බ උනේ නෑනේ..

    ReplyDelete
  14. ඇයි අටමත් කියල තිබ්බා නේද ළගදි මිනිහගේ දිවට බැන්න ඇන්ටිගේ කතාවක්. බලං යනකොට මේ අපිනේ බන් වැරදි.

    ReplyDelete
  15. සුදීකලත් ඒකාලෙ මොන මගුලක් කරාද හැබෑටම

    ReplyDelete
  16. හික්ස් පව් අෆ්ෆා කතානා

    ReplyDelete
  17. උඹට එපාද නම්බර් එක.:)

    ReplyDelete
  18. කතානා පවු කීලා හිතුනා...

    ReplyDelete
  19. උඹල ඉන්න තිබුණේ අපේ ඔෆිස් එකේ.

    ReplyDelete
  20. පව් ඇයි උබල රේප් කරලා එයාට උදව්වක් උපකාරයක් නොකලේ.. උබල හරි නරකයි බං උබලා ආත්මාර්ථකාමයෝ ..ඒ අක්කා පව් .

    ReplyDelete
    Replies
    1. දැක්ක නම් උඹ කරන්නෙත් මං කරපු දේම තමයි.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...