Wednesday, September 5, 2012

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආධුනික සෙබලා(Rookie) - අකිල ධනංජය

ක්‍රීක්-ඉන්ෆෝ වෙබ් අඩවියෙහි පලවූ

Rookies, vets, and the forever unfulfilled 

Rookies, vets, and the forever unfulfilled More players who have the potential to catch your eye at the World Twenty20 Andrew Fernando, Firdose Moonda, Abhishek Purohit, Andrew McGlashan, Umar Farooq September 5, 2012

ලිපිය ඇසුරෙනි.
Akila Dananjaya celebrates one of his three wickets, Nagenahira Nagas v Wayamba United, SLPL, Pallekele, August 20, 2012

තවමත් 18 වියේ පසුවන දඟපන්දු යවන ක්‍රීඩක අමිල ධනංජය තිස්දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කරන විට ඔහු කිසිදු වෘත්තීය තරගයකට සහභාගී වී තිබුණේ නෑ. විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායමට නම් කරන විටත් ඔහු ක්‍රීඩා කර තිබෙන්නේ දේශීය විස්සයි20 තරගාවලිය වන එස්.එල්.පී.එල්. තරග හතරකට පමණි. ජාතික කණ්ඩායම තුලට ඔහුගේ වේගවත් ආගමනය දේශපාලන බලපෑමක් මත සිදු වූවක් බොහෝ දෙනා කල චෝදනාවක් වුවත්, හඳුනා ගැනීමේ දුර්වලතා නිසා ඔහු මග හැරී ඇත. නමුත් සත්‍ය වන්නේ ඔහුද ඕනෑම තරුණ ක්‍රීඩකයෙක් සිටින සිහින ලොව ජීවත් වීමයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් පුහුණුවීම් සැසියක  පන්දු යවන්නෙක් ලෙස ඔහු යොදාගන්නවිට, ධනංජය ක්‍රීඩා කරමින් සිටියේ තුන් වන කොටසේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසය. එම පුහුණු සැසියේදී ශ්‍රී ලංකා නායකයා සහ පුහුණුකරු වන ග්‍රැහැම් ෆෝර්ඩ්  දෙපල විශ්මයාට පත් කරන්නට ඔහුට හැකි විය. ධනංජයව සංචිතය වෙත සීග්‍ර-පථයෙන්(Fast-Track) ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබුනා. ඉන් අණතුරුව, එස්.එල්.පී.එල්. හී ස්ථානයක් දිනා ගන්නා ඔහු ඒ තුල දක්වන දක්ෂතා පදනම් කරගෙන් පළමු 15 දෙනාගේ කණ්ඩායමේ ස්ථානයක් සහතික කර ගන්නේ එස්.එල්.පී.එල්. හිදී කඩුළු නවයක් 6.36 ක් පමණක් ඕවරයකට ලබා දෙමින්.

ධනංජය තුලින් ප්‍රකට වන ප්‍රධානතම කුසලතාව වන්නේ එකිනෙකට වෙනස් ආකාර පහක  පන්දු, පුළුල් පරාසයක් තුල යොමු කිරීමේ හැකියාවයි.ඔහුගේ සාමාන්‍ය පන්දු යැවීමේ ශෛලීය වන්නේ පිට දඟ පන්දුවයි එහෙත් ඔහු දුස්රා සහ කැරම් පන්දුව වාගේම ගුග්ලි සහ පා දඟ පන්දුවද යවයි. මෙම විවිදත්වයටත් ඔහු ප්‍රදර්ශනය කරන වඩාත් සිත්ගන්නා ලක්ෂණය වන්නේ නොබියව පන්දුව ගුවනට මුසු කිරීම, පන්දුව බෑවුම සහ හැරවුම සඳහා කරන කැපවීමයි. මෙවැනි ඉහල තලයකදී ඔහු පෙන්වන තැන්පත් කම, ඔහුට හුරු ක්‍රීඩා මට්ටමට වඩාත් දිරි ගන්වනක්. එනමුත්  ඔහුගේ මේ තැන්පත් බව අන්තර්ජාතික මට්ටමේදී ප්‍රහාරයන්ට ලක් වන විට පත්වා ගන්න ඔහුට ඉතා මහන්සි වන්නට සිදු වනවා. 

විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේදී දුර්ලභ පන්දු යවන්නන් සාර්ථක වීමේ නැඹුරුවක් පවතිනවා, මෙන්ම නියතවශයෙන්ම, කෙටිකාලීනව ශ්‍රී ලංකාවට  අවශ්‍ය වනවා ධනංජය හා විවිධත්වය බහුලව ඇති අජන්ත මෙන්ඩිස් අතර බැරෑරුම් (පට්ට) සම්බඳතාවක්. මෙම පන්දු යවන්නන් දෙදෙනාම කියවීමට අපහසු පන්දු යවන්නන්, එහෙත් පිතිකරුවන් විශාල පහරවල් වලට යාමට බලාපොරොත්තු වන විටක ඔවුන් නිර්මාණය කරන දෙගිඩියාව විශාල වාසියක් වනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා එකතුව පන්දු යැවුවහොත් එම වාසිය තවත් තීව්ර වනවා. එස්.එල්.පී.එල්. හී ඔහු දක්වන ලද විශිෂ්ටත්වය නොවන්නට,  ධනංජය යනු තවමත් (මහේලට) කල හැකි සුදුවකි, ධනංජය අසාර්ථක වුවහොත් ඔහුගේ අත්දැකීම් සලකා බැලීමේදී තේරුම් කමිටුව කිසි විටෙකත් පසුබට වන්නේ නෑ රංගන හේරත් ඔහු වෙනුවට යොදවා ගන්නට. 

ධනජයගේ එස්.එල්.පී.එල්. හොඳම පන්දු යැවීම වාර්තා වන්නේ වේග පන්දු යවන්නට හිතකර , අවසානයේදී අනු-ශුරයන් වූ නැගෙනහිර නාගාස් කණ්ඩායමට එරෙහිවය. එහිදී ඇන්ජලෝ මැතිව්ස්ව පන්දුව ගුවනට මුසු කිරීමට හසු කර ගන්නේ,  ගුවනේදී ගිල්වන පිට දඟ පන්දුවෙන් සිදු කරන දඟකවීම අවසානයේ ඔහුගේ පිට ඉන්නේ වැදීමට සැලසීමෙනි. සරෝජ් පතිරණව ඔහු දවා ගන්නේ මිඩ්-විකට අන්තයට එල්ල කරන්නට තැත් කරන හයේ පහර ලෝන්ග්-ඕෆ් කළාපයට උඩ පන්දුවක් ලෙස යාමෙනි. එවිට් පන්දුව දඟකවෙන්නේ අපේක්ෂා කල දිසාවට විරුද්ද දිශාවටය. ස්කොයර්-ලෙග් හතරේ සීමාවට  යන උඩ පන්දුවකින් ධනංජය තම තෙවන ගොදුර ලබා ගනී. කැමරන් අක්මාල් අතින් ගිලිහුණු ස්ටම්ප් කිරීමේ අවස්ථාව සැපුරුවානම් ඔහු එම තරගය අවසන් කරන්නේ ලකුණු දහ-අටකට කඩුලු හතරක් වශයෙනි.

හැම කෙනෙකුම වාගේ තමාගේ නම සංචිතයට ඇතුලත් වූ බව පුවත් වෙබ් අඩවියක  දුටු බවට තම මිතුරකු පැවසූ විට ධනංජය විශ්මයට පත් වී තිබෙනවා. 
ඔහු ක්‍රීඩා කල එස්.එල්.පී.එල්. තරග හයෙන් ප්‍රථම තරගයේ පමණක් කඩුලු නොමැතිව අවසක් කර තිබෙනවා. 

අවසානයේදී ඔහු කල ඉතා වැදගත් ප්‍රකාශය මෙහි සඳහන් කිරීම වටිනවා

"මා කිසිවකු අනුකරණය කලේ නෑ, එහෙත් මගේ වීරයා මුත්තයියා මුරලිදරන්.  කුඩා කාලයේ සිට ඔහු පන්දු යවන ආකාරය මා දැක තිබෙනවා. ඔහුගේ පන්දු යැවීම සමග සංසන්දනය කර මගේ පන්දු යැවීම නිවැරදි කරගෙන තිබෙනවා"





11 comments:

  1. ඔහු ඇත්තටම විශ්මයජනකයි...

    ReplyDelete
  2. ඇත්තටම මේ පොඩි එකා අපූරුයි.
    ඒ වගේම මේ ලිපියේ ඔබේ ලිවීමේ රිද්මයත් අපූරුයි.
    අපූරුයි කියන්නෙ පෙර නොවූ විරූ කියන එක නේද?

    ReplyDelete
  3. මාලිංගට වෙච්ච දේ නොවේවා....

    ReplyDelete
  4. කොහොම හරි කමක් නැහැ දක්ෂයෝ බිහිවෙනවා නම්

    ReplyDelete
  5. @ඉන්ද්‍රජිත් : ඔබගේ කමෙන්ට් එක කියවන මොහොතේ ඔහු සියට් සම්මාන උළෙලට සහබාගි වනවා. ඔහු පැවසුවා ඔහු කුඩා පාසලකින් පැමිණි බවත්, ඔහුට සහයෝගය දුන් සියළු දෙනාටත් ස්තුති කරන බව. මම හිතනවා මේ කොලුවා කුමක් හෝ කරයි කියලා.

    @රතු රජරට : මෙය මගේ ලිවීමක් නොවේ සම්පුර්ණ පරිවර්තනයක්. බොහොම ස්තුතියි.

    @අබේ : ඇත්තටම මම ඔහුට මේ වනවිටත් ෆේස්බුක් හරහා යම් තරමක උපදෙස් ලබා දීමක් කරනවා.

    @නිශාන් : ඇත්ත. මේ අපුරුවට හමු වුනේ.

    ReplyDelete
  6. මිනිහා වැඩ කරු ජය සතුට කීර්තිය ලබා රට දිනවත්වා

    ReplyDelete
  7. අජන්ත මෙන්ඩිස් ගැන මට නම් දැන් විශ්වාසයක් නෑ.. ඔහුගේ පන්දු යැවීමේ රටාව හදුනාගන්න බැරි වුනු මුල්දවස් වගේ නෙමෙයි... අන්තිමට අන්තිමට සෑහෙන්න බැට දුන්න පිතිකරුවො අජන්තට... ඔහුව හොදට විශ්ලේෂණය කරලා...

    ReplyDelete
  8. @Raj : මමත් එහෙම හිතනවා.

    @සිරා : අජන්තට තියෙන ලොකුම ප්‍රශ්නය මිනිහා හිතන්නැති එක. දඟ පන්දු යවන්නෙක් මීට වඩා පිතිකරු පිලිබඳ අධ්‍යනයකින් පන්දු යවන්න ඕනේ. අජන්තගේ පන්දු රැකීමත් දුර්වලයි. ජාතික කණ්ඩායමේ ඉන්නවා නම් හොඳින් පන්දු රකින්න ඕනෑ. ෂේන් වෝන් පන්දු යවන්න එන අතරේදීත් කල්පනා කරමින් එන්නේ. මුරලි එකම ඇක්ෂන් එකෙන් පන්දුව දෙපැත්තට දඟ කවනවා. අජන්තගේ අත පැහැදිලිව පේන නිසා පන්දුව තෝර ගැනීම පහසුයි. අනෙක මේ අග්‍රගන්‍ය පන්දු යවන්නන් පැයට කිලෝමීටර් 85ත් 105ත් අතර වේගයකින් යවන ගමන් තමයි දඟ කවන්නේ. සාපේක්ෂව අජන්තගේ වේගය අඩුයි. පිතිකරුට ස්ථානගත වීම පහසුයි.

    ReplyDelete
  9. සියට් ක්‍රිකට් සම්මාන උළෙලේදී මේ කොලු ගටයාගෙන් කැලුම් ශ්‍රීමාල් ප්‍රශ්ණයක් ඇහුව "ඔබට මේ මොහොතේ කාවද සිහිපත් වෙන්නේ ?" කියල. ඔහු කීව "උදව් කල සැමට" කියල. නම් වශයෙන් කියන්න ගියොත් අතපහු වේය කියන බයෙන්. "මගේ පාසල නොර්මල් පාසලක්" යනුවෙන්ද ඔහු පැවසුවා.

    ReplyDelete
  10. කොල්ලා නියමෙට පෆෝම් කරොත් නං ගොඩම තමයි ඈ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. @අඩවි රජ : මගේ බලාපොරොත්තුව නම් කොල්ල ටෙස්ට් ක්‍රිකට් වලින් ඉදියට යයි කියල.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...