Saturday, September 29, 2012

පාන්කරයා මාලුකරයා හැර වෙනත් කාරයන් සිටීද ?

අපේ සමාජයේ පුරුද්දක් තියෙනවා මිනිස්සු කරන රස්ස්වල් වලට "කාරයා" කියන විශේෂණ පදය එකතු කරලා පාන්කාරය, මාලුකාරය, කිරිකාරයා, පත්තරකාරය වගේ වචන වලින් ඒ අය නැති තැන ආමන්ත්‍රණය කරන්න. සමහර අය නිපුනතා දක්වන ලද ක්ෂේත්‍රයට පවා මේ "කාරයා" කොටස එක් කරමින් තනා ගත වචන සමාජයේ භාවිතා වෙනවා. සී.ඒ.එස්. කාරය, බී.ඒ. කාරය, එම්. ඒ, කාරය, පී.එච්.ඩී. කාරයා, එම්.එස්.සී. කාරයා, බී.එස්.සී කාරය යනු උදාහරණ කිහිපයක් පමණයි. ආමිකාරය, පොලිස්කාරය, නේවිකාරයා කියලා හමුදාවේ සහ පොලීසියේ අය නියෝජනය කලත් ගුවන් හමුදාවේ අයට මේ කාරයා කුලයේ නමක් නෑ, අනිත් කොටස තමයි ග්රාමාරක්ෂකයන් ඔවුන්ටත් මේ කාරය නමක් නෑ. 

මේ කාරයා කියන එකට දැඩි සේ විරුද්ද කාන්තාවන් කිහිප දෙනෙක්ම මට හමු වෙලා තියෙනවා. මගේ කාර්යාලීය සගයා ජනකගේ බිරිඳ වන සමන්ති එක්කෙනෙක්. එයා ඕනෑම කෙනෙකුට මහත්තයා කියල අමතන්න පසුබට වෙන්නේ නැතිලු. එතනින් නොනැවතී අනෙක් අයටත් 'කාරය' ලෙස නො-අමතන ලෙස ආයාචනා කර සිටිනවාලු. එහෙත් ඇගේ පියා පවසන්නේ කාරය යන්න අපිට බෝ වෙලා තියෙන්නේ අපේ රට පාලනය කල බටහිරයන්ගෙන් කියලා පොලිස්මන්, මිල්ක්-මෑන්, ෆිෂර්මන් ආදී වශයෙන්. එහෙත් අපේ අය මේ වචනය පාවිච්චි කරන්නේ අවඥාවට කියලයි මේ ක්‍රමය විවේචනය කරන අය පවසන්නේ. හැබැයි සමහරක් අයට මේ වගේ වචන වලින් කථා කරන්නේ නෑ. ඩ්‍රයිවර් - කාරය, කොන්දොස්තර-කාරයා, ග්‍රාමසේවක-කාරය වගේ වචන වෙනුවට ඩ්‍රයිවරයා, කොන්දොස්තරයා, ඉස්කොලේ මහත්තය, ග්‍රාමසේවක රාලහාමි කියන වචන පාවිච්චි කරනවා.

මේ ක්‍රමයට විරුද්ධ තවත් කෙනෙක් තමයි මගේ කාර්යාලයේ කාලෙකට කලින් වැඩ කරපු ලියෝනි මහත්මිය එයා ඒ කාලේ මේකට විරුද්ද වෙලා කාරය වෙනුවට "මෙයා" කියල කියන්න කියල අපිට කරදර කරා. අපිත් ඒ දවස් වල කථා කරද්දී "ඔයා බඳින්න කැමති ආමි-මෙයා කෙනෙක්ද?" කියල ඇයගෙන් අහනවා. ඒ ක්‍රමයට අනුව නම් ආමි-මෙයා, නේවි-මෙයා වගේ අපේ කටට නුහුරු වචන මාලාවක් තමයි. මේ ක්‍රම වලට ඇත්තටම අපට හුරු වෙන්න බැරි මේ වචන ඒ තරමටම ජන සමාජයේ කිඳා බැහැපු වචන නිසා. 
එක් අතකින් අපි කවුරුවත් කැමති නෑ අපට මේ වගේ වචන දාල කථා කරනවට. බැංකු-කාරය, කොම්පියුටර් කාරය, ක්ලාක් කාරය, ඔෆිසර් කාරය, මැනේජර් කාරය කියාලා අපේ ඔෆිස් වල අය කවුරුවත් කථා කරන්නේ නෑ. නමුත් බාවිතාවේ පහසුවට මේ වචන යොදා ගන්නවා වෙන්න පුළුවන්. සමහරු තමන්ගේ බිරිඳට වයිෆ් කාරය කියනවා මම අහලා තියෙනවා. මස්සිනා කාරය තවත් එකක්. නමුත් හස්බන්ඩ් කාරය කියනවා අහලා නෑ. සිකුරිටි කාරය, ජේලර් කාරය, නඩු කාරය, වාර්තා කාරය මේ අතරින් තවත් කාරයන් කිහිපයක්. ඇත්තටම මේවා යොදා ගැනීමේ තහනමක් සහ විරෝධතාවයක් නෑ. සමහරුන්ගේ හැකියාව දක්වන්නත් මේ වචනය යොදා ගන්න අවස්ථා තියෙනවා. මොළකාරය, වැඩකාරයා, ගණන් කාරය, අයි.ආර්.සී. කාරය මේ අතරින් වඩාත් සුලබව භාවිතා වෙන නම්. තවත් සමහරුන්ගේ නොහොබිනා පුරුදු වලටත් මේ කාරය යොදා ගන්නවා. බඩු-කාරය, ගල්-කාරයා, කොලු-කාරය නිකම්ම මතකයට එන ඒවා.

හැබැයි සාමාන්‍ය වහරේ මේ වචනය සභ්‍ය ලෙස බාවිතා වෙනවා තරමක වෙනස් කමක් සමග. ඒ 'කරු' කියන විශේෂණය එක්ක. අණ-කරු, වාර්තා-කරු, මුද්‍රණ-කරු, අයිති-කරු,සැපයුම් කරු මේ අතරින් කිහිපයක් පමණයි. වෙලාවකට හිතෙනවා මේ "කාරයා" කියන පදය ඔය "කරු" කියන එකෙන් බිඳිලා ආපු එකක්දෝ කියල. අපි මේ කරන බ්ලොග් කරුමාන්තයේ යෙදෙන අයට බ්ලොග්-කරු කියලා අමතනවා මා දැක තිබෙනවා.  හැබැයි අපේ ගීත වල පවා "කාරයා" යොදා ගත්ත අවස්ථා තියෙනවා. මේ අතරින් හිමිකාරයා, ඉරණම්කාරය මුලින්ම මතකයට එන වචන. සමහර විදේශිකයන් අමතන්නත් මේ කාරය කොටස යොදා ගන්නවා පෘතුග්‍රීසිකාරය, ලන්දෙසිකාරය, ඉංග්‍රීසිකාරය, ජර්මන්කාරයා, ඉන්දියන් කාරය, පකිස්තාන් කාරය, ඇමරිකන් කාරය. වෙලාවකට හිතෙනවා මේ කාරය කියන එක ඉංග්‍රීසි වචනයක් කෙලවරට දාන යොදා ගත්ත එකක්ද කියලත්. 

වෙලාවකට පම්පොරියටත් කාරය යොදා ගන්නවා. ඉඩම්කාරය, ගනංකාරය, වැඩ කාරය(ගෙදර වැඩට ඉන්න අයටත් කියනවා), පම්පෝරි කාරය, මොළ කාරය, බස් කාරයා, වාහන කාරය,  හැඩ කාරායා, විසේ කාරය, බල පුළුවන් කාරයා. මේ වචන ටික කියනකොට මතකයට එන සින්දුවක් තියෙනවා සංගීත් විජේසුරිය ගායනා කරන

බඹරා වගේ විසේ කාරය
දෙබර වගේ ගණන් කාරය
සමනලය වාගේ මම හැඩ කාරයා
මී මැස්ස වාගේ හරි වැඩ කාරය

මටනම් මේ කාරය කියන ප්‍රත්‍ය (හරිද මන්ද?..D) යොදා ගෙන භාවිතා කරන මේ වචන හරියටම හරිද නැත්නම් වැරදිද මෙහෙම කියන්නේ අවක්ඥාවටද කියල හරියටම නිනව්වක් නෑ. මෙය හරි හෝ වැරදි වේවා දැන් මේක සමාජයේ නිතර දෙවේලේ ඇහෙන කියන වචන. මේ වගේ දෙයක් එක රැයකින් වෙනස් කරනවා කියන්නේ අපහසු කාරියක්. අඩුම ගානේ ගැසට් නිවේදනයකින් හරි පාර්ලිමේන්තු පනතකින් වත් මේවා වෙනස් කරන්න බැරි දේවල්. 

තව ඩින්ගෙන් අමතක වෙනවා හොඳම කෑල්ල. යු.එන්.පී. කාරය, පී.ඒ. කාරය, ජේ.වී.පී කාරය කියන පක්ෂ දෙස්පාලනේදී භාවිත වෙන ආමන්ත්‍රණ සෙට් එක. ඒ වගේමයි එල්.ටී.ටී.ඊ. කාරයා. ඒගොල්ලොත් එක්තරා විදියක දේශපාලන කොටස් කාරයේ ටිකක් නේ. ආහ් ! කොටස් - කාරය එතනත් මේ කාරය තියෙනවනේ. දැන් බලාගෙන යනකොට මේ කාරයා නැති තැනක් නෑනේ. 

අපි මෙච්චර වෙලා කථා කලේ අපි විසින් අනුන් හඳුන්වන්න යොදා ගන්න භාවිතා කරන "කාරයා" දාපු වචන ගැන. ඒත් තමන්ව අමතන්න තමන්ම "කාරයා" දා ගත්ත අයත් අපේ මේ බ්ලොග් ලෝකේ ඉන්නවා. මට වගේම ඔයාලටත් මතකයට එන්න ඇති 

"කතන්දර-කාරයා"

51 comments:

  1. පට්ට පට පට ආර්ටිකල් එකක්. ඇත්තටම කාරයා කියන වචනේ අපේ සමාජයත් එකක්ම බද්ද වෙලා කියලයි මකල්ට හිතෙන්නේ ඉස්කෝලෙ යන කාලේ දී භාවිතා කරපු සර් කාරයා හොදටම මතකෙට එක කාරයෙක්.

    ReplyDelete
  2. ඇත්තටම බාසාවත් හරිම අපූරුයි

    ReplyDelete
  3. @මකල්
    බොහෝම ස්තුතියි. ඇයි කැන්ටින් කාරය?

    ReplyDelete
  4. ඇයි බං බොරු සාක්කි කාරයෝ අමතක උනාද අර අටං කාරයා, අර කූණු හරප බ්ලොග් එකකූයි මැසින් ගැනයි ලියන මැසින් කාරයා.එතකොට අර jvp කාරයා, අම්මෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා කතන්දර කාරයා, එතකොට අර -ල් කාරයා, ඇයි අර සිකුරුටි කාරයා, මඩ ගහන චිත්‍ර කාරයා,

    ඒ ඔක්කොමත් හරි අර ආමී කාරයා( පොර නං හෙන ගණිත කාරයා )
    ඒ කොහොම වෙතත් උඹ නං බොරු සාක්කි කාරයා

    ReplyDelete
  5. http://nihalw.wordpress.com/2012/01/24/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f/

    ReplyDelete
  6. Ai, bar karaya, malu karaya, tuition karaya, paththara karaya

    ReplyDelete
  7. කොන්දොස්තරට කොන්දොස්තරයා කියල නෙවෙයි කියන්නේ. කොන්දා කියලා. ග්‍රාමරක්ෂකට ගම්බට්ටා....
    මොනවා උනත් අමතක උන එකක් තියනවා... "බ්ලොග්කාරයා"

    ReplyDelete
  8. ලගදි අටපට්ටම බැලුවද?

    ReplyDelete
  9. ඇයි "එක"! බස් එක, කාර් එක, ටේන් එක, ඔෆිස් එක, කැම්පස් එක ........

    දවසක් සුද්දෙක් අපේ රටට එන්න කලින් මෙහෙ කාලයක් හිටපු යාලු සුද්දෙක්ගෙන් ඇහැව්වලු "සිංහල දන්නේ නැතුව මම අමාරුවෙ වැටෙයිද කියලා?"

    යාලු සුද්දා කිව්වා " බය වෙන්න එපා. හැම ඉංග්‍රීසී නාම පදයකටම පස්සෙ "එක" කියලා දාලා කතා කරපන්" කියලා

    ReplyDelete
  10. මේ පෝස්ටුව කියවනකොට මට මතක් වුනේ මීට අවුරුදු කීපයකට කලින මහාචාර්‍ය ජේ.බී දිසානායක මහත්තයා දිවයින පත්තරේ මීවිත කියන කොටසට සතිපතා මේ වගේ ලිපියක් ලියනවා. නම නම් අමතකයි.ඇත්තටම මට නම් හිතෙන්නේ අපි කාරයා කියන වචනෙ පාවිච්චි කරන්නේ එහෙම කාවවත් පහත් කරලා සලකන්නම නෙමෙයි කියලයි. ඒක තීරණය වෙන්නේ ඒ වචනෙ යොදාගන්නා අවස්තාව අනුව. හොද පෝසටුවක් .

    ReplyDelete
  11. මං ලියපු කතන්දරයකට දාපු නමක්.

    "බැංකුකාරයෝ ලෝක අමාරුකාරයෝ"

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. @Kathandara Karayaමේ තියෙන්නේ සාක්ෂිබැංකු කතා අපිත් කතන්දර 'කාරයා' වගේ පොඩි ලින්ක් එකක් දැම්මම මොකෝ

    ReplyDelete
  14. භාවිතයන් වෙනස් කිරීම එතරම් ලේසි පහසු නෑ.සාමාන්‍ය භාවිතය තුල හැකි තරම් අදාල පාර්ශවයන් අපහසුතාවයට පත්නොවන විදිහට වචන භාවිතය වැදගත්. උදාහරණයක් විදිහට ආමිකාරාය යන්න ආමි එකේ කෙනෙක් යනුවෙන් භාවිතා කිරීම යෝග්‍යයි. ආමි මෙයා යනුවෙන් භාවිතා කිරීම නම් තනිකරම බොලද වැඩකි. මෙවැනි ගැටළු ලේඛන කලාව තුල නම් පැන නොනගියි

    ReplyDelete
  15. @lakmal kandevidane
    අටමක්කාරය පරිස්සමෙන් හිටපන්.

    ReplyDelete
  16. හස්බන්කාරය කිවනම් දුකක් නෑ, මුන් කියන්නෙ "හස්-බණ්ඩ" කියල.

    ReplyDelete
  17. නියම ලිපියක්.... මම නම් හිතන්නේ "කාරයා"කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයාටයි....මම හිතන්නේ ඔය "කාරයා"කියන වචනය එන්න ඇත්තේ පෘතුගිසින්ගෙන් වෙන්න ඔනේ..."පෘතුගිසි වාසගමක් තියෙනව "කොරය"කියල ඔය වචනය පසු කාලිනව කාරය වුනාද දන්නේ නැහැ....

    ReplyDelete
  18. @Anonymous
    ඔයාගේ ලින්ක් එකෙන් ගිහින් බැලුවා. හොඳ ලිපියක්.

    ReplyDelete
  19. @Anonymous
    බාර් කාරය විතරයි මිස් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  20. @මිස්ටර් හයිඩ් Mister Hyde
    අටපට්ටම. හුඟ කාලෙකින් බැලුවේ නෑ. ඒත් මේ වගේ ඒවා ඒකෙ නිතරන යනවා තමයි.

    ReplyDelete
  21. @විසිතුරු
    ඔයාගේ කමෙන්ට්-එක හරි ෂෝක්. ඇත්ත කතාව.

    ReplyDelete
  22. @රතු රජරට
    ඔව්. ප්‍රසිද්දියේ කියන කාරයා වචන තමයි වමත් කාරයා, දකුණත් කාරය වගේ ඒවා.

    ReplyDelete
  23. @ගවේෂක
    ඔහොම කියන්න කියල මුලින්ම කිව්වම අපිටත් මාර හිනා. ඒත් එයා එතන මතු කරපු කාරණය ගෞරවය.

    ReplyDelete
  24. @ගවේෂක
    එයාට කිවිය යුතු වචන ගැන අදහසක් නැති වුනත්, එයා කිව්වේ "කාරය" කියන එක හරි නැහැ කියල.

    ReplyDelete
  25. @Kushi
    ඔයා කියන කතාව ඇත්ත නම් පෘතුග්‍රීසි කාරයව හැම ගහන්න ඕනේ. :D

    ReplyDelete
  26. කාරයා යන්න බොහෝවිට අදාළ කාර්යය කරවන්නා කියන අර්ථයෙන් තමයි යෙදෙන්නේ. අවඥා ස්වරුපයෙන් යොදාගැනීම නිසා තමයි මෙය නාම පදයක් ලෙස යොදා ගැනීමට නොහැකි වන්නේ.

    අර ඔබේ මිතුරිය මෙයා කියන පදය යෙදුවේ එහි සිංහල අර්ථයෙන්ද නැත්නම් ඉංගිරිසි අර්ථයෙන්ද? mare? :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  27. @විචාරක Wicharaka
    මගේ මිතුරිය මෙයා කියන්නේ සිංහලටත් නැති ඉන්ගිරිසියටත් නැති අර්ථයකින්. අපේ සමහර කට්ටිය 'මෙයා' කියන්නේ ස්ටයිල් එකට නම දන්නැති අය ආමන්ත්‍රණය කරන්න.

    ReplyDelete
  28. ..කපූර්ණිකාව ලියන උන්නැහේගෙන් අහුවානම් ...කාරයා කියන එක හැදිච්ච විධිය .. මොකක් හරි අටපට්ටම් උත්තරයක් දෙයි...

    ReplyDelete
  29. oyanama mara sira karayek patta kathawak liyala. godak alankareta liyala .

    ReplyDelete
  30. man nam kaaraya kiyana eke wereddak dakinne ne. Ehema kiwwama apita 100%k pehedili adahasak enawa onama kenek gena.

    Man nam hithanne "kaaraya" kiyana wachane hadenne "karu"(karanna) kiyana wachanen kiyala.

    Mehekaru= mehe kaaraya
    Kammalkaru= kammal kaaraya
    e wage pudgalayek namin nethuwa wenath wishesha deyak yodagena handunwanakota kaaraya kiyana eka wedagath. Ethana handunwanne e pudgalayage rekiyawa sambanda karala nam ethanta "karu"ehema nethnam "kaaraya" kiyana wachane godak gelapenawa. Nadu kaarayoth, kudukaarayo, rasthiyadu kaarayo godatama wetenawa wage dewal me nisa wenawa. Ekane godak aya akamathi.

    Athi athi dan. Nethnam kiyai desh hena kaiwaru kaarayek kiyala.

    Amathaka una. Ne kiwwata "air force kaarayo" innawa hode.

    ReplyDelete
  31. අටපට්ටමට හොඳයි..... හි හි.. එතකොට මතක් උනේ.... ආ ඇයි.... හසන්ත කාරයා....
    මරු පොස්ට් එක....
    මටත් හිතෙන්නෙ අර විචාරක කියන විදියට වෙන්න ඕනේ මේක හැදෙන්න ඇත්තේ කියලා...

    ReplyDelete
  32. @kandyan
    මමත් මේ බලාගෙන ඉන්නේ එතුමා මොනවද කියන්නේ කියල.

    ReplyDelete
  33. @Anonymous
    බොහොම ස්තුතියි ඇනෝ.

    ReplyDelete
  34. @desh දේශ්
    ඔයාගේ දීර්ඝ විස්තරයට ස්තුතියි. අහ්` එයාර් ෆොස් කාරයොත් ඉන්නවා නේන්නම්. එතකොට මතක් වුනේ මිලිටර්ය් පොලිස් කාරයෝ.

    ReplyDelete
  35. @හිරු
    ඔයාල දන්නවන හොඳටම හිනා වෙයි. ඉස්සර මිනිස්සු අහල තියෙනවා ඔයා හසන්තගේ කවුරු හරිද කියලා. දවසක් බීපු මිනිහෙක්ගෙන් බේරෙන්නම බැරි වුනා නේ. පස්සේ මම හෙයාර් ස්ටයිල් එක වෙනස් කරා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  36. ඇත්තටම ලස්සන පෝස්ටුවක්... මේ වගේ වෙනස්ම ආකාරයේ දේවල් ලියැවෙනවා නම් බ්ලොග් ලෝකය ගොඩාක් සුන්දර තැනක් වේවි...

    ඒක නෙමෙයි ගල් කාරයො වගේම කොලු කාරයොත් මේක කියවනවා ඇති... නේද ?

    ReplyDelete
  37. නියමයි..

    //නමුත් හස්බන්ඩ් කාරය කියනවා අහලා නෑ//

    මම නම් අසා ඇති බව විශ්වාසයෙන් කියමි :)

    ReplyDelete
  38. සුදීකත් හොද් කතා කාරයෙක් වගේ

    ReplyDelete
  39. @සිරාගෙ කාමරේ
    බොහොම ස්තුතියි. ඔව් ඔව් ඒ අයත් මේ සමාජයේම කොටස්නේ.

    ReplyDelete
  40. @සයුරි
    බොහොම ස්තුතියි. අනේ .. එහෙම කියන අයත් ඉන්නවද ? ඒ මහත්වරුන්ට දෙවි පිහිටයි.

    ReplyDelete
  41. @මුදියන්සේ
    බොහොම ස්තුතියි. අනිත් කථා ටිකත් කියවලා බලන්න. කෙටිම කෙටි ලොල් කථා සීරීස් එකට ඔයා කැමති වෙයි.

    ReplyDelete
  42. ඔය පොලිස්කාරයා කියන එක රටේ උත්තරීතරම තැන ප්‍රධානම මනුස්සයා කිව්වා නොවැ. මතකද අයියා ගිය අවුරුද්දේ කොහෙදෝ අය වැය කියවද්දී අසරණ සරණ ඇමතිතුමා වතුර බෝතලයක් විසි කරලා ජනාධිපති උතුමාගේ ඇඟේ වැදිලා ඒ උතුමා ඒ වෙලාවේ කිව්වා "පොලිස්කාරයින්ට බලන්න කියන්න" කියලා

    ReplyDelete
  43. මේ පැත්තේ මීට කලින් ආව කියලනම් නිච්චියක් නැහැ නමුත් ලිපියනම් පංකාදු වටිනා ලිපියක්. එකෙන්ම හිතට ඇල්ලුවා. ආයෙම එන්නම් කෝ මේ පැත්තේ නිවාඩු පාඩුවේ කතාටික ඔක්කොම කියවල යන්න.

    ReplyDelete
  44. @Hasitha
    ඒ තරමටම ඒක ජන සමාජයේ කිඳා බැහැල. වැඩේ තියෙන්නේ අපිට පොලිස් නිළධාරියාගේ මුනට ඕක කියන්න බැරි එක.

    ReplyDelete
  45. ඔය කාරයා කියන වචනේ ඇත්තටම කැතයි... ඒත් භාවිතා නොකරම බැරි අවස්ථාත් නැතුව නෙවෙයි... ඕය වචනේ එක දවසින් වෙනස් කරන්න බැරි දෙයක් වුණාට වුවමනාවක් තියෙනවනම් එක පරම්පරාවකින් වෙනස් කරන්න පුලුවන්... මෙයා කියන එකත් ලස්සණයි තමා...

    ReplyDelete
  46. @අළුත් මල්ලි : Shan Dissanayake
    ඔයා කියන කතාව ඇත්ත ඔය සීට් බෙල්ට් දාල දන් යස අගේට යන්නේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...