Tuesday, September 18, 2012

සෝදිසියක්, පසුවිපරමක් සහ දැනුවත්කිරීමක්


ලියන්න ඕන තරම් මාතෘකා හිතට ආවත්, ඒ මාතෘකාවක් ඔස්සේ ලියන ගමන් ඒකට උඩින් හෝ යටින් මේ කරුණු එල්ලන එක ඒ තරම් හොඳ මදියි කියල මට හිතෙන්නේ. මොකද සමහරවිට අපි කරන්න යන දැනුවත් කිරීමට අවශ්‍ය අවධානය ගන්න අපට බැරි වෙනවා වෙනත් පොස්ට් එකක ඒක එල්ලන්න ගියාම. සමහරවිට අපි කියන්න යන්නේ පුද්ගල චරිතයක් ගැන නම්, එසේ එල්ලීමේදී  ඒ කියන පුද්ගලයාට යම් අවමානයක් සිද්ධ වෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. දැන් එහෙනම් අපි ඒකෙන් එක මේ විස්තර මොනවද කියල හොයලා බලමු. හැබැයි පොස්ට් කලාට පස්සේ තව මොනවා හරි තියෙනවනම් මම එකතු කරනව අමනාප වෙන්න එපා.


සෝදිසිය.... 


කෙනෙක් යම් ක්ෂේත්‍රයකට ආපු මුල් කාලේ දිරි දෙන්න ඉදිරිපත් වෙන කෙනාව අර ආධුනිකයාට පෙන්නේ ඉටු දෙවියෙක් වගේ. මමත් මේ සිංහල බ්ලොග් ලියන්න ආරම්භ කරපු කාලේ මගේ පොස්ට් වලට කමෙන්ට් කරන්න ඉදිරිපත් වෙච්ච්, මගේ බ්ලොග් එක මුල ඉඳල ෆලෝ කරන්න ඉදිරිපත් වෙච්ච් අය මට කවදාවත් අමතක කරන්න බෑ. ඉතිං මෙතන ඒ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්න නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒත් මේ  ලැ යිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක් දැන් ටික දවසක ඉඳල වැඩි සද්ද බද්දයක් නෑ. අද කාලේ වෙන දේවල් වල හැටියට (අර සුදු වෑන් සීන් එහෙම මතක් වෙනකොට) ඇඟ කිලිපොලා යනවා. මුල් දවස් වල එක දිගට මගේ පොස්ට් වලට කමෙන්ට් කරපු කෙනෙක් තමයි කිරි පුතාගේ විත්ති ලියන, කිරි පුතා, දැන් බොහෝ දෙනෙක්ට මතකෙට එන්න පුළුවන්

"හැබෑටම මේ යෝධයට මොකක්ද වුනේ ?, ගොඩ කාලෙකින් පොස්ට් එකක් දැක්කෙත් නෑ නේද ?" කියල.

අර බුද්ධි නැති වුනාම දාපු වගේ දැන්වීමක් දාන්න හිතිලත් පස්සේ හිතුව මුනුපොතේ මාත් එක්ක එකතු වෙලා ඉන්න සයිබර් මිතුරන් ගණන අඩු නිසා මෙහෙම ලියනවා කියල. අද මම කිරිපුතාගේ බ්ලොග් එකට ගිහින් බැලුවා අන්තිමට පොස්ට් එකක් දාල තියෙන්නේ ජුලි මාසේ 16 වෙනිදා.  සයිබරයේ සිහින සැණකෙළියේදී කොල්ලව මුණගැහුනත්, හරි හමන් විස්තරයක් හුවමාරු කරගන්න නොලැබුන එක නම මහා වස වැරද්දක්. මේ වගේ වැඩක් මට වෙච්ච් පලවෙනි වතාව මේක නෙවේ. ඒ ගැන පසුව කියන්නම්කො. කිරිපුතා මේ සයිබර් අවකාසේ කවි ලියන අය අතර කැපී පෙනෙන චරිතයක්. මට ඒ තරම කවි ලියන්න බැරි වුනත්, කිරි පුතා දාන කවි පන්ති වලට කවි වලින් උත්තර බැඳලා මගේ කවීත්වයත් යම් මට්ටමකට මුවහත් කරගෙන එනකොටම තමයි මේකා අන්තරස්දාන වුනේ. වෙන මොහොකටවත් නෙවේ ඉරිසියාව, ඉරිසියාව, හා උඹ මේක බලනවානම් දාපන්කෝ උත්තර. 

පසුවිපරම ....


මම අන්තිමට ලිව්ව ක්‍රිස් ගේල් ඌව නෙක්ස්ට් කණ්ඩායමට ක්‍රීඩා නොකිරීමට හේතුව මෙය විය හැකිද ? කියන පොස්ට් එක. ලියපු මටවත් එතන තියෙන මේ කථාව ඇත්ත එකක් කියල හරියටම නිශ්චිතව කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මොකද ලලිත් මෝදි කියන මනුස්සයව අපි කොහොමද විශ්වාස කරන්නේ? මොනවා වුනත් මේ කතාවල් වල යම් කිසි සත්‍යයක් තියෙනවා කියල විශ්වාස කරන්න හේතු කිහිපයක්ම තියෙනවා 

  • ලලිත් මෝදි මෙහෙම කිව්වේ හොර රහසේ නොවීම. ඔහු මේක එලි කරන්නේ ඔහුගේ ට්වීට්ර් ගිණුම හරහා. එතකොට එකට එක් වෙලා ඉන්න හැම දෙනාම මේක දකිනවා. මේක වැරදි නම් නීතිමය පියවරකට වුනත් අර සුනන්දර් කියන පුද්ගලයට යන්න පුළුවන්. තවමත් එහෙම ආරංචියක් නෑ.


  • මෙවර (ඔක්. 9) දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් නව දෙනෙක් (මතබේදයට තුඩු දුන්  පොලාර්ඩ්, බ්‍රාවෝ,  නාරයින් ඇතුළුව  ඩු ප්ලේසිස්, ඇල්බී මෝකල් , මෝනේ මෝකල්,මයික් හසී,මිචෙල් ජොන්සන් සහ බ්‍රෙට් ලී  ) අයි.පී.එල්. හී  කණ්ඩායම් 2කකට සුදුසුකම් ලැබුවා. ඒත් ඔවුන් සියලු දෙනාම තෝරා ගන්නේ තම රටෙහි කණ්ඩායම නොව අයි.පී.එල්. කණ්ඩායමයි. 
ඉතිං කලින් ලිපියෙන් කල අනාවරණය වගේම එහෙම සිද්ද වෙනවා. ට්‍රිනිඩැඩ් කණ්ඩායමට ඩොලර් 450,000 මෙහි අලාභය ලෙස ලැබුනත් තම කණ්ඩායම දුර්වල වීම් දරා ගන්න බෑ.

දැනුවත් කිරීම 


[1] මම ලිව්ව අර මුදල් ප්‍රතිචක්‍රීයකරණය - අප දැන ගත යුතු කරුණු  කියන පොස්ට් එකටම සම්බන්ධ කතාවක් තමයි මේක. ලඟදි මහ බැංකුවෙන් සියලුම බැංකු වෙත කරපු දැනුම් දීමක් ලංකාවේ ඉන්න අපේ මිතුරන්ට වැදගත් වෙයි කියල හිතෙනවා. ඒ දැනුම්දීමට අනුව ඔබ ළඟ තිබෙන පලුදු වූ හෝ වෙනත් ආකාරයකින් හානි වූ ඕනෑම මුදල් නෝට්ටුවක් ඕනෑම බැංකුවකට බාර දීල ඒ වෙනුවට අලුත් නොට්ටුවක් ගන්න අවස්ථාව ගනුදෙනුකරුන්වන්ට සලසල දීල තියෙනවා. මින් ඉදිරියට රුපියල් දහයේ නෝට්ටු නිකුත් කරන්නේ නැති නිසා දැන් ඉතාම අබලන් තත්වයේ තියෙන එම නෝට්ටු එකතු කරගැනීමත් මෙහි අරමුණක් වෙන්න පුළුවන්.

[2]  මම මීට ටික කාලෙකට කලින් දාපු ඉර බැස යන දර්ශනයක් ...... කව්රුත් කියවන්න ඇතියි කියල විශ්වාස කරනවා. ඒකෙන් කියවෙන්නේ මගේ චිත්‍ර ගුරුතුමා අපට දීපු අවවාදයක්.  ඒ පොස්ට් එක දාලා ටික කාලෙකින් මට මුණුපොතෙන් ආව චරිත දිසානායක කියල කෙනෙකුගෙන් මැසේජ් එකක්. බලනකොට චිත්‍ර සර්ගේ පුතා. පස්සේ අපි දෙන්න මුනුපොතේ මිතුරන් වුනා. පස්සේ එයා මගෙන් යම් යම් උපදෙස් ඉල්ලා හිටිය සිංහල බ්ලොග් එකක් හදන හැටි. ඊට සති දෙකකට විතර පස්සේ අහම්බෙන් ලැබුණ ලින්ක් එකකින් මම ඒ බ්ලොග් එකට ගියා. ඇත්තටම එය විශේෂිත වර්ගයක බ්ලොග් එකක්. එහි වාක්‍ය කීපයකට වඩා නෑ. බලනකොට එය ඕඩියෝ බ්ලොග් එකක්(Teckකතා වගේ). ඒ කියන්නේ කෙටි වාක්‍ය කීපයක් හැඳින්වීමකට පස්සේ චරිත කරන සංගීත විචාරයන් තමයි එහි තියෙන්නේ. මම පසුව දැනගත්තේ ඔහු ශ්‍රී ලංකාවේ සිටි කාලයේ රුපවාහිනි, රේඩියෝ වගේම මුද්‍රිත මාධ්‍ය වලටත් දායක වෙච්ච දක්ෂ විචාරකයෙක් කියල. ඇත්තටම ඒ හැඳින්වීම කොයි තරම් නිවැරදිද කියල තේරෙයි ඔහ්ගේ විචාරයකට සවන් දුන්නොත්. ඔහි බය නැතිව කෙලින්ම කථා කරන පුද්ගලයෙක්.
My Photo

මෙන්න ලින්ක් එක http://soundtalking.blogspot.com. ඒකෙ නම sound talking. ගිහින් බලන්න දිගටම අහන්න හිතෙයි.  මේ පින්තූරේ ඉන්නෙත් එයාම තමයි. අපේ එස්. ඒ. දිසානායක සර් වගේමයි. එයාගේ කටහඬින් මම අවරුදු ගානක් පිටිපස්සට ගිහින් සර් උගන්නපු පාඩමක හිර වුනා වගේ දැනුනා. ඔහුගේ සංගීත දැනුම කොයි තරම් පුළුල්ද කියල වැටහෙනවා එම් පටිගතකිරීම් වලට සවන් දුන්නම. ඉතිං ඇස වෙහෙසගෙන පරිඝනක තිරයට මූණ ඔබාගෙන දවසම ගත කරන අපිට, ඒ ට්‍රැක් එක ප්ලේ කරලා නිවිහැනහිල්ලේ අහගෙන ඉන්න පුළුවන් රාත්‍රී කාලයේදී. 

තවත් විනාඩි කිහිපයකින ඇරඹෙන විස්සයි20 ලෝක කුසලානයට මුහුණ දෙන අපේ සිංහ පැටවුන්ට ජය ගන්න ශක්තිය දහිරිය ලැබේවා කියා පතන ගමන්ම, අද ආරම්භ වෙච්ච කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිහිං පොතක් දෙකක් අරගෙන ඔබේ දැනුම පුළුල් කර ගන්න පොඩි කාලයක් මිඩංගු කරන්න කියා ඉල්ලනවා. 



14 comments:

  1. කිරිපුතා; බ්ලොග් අවකාශයේ යම් හිදැසක් තියලයි අතුරුදහන් වුනේ. මට හිතෙන විදියට පාලනය කළ නොහැකි යම් පුද්ගලික කාරනාවක් ඊට හේතු වෙන්න ඇති.

    ReplyDelete
  2. @Sumith Niriella
    මටත් හිතෙන්නේ ඒකම තමයි.

    ReplyDelete
  3. දාමු දැන්වීමක්....

    ReplyDelete
  4. @තරියා අබේ
    කිසිම ප්‍රතිචාරයක් නෑ.

    ReplyDelete
  5. අපි අලුත්නේ අංකල්.එහෙම කෙනෙක්ව නම් දන්නේ නැහැ.
    20 20 ට අපිත් යනෝ..:)
    ජය!

    ReplyDelete
  6. @හිරුහිමාවී
    කිරි පුතා කියන්නේ හරි ලස්සනට හාස්‍ය මුසු කරලා කවි ලියපු කොල්ලෙක්. මගේ බ්ලොග් රෝලේ ඇති ගිහිං බලන්න.
    20-20 බලනවා එහෙනම්. පල්ලෙකැලේ වෙන්ටෑ.

    ReplyDelete
  7. අපේ කිරිකැට් කොල්ලන්ට ඔන්න මමත් සුභ පතනවා ජය !

    ReplyDelete
  8. @සිරාගෙ කාමරේ
    කිරි පුතාගේ බ්ලොග් එකට ගිහින් බලන්න. කිරි කැට් ම තමා ලියලා තියෙන්නේ. දුකේ බෑ.

    ReplyDelete
  9. එක පාර කතා ගොඩක්ම කියලා නොවැ. කිරිපුතාගේ බ්ලොග් එක නම් මාත් කියවලා තියෙනවා. වුණු දෙයක් ගැන නම් දන්නේ නැහැ. චරිතගේ බ්ලොග් එකට මේ ගොඩවැදෙන්න යන්නේ. ස්තුතියි පාර කිව්වට

    ReplyDelete
  10. @Hasitha
    වෙනත් පොස්ට් එකකට එල්ලනවට වඩා හොඳයි කිය ලා හිතුනා. චරිතගේ එක නියමයි.

    ReplyDelete
  11. යන්න කලින් මැච් එකක් බලන්නත් ඕන.පොත් ගන්නත් ඕන

    ReplyDelete
  12. @Sabith
    ඒ කියන්නේ ඇවිල්ලද ඉන්නේ ?

    ReplyDelete
  13. ඇත්තට මැන්ට මොකද දන්නෑ උනේ...
    …අර ක්‍රීඩකයො වගේම තිසර පෙරේරත් කන්ඩායම් දෙකකට සුදුසුකම් ලබපු අවස්තාවක් තිබුන වාසනාවට ඔහු දේශීය කන්ඩායමට(එවකට වයබ)ක්‍රීඩා කරා...

    ReplyDelete
  14. @ඉන්ද්‍රජිත්
    කිසි සද්දයක් නෑනේ.
    අපේ එවුන් තාම ඒ තරමට පිරිහිලා නෑ. අනිත් අතින් අයි.පී.එල්. එකට පොලාර්ඩ්, බ්‍රාවෝ, නාරායන් තරම් තිසරව වටින්නේ නෑ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...