Saturday, September 15, 2012

ක්‍රිස් ගේල් ඌව නෙක්ස්ට් කණ්ඩායමට ක්‍රීඩා නොකිරීමට හේතුව මෙය විය හැකිද ?

මෙය 2012.09.14 දින http://www.cricturf.com වෙබ් අඩවියේ පළවූ

SUBMITTED BY SIDATH BANDARA ON FRIDAY, 14 SEPTEMBER 2012 11:54 GMT INTERNATIONAL NEWS

CRICTURF EXCLUSIVE : COULD THIS BE THE REASON BEHIND GAYLE NOT PLAYING FOR UVA ?


ලිපියෙහි සිංහල පරිවර්තනයකි.



පින්තූරය : http://www.tamo.asia

දින කිහිපයකට ඉහතදී අයි.පී.එල්. හී හිටපු සභාපති ලලිත් මෝදි මහතා  වර්තමාන අයි.පී.එල් ප්‍රධාන විධායක සුනන්දර් රාමන් සහ බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කෙරොන් පොලාර්ඩ් අතර  බ්ලැක් බෙරි මැසෙන්ජර්(Black Berry Massenger - BBM) මගින් සිදු කරන ලද කෙටි පිළිසඳර(chat)    අනාවරණය කරන ලදී. අගෝස්තු 28 වනදා මෙසේ ඔහුගේ ට්විට්ටේර් ගිණුමට එක් කර තිබු පී.ඩී.එෆ්. සබැඳියාව මගින් පෙන්වා දෙන පරිදි අයි.පී.එල් ප්‍රධාන විධායකයා බටහිර ඉන්දීය ක්‍රීඩකයින්ට චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ කණ්ඩායමට ක්‍රීඩා නොකරන ලෙස  අයථා බලපෑම් කල බව පෙන්වා දෙයි.

ලලිත් මෝදි ඉදිරිපත් කරන ලද සබැඳියාව දැන් දැන් වලංගු නොවන්නේ එහි බාගත කිරීම් වල උපරිම සීමාව පසු කර ඇති හෙයිනි.  පහතින් දැක්වෙන්නේ එම පිළිසඳරයි.

මෙහි පොලාර්ඩ් ගේ හැඳිනුම් නාමය : KP 55 (All in d mind):

සුනන්දර් : මහතුනි ඔබ චැම්පියන්ස් ලීග් 2012 සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම පිලිබඳ ප්‍රශ්නය ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ සමග විසඳ ගත්තාද ?

පොලාර්ඩ්: පෙන්නේ ට්‍රි.ටු. වගේ...

සුනන්දර් : ඔබගේ ගිවිසුම උල්ලංඝනයක් වෙනවා

පොලාර්ඩ් : කුමන ගිවිසුමද ???

සුනන්දර් : ඔබගේ අයි.පී.එල් ගිවිසුම.

පොලාර්ඩ් : මොකක්ද එම උල්ලංඝනය වන්නේ, නැත්නම් ඔවුන් අත්හිටුවයිද ?  සීයට 20ක්.  එය චැ.ලී. 20 සඳහා වෙන්කර තිබෙනවා.

සුනන්දර් : උල්ලංඝනයක්.

සුනන්දර් :  මම දැන් ගංගාට කථා කළා, ඔහුටත් කිව්වා. ඔහු කිව්වා ඔහු විසඳනවා කියා ඔබලාට කැමති කණ්ඩායමක් තෝරාගෙන ක්‍රීඩා කිරීමට.

පොලාර්ඩ් : ගංගා??


පොලාර්ඩ් :  මට තේරෙන්නේ නෑ ??

පොලාර්ඩ් :  ඒ වෙනුවෙන් ඔහුට මොනවද කරන්න වී ඇත්තේ ??

පොලාර්ඩ් :  එයට අදාළ නීති මොනවාද ??

සුනන්දර් :  ඔහු ටෙලිෆෝන් කලේ අගෝස්තුවේදී උත්සවය සංවිධානය කරන රජයේ ක්‍රීඩා නියෝජිතයෙක් ලෙස  

සුනන්දර් :  ඔහුට කීවා ට්‍රිනිඩැඩ් හී හැසිරීම හොඳ නැති බව සහ මෙලෙස හැසිරුනොත් ඔවුන්ට ආරාධනා නොකරන බවට.

පොලාර්ඩ් :  යහළුවා, උල්ලංඝනය ගැන,  කරුණාකර මට කියන්න මගේ ගිවුසුමේ මා උල්ලංඝණය කරන්නේ කුමක්ද කියා, ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ ගැන, ඔවුන් ඉල්ලා සිටින්නේ අප සියළු දෙනාම හොඳම කණ්ඩායමේ කොටසක් නිසා ක්‍රීඩා කල යුතු බව !! 



පොලාර්ඩ්:  ඉතිං මා අතරමං වීමක ඉන්නේ මේ වෙන සිදුවීම් සමග !!

සුනන්දර් :  ඔබ ට්‍රි.ටො. කණ්ඩායම තෝරා ගත්තොත් මුම්බායි ඉන්දියන් එකට නෑ. එය වෙනම කතාවක්.  ට්‍රි.ටො සඳහා ක්‍රීඩා කිරීමට රජය බල කිරීම හරි නෑ. රජයට තීරණය කරන්න බෑ ක්‍රීඩකයා කොයිකටද කියා

සුනන්දර් :  ට්‍රි.ටො. හොඳ නැති දේවල් ගොඩක් කරනවා  ලෝක ක්‍රිකට් ගසන්නන් සමග. ඒක ඩරන් දන්නවා

පොලාර්ඩ් :  එහෙත් කිසිම බල කිරීමක් නෑ ට්‍රි.ටො. සඳහා ක්‍රීඩා කිරීමට. සාමාන්‍ය අවස්තා වල සියලුම කණ්ඩාම් ඔබගෙන් අහනවා කුමන කණ්ඩායමටද ඔබ ක්‍රීඩා කරන්නේ කියා. 



සුනන්දර් :  ඔබගේ ක්‍රීඩා අමාත්‍යවර එය මාධ්‍යට පවසා තිබෙනවා.

පොලාර්ඩ් :  ඔහු කියන සියල්ල  මම දැක්ක, මට ඇහුනා. 



පොලාර්ඩ් : මගේ පැත්තෙන් කිසිවකු මට බල කරන්නේ නෑ යහළුවා ..!!


පොලාර්ඩ් : ඔබ දන්නවද මම වැඩ කරන්නේ කොහොමද කියා. මම ප්‍රශ්න අහනවා. ඒ වගේම තොරතුරු එකතු කරනවා. තීරණය කරනවා. මා තුලින්ම.



පොලාර්ඩ් :  මා තුලින්ම*

පොලාර්ඩ් : බ්‍රාවොත් නාරයනුත් කරන්නේ එහෙමයි. එනිසා මම හිතන්නෑ කිසිම බල කිරීමක් තියෙනවා කියල

සුනන්දර් :  එහෙනම් ඔබ සියල්ලෝම ගිවිසුම් උල්ලංඝණය කරනවා

දැන් ඔබට පැහැදිලිව පේනවා, අයි.පී. එල් ප්‍රධාන විධායකයාට අනුව, චැම්පියන්ස් ලීග් තරගාවලිය වෙනුවෙන් පොලාර්ඩ්, බ්‍රාවෝ සහ නාරයින් තීරණය කලොත් ට්‍රිනිඩෑඩ් සහ ටුබෑගෝ සඳහා ක්‍රීඩා කිරීමට, ඔවුන්ගේ අයි.පී. එල් කොන්ත්‍රාත්තු උල්ලංඝණය වන බව. අමතරව සුනන්දර් ඔවුන්ට තර්ජනය කරනවා ඔවුන් තමන්ගේ දේශීය කණ්ඩායම තෝරා ගත්තොත්, චැම්පියන් කුසලාණය සඳහා ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ වෙත නැවතත් ආරාධනා නොකරන බවට. ඔවුන්ට එසේ කිරීමට ලෝකයේ තිබෙන සියලු අයිතිවාසිකම් තිබෙනවා මන්ද සී.එල්.ටී.20 හී වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එහි සභාපති    එන්. ශ්‍රීනිවාසන් වීමයි.

ප්‍රශ්නය වන්නේ ගේල් ඌව සඳහා ක්‍රීඩා නොකිරීමට හේතුව මෙයද යන්නයි ? එස්.එල්.පී.එල්. වෙනුවෙන් ක්‍රිස් ගේල්ව තෝරාගෙන තිබුණේ ඌව සන්චිතයටයි. ඔහුට එස්.එල්.පී.එල්. මග ඇරුණේ අබාධ නිසයි. නමුත් ඌව නෙක්ස්ට් ප්‍රධාන විධායකයා කියන පරිදි ඔහු අවරුදු තුනක කොන්ත්‍රාත්තුවක් ඌව සමග අත්සන් කර ඇත. මෙවැනිම අවස්ථාවක සහීඩ් අෆ්රීඩි සී.ටී.එල්.20 සඳහා එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරනවා. එහෙත් ඔහුට එංගලන්ත දේශීය විස්සයි20 තරගාවලිය අතපහු වනවා. ඒක සමාන අවස්ථා දෙකකදී දෙයාකාරයකට කරුණු සිදු වන්නේ ඇයි ? එකම වෙනස ගේල් අයි.පී.එල්.  ක්‍රීඩා කිරීම සහ අෆ්රීඩි ක්‍රීඩා නොකිරීම. 

මෙවැනි අවස්ථා නිසා ඉන්දීය ප්‍රීමියර් ලීගය සහ චැම්පියන්ස් ලීගයන්ගේ විශ්වාසවන්ත භාවයන්  පිලිබඳ විශාල සැක සංකා  පැන නගිනවා.  පැහැදිලිවම මෙය තව දුරටත් අවිරුදු සිය ගානක සිට තිබු අලංකාර ක්‍රීඩාව නොවේ. 

© CricTurf 2012 | සිදත් සමීර.


පින්තූරය : theunrealtimes.com

27 comments:

  1. මම මේ දේවල් ගැන දන්නේ නෑ. ඒත් කියෙව්වා. ස්තුතියි..

    ReplyDelete
  2. @පුංචි කුමාරිහාමි
    මේ යාමේ කියෙව්වට ස්තූතියි.

    ReplyDelete
  3. මමත් හිතන්නෙ මේ යන විදියට ඉස්සරහට ක්‍රිකට් අලන්කාර ක්‍රීඩාවක් විදියට පවත්වාගෙන යන්න නම් බැරිවෙයි. කොහොමත් ඉන්දියාව දේකට අතගැහුවොත් ඒක ඉවරෙටම ඉවරයි.

    ReplyDelete
  4. ලෝකේ බොහෝ දේවල් මත තීරණය වෙත්දි ක්‍රිඩාවන්ට විතරක් ඒකෙන් මිදෙන්න බැ , ක්‍රිඩා ගුණයෙන් පිරුණු ක්‍රිඩාවන් වර්ථමානයේ හොයනවා නම් ඒක එක අතකින් විහිලුවක් , තරඟයක ජය පැරදුම මුදලට පාවා නොදෙනතාක් කල් මම නම් ඒක ගැටලුවක් විදිහට දකින්නේ නෑ ,අදාල තරඟාවලිය පිලිබඳව ගැටලුවක් තියනවා නම් ඒක වර්ජනය කරන්න ඕනි රටකට පුලුවන්

    ReplyDelete
  5. ප.ලි - බැල්ක් බෙරි මැසෙන්ජර් සේවාවේ දෙදෙනෙකුගේ කථා බහක් පිටස්තර පුද්ගලයෙක් දැන ගන්නේ කොහොමද ?

    ප.ලි - දූෂණ චෝදනා මත අයිපීඑල් වලින් දොට්ට දාපු ලලිත් මෝඩිගේ ප්‍රකාශ කොයිතරම් දුරට විශ්වාසනීයද ?

    ReplyDelete
  6. @සුජියා
    මටත් එහෙම හිතෙනවා.

    ReplyDelete
  7. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    ඔබ කියන කතාව ඇත්ත අද ක්‍රීඩාව පාළනය වන්නේ බුකි කරුවන්ගේ, රුපාවහිණි නාලිකා, අනුග්රාහකයන්ගේ උවමනාවන්ට අනුකුලව.

    බ්ලැක්බෙරි වල තාක්ෂණික පැත්ත මමත් දන්නේ නෑ. නමුත් මෙය පොලාර්ඩ් විසින්ම ලලිත් මෝදිට ලබා දුන්න වෙන්න බැරිද ?

    ReplyDelete
  8. පොලාඩ් විසින් දුන්නා නම් හැර ගන්න ක්‍රමයක් නැ , නමුත් එහෙම දෙයක් කරලා තියනවා නම් ඒකම කොක්කක් ඇදෙන වැඩක් ,

    ReplyDelete
  9. ඉන්දියන් IPL ක්‍රීඩාවේ ජීව ගුණය නැති කරලා සල්ලි පස්සෙම දුවන ක්‍රීඩකයො පිරිසක් බිහි කරන බවක් තමයි මට පේන්නෙ.... IPL නිසා ලංකාවෙ ටෙස්ට් මැච් කීපයක්ම කැප කලා කියලත් පුවත් පතක කියෙව්වා මතකයි...ඒ අනුව බලද්දි ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ඉන්දියානු ක්‍රමයට හසුරන බවක් නොවේද පේන්න තියෙන්නෙ....

    ReplyDelete
  10. ඇත්ත වානිජකරනය උනාම හැමදෙම ඉක්මනට නැතිවෙනවා

    ReplyDelete
  11. මට දැන් එපා වෙලා.

    ක්‍රිකට් !

    ReplyDelete
  12. @සිරාගෙ කාමරේ
    මුදල් ඉස්සර කරගෙන කරපු කිසිම දෙයක් සාර්ථක නෑ. මොකද එතන වෙන්නේ ගනුදෙනුවක්. ක්‍රීඩාව, කලාව, මාධ්‍ය මේ කොයි දේ වුනත් ශිල්පයට තමයි තැන ලැබෙන්න ඕනේ. ඔවුන් ක්‍රීඩකයන්, කලාකරුවන් තරු බවට පත් කරනවා. අන්තිමේදී ක්‍රීඩාව සහ කලාව නැති වෙනවා. බ්ලොග්කරණය වුනත් යම්කිසි දිනෙක මුදලට යට වුනොත් අද තිබෙන රසාස්වාදය කෙනෙකුට ලබන්න බැරි වෙනවා.

    ReplyDelete
  13. @Loku John

    සිරාට ලියපු උත්තරෙත් ඒ බව සඳහන් කළා.

    ReplyDelete
  14. @sAm (සෑම්)

    මම තවමත් ටෙස්ට් ක්‍රිකට් වලට ආසයි.

    ReplyDelete
  15. // ක්‍රීඩාව, කලාව, මාධ්‍ය මේ කොයි දේ වුනත් ශිල්පයට තමයි තැන ලැබෙන්න ඕනේ//

    මේවා කොයිතරම් දුරට ප්‍රායෝගිකද ?

    ප.ලි - මම අන්තිමට ටෙස්ට් බැලුවේ ජයසුරිය 340 ගහපු කාලේ , දවස් පහක් ලොටනවා බලා ඉන්න කම්මැලියි , දැන් T20 100% යි ODI 60% යි

    ReplyDelete
  16. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    බලන්න ඔබ T20 - 100% කම බලනවා කියන්නේ ඔවුන්ගේ අරමුණ සාර්ථකයි. ඔවුන් මුදල් යොදවන්නේ වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් ගොනු වන තැනටයි. නියම ක්‍රිකට් නරඹන්න අවශ්‍ය නම් ටෙස්ට් ක්‍රිකට් බලන්න.

    ReplyDelete
  17. ටෙස්ට් ක්‍රිකට් වර්ථමානයට ගැලපෙන්නේ නැ(එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ඇරුණාම තව ටික කාලෙකින් ටෙස්ට් බලන කට්ටියත් හොයා ගන්න අමාරු වෙයි ) , දවස් 5ක් කාලය කාගෙන ක්‍රිකට් බලන්න මට නම් වෙලාව නැ , ප්‍රේක්ෂකයින් බහුතරයක් එතෙන්ට එකතු වෙන්න තියන රසය නිසා , එතන හොඳ ආයෝජන අවස්ථාවක් , ලොකේ අනික් ක්‍රිඩා වලත් සිද්ධ වෙන්නේ ඒක , ඒවා කොහොමටත් ක්‍රිකට් වගේ දවස් ගණන් ගහන නිසා ෆෝමැට් එක වෙනස් වෙලා නැති එක විතරයි

    ReplyDelete
  18. මටත් හිතෙනව ඉන්දියාව ක්‍රිකට් සල්ලි වලින් පාලනය කරනව කියල....

    ReplyDelete
  19. @ඉන්ද්‍රජිත්
    සමහරවිට ඉන්දියාව ලෝකයේ ආදිපත්‍ය පවත්වන්න උත්සාහ කරන විදියක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  20. ඉන්දියන් කාරයෝ අයි.සී.සී එකේ බලේ අල්ලලා ඉවරයි..
    දැං ඉතිං කතා කරලා වැඩක් නෑ...

    ReplyDelete
  21. ඇත්තටම මේවගේ දේවල් නිසා ක්‍රීඩාවත් එපාවෙනවා

    ReplyDelete
  22. @තරියා අබේ
    DRS එක ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ එයට ඇති අකමැත්ත පෙන්වන්න විතරක් නොවේ. ඔවුන් එමගින් ඔවුන්ගේ ආධිපත්‍යත් පෙන්වනවා.

    ReplyDelete
  23. @මඩිස්සලේ නිශාන්
    ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නෑ. අපි බලාගෙන ඉමු.

    ReplyDelete
  24. මුලින්ම මේක හුදු සැකයක් වගේ පෙනුනට, අද වෙනකොට කණ්ඩායම් දෙකකට සුදුසුකම් ලබපු සියලුම ක්‍රීඩකයින් තීරණය කරලා තියෙනවා තමන් නියෝජනය කරපු IPL කණ්ඩායමට ක්‍රීඩා කරන්න.

    ReplyDelete
  25. මේකේ දේවල් මටනම් එච්චර තේරුනේ නැහැ මොකද මම ක්‍රිකට් ගැන එච්චර දන්නේ නැහැ

    ReplyDelete
  26. @රොබින්
    ඔබ ලංකාවේ නිසා ප්‍රශ්නයක් නෑ. ඒත් ඉන්දියානුවෙක් වුනා නම් ලෙඩේ.

    ReplyDelete
  27. මමත් මේ සම්බන්ද එකක් කොට කොට උන්නෙ ... හැබැයි අර කියුවා වගේ ඉස්සරහට ක්‍රිකට් එපාවෙන තත්වයක් පේන්න තියනවා අර කියුවා වගේ අවුරුදු සියගානක් තිබුන අලංකාර ක්‍රීඩාව නොවන නිසා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...