Friday, September 14, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 19 - විජේ අන්කල්ගේ ඉංග්‍රීසි


විජේ අන්කල් කියන්නේ හැම වෙලාවකම හිනා මුසු මුහුණින් ඉන්න කෙනෙක්.  මිනිහාගේ කටින් පිටවෙන හැම වචනයකින්ම කාට හරි විහිළුවක් කරන එක එයාගේ පුරුද්දක් වෙලා තිබුණා. තමන්ගේ බිරිඳට ළමයින්ට කියල වෙනසක් නෑ විහිලු-කොලොප්පම්. පෙන්ෂන් අරගෙන හිටියට මිනිහා කලින් සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ කරලා තිබුණේ. මේ කියන කාලේ මම ඒ ලෙවල් කරනවා. ඒ කාලේ අපේ ක්ලබ් එකේ සාමාජිකයින් බොහෝ දෙනෙක් විජේ අංකල්ලගේ ගෙවල් පැත්තේ හවසට හවසට යන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ එයාලගේ ගෙදර තිබ්බ කැරම් බෝඩ් එක. ඒ වගේමයි පුත්තු තුන් දෙනා. අපිත් එක්ක එකට ෆුට්බෝල් ගහපු අය. මෙතන කැරම් ගැහිල්ලේ විශේෂයක් තිබුණා. ඒ නියම ජාත්‍යන්තර නීති රීති වලට අනුව ක්‍රීඩා කිරීම. හැබැයි එක් නීතියක් හැර. ඒ කතා කරන නීතිය. එක වුනත් ක්‍රීඩාවට අදාලව නෙවෙයි. සමහර කැරම් ගහන තැන වල දෙන්නගෙන් දක්ෂ එක්කෙනා අනික් කෙනාට උපදෙස් දෙනවනේ "අර ඉත්තට ගහපන්, මෙතන තියල මෙන්න මෙහෙම ගහපන් කියල" මෙතන ඒවා ඔට්ටු නෑ. හැබැයි අපි ක්‍රීඩා කරලම අත්දැකීමෙන් හොයා ගත්ත දෙයක් තිබුණා. ඒ ගහන්න ඩිස්ක් එක හම්බ වෙන කෙනාට එයාගේ යාලු කෙල්ල, එහෙම නැත්නම් ඉතින් මොකක් හරි සම්බන්ධ කමක්, එක්කෝ හිටපු කෙල්ල ගැන මතක් කලොත් ඉතිං ෂුවර් එකට ගහන ෂොට් එක කැලේ තමයි. මේක අන්තිමට විනෝදාංශයක් වුනා. ඒත් මට ඒ වගේ කරන්න විහිළුවක් නැති නිසා මම ඩිස්ක් එක ගත්තාම කට්ටියට කියා ගන්න දෙයක් නෑ ඉත්තෝ තුන හතරකට වග කියනවා. ඔන්න ඔහොම දවසක එළියේ ඉඳන් අපි කැරම් ගහන දිහා බලාගෙන හිටිය විජේ අංකල් කතා කරන්න පටන් ගත්ත

"මේ අද උදේ මං අර ඉස්කෝලේ පිට්ටනිය ලඟින් එනකොට දැක්කනේ මාර වැඩක්"

කිව්ව ගමන් කවුරුත් කටවල් ඇරගෙන විජේ අංකල් දිහාවට හැරුන. කව්රුත් දන්නවා විජේ අංකල් කිව්වොත් ඉතිං සුපර් කතාවක් කියල. මමත් ඊළඟ ඉත්තට ගහන්න ඕනෑ තැනින් ඩිස්ක් එක තියල හොඳට ඒම් එක ඇරගෙන ඒ පැත්ත බැලුව

"තමුසෙලාගේ තාත්තා කෙල්ලෝ උස පනින තැනට වෙලා බලාගෙන හිටියනේ. මම කතා කලාටවත් ඇහුනේ නෑ"

එහෙම කිව්වම හැමෝම බක-බක ගාලා හිනා වෙන්න පටන් ගත්තා. මේ කතාව අහල මේක විහිළුවක් වුනත් අපේ තාත්තට කියපු ඒ කතාව නිසා මට හරියට ඉත්තට ගහ ගන්න බැරි වුනා. ඊට පස්සේ අපේ අයියලා කට්ටිය මේ ට්‍රික් එක ටික කාලයක් පාවිච්චි කළා.

හැමදාමත් අපි කැරම් ගහන තැනට වෙලා හිනා කතා කියන විජේ අංකල් නිසා මේ ක්‍රම ගැහිල්ල නගලම ගියා. නිතරම හත් අට දෙනෙක් එළියේ පෝලිම් ගැහිලා හිටියා පරදින දෙන්නව නැගිට්ටවල වාඩි වෙන්න බලාගෙන. සමහරු මිනිහගේ කියුම් අහන්නම එතනට එක් රැස් වෙලා හිටියා. විජේ අංකල්ට හොඳ ඉංග්‍රීසි දැනුමකුත් තිබුණා. අපිට සිංහලෙන් කථා කලත් එයාගේ ළමයින්ට කථා කලේ ඉංග්‍රීසියෙන්. ඉතිං අපේ අයටත් මොනවා හරි දන්නැති දෙයක් තියෙනවනම් අහන්නේ විජේ අන්කල්ගෙන්. අපේ අතරේ හිටිය ටිකක් විහිලු කාරයෙක් වෙච්ච රෝහණ අයියා මිනිහගෙන් බොහෝ ඉංග්‍රීසි වචන වල තේරුම අහ ගන්නවා. දවසක් එතන මෙන්න මේ වගේ සංවාදයක් ඇති වුනා

රෝහණ අයියා : අංකල් "ක්‍රමයෙන්" කියන ඉංග්‍රීසි සිංහල වචනේ සිංහ  ඉංග්‍රීසි තේරුම මොකක්ද ? [ කතන්දර කාරයා පෙන්වා දීමෙන් පසු නිවැරදි කරන ලදී ]

විජේ අංකල් : ක්‍රමයෙන් කියන එකට කියන්නේ "ග්රැජුවලි" කියලනේ

රෝහණ අයියා : එතකොට "ක්‍රම(ක්)-ක්‍රමයෙන්" කියන එකට ?

මෙහෙම කිව්වහම විජේ අංකල් ටිකක් හිර වුනා. අපි කට්ටියම කැරම් ගැහිල්ල නවත්වල ඒ පැත්ත දිහා බලාගෙන ඉන්නවා. විජේ අංකල්ට ඉංග්‍රීසි වචනයක් හිර වෙන්නේ නෑ. ටිකක් වෙලා කල්පනා කර-කර හිටිය මිනහා හිනාවකුත් එක්ක මෙහෙම කිව්වා.

"ක්‍රම(ක්)-ක්‍රමයෙන් කියන එකට කියන්නේ ග්‍රැජු-ග්‍රැජුවලි කියල"  කිව්වේ හැමෝම හිනා සාගරයක ගිල්වමින්.

පින්තුරය ගත්තේ : mentalcrockpot.blogspot.com




23 comments:

  1. ග්‍රැජුවලි ග්‍රැජුවලි...හි හී මරු කතාව

    ReplyDelete
  2. ඒකනම් මරු..
    ගුඩේ ගුඩ්, මරේ මරු

    ReplyDelete
  3. @මාතලන්
    ඕක කියද්දී මිනිහගේ මුණ දැක්කනම් තමයි නියම.

    ReplyDelete
  4. හිහි..අනේ මෙහෙම කතා ලියනවට ඔයාට පිනේ පින් :)

    ReplyDelete
  5. හික්ස්....මරු කොරොමක් කොරොමේ

    ReplyDelete
  6. මාරු අන්කල් පොරක් නේ!!!

    ReplyDelete
  7. @සයුරි : අනිත් කතා ටිකත් බලන්න. පිනේ පින් කියන්නෙත් නිකං ග්‍රැජු-ග්‍රැජුවැලි වගේ එකක්නේ බලාගෙන යනකොට.

    @Raj : කොරෝමේ කියන්නේ මොකක්ද ? ඈ.

    @A.Wickz : තැන්කු ඈ.

    @Mee Godayaa : මරේ මාරු. මීගොඩයා කියන එකේ තේරුම මට ඊයේ තමයි මීටර් වුනේ. ගම මීගොඩ වෙන්ටෑ?

    ReplyDelete
  8. නියම කථාව...හික්

    ReplyDelete
  9. /* රෝහණ අයියා : අංකල් "ක්‍රමයෙන්" කියන ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම මොකක්ද ?

    */

    ප්‍රශ්නය වැරදියි!

    ReplyDelete
  10. @Kathandara Karaya

    මං රෝහණ අයියට කියන්නම්.

    ReplyDelete
  11. ඔරිම ජිනල් කතාවක්නේ...
    හික්ස්...

    ReplyDelete
  12. හී හී......මරු කතා තමා :):)

    ReplyDelete
  13. @ඉන්ද්‍රජිත් : බොහොම ස්තූතියි.

    @ හිරුහිමාවී : මරුද ? එහෙනම් කමක් නෑ.

    ReplyDelete
  14. සමහරක් විට අංකල් කාරයා කියුවේ ඇත්තද දන් නැ

    ReplyDelete
  15. @සුදීක

    /* රෝහණ අයියා : අංකල් "ක්‍රමයෙන්" කියන ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම මොකක්ද ?
    */

    නිවරද ප්‍රශ්ණය විය යුතුව තිබුණේ-

    "අංකල් "ක්‍රමයෙන්" කියන සිංහල වචනේ ඉංග්‍රීසි තේරුම මොකක්ද ?" යන්නයි.




    ReplyDelete
  16. @Kathandara Karaya
    තේරුණේ දැන් තමයි.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...