Monday, August 20, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 17 - ATM ගැනමයි

මම ලියපු ATM සමග ගනුදෙනු කිරීමේදී කියන පොස්ට් එකට හුඟක් දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා. මේ ලියන්න යන කතා දෙකත් ATM සම්බන්ධ ඒවා. හැබැයි ටිකක් විතර ලොල් කතා. මේ කතා දෙකටම සම්බන්ධ  කතා  නායකයා ගැන මෙතන තවත් ලොල් කතාවක් ලිව්වා. එයාගේ නම කෙලින්ම ලියල තියෙනවට මිනිහාගේ වැඩි මනාපයක් නැති බව මට කනින් කොනින් දැන ගන්න ලැබුණා. ඒක නිසා අන්වර්ථ නාමයකින් ලියන්න හිතුව. අපිත් එක්ක රවී කියල කෙනෙක් නැති නිසා රවී කියන නම යොදා ගන්නම්.  

සැ.යු. ඒ කාලේ ATM රූම් තමයි තිබ්බේ දැන් වගේ නිරාවරණය වෙච්ච ATM  නෙවෙයි.

ඉස්සර අපේ ඔෆිස් එක තිබුනේ නුගේගොඩ පාගොඩ පාරේ තියෙන මහජන බැංකුවේ තුන් වෙනි මහලේ. දවසක් ATM එකට ටක් ගාල ගිහින් එන්නම් කියල ගිය රවී පැය භාගෙකට වත් ආවේ නෑ. අපි හිතුව රවියා එක්කෝ වෙන ගමනක් ගියා නැත්නම් කඩේට වෙලා ප්ලේන්ටියක් වත් ගහනවා ඇති කියල. සාමන්‍යයෙන් දෙක දෙකහාමාර වෙනකොට එතන උණු උණු මාළු පාන්, බනිස්, කිඹුලා බනිස් බාන නිසා ෂුවර් එකටම මු එතන ඇති කියලා අපි කථා වුණා.

මෙන්න කියල කට ගන්න කලින් කොල්ල එනවා හති දාගෙන. ඒ මදිවට මේකා හිනා වෙනවා ලවක් දෙවක් නැතුව.

"මාර වැඩේ බං වුනේ හාහ් හාහ් හා "

"අනේ පලයන් යන්න. උඹ බේකරියට ගිහින් හොඳට කාලා, ටී එකක් ගහල ආවා තනියම" එහෙම කිව්වේ ආනන්ද.

"නෑ බං අහපන් වෙච්ච වැඩේ. මම ATM එකට යනකොට එළියේ කවුරුවත් හිටියේ නෑ. හාහ් හාහ් හා"

"ඔය හිනාව නවත්වල කියන දෙයක් කියපන්කො. අපටත් හිනා වෙන්න" මෙනකාට ඉවසිල්ලක් නෑ. අපටත් එහෙම තමයි.

"මම ඇතුලට යන්න හදනකොටම පහල වීදුරුවෙන් දැක්ක කවුරු හරි ගෑනියෙක් ඉන්නවා. ස්කර්ට් එකක් ඇඳල කකුල් දෙක පේන්නම තිබුනා. මමත් ඉතින් ඒ මනුස්සය එනකම් බලාගෙන හිටියා. කොච්චර කරත් එන්නේ නෑ. මට පිටිපස්සේ හිටිය මනුස්සයට ඉවසගෙන ඉන්න බැරි තැන. මල්ලි ඔයාට හදිසි නැත්නම් මෙහාට වෙන්න කියල කෙලින්ම ඇතුලට ගියා. මට හිතා ගන්නවත් බෑ ඇතුලේ කවුරුවත් නෑ"

"එතකොට උඹ කාවද දැක්කේ?"

"මචං ATM එක ඇතුලේ කළුවරයි නේ. මට පිටිපස්සෙන් හිටිය අක්කගේ කකුල් දෙක තමයි මම වීදුරුවෙන් දැකල තියෙන්නේ ඇතුලේ ඉන්නවා වගේ"

______________________________________________

මේක වෙලා තියෙන්නේ රවිය බැංකුවට ආව කාලේ. වෙන තරමක් ඇබැද්දි වෙච්ච පුද්ගලයෙක් තමයි රවී කියන්නේ. ඒ කාලේ බැංකුවේ ලස්සනම කෙල්ලෝ ඉඳලා තියෙන්නේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකේ. අපේ රවියත් මේ කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. ඒ කෙල්ලත් වැඩි අකමැත්තක් නැති පාටට ඉඳලා. උදේට කැන්ටිමේදී හමු වුනහම "ගූඩ් මෝර්නින්" කියල ලාවට ෂේප් වේගෙන එන කාලේ. දෙන්නට දෙන්න හිතින් කැමැත්තක් තිබ්බත් ඉතිං පොඩි ලැජ්ජාවක් දෙන්නගෙම හිතේ තිබුනා. මෙහෙම ඉන්න අතරේ දවසක් තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. රවියා ATM එකේ සල්ලි අරන් එලියට එන්න එනකොටම ඊළඟට එන්න ඉන්නේ අර කෙල්ල කියල දැක්කහම රවියට හීන් දාඩිය දාල. අද නම් වැඩේ ඉවරයි. ඉවරෙටම ඉවරයි කියල හිතනකොටම රවියට ගණදෙවි නුවන පහල වෙලා.

"මිස් දැම්මම ඇතුලට යන්න එපා මට කලින් ආව කෙනා මේක ඇතුලේ ප*යක් ඇරලා. ගඳේ බෑ" 

කියාගෙන රවියා යන්න ගිහින්. වැඩේ ගොඩ කියල හිතුවට අර කෙල්ල ඊට පස්සේ මුනවත් බලල නැහැ. වැඩේ එතනින්ම් ඉවරයි.

පින්තුරය ගත්තේ : jillzhu.wordpress.com

17 comments :

  1. "ඒ කාලේ බැංකුවේ ලස්සනම කෙල්ලෝ ඉඳලා තියෙන්නේ"

    ඉඳලා තියෙන්නේ කියන්නේ ඔයාට මතක නැද්ද ඒ ගැන :D

    ReplyDelete
  2. දෙවනි කථාවනම් මරු වගේ

    ReplyDelete
  3. @Hasitha : මම බැංකුවට ආවේ ඊට අවුරුදු හතරකට පස්සේ.

    @ලහිරු : එහෙනම් කමක් නෑ.

    ReplyDelete
  4. නෝන්ඩි 7යි අප්පා ....

    ReplyDelete
  5. @රොබින් : කියල වැඩක් නෑ.

    ReplyDelete
  6. හෙහ් හෙහ් මේවා අපිට වුනත් වෙන්න බැරි නෑ සුදීක! LOL!
    අර දෙවෙනි කතාව නම් "Love lost to Gas" කියලා සිංහලෙන් කියන්න පුලුවන් නේ?
    ඔය වැඩේම වෙන්න පුලුවන් කාර් එකක දෙන්නෙක් යනකොටත්, නැත්ද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  7. deveni kathaawa therune ne

    ReplyDelete
  8. දෙවෙනි කතාව නම් එළ......

    ReplyDelete
  9. පළමු එක දෙවනි එක වගේය,
    දෙවනි එක පළමු එක වගේය.
    දෙකම එක වගේය
    එහෙම නේද?

    ReplyDelete
  10. @රතුරජරට : දෙකම එක වගේ තමා.

    ReplyDelete
  11. @Dude : මම හතර වෙනි පන්තියේදී ඉගෙන ගන්නකොට උගන්නපු ගුරුතුමා ඔය වගේ කතාවක් කිව්වා. ඔන්න දෙන්නෙක් ඔරුවේ යනවලු. එක්කෙනෙක් ඔයවගේ ප*යක් ඇරලා අනිත් කෙනාට චෝදනා කරනවලු. අනිත් කෙනා කියනවලු මම නෙවේ උඹ කියල, පළවෙනියා කියනවලු නෑ, නෑ උඹ කියල. දෙන්නම දන්නවලු කව්ද වැරදි කාරය කියල ඒත් ඔප්පු කර ගන්න විදියකුත් නෑ.

    @Ano : ඔහොම යනකොට තේරෙයි.

    @සුමිත් : එල කිව්වේ රවියට කෙල වෙච්ච එකටද ?

    @ඉන්ද්‍රජිත් : කාට හරි දුකක් කරදරයක් උනහම ඔහොම එල එල පට්ට පට්ට කියන සිරිතක් තියෙනවද?

    ReplyDelete
  12. හික්ස් නියම කතා දෙක :)

    ReplyDelete
  13. @නිශාන් : සමහරුන්ට එකට වඩා දෙක හොඳයි කියන්නේ.

    ReplyDelete
  14. ඵල ඵල මරු කතා දෙක...

    ReplyDelete
  15. //රවියා ATM එකේ සල්ලි අරන් එලියට එන්න එනකොටම ඊළඟට එන්න ඉන්නේ අර කෙල්ල කියල දැක්කහම රවියට හීන් දාඩිය දාල. අද නම් වැඩේ ඉවරයි. ඉවරෙටම ඉවරයි කියල හිතනකොටම රවියට ගණදෙවි නුවන පහල වෙලා.//

    මේ ඇයි කියලා මට තේරුනේ නෑ.:)

    ReplyDelete
  16. @ලහිරු : බොහොම ස්තුතියි.

    @පොඩි කුමාරිහාමි : බ්ලොග් පොස්ට් එකකට ගඳ/සුවඳ එකතු කරන්න විදියක් තිබුනා නම් ?

    ReplyDelete

ආවාට, කියෙව්වාට ස්තූතියි. කියවල මොනවා හරි හිතට ආවාද ? ඒ සඳහා තමයි මේ ඉඩ. වචන දෙක තුනක් ටයිප් කරන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...