Thursday, August 9, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 16 - කවුද එතන ඉන්නේ ?

පහුගිය ටිකේ මම ලියාගෙන ආව අඳුරු යුගයේ මතකසටහන් සීරීස් එකටම සම්බන්ද එහෙත් එම කාණ්ඩයට වඩා ලොල් කතාවක් වෙච්ච මේ කතාව මගේ මතකයට ආවේ මේක මට කිව්වා සුචාව මම අද උදේ හීනෙන් දැක්ක හින්ද. එතකොට කවුද මේ සුචා. සුචා කියන්නේ සුචරිතරත්න. මට නම් මේ නම කිව්වත් හිනා යනවා. එවරෙඩි පුස කියල තමයි අපේ ක්ලබ් එකේ අය හඳුන්වන්නේ. ඉතිං සුචා ගැන පස්සේ කතා කරන්න බැරියයි. අදාල කතාව මට ඇවිත් කිව්වේ සුචා. මේ කියන සංවාදයට සහබාගි වුණා අය ගැන සුචා එදා එලි කලේ නෑ. ඒ කාලේ හැටියට අපි එක්ක ඕක කිව්වනම් අදාළ සැකකාරයන්ට හිරේ ලගින්න වෙනවා.

මේක වුණා කාල සීමාව දැනටමත් ඔබේ හිතට එන්න ඕනෑ. අසූ නවය අනුව කාල වකවානුවේ සිදු වුනා යයි විශ්වාස කලහැකි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සංවාදයක්. ජනතා විමුක්ති පෙරමුණ කියන නමින් එම කණ්ඩායම නො-හඳුන්වා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියල හඳුන්වන්න  මම හිතුවේ මුලින්ම ආයුද අතට ගත්ත පිරිස ජවිපෙ වුනත් පසුව නොයෙක් බලාපොරොත්තු හිතේ දරාගෙන මෙම සංවිධානේ වටා ගොනු වූ පිරිස් එක් වූ විට එය ජවිපෙයකට වඩා අර කිව්වා සංවිධානය නමින් හැදින්වීම  වඩාත් උචිත නිසා. ඒත් මේ දෙකේම වැඩි වෙනසක් නෑ. ඒ කතා මෙතනට අදාළ නොවුනත් මෙහෙම සඳහන් කලේ මම ජවිපෙට සුදු හුණු ගාන්න යනවා කියල කෙනෙකුට හිතෙන්න පුළුවන් නිසා.

මේ කියන කාලේ වෙද්දී රජයේ හමුදා වෙතින් හොඳටම ප්‍රහාරයට ලක් වෙලා බොහෝම අඩාල තත්වයකින් හිටියත් ඉඳ හිට එතන මෙතන පොඩි පොඩි සිදු වීම් වුනා. අද අවසන් වෙයි හෙට අවසන් වෙයි කියල හිතුවත් සහෝදරවරුත් ඉඳ හිට පොඩි වැඩක් දීල තමන්ගේ ජාම බේර ගත්ත.

බෙන්තොටට බැංකු තියෙන්නේ එකයි. ඒ ලංකා බැංකුව. ඒක තියෙන්නේ සංචාරක කලාපයේ. ඒ මදිවට බෙන්තොට පොලීසිය ඉදිරිපිට. මේකට අත තියනවා කියන්නේ ඉතින් පොලීසියට ගැහුවා වගේ වැඩක්. නිකමට වත් නොහිතන දෙයක්. ඒත් මේ සංවිධානයට පසුව එක් වෙච්ච අය බැංකු කඩන්න, මංකොල්ල කන්න වගේ දේවල වලට හරි උනන්දුයි. ඉතිං වැඩි නියෝජනය තියෙන්නේ මේ හොර සාමාජිකයින්ට නිසාත්, කොහේ-කොහේ හරි යම් සිද්ධියක් ඇති වුනාම සංවිධානයට පොඩි ක්‍රෙඩිට් එකක් එන නිසාත් නියම ජවිපෙ සහෝදරයෝ මේ වගේ ඒවාට වැඩිය ප්‍රතිවිරෝධයක් දැක්කුවේ නෑ. ඔන්න ඇති වුන සංවාදය මෙහෙමයි.

ජවිපෙ සාමාජික 1 : සහෝදරයා අපි දැන් නිහඩව හිටිය හොඳටම ඇති, අපි යමක් කරන්න ඕනෑ ටිකක් රටටම දැනෙන විදිහේ දෙයක්.

අලුත් සාමාජික 1 : හරි අපි බෙන්තොට ලංකා බැංකුව කඩමු. එකේ හොදට සල්ලිත් තියෙනවා අහල ගං හතක මිනිස්සු රත්තරං බඩු තියල තියෙන්නෙත් මෙතන. ඒක පිටිපස්සේ තියෙන තැබිලි කොටුවෙන් ඇතුලට රිංග ගන්න පුළුවන්.

ජවිපෙ සාමාජික 2 : චී.... චී.... සහෝදරයා අපි එතන ඉන්න හොඳ නෑ.

අලුත් සාමාජික 2 : ඔහෙට පිස්සුද ස..හෝ...ද...ර...යෝ, කවුද එතන ඉන්නේ. බැංකුවක් කඩලා. අපි හිමිහිට මාරු වෙනවා මිසක්.

ඔන්න හිනා ගියේ නෑ කියල මට කියන්න එපා. මේ එක්කම පොඩි දැන්වීමක් කරන්න ඕනේ උසස් රස වින්දනයක් තියෙන ලොව වටා විසිරි සිටින අපේ සයිබර් මිතුරු කැලට.  නන්ද මාලනී මහත්මියගේ ගීත වල වචන ෆේස්බුක් නොට්ස් විදියට එකතු කරලා මගේ මිත්‍රයෙක් වන රනිල් මුදුන්කොටුව ෆේස්බුක් පේජ් එකක් විදියට පවත්වාගෙන යනවා. සිංහලෙන් සියළුම ගීත වල වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම හොඳ උත්සාහයක් හා කැපවීමක් ඔහු ඒ වෙනුවෙන් කරලා තියෙනවා. අද මගේ මිත්‍රය එයට එක් කරන්නේ 250 වෙනි නොට් එක. මම කාලෙක ඉඳන් කිව්වත් මිනිහා බ්ලොග් එකක් පටන් ගන්නේ නෑ. බ්ලොග් එකක් විදියට ලිව්වනම් හොඳයි කියන එක මිනිහට නිනව්වක් නෑ. ඒ මොනවා වුනත් අඛණ්ඩව නෝට්ස් 250ක් නොහොත් ගීත 250ක් මෙහි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතිං ඔබටත් පුළුවන් මේ ෆේස්බුක් කණ්ඩායමට එකතු වෙලා ගීත වල රස විඳින්න මෙන්න මේ පහල තියෙන ලින්ක් එක හරහා ගිහින්. සමහරවිට ඔබ මේ වෙනකොටත්  එම කාන්ඩේ සාමාජිකයෙක් වන්න පුළුවන්. මොකද දැනට 9500 කට අදික පිරිසක් මේ වට එක් වෙලා ඉන්නවා. මෙන්න ලින්ක් එක

21 comments:

  1. සහෝදරවරු අද කාලේ වගේමයි ඒ කාලෙත් :D

    ReplyDelete
  2. @Hasitha : ඒ කාලේ හොඳයි මට හිතෙන්නේ.

    ReplyDelete
  3. දැම්මා ලියික් එකක්..

    එතුමියගේ තහනම් වුනු ‘පවන‘ ඇල්බම් එකට මනාපයි. පුලුවන් නම් ගිත ටික හෙයලා දියන් සහෝ !

    ReplyDelete
  4. @sAm : රනිල්ට කතා කලොත් ගන්න පුළුවන් වෙයි. මම අහල බලන්නම්. අපි ඒ කාලේ ඕව ගැහි ගැහි ඇහුවේ.

    ReplyDelete
  5. දැන් ඔකේ කොහෙටද හිනාවෙනේ

    ReplyDelete
  6. @Raj : ඔහේ නිකං හිනා වෙන්න. එතකොට අනිත් අය හිතයි ඔයාටත් තේරුනා කියල.

    ReplyDelete
  7. parani gayakayanta priya karana avatartath ara page eka watinawa

    ReplyDelete
  8. @අවතාර් : ලොල් කතා දෙකකින් මේක තෝරා ගත්තට පස්සේ මගේ මේ මිතුරාගේ පණිවුඩය එකතු කරනවාද නැද්ද කියල තොර ගන්න බැරුවයි හිටියේ. ඒක එකතු කරපු එකෙත් නරකක් නෑ එහෙනං.

    ReplyDelete
  9. හපෝ..සහෝදරයෝ ගැන නං කියලා වැඩක් නෑ....

    ReplyDelete
  10. කතාව නම් ඇත්තටම හොදයි සහෝ...වැරදි පුද්ගලයන් වැරදි පාරවල් වල හැමදාමත් ගමන් කෙරුවා... ඒක පාරෙ වැරැද්දක් නෙමෙයි .මේ ෆේස්බුක් කතාව නිසා මේක නිකන් පිස්සගෙ පලාමල්ල වගේ වුණා කියලයි මට නම් හිතුනේ..

    ReplyDelete
  11. කතාව නම් ඇත්තටම හොදයි සහෝ...වැරදි පුද්ගලයන් වැරදි පාරවල් වල හැමදාමත් ගමන් කෙරුවා... ඒක පාරෙ වැරැද්දක් නෙමෙයි .මේ ෆේස්බුක් කතාව නිසා මේක නිකන් පිස්සගෙ පලාමල්ල වගේ වුණා කියලයි මට නම් හිතුනේ..

    ReplyDelete
  12. @ඔබ නොදුටු ලොවක් : ඒත් මෙතන සහෝදරයන් යම් තාක් දුරට සාධාරණ ගතියකුත් පේනවා නේද?

    @රතු රජරට : අනේ එහෙමද ? ඒත් නන්දා මාලිනී මහත්මිය කියන "යමින් බැඳ විලංගු ලා" ගීතය ඔයාට අමතකද?

    ReplyDelete
  13. හොඳටම හිනා යන්නෙ මේවගේ කතාවලට.

    ReplyDelete
  14. බැංකුවක් කඩලා කව්ද එතන ඉන්නේ හික්ස්

    ReplyDelete
  15. @රාජ් : බලන්න රාජ් අපේ අනිත් රාජ්ට තේරුණේ නැහැනේ. ඒ කියන්නේ හිනා නොයන හින්ද හිනා ගිය වත්ද ?

    @නිශාන් : හී, හී, හී.

    ReplyDelete
  16. සහෝදරයොත් සෙල්ලම් නෑ නේද...

    මගේ ප්‍රියතම ගායිකාව ඇයයි.. ඒ නිසා ඔන්න මමත් ගියා ඒ පැත්තෙ..

    ReplyDelete
  17. @සිරා : මම කියන්නෑ මගේ ප්‍රියතම ගායකයෙක් හෝ ගායිකාවක් ඉන්නවා කකියලා. එත් බොහෝ ගායකයන්ගේ, ගායිකාවන්ගේ මම කැමති ගී තියෙනවා. නන්දා මාලිනීගේ මම වඩාත් කැමති ගීතය "දේදුනු පායා පාට වැටෙනවා, ජීවන අහස් තලේ". රනිල් ඒ සිංදුවේ වචන ටික දැම්මේ මගේ ඉල්ලීමට. ඇත්තට එය ඉතා වටිනා ගීත එකතුවක්.

    ReplyDelete
  18. සහෝදරයොත් හරි පොරවල් තමයි නේ....අපි ඔය කාලෙ ඉපදිල්ත් නෑ...

    ReplyDelete
  19. @ඉන්ද්‍රජිත් : ඉපදිලා නැත්නම් මාමාවරු තමයි කියන්න වෙන්නේ.

    ReplyDelete
  20. ගායකයා හෝ ගායිකාව වඩාත් ප්‍රිය වෙන්නෙ ගීතයෙන් කියැවෙන හැගීම අපට වඩාත් දැනෙන ලෙස ඔහුගේ හෝ ඇගේ අත්දැකීමක් කරගෙන ගායනා කිරීම මගින්... මේ කාර්යයට හැගීම් ප්‍ර‍කාශනයක් කියලත් කියන්න පුලුවන්.. මේ කාර්යයේදී මා දුටු විශිෂ්ඨම ශිල්පීන් යුවල තමයි අමරදේවයන් සහ නන්දා මාලනිය... නිකම්ම නිකං ගායනයක් වෙනුවට ඔවුන් කරන්නේ හැගීම් ප්‍ර‍කාශනයක්... ඒ නිසයි සුභාවිත ගීතයට කැමති බොහෝ අයගේ ප්‍රියතම ලැයිස්තුවේ මේ දෙන්නා අනිවාර්යෙන් ඉන්නෙ...

    ReplyDelete
  21. @සිරා : මම සාමාන්‍යයෙන් මේ ගායකයා මේ ගායිකාව කියල ප්‍රිය කරන්නේ නෑ. මම එක් එක් ගායකයන්ගේ ගීත වලට කැමැත්තක් දක්වනවා. ඒත් ඔබ කියන ගායක යුවලගේ බොහෝ ගීත රසාස්වාදයෙන් ඉහලයි.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...