Monday, July 16, 2012

දැන්වත් මුව හමට තඩි බෑම නවත්වමුද ?


පින්තූරය ගත්තේ : http://zebrarug.com

පහුගිය සතියේ එක හුස්මට දවස ගානේ පෝස්ට් දාලා ඊයේ පොඩි විවේකයක් ගත්තා. එකෙන් මං අතින් ගිය මාසේ කැඩුනු (Lost) මගේ බ්ලොග් පොස්ටින්ග් රිද්මය (Rythm) නැවතත් අල්ල ගන්න පුළුවං තත්වයකට ආවා. සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඔනේ බස් රේඩියෝවේ බ්ලොග් සම්මාන උළෙලට. එයාල ඉල්ලල තිබුනානේ දවසකට එක ගානේ දාන්න කියල. ඔන්න මමත් කොහොම හරි දැම්ම ඉතාම අඩු පහසුකම් යටතේ වුනත්. මම හිතන්නේ බස් රේඩියෝවේ අය මුළු සිංහල සයිබර් අවකාශයම කලඹලා ගත්ත. අපි වගේ නවක අයට මේක හොඳ අවස්ථාවක් වුනා. ප්‍රවීන අය මේකෙදි ඒ හැටි කලබල නොවුන එකත් එක අතකට හොඳයි. දැන් මාතෘකාවට බහිමු.
මම ගෙදරදී ලංකාවේ රූපවාහිණී නාලිකා නරඹන්නේම නෑ. ඒකට ඉතිං කාටවත් දොස් කියන්නත් බෑ. එෆ්.එම්. අහන්නෙත් නෑ. ඒවා අහගෙන ඉන්න අමාරුයි. ඒවගේ කියන්නේ සිංහල නොවෙන නිසා. හැබැයි මේ තත්වේ වෙනස් වෙනවා අපි වැඩට යනකොට. අපි කැමති වුනත් අකමැති වුනත් අපිට ඩ්‍රයිවර් මහත්තයා දාන දෙයක් අහගෙන යන්න වෙනවාමතකෙට එන්නේ රොඩ්නි වර්ණකුල කියන "සිරි සංගබෝධි මහත්තය අනුරපුරේ සිට නැග ගත්තා සැප බස් රියක" කියන ගීතය . සමහරුනම් තමන්ගේ අළුත්ම ස්මර්ට් ෆෝන් අත ගගා (මං හිතන්නේ නයාට එහෙම නොවෙයි ) තමන්ට කැමති ඒවා අහනවා. මට බස් එකේ යන්න වෙන වෙලාව අඩු නිසාත්. බස් වල යන බාල-මහළු, ගැණු-පිරිමි, මල්-ඵලතුරු  (සමා වෙන්න ඕනේ පොඩි කාලේ අක්කලත් එක්ක කරපු සෙල්ලමක් මතක් වුනා).
කරන මේ නාඩගම දැකල ඇති වෙච්ච පිලිකුලත් නිසා මේ වැඩෙන් මම වැලකිලා ඉන්නවා. සමහරු අනවශ්‍ය වුනත් කෝල් ගන්න ගමන් ෆෝන් එක කණටයි-කටටයි ලන් කරනවා. සමාවෙන්න, මට මේ වෙලාවේ මාතෘකාවත් අමතක වුනා. ඉතිං අද බස් එකේ යද්දී අහපු නිවුස් එකක් තමයි මේ පොස්ට් එකට වස්තු බීජය සපයන්නේ. ඒ කියන්නේ හිර ගෙවල්වල තිබිලි අහු වුන සෙල් ෆෝන් වලට අමතරව හිර ගෙවල් ඇතුලට දමලා ගහපු සෙල් ෆෝන් වගයකුත් මේ ළඟදී හම්බ වුනා කියන ප්‍රවෘත්තිය. ඉතින් මොන ආකාරයට හරි හිර ගෙදරට සෙල් ෆෝන් ගෙනියන එක නතර කරන්න පුළුවන්ද ? මම හිතන්නේ අසීරු කටයුත්තක් කියල. ඒ අය මොන ආකාරයකින් හරි මේව ගෙන්ව ගනීවි. අර පූසන්ගේ ආධාරයෙන් ඇතුලට හෙරොයින් යවල තිබුනේ. ඉතිං මගේ අවශ්‍යතාව මේ ගෙනියන ක්‍රමය නවත්වන්න නොවෙයි. දැන් ඔයාලට අම්බානකට තද වෙයි ගෙනියන්න අරිනවා නම් මොන කෙංගෙඩියටද මේ පොස්ට් එක ලියන්නේ කියලා. නැත්නම් හිර කාරයන්ගේ මානව අයිතිවාසිකම් ගැන කථා කරන්න තමයි හන්නේ කියල. හොඳයි කාට හරි එහෙම හිතුනේ නැද්ද ? මම කියන්නේ සෙල් ෆෝන් ගෙනියන එක නවත්වන එක හරියට "ගෙදර තියෙන මුව හමට තඩි බානවා" වගේ වැඩක් කියල. දැන් ඔබට හිතෙයි අපි හිතුවා හරි මූ එන්න හදන්නේ "අනේ පව් අහිංසක හිරකාරයෝ. ඔන්න ඔහේ වයිෆ්ලා ළමයින්ට කතා කරන්නවත් එපැයි" වගේ තැනකට කියලා. හරි එහෙම හිතෙන එක සාධාරණයි. 

එහෙම ගෙන්ව ගන්නම ඕනෙනම් ජේලර් මහත්තුරු ලවා ගෙන්න ගන්නත් පුළුවං. නැත්නම් ජේලර් මහත්තයකුගෙ හිත උණු වෙන කතාවක් කියල එයාලගේ ෆෝන් එකෙන් කෝල් කරනනත් පුළුවන්. ඉතිං ඔය කියපු මොන ආකාරයකට ගෙන්න ගත්තත් කරන්නේ තමන්ගේ බිරිඳට, ළමයින්ට කථා කරන එක නොවෙයි. මේ වගේ තැන් වලට ගාල් වෙලා ඉන්න කුඩු ජාවාරම් කාරයෝ, පාතාල නායකයෝ, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව තර කර ගැනීමේ අරමුණු වලින් ඇතුලට යන අය, තමන්ගේ ව්‍යාපාර එලියේ කලාටත් වැඩිය හොඳට කරගෙන යන්න භාවිතා කරන ප්‍රධාන මෙවලමක් තමයි මේ ජංගම දුරකතනය. මේවට ගාල් වෙලා ඉන්න මහ මොළ කාරයන්ට අත්‍ය අවශ්‍යම උපකරණය. හැබැයි පාළකයන්ට සැබෑ අව්ශ්‍යතාවක් තියෙනවානම් මේවා වලක්වන්න පුළුවං ක්‍රම කිහිපයක්ම තියෙනවා.

එකක් තමයි ජංගම දුරකතන සමාගම් හරහා. ඒ අයට පුළුවං මොන දුරකතනය මොන ස්ථානයේද තියෙන්නේ කියලා හරියටම කියන්න. මොන කුළුනෙන්ද එම ජංගම දුරකතන වලට සිග්නල් යන්නේ කියලා. ඔබ දන්නවාද ඔනෑම ජංගම දුරකතනයක් ඔෆ්/ඔන් කියන අවස්ථා දෙකේදිම එම දුරකතනයට හොඳටම සිග්නල් ලැබෙන කුළුණු 10ක විස්තර (Statistics) දුරකථන මධ්‍යස්ථානයේ ඇති තමන්ගේ වාර්තාවේ යාවත්කාලීන (Update) කරන බව. එම තොරතුරු මත පදනම් වෙලා තමයි ඔබගේ අතේ තිබෙන දුරකතනය කුමන කුළුනත් සමග සබඳතාව පවත්වා ගත යුතුද යන්න තීරණය වන්නේ. ඉතිං හිර ගෙදර තිබෙන ස්ථාන නිවැරදිව අඳුනාගෙන සිග්නල් ලැබීම වලක්වන්න පුළුවන්. හැබැයි 100%ක්ම ප්‍රායෝගික නෑ. කෙනෙකුට පුළුවන් එහා මෙහා ඇවිදලා සිග්නල් ඉතා අඩුවෙන් ළැබෙන සිථානයක් සොයා ගන්න. 
පින්තූරය ගත්තේ :  http://www.methodshop.com

හොඳයි මේ සඳහා තිබෙන පහසුම ක්‍රමයත් මම කියන්නම්. හිතන්න ඔබ ඉතා උනන්දුවෙන් දේශණයකට සවන් දෙමින් ඉන්නවා, නැත්නම් ඔබ සමවැදිලා චිත්‍රපටියක් බලනවා, පුස්ථකාලයේ, බස් එකේ නිවි හැනහිල්ලේ ඉන්නවා. ඒත් කාගේ හරි ජංගම දුරකතනය නාද වෙනවා. ඔහුට/ඇයට එය නවත්වාගන්න ලැබෙන්නේ තවත් විනාඩි කිහිපයකින් පස්සේ. මේ වගේ තැනකට මොනවට සිග්නල් වැඩ කරනවද කියල ඔබට හිතෙන්න පුළුවන්. අපි කලින් කතා කරපු විදියට සිග්නල් වලින් නවත්වන එකත් ඒ තරම් සාර්ථක නෑ. එහෙනම් මොකක්ද කරන්න පුළුවන්. "මොබයිල් ජෑමර්" (Mobile Jammer) භවිතා කරන්න පුළුවන්. ඔබට හිතයි මූ මේ වැල්වටාරම් කියාගෙන ආවේ මේක ගැන කියන්නද කියල.
මේව ගැන අපිට අහන්න ලැබුනේ හතරවන ඊලාම් යුද්දය තිබ්බ කාලේ. ඒ කාලේනම් මේවා ගෙන්වන එක හිරේ යන වැරද්දක්. ඒත් දැන් මේ වගේ ඒව අපට ගෙන්වීමේ අපහසුතාවක් නෑ. ශ්‍රී ලංකා දුරකථන නියාමන කොමිෂන් එකේ අවසරය මත ගෙන්වා ගන්න පුළුවං. හැබැයි කාටවත් හානි වන දේවල් වලට මේව යොදා ගන්න හිතන්න එපා. එහෙම කරලා මේවා ගෙන්වන එක නැවැත්තුවොත් මම මේ කරන්න යන යෝජනාව අසාර්ථක වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා උත්තරය. පිංතූර දෙකේ තියෙන්නේ ජංගම සහ විශාල ප්‍රමාණ වල ජෑමර් දෙකක්. ජෑම් කරනවා කියන්නේ ඉතිං "සොරි" කරනවා වගේ එකක් කියල හිතා ගන්නකේ තේරෙන්නේම නැත්නම්. ඒ කියන්නේ මෙම උපාංගය භාවිතා කරමින් මීටර් 50-80 ප්‍රමාණයක ජංගම දුරකතන භාවිතය නවත්වන්න පුළුවන්. එතකොට අර හිරේ ඉන්න මහ මොළ කාරයන්ට පුළුවං දෙයියනේ කියලා ඇන්ග්‍රි බර්ඩ් වගේ ගේමක් ගහලා හිත හදා ගන්න. හැබයි බොහේ රටවල මේවා සමාන්‍ය ජනතාවගේ අතට යාම වලක්වලා තියෙන්නේ. විශේෂයෙන් අපේ රටේ ඉන්න "දැලි පිහි ගත්ත රිලව්" වගේ හැසිරෙන අයගෙන් මේවා ඈත් කර තබන්න ඕනේ. රටින් ගේන්නම අවශ්‍ය නෑ. මගේ මතකය නිවැරදි නම් යුද්ධ කාලෙදී අවශ්‍ය කරපු ජෑමර් නිර්මාණය කලේ මොරටුව සරසවිය. ගූගල් සර්ච් කරලා බැලුවොත් මේ සඳහා අවශ්‍ය සර්කිට් පවා තියෙනවා. මම කියන්නේ මේ වගේ ඒවානම් අත්හදා බලන්නවත් එපා කියල. ඉතිං මේ හිර ගෙවල් පාළණය කරන ඉහල බලධාරීන්ට පුලුවන් මේ වගේ විකල්පයක් යොදල මේක මැඩ පවත්වන්න. මම දන්නවා කමෙන්ට් වලට එන දේවල්. කෙනෙක් කියන්න පුළුවන් දේශපාළන බලවතුන්ගේ සමීප හිතවතුන් ඉන්න නිසා මේවා හීන විතරයි කියල. මම කියන්නේ විකල්පයක්. බලධාරීන්ගේ ඇස මේවට යොමු වෙන්න කියල තමයි මම කියන්නේ. 

ප:ලි: හැබැයි මේ කුළුණ හෝ උපාංගය ආරක්ෂා කර ගන්න ලොකු ගාඩ් එකක් දාන්න වෙන එකනම් සිකුරුයි. 

11 comments:

  1. මැගසින්, වැළිකඩ, CRP ඔය තූනෙන් එකකට ඔව්වා එකක් හයි කරලා හරි ගියේ නැ

    මම දන්න විදිහට

    ReplyDelete
  2. කාලීන අවශ්‍ය තාවයක් ගැන කතාවක්. ඔයාගේ යොජනා නම් අපූරුයි. ඒත් ක්‍රියාත්මක වීම නම් සැක සහිතයි. එනිවේ... ! ජය..!

    ReplyDelete
  3. පිස්සු කතා කරන්න එපා ඕවා හිරගෙවල් වලට හයි කරොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ද වෙයි.

    ReplyDelete
  4. වැලිකඩ බන්දනාගාරය ආශ්‍රිතව මේ වැඩපිළිවල ක්‍රියාත්මක උනත් පලක් උනේ නැහැ ...

    ReplyDelete
  5. 'බස් වල යන බාල-මහළු, ගැණු-පිරිමි, මල්-ඵලතුරු (සමා වෙන්න ඕනේ පොඩි කාලේ අක්කලත් එක්ක කරපු සෙල්ලමක් මතක් වුනා).' හික්ස් !!!

    මේ ටික නියමයි!

    ReplyDelete
  6. අපේ ඇතුලට යන අයියලට ඔය මොනා තිබුනත් ඇතුලෙන්ම සප් එක ලැබෙනකොට ආයේ මොන කතාද

    ReplyDelete
  7. ඕක සාර්ථකව කරන්න පුළුවන් වෙන්නෙ හිරගේ හුදකලා භූමියක තිබුණොත් විතරයි.

    ReplyDelete
  8. විශේෂයෙන් ලාංකිකයන් වෙන අපිට තියෙන දක්ෂතාවක් තමා ඔය මොනවා කළත් ඒකෙනුත් රිංගන්න පුලුවන් සිදුරක් හදාගන්න එක :D

    ReplyDelete
  9. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @අටම්පහුර : එහෙමද ? ප්‍රවෘත්ති වල ඒ වගේ දෙයක් කිව්වේ නෑ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Sarath Chandrasiri : ස්තූතියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @නිශාන් : හ්ම් ඒකත් ඇත්ත තමයි. හිර කාරයොන්ට එගොල්ලන්ගේ බිස්නස් එක කරන් යන්න දෙන එක ඊට වඩා ලාභයි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @රොබින් : අන්න ඒ වැරදුන හේතුව හොයලා ඒකට පිළියම් යොදන්න ඕනේ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හිරුහිමාවී : අනේ, අනේ, මේච්චර වැදගත් මාතෘකාවක ඔයාට පෙනිච්ච දේ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @අවතාර් : ඇතුලේ අයටත් පාළණය කරන්න බැරි විදියට මේව කරන්න ඕනේ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @සුමිත් නිරිඇල්ල : ඒකත් හොඳයි. සිග්නල් නැති පළාතක දැම්මොත්. වැඩේ තියෙන්නේ එතකොට සිග්නල් හදනවනේ. අර ඇමරිකාවේ හිරගේ තියෙන අල්කට්‍රාස් දිවයින, වගේ ඉස්සර අපෙත් මේවා හුදකලා දූපත් වල තිබිල තියෙනව. එහෙම දූපතක හැදුව නම් හොඳයි තමයි. පාළණය හමුදාවට දෙන්න ඕනේ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  10. හිරකරුවො මනුස්සයොනේ ලොක්කා හැබැ අර බස්වල යන උන් මොබයිල් ෆොන් එක වොකි ටොකි එකක් කොරගෙන කතා කොරන එකනම් මහ අජූත වැඩක් සහෝ

    ReplyDelete
  11. @Raj : ඇත්ත, හිරගෙදර ගහල තියෙන්නෙත් හිරකරුවාද මිනිසෙකි. කියල. ඒත් මෙතන භාවිතාව පිලිබඳ ප්‍රශ්ණයක් තියෙන්නේ. ඇර වෝකි,ටෝකි කෙස් එක නම් මටත් පෙන්නන්න බෑ. සමහරු ඩිස්ප්ලේ එකට කතා කරනවා, සමහරු ස්පීකර් එකට කතා කරනවා. මම දවසක් තව ඩිංගෙන් ගුටි කනව වීඩියෝ කරන්න ගිහින්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...