Saturday, July 28, 2012

කෙටීම් කෙටි ලොල් කතා 15 - තව භාගයක් ගන්න

මේක නම් මම ඇස් දෙකෙන්ම දැක්ක සිදුවවීමක්. මගේ මතකය නිවැරදි නම් මේක වුනේ 2003 මැද හරියේ. මගේ බ්ලොග් එකේ නම්ට යටින් තියෙන අර පාටයේ  කියල තියෙන විදියට රාජකාරියට ලංකාව් වටේ යන්න ලැබීම මහත් භාග්‍යයක් කියල මගේ තාත්ත මුලින් කිව්වම මම ඒක පිළිගන්න කැමති නැති වුනත්, ආපසු හැරී බැලුවම ඒ කතාව් ඇත්ත කියල 200% පිළිගන්න වෙනවා.

අපි ගියා වැල්ලවාය ශාඛාව පරිගණකගත කරන්න. ගියේ නාමලුයි,මමයි, අකිලයි. මේ වගේ ශාඛාවක් සති අන්තයේදී තමයි සියළුම අවශ්‍ය කටයුතු කරන්නේ සඳුදාට ඔන්ලයින් යන්න. කෙටියෙන් කිව්වොත් පරිගණකය ආධාරයෙන් වැඩ කරන්න. මේ කටයුත්ත කරලා අපි වැඩ ඉවර කරන්නේ ඉරිදා රෑ. අපි පිටින් ගියා අය හින්දත්, එයාලට මේකෙන් වෙන පහසුවත් හින්ද එයාල අපිට පාටියක් දෙනවා. කෑමද, බීමද අරකද මේකද සියල්ලම. එහෙම තියෙන පාටි වැඩි වෙලා ඇදගෙන යන්න අපි දෙගොල්ලන්ට්ම උවමනාවක් නැ. මොකද අපි හැමෝම සඳුදා උදේ අටට කලින් බ්‍රාන්ච් එකේ ඉන්න ඕනේ. එහෙම ඔන්ලයින් යද්දී උත්සවයක් පවත්වන එකත් සාමාන්‍ය දෙයක්. බොහෝ විට ඒවට ඉහල නිලදාරියෙක් ආවත් එදා එන්න නියම වෙලා තිබුනේ රජයේ ඇමති වරයෙක්. ඒ නිසා කණ බොන ඒවා නිමා කරලා අපිත් අපේ නැවතනට ගියා. එතැන හිටිය ආරක්ෂක නිලදාරිය හොඳ බෙබේ කෙනෙක් මිනිහාට යන්න අදහසක් තිබුනේම නෑ. අපි වාහනයේ යද්දී දැක්ක ශාඛාවේ සුළු සේවකයෙක්  අර ආරක්ෂක නිලදාරියත් පිටිපස්සේ ගෙන අපිව ඉස්සර කරලා යනවා.

පහුවදා උදේ සියළු දෙනාම කලබලෙන් එහා මෙහා දුවන අතරේ මම දැක්ක අර ආරක්ෂක නිළදාරිය මැනේජර් එක්ක කතා කර කර ඉන්නවා. සිකුරිටිගේ මුණේ තුන් පොලක ප්ලාස්ටර් දාලා. දැක්කම හිනා යන්න ආවත් අමාරුන් ගිල ගෙන් එතනට ගියා.

"තමුසේ හැරී වැඩනේ ඕයි කර ගන්නේ. තමුසේ කොහොමද දැන් ඇමති තුමා එනකොට ඉස්සරහ ඉන්නේ. තමුසේ යනවා පස්ස දොර ගාව්ට, අර රිජනල් එකෙන් ඇවිත් ඉන්න සුදු හාදයාට කියනවා ඉස්සරහට යන්න කියල. "

"හ..රි... ස..ර්"

මම මිනිහට කිට්ටු වෙලා ඇහුවා මොකද උනේ කියල. බොහොම අමාරුන් කට කොනකින් හිනා වුනා වගේ එකක් කරලා මිනිහා යන්න ගියා. මුණේ තුවාල විතරක් නම් මදැයි. හොඳටම් ඉදිමිලා. ඒ මදිව්ට රතු වෙලා. මිනිහව දැක්කාම හිනා නොවීම ඉන්න බෑ. මටත් දැන් ඉවසිල්ලක් නෑ. මම ගියා මිනිහත් එක්ක ගියා අනිත් කෙනා ගාවට.

"මොනවාද අර සිකුරීටිට කලේ ?"

"මම මොනවත් කලේ නැ. අප්පෝ මගෙන් නම් ඕව අහන්නෙපා. මට වැඩ තියෙනවා. මම යනවා" කියාගෙන මිනිහා මාරු වුනා. ඒක ඇහුවාම මගේ කුතුහලය තවත් වැඩි වුනා. මම ආපහු ගියා සිකුරීටි ගාවට, ගිහින් ගෑවා පොඩි  බටර් පාරක්.

"ඔහොම තමයි ජිවිතේ, මොකක්ද වුනේ, මම කාටවත් කියන්නැ. අපි කොහොමත් සිකුරදට යනවනේ. කියන්න, කියන්න, කාටවත් නොකිය හිටිය කියල මොකක්ද තියෙන පලේ. කිව්වම හිත නිදහස් වෙනවනේ, වලියක් ගියාද ?" මම මිනිහගේ පිටට තට්ටුවක් දැම්ම.

"අ..රි වැ..ඩ..ක් උ..නේ. අ..පි ඕ..ගො..ල්..ලො..ත් එ..ක්..ක ෂෙ..ට් වෙ...ලා හි..ටි..යේ"

"ඔව් ඔව් ඉතිං"

"ප..ස්..සේ අ..පි දෙ..න්..න ගි..යා බ...යි..ක් එ..කේ"

"හරි හරි මම දැක්ක"

"බා..ර් එ..ක ල..ඟ..දි ම..ම බැ..ස්..ස ත..ව භා..ග..ය..ක් ග..න්..න කි..ය..ල"

"ඉතිං, ඉතිං" මම හු මිටි තිව්ව.

"ම..ට හො..ඳ..ට..ම ම..ත..ක..යි බ..යි..ක් එ..ක න..ව..ත්..ත..ලා ති..බු..නේ කි..ය..ල. ඒ..ත් අ..රූ කි..ය..න..වා ම..ම ය..න බ..යි..ක් එ..කෙ..න්..ලු බැ..ස්..සේ කි..ය..ල"

කොහොම ඇද්ද 40-50 යන බයික් එකකින් බැස්සම පදින එකටත් නොකිය. ඩෝප් නිසා මිනිහට වැඩි ගානක් වෙලා නෑ බයික් එක නවත්තලා නෑ කියල.

"අයියෝ ඕක මොකක්ද මම කාටවත් කියන්නෑ"

ඔන්න මම කාටවත්ම කිව්වේ නැ, අද ඔයාලට කියනකං. අපි එහෙමයි ඈ.

17 comments :

  1. කාටවත් නොකිව්ව එක නම් හොදයි බං !

    ReplyDelete
  2. ඇත්ත ඇත්ත ඔවා කටක් ඇරලා කාටවත් කියන්න පුළුවන් දේවල් ද.....?

    ReplyDelete
  3. ඔන්න් අපිත් කාටවත් මේක කියන්නේ නැහැ :D

    ReplyDelete
  4. සදා සොත්ති නොවැ..

    ReplyDelete
  5. හච්චෝ.......පව්.................

    ReplyDelete
  6. දෙය්යන්ටම ඔප්පු වෙච්චාවෙ!

    ReplyDelete
  7. මම හිතන්නේ බයිසිකලේට වඩා වේගයෙන් ලොකු වහනයක් ඉස්සර කරගෙන යන්න ඇති එතකොට දැනෙන්නේ නවත්වල තියෙන්නේ කියල නේ. "ටින් ටින්" කාටුන් එකෙත් ඒ වගේ සිද්දියක් තිබුනේ.

    ReplyDelete
  8. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @සෑමා : මම කාටවත් කිව්වේ නෑ. මගෙත් එක්ක ගිය යාළුවෝ දෙන්නට විතරයි කිව්වේ. ලොල්.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @සුමිත් : වෙච්ච් දේ නම කාටවත් කියන්න බෑ වුන එකාට. එත් මට අවුලක් නෑ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හසිත : කියන්න එපා මචෝ අරූ හොයන් ඇවිත් මට වෙඩි තියියි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @විමුක්ති : හොඳ වෙලාවට සොත්ති, නොන්ඩි වෙලා නෑ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @ලහිරු : හිනා යන දෙයක් මෙතැන තිබුනද ? පව් අනේ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හිරුහිමාවී : ඒක තම මාත් කියන්නේ, මේ ලහිරු හිනා වෙනවා, පව් නේද?
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @රාජිත : වැඩේ තියෙන්නේ තාම එයා කියන්නේ බැස්සේ නැවත්තුවට පස්සේ කියලනේ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @රාජ් : දෙයියන්ට පොල් ගැහුවා වගේ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @අසරණයා : ඇත්ත කතාව ඌ දකුණු පැත්තෙන් බස්සද දන්නේ නෑ.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  9. ඔහොම සික්කෝ වෙන කොයින්දා!
    අනේ අපි නම් ඔහොම බොන්නෙ නෑ! අපි ආදර්ශමත් චරිත! :D බොරු කියලා හිඔතනවානං මේං සාක්කි


    henryblogwalker the Dude

    ReplyDelete
  10. ආතල් ලෝකයයි... බයික් එකෙන් බැස්සට පස්සෙ වෙරි හිදුන නිසා භාගෙ වෙනුවට බෝතලයක්ම ගන්න ඇති..

    ReplyDelete
  11. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @Dude : වෙන කොහේද ?
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @සිරා : එඅකද දන්නේ නැ උගේ මුණ රතු වෙලා ඉදිමිලා තිබුනේ ?
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  12. හම්මෝ මටත් රිදෙනවා වගේ සීන් එක කියවද්දී :)

    ReplyDelete
  13. @නිශාන් : මොකද පරක්කු? කොයි විදියටද මේක සමීප ?

    ReplyDelete
  14. අහිංසක මනුස්සයන්ට බොන්ඩ දිලා උඹලා තමයි වග කියන්ඩ ඔන හික්ස්

    ReplyDelete
  15. @Raj : ඒ වගේ එවුන්ට බොන්න දෙනවා තිය හිතන්නවත් හොඳ නෑ.

    ReplyDelete

ආවාට, කියෙව්වාට ස්තූතියි. කියවල මොනවා හරි හිතට ආවාද ? ඒ සඳහා තමයි මේ ඉඩ. වචන දෙක තුනක් ටයිප් කරන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...