Friday, July 13, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 13 - ලයිට් ඕෆ් කරල ....

මේ කතාව ටයිප් කර කර ඉන්නකොට එක පාරටම මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලොස්ට් වෙලා බැලුවාම ඔෆිස් එකේ සර්වර්ස් වලට දාල තියෙන යූ.පී.එස් දෙකම ඩවුන්. මගේ දෙලෝ රත් වෙලා ගියා. මම කෙලින්ම ගිහින් බැළුවේ සර්වර් රූම් එකට. ඔක්කෝම මොනිටර්   කළු පාටට බැබලෙනව. ඒ කියන්නේ බඩු බනිස් වෙලා. මම ගියා යූපීඑස් රූම් එකට එතන එරර් මැසෙජ් එකක්. එතනම තමයි අපි ඉස්සර ප්‍රින්ට් අවුට් තිබ්බේ. ඉතිං දැන් නැති වුනත් ඒ කාලේ මේ ඔෆිස් එකේ ගොඩක් අය වැඩ කලා (ඔපරේෂනල් ස්ටාෆ්) දැන් එයාල ඉන්නේ වෙනම තැනක. ඉතිං අද කොළඹ බොහොමයක් ඔෆිස් වලට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙලා. සමහරු කියන්නේ ෆ්‍රයිඩේ ද තර්ටීන්ත් හින්ද කියල. මට නම් මේක තවත් දවසක් විතරයි. අද කොළඹ ලයිට් කැපිල්ලකුත් තිබ්බලු. අනේ මන්ද අපිට මුකුත් වුනේ නෑ. ඉඳල-ඉන්දල යූපීඑස් දෙක ඩවුන් වුනා විතරයි. ඉතිං මම හිතුව අද ලයිට් සම්භන්ධ කතාවක් ලියන්න. මතකයට ආවේ මේ සිද්දිය හින්දා. 

අපේ ඔෆිස් එකේ ළමයි 20ක් විතර ඉන්නව උසස් පෙළ ඉවර වුනු ගමන් ආපු අය. අර ස්කූල් ලීවර්ස්ලා කියන්නේ. අන්න ඒගොලොලෝ. ඒ අයට පාසලේ ඇත්දැකීම් ඇර වෙන කිසිම දැනුමක් නැතුව තමයි එන්නේ. ඉතිං නිසි පුහුණු කිරීමේ ප්‍රතිපදාවක් නැති නිසා මුඛ පරම්පරාවෙන් ගිය දැනුමක් තමයි තියෙන්නේ. මෙතනට ඒ වගේ ආපු ළමයින්ව තමයි සුළු රාජකාරි වලට යොදවන්නේ. එතනම ඒගොලොලෝ වගේ මාස හයකට කලින් ආපු අයත් අර අලුත් අයව තමයි මැසෙන්ජර් වගේ ජොබ් වලට යොදවන්නේ. ඒකත් හරියට අර කැම්පස් එකේ රැග් සීසන් එක වගේ. ඉතිං අර වඩුමඩුවට මුළින්ම ආපු කොල්ලන්ව තෙත්තියං ගේන්න යවනව වගෙ අපේ ලඟට එවනව ප්‍රින්ට් අවුට් ගෙනියන්න. මේ වගේ අළුතෙන් ආපු සුදු ලස්සන ගෑණු ළමයෙක් හිටිය (දැන් වෙනත් ඔෆිස් එකක ) නදීෂා කියලා. ඒ ළමයත් ආව අලුතම අර මැසෙන්ජර් ජොබ් එකට දැම්මා. එක දවසක් ඒ ළමය ඇවිත් මගෙන් මෙන්න මෙහෙම අහනව

"අයියේ ලයිට් ඕෆ් කරල ස්ටේට්මන්ට් එකක් ගමුද කියලා"

මගෙ ඇස් උඩ ගිය. අනේ අම්මප දැන් හැදෙන කෙල්ලන්ගේ තියෙන නැහැදිච්ච කම. ලයිට් ඕෆ් කරා වගේ නෙවෙයි කවුරු හරි ඇවිත් දැම්මොත්. මේ මොන හරුපයක්ද මේ කියන්නේ. ආව ගමන් ළමයෙක්. මම ටිකක් කල්පනා කරලා මුකුත් ඇහුන්නැති ගානට හිටියා. මේ ළමයා ආයිත් කියනවා

"ලයිට් ඕෆ් කරල  ස්ටේට්මන්ට් එකක් අරන් එන්න කිව්ව"
*
*
*
*
*
*
*
*
*
*
*
*


"ලයිට් ඕෆ් කලත් එකයි නැතත් එකයි. ඔයාට ඕන ස්ටේට්මන්ට් එකක්නේ. මොකක්ද නම්බර් එක"

බයාදු පාටට අහිංසක විදියට හිනා වෙච්චි මේ ළමය කොල කෑල්ලක් අතේ තිබ්බ. මම ඒ දුන්න නම්බර් එක පරිඝණකයට ඇතුලත් කලා. එතකොටයි මට වැඩේ මීටර් වුනේ. මම තව පොඩ්ඩක් මඩවලා කියල දෙනව කියල හිතාගෙන ආයෙත් ඇහුවා ඔයාට මොනවද ගේන්න කිව්වේ කියල. 

"අනේ මන්ද අයියේ මම ගිහින් අහගෙන එන්නම් කියල මේ ළමය ආපහු දිව්ව"

ඒ අතරෙදි මම ඒ ළමයගේ සෙක්ෂන් එකට කෝල් කරල ඇහුවා

"මොනවද බං සමන්ත මේ පොඩි කෙල්ලන්ව කඩේ අරින්නේ. මට ඇවිත් අර අලුත් කෙල්ල කියනව ලයිට් ඕෆ් කරල ස්ටේට්මන්ට් එකක් ගමුද කියල"

"හහ්..හහ්..හැහ්.හැහ්. හා.. හා මචං මං ගෙන්න කිව්වේ රයිට් ඕෆ් (Write  Off) එකවුන්ට් එකක ස්ටේට්මන්ට් එකක්"

ඊට පස්සෙ  ඒ ළමය මේ පැත්තට ආවහම මම අහනව

"නදීෂා නංගී ලයිට් ඕෆ් කරල ස්ටේට්මන්ට් එකක් ගමුද ?" කියලා

"අනේ යන්න දිල්රුක් අයියේ  මම කිව්වේ රයිට් ඕෆ් කියල" මූණ රතු කරගෙන ඒ ළමය යනවා. 

ටියුබ් ලයිට් හමුදාව වෙනුවෙන් : Write Off කියන්නේ නරක ණය(Bad Debts)  ගණයට මාරු කරපු එකවුන්ට්. අර රුපියලේ බැලන්ස් තියෙන්නේ. (තේරුණාද මන්දා ?). හිනා ගියේ නැද්ද ? අයියෝ එහෙනම් කිචි කවා ගන්නම වෙනව.  


8 comments:

  1. දිල්රු බැංකුවකද ජොබ කරන්නේ ?

    ReplyDelete
  2. පොඩ්ඩක් කිචිත් කවාගත්තා :D
    දැන් කාලේ හැදෙන කෙල්ලෝන්ගේ නම් මොලේ කළඳක්වත් නැහැ :)

    ReplyDelete
  3. පව් සහෝ ඒ ළමය..:)

    ReplyDelete
  4. නොදන්න දෙයක් කියාදෙන එක නේද යුතුකම විහිලුවට ලක් නොකර.. අපි නම් එහෙමයි...

    ReplyDelete
  5. අපේ නංගි කෙනෙකුත් ගියා බැංකුවට කැම්පස් මෙව්වා වෙකල් කියලා.....
    උන්දැටත් මේ වගේ සන්තැසි එහෙනං වෙනවා ඇති. අපිත් එක්කනං ඉන්නෙ මැනේජර් ලෙවල් එකෙන් හෙහ් හේ...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @රොබින් : ඔව් බැන්කුවක තමයි වැඩ කරන්නේ. මගේ FB ප්‍රොෆයිල් එක බලන්න.

    www.facebook.com/subash.dilruk
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @නිශාන් : මේක මේ වගේ පොස්ට් එකක් කලාම හිනා නොගියත්, සබ්ජෙක්ට් එක දන්න අයටයි, සැබෑ සිද්දියට මූණ දීපු මටයි හරි හිනා.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හිරුහිමාවි : දැන් ඒ ළමය හොඳ තැනක ජොබ් එකක් කරනව. හොඳ ටැලන්ට්ස් තියෙන කෙල්ලක්.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @සිරා: එහෙම කියා දුන්නා නම ඒ ළමයට මතක හිටින්නේ නෑ. ඒ ළමයට තාමත් මේ සිද්දිය හොඳට මතකයි. ඒ නිසා ඒ වැරැද්ද තවත් වතාවක් වෙන්නේ නෑ. සමහරවිට කියපු කෙනා කියන්න ඇත්තෙත් මෙහෙම. කොච්චර ඉංග්‍රීසි දැන ගත්තත් අදාල දේ දන්නැත්නම් තේරුම් ගැනීමේ හැකියාව අඩුයි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @බුද්ධි : මේ පැත්තේ ආවාට සිතූතියි. එහෙමද ? හැබැයි ඒ වගේ අය මම දැකල තියෙන සෑහෙන දක්ෂ, ඒ වගේම අමු ගොං එවුනුත්.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ReplyDelete
  8. අහිංසක කෙල්ලෝ මඩවන්න හොඳ නැහැ පව්

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...