Friday, May 25, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 8 - වෛද්‍යවරයෙක් ලෙඩ කරවූ x-රේ කොපිය

පින්තූරය ගත්තේ  http://www.proofeng.com/blog/?p=29
මේ කතාවේ ඉතිහාසය තරමක් ඈතට දිව යනවා. ඒ කියන්නේ 1989-90 අඳුරු යුගයට. මේ යුගයට අඳුරු යුගය කියල කියන්නේ ඇයි කියන එකත් කියන්න ඕනෑ. ඒ කාලයේ නිසවසක රාත්‍රියට පොල් තෙල් පහනක් වත් දැල්වුනේ නෑ. දවල් කාලයේ නම තරමක් දුරට සාමාන්‍යයි. ඒත් කුඩා කොළු ගැටයෙක් ගෙන එන පුංචි ලියුම් කෑල්ලකින් මුළු නගරක් හෝ කඩමංඩියක් ජන ශූන්‍ය කරවන්න ගත වන්නේ විනාඩි කිහිපයයි. ඒ කාලයේ ජනතාව රජයේ හමුදාව අතින් හා නිල නොවන දේශප්‍රේමී ආණ්ඩුවෙන බැට කෑවා. අද පම්පෝරි ගහන ගොඩක් අයියල ඒ කාලේ හිටියේ කට්ටට රිංග ගත්ත ඉබ්බෝ වගේ නැත්නම් ඒ කාලේ නොහිටි අය තමයි. ඉතිං පහුගිය කාලේ කොළඹ රැකියාවට ගමේ ආපු අයට ගෙදර යන එකේ තිබ්බ අවිනිශ්චිත බාවයට සමාන දෙයක් ඒ කාලයේ සිදු වෙමින් තිබුනා. නමුත් වෙනත් ආකාරයකින්. ඒ කාලයේ මුළු ලංකාව පුරාම ප්‍රවාහණය අඩාල වුනා. මමත් මේ යුගයේ දවස ගානේ කොළඹ බඩ ගෑවේ හුදෙක් අධ්‍යාපන  ලබන්නම නෙවේ, ජීවත් වීමේ ආසාව මෙතනදි ඉස්සරහට ආව. හැබැයි කතාව මට අදාල එකක් නෙවෙයි. 



කතාව කියන්න කලින් සඳහන් කල යුතු දෙයක් තියෙනවා. ඊළාම් යුද්ද්යේදී කොටි පාළන ප්‍රදේශ උතුර ලෙසත්, රජයේ සෙසු පාළන ප්‍රදේශ සියල්ලත් දකුණ ලෙස යොදා ගනිමින් ප්‍රවෘත්ති වාර්තා කලත්. නියම දකුණ ලෙස එකලත් අදත් හඳුනාගෙන තිබෙන්නේ බෙන්තර/බෙන්තොට ගඟෙන් එහා ප්‍රදේශයයි. ඉතිං මේ දකුණු ප්‍රදේශයේ ඉන්න කොළඹ රාජකාරි කරන බෝහෝ දෙනෙක් බස් එකෙන් නැත්නම් කෝච්චියෙන් කොළඹ එනවා අද වුනත් එහෙමයි. එහෙම දකුණේ සිට ආපු කෙනෙක් මුහුණ දීපු සිද්දියක් තමයි මේක. කඩ-සාප්පු වහල, ප්‍රවාහණය අඩාල වෙලා තිබුන ඒ යුගයේ හරි හමන් කෑමක් කන්න තැනක් අගනුවර වෙච්ච කොළඹ වත් තිබුනේ නෑ. සමහර දින වල උදේ වේල කාපු අය ආයි තේකක්වත් බොන්නේ ගෙදර ගිහින්. ඉතිං පාර අයිනේ තියාගෙන විකුණන සීනි සම්බල් පාන් කාලක් අරන් හරි කන එක සාමාන්‍යක්. බඩේ අමාරුවක් හැදුනත් ඉතිං කලතුරකින් මොකද ඒ තරමට මිනිස්සු ඔරොත්තු දෙනවා. ඒත් අපේ කතානායකයාට කාලා කට ගන්න කලින් හැදුනා ඉතාම දරුණු බඩේ අමාරුවක්. ඔෆිස් එකේ ලොක්කට කියල මහ ඉස්පිරිතාලෙට ගිය මේ මනුස්සයා වෛද්‍යවරයා හමු වන විට දෙකට නැවිලා බඩ් අල්ලාගෙන ඉතා අමාරුවෙන් තමයි හිටියේ. 

මේක ගත්තේ කුරුවිට කඩයක් ගාවදී

මොනවද උදේට කෑවේ කියල වෛද්‍යවරය ඇහුවාම බොහොම අමාරුවෙන්
"වා...න්...ඩු....   කෑ....ල්....ල...ක් කෑ..වා.. කියල මේ පුද්ගලයා කියලා(වන්ඩු කියන්නේ අර බණ ගෙවල් වල එහෙම රෑට දෙම පොල් දාල හදන කේක් වර්ගය. සමහරු මේවට පුස් ලොඩං කියලත් කියනවා. දාල තියෙන පිංතූරය බලන්න )

ආහ් ... ! එහෙම වෙන්නේ කොහොමද ? වංඩු වලට කාටවත් බඩේ අමාරු හැදිලා නෑ මීට කලින්.

ආ..නේ... අ...ම්...මෝ.... මා...ට... ඉ...න්...න... බැ...රි...යෝ.... බ...ඩ... ඌ..යි ම...ගේ බ...ඩ අ..නේ දො..ස්..ත..ර ම...හ...ත්..ත..යෝ ඔ..බ තු...මා..ට බු..දු බ...ව අ...ත් වෙ...යි මේ..ක...ට මො..න..වා හ..රි ක...ර...න්..න ක...තා ක..ර ක..ර ඉ..න්..නේ නැ...තු..ව.

ඒ වුනාට එහෙම එක පාරට බෙහෙත් කරන්න බෑනේ. ආයෙත් වතාවක් දොස්තර මහත්තයා අර මනුස්සයාගේ බඩ මිරිකලා බලනව, නලාව තියනවා. බලලා කියනවා

අපි ගමු x-රේ එකක්. ඊට පස්සේ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කතාව ඇහුවම නම් මෙ මනුස්සයට පොඩ්ඩක් හිතට සහණයක් දැනිලා. යාන්තමට කෙඳිරි ගගා දොස්තර මහත්තයා දුන්න තුංඩු කෑල්ල අරගෙන x-රේ කාමරයට ගිහින්. හොඳ  වෙලාවට වැඩිය සෙනග ඉඳලත් නෑ. x-රේ එක ගත්තා. දොස්තර මහත්තයා ඒක හදිසියි කියල සටහන් කරලා තිබුන නිසා විනාඩි කිහිපයකදීම අපේ මිත්‍රයාට x-රේ කොපියත් හම්බ වෙලා. ඒක අතට ගත්තාම මිනිහගේ අමාරුව තව පොඩ්ඩක් අඩු වෙලා. ඒත් සම්පූර්ණයෙන්ම නෙවෙයි. එක පාරට ඉඳි කටුවකින් අනින්න වගේ වේදනාවක් එනවා. ටික වෙලාවක් යනකොට අඩු වෙනවා. මිනිහටත් හිතා ගන්න බෑ මේ මොකද කියලා. මිනිහට එක පාරටම දරු දෙන්නයි ශ්‍රියාලතාවයි මතක් වුනේ. අනේ මං මලොත් උන් තුන්දෙනා පාරට වැටෙයි. අමාරුවෙන ගාට ගාට ආපු සමරසිරි බලෙන්ම වගේ දොස්තරගේ කාමරයට කඩා වැදිලා අර x-රේ එක දොස්තර මහත්තයගේ අතට දීලා පොඩි කෙඳිරිල්ලක් දැම්මා. දොස්තර මහත්තයා ආකාසෙට අල්ලලා x-රේ එක බැළුවා.  oh ! god. කියලා කණ්නාඩිය ගලවලා ඇස් දෙක පිහදාලා කණ්නාඩිය ලේන්සුව අරන් පිහ දැම්මා. ආයෙත් බැළුවා. wh..a...a..a..t කියාගෙන නැගිට්ටා, නළාවයි, බෑග් එකයි බොහොම කලබලෙන් අරගෙන දිව්වා. සමරසිරිට හිතා ගන්න බෑ. මිනිහා මේසේ උඩට අත ඇරපු x-රේ එක අරගෙන බැළුවා. මොනවද ඉතිං බොකු බඩවැල් වැදිලා නැහැ.  ඉරණං කූඩුව විතරයි පේන්න තියෙන්නේ. සමරසිරිට මේ මොන හරුපයක්වත් තෙරෙන්නෑ. දැන් ඒ තරමටම අමාරුත් නැති නිසා x-රේ එකත් අරන් ආපහු ඔෆිස් එකට ගියා. ලොකු මහත්තයාට බටර් පාරක් ගාලා ගෙදර යන්න  සෙට් වුනා. යාන්තමට බස් එකකට නැගල වාඩි වෙලා නින්දක් දාගෙන ගෙදර ගියා. ගිහින් ශ්‍රියාලතා දීපු කෝපි කෝප්පයත් බීලා ඒ ඇඳුමෙන්ම ගමේ වෙද මහත්තයා ගාවට ගිහින් බෙහෙත් ටිකක් අරගෙන ආවා. සමරෙට බෙහෙත් ටික දෙන ගමන්ම කිව්වා 


"සමරසිරි මහත්තයා කොයි එකටත් අර ඇක්ස්-රේ කොලේ පොඩ්ඩක් අරං එන්නකෝ" 

වෙද මහත්තයට පිං දි දී බෙහෙත් වෙල් දෙක තුනක් බීපු සමරසිරිට හොඳටම හොඳ වුනා. සෙනසුරාදා උදේ අර x-රේ කොපියයි, හොර්ලික්ස් බෝතලයකුයි අරගෙන සමරසිරි ගියා වෙද මහත්තයා හමු වෙන්න. බෙහෙත් ගන්න ආපු අය යන්න ඇරලා හෙමිහිට රිංගලා අරක තිබ්බ වෙද මහත්තයාගේ අතේ තිබ්බා. ආහ්! මේ අර කියපු ඇක්ස් රේ එකද මහත්තයෝ. වෙද මහත්තයා ගාව තියෙන උත්තල කාචේ අතට අරන් ජනේලේ ගාවට ගිහින් බලලා වෙද මහත්තයා හොඳටම හිනා වෙලා මෙහෙම කිව්ව 

"මේක බලල උන්දා නොදිව්වනම තමයි ප්‍රශ්ණේ. මේ බලන්නකෝ සමරසිරි මහත්තයා හක් .. හක්... හක්..."

සමරසිරිට මේ හතරබීරි කතාව තේරුණේ නැති වුනත්. තියෙන්නේ මොකක්ද කියල බල්ලන්න හිතුනා. වෙදාගේ කාචෙ x-රේ එකට ලන් කලා. සමරසිරිට හිතා ගන්නත් බෑ. මොනවා මගේ බඩේ කොහොමද මේක තියෙන්නේ. එහෙම කල්පනා කරනකොට වෙදා අහනවා 

"සමරසිරි මහත්තය මක්කැයි කෑවා කිව්වේ ?" කියලා

"එදා කන්න කිසි දෙයක් තිබුනේ නෑ. මම වැඩට ගියෙත් පරක්කු වෙලා බස් නෑ නෙව. මං උන්නේ හොඳටම බඩගින්නේ. ඇයි මහ පාන්දර නෙව මම් වැඩට යන්නේ. කැන්ටිමේ ඒ වෙනකොට ඉතුරු වෙලා තිබුනේ වංඩු කෑල්ලක් ඉතරයි. මං ඒක කාලා කහට එකක් බිව්ව." 

"හක්.. හක්.. හක්.. මහත්තයා මේව පත්තරේ දාන වටිනවා. ඔහේ වංඩු කෑල්ල ගිලල තියෙන්නේ යට තියෙන පත්තර කෑල්ල ගලවන්නැතුවම"

ඔන්න එතකොටයි සමරසිරිට වෙච්ච හරුපේ ගලප ගන්න පුළුවං වුනේ. x-රේ එකේ චූටි අකුරෙන් තිබුනේ 


"කොළඹ කලබල දකුණ සංසුන්

කියල. සමරසිරි ගිලපු වංඩු කෑල්ලේ යටට ඇලවිලා තියෙන පත්තර කෑල්ලේ තිබුන දෙයක් තමයි x-රේ එකට වැදිල තියෙන්නේ. අර ටියුබ් ලයිට් අය වෙනුවෙන් තමයි මෙහෙම විස්තර කලේ. 




20 comments:

  1. කොළඹ කලබල දකුණ සංසුන්//
    මරු ආතල් කතාව.

    ReplyDelete
  2. @රන්දික : ස්තූතියි කමෙන්ට් එකට. මුලින්ම තේරුනේ ඔයාටද මන්ද ?

    ReplyDelete
  3. වන්ඩු කියන්නේ පරිස්සමින් කන්න ඕන කැමක් නේ බලාගෙන ගියහම....

    ReplyDelete
  4. @රොබින් : හරියට නොකෑවොත් වන්ඩු. වෙන්න වෙනවා ලෙඩ්ඩු.

    ReplyDelete
  5. ඕව හොදයි දකුණේ ගොබ්බයින්ට. x ray වල පත්තරවල තියෙනේ අකුරු වැඩෙන්නේ නැහැ ගොනෝ.

    ReplyDelete
  6. අම්මපා. අපි හිතන් හිටියේ වැටෙනවා කියලා. ලොල්.

    ReplyDelete
  7. පත්තර කෑල්ලනං මොකෑ මං හිතුවෙ ගල් ගෙඩියක් වත් ගිලල කියල.

    ReplyDelete
  8. වැඩේ කියන්නේ රාජ් මෙ පත්තර කෑල්ල දෙකට වත් නැවුනේ නෑනේ. අර ඇනෝට තද වෙලා තියෙන්නේ ඒකනේ.

    ReplyDelete
  9. විහිලුවක් නිසා හොඳයි! හැබැයි x රේ වල පත්තර පෙන්නන්නේ නෑ නොවැ! :D

    ReplyDelete
  10. හිකිස්‌ දොස්තර බලන්න ඇති මුනුත් අලුත් අලුත් ක්‍රම මගින් පණිවිඩ එවනවා කියලා :D

    ReplyDelete
  11. රසවත් කතාවක්. බොහොම අගය කරනවා ඔබේ නිර්මානාත්මක හැකියාව.
    http://jangun.wordpress.com

    ReplyDelete
  12. තවත් කතාවක් මම අහල තියෙනවා බඩේ තිබුන පත්තර කෑල්ලක් එලියට ගත්තාම තිබිල තියෙන්නේ "යාපනේ බෝම්බයක් පිපිරෙයි"කියල.

    නියම කතාව.

    ReplyDelete
  13. @sabith : ස්තුතියි. මේක තර්කානුකුල විහිළුවක්.
    @නිශාන් : ෂ්..ෂ්.. සමහරවිට රහසිගත් සංවිධානයක අය මේක දැක්කොත් ? ස්තුටි කමෙන්ට් එකට.
    @විචාරක : බොහොම ස්තුතියි.
    @රෙෂාන් : එහෙනම් ඔබට හිනා ගියා. ස්තුතියි කමෙන්ට් කලාට.
    @අසරණයා : අද කාලෙට ගලපන්න යාපනේ කතාව හොඳයි. කමෙන්ට් එකට ස්තුතියි.

    ReplyDelete
  14. හික්ස්ස්.. බඩේ පන්තර කන්තොරුවක් තියනව කියල හිතුවද දන්නෙ නෑ ඩොකා

    ReplyDelete
  15. @mee godaya : සමරෙගේ තාත්තා මීයෙක් කියල හිතුවද දන්නෑ.

    ReplyDelete
  16. සමහරු මේවට කියන්නේ බැරීම් තැන කියලා මගේ යාළුවක් කිව්වා.

    ReplyDelete
  17. අද තමයි මේ පැත්තේ ඉස්සෙල්ලාම ආවේ. මරු කතාව. මචං ඊ මේල් මගින් ගෙදරට ගෙන්න ගන්න එකේ අවුලක් තියෙනවා වගේනේ. ගෙනත් දෙන්න බෑ කිව්වා බං මට...

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. @ගයා : ඔයා කියන කතාව ඇත්ත. මමත් ට්‍රයි කරල බැළුව. කලින් තිබ්බ ටෙම්ප්ලේට් වල පුළුවන් කම තිබ්බ. මමත් ඔයා කිව්වම තමයි බැළුවේ. උත්සාහ කරල බලන්නම නිවැරදි කරන්න. බොහොම ස්තූතුයි දැනුම් දුන්නට.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...