Wednesday, April 18, 2012

කෙටිම-කෙටි ලොල් කතා - අංක 1 (චූ කරන තැන )


මේ කතාව 1995 විතර ඈතට ගිය පරන කතාවක්. ඒ වුනාට අද පවා මතක් වූ වෙලාවට මගේ මුවට සිනහවක් මතු වෙනවා. මම බැංකුවට ආ අළුත හැම දාම බෙන්තර ඉඳලා කොළඹ ඇද්දා. ඒත් පැය දෙක-දෙක හතරක් දවසකට මගට ගෙවන එක අපරාධයක්. අනිත් පැත්තෙන් ඒ කාලේ චන්ද්‍රිකා වෙලාව පැයක් ආපස්සට ඇද්දා. මම වැඩට එන්න නැගිටින්නේ උදේ හතරට. මේ චන්ද්‍රිකාගේ වෙලාව හැදිල්ලෙන් හරියටම බැළුවොත් මම නැගිටින්නේ උදේ තුනට. උදේ හවස දෙකම මේල් කෝච්චියේ බඩ ගාල  හොඳටම හෙම්බත් වුනාට පස්සේ මම තීරණය කලා බොඩිමක් හොයා ගන්න.  අන්තිමට හොයලා හොයලා මට ගෙදර වගෙ තැනක් හමු වුනා. එහෙ ගිය අළුත වෙච්චි දෙයක් තමයි ලියන්නේ. 

මම එහේ යද්දි ඒ ගෙදර පුංචි ළමයි දෙන්නෙක් හිටියා. ලොකු එක්කේනා දුව. එයාගේ වයස අවුරුදු හතරයි. කොහොමත් මම වැඩිය කලබලයක් නැති මිනිහා. ඔෆිස් එකේ අනිත් අය සිකුරාදාම ගෙදර ගියත් මම හිතුවා නිකං දුක් විඳින්නේ නැතිව සෙනසුරාදා උදේ කලබලයක් නැතුව ගෙදර යනවා කියලා. එහෙ නතර වුන පලවෙනි සති අන්තයේ සෙනසුරාදා උදේ හතට විතර සතියෙම එකතු වෙච්ච රෙදි කන්දත් අරං මම ගියා එලියට රෙදි හෝදන්න. ගේ අයිනේ තාප්පයට හේත්තු වෙන්න ගහල  තිබුන වතුර පයිප්පේ ගාව කොංක්‍රීට් ලෑල්ලක් දාල හදල තියෙන තැන තමයි එගොල්ලෝ රෙදි හෝදන්නේ. මමත් ඉතින් රෙදි ටික පෙඟෙන්න දාල එතන ඉඳගෙනම දත් මැදින්න පටන් ගත්තා. සෙනසුරාද උදේ හතට ගෙදර අය කීයටවත් නැගිටින්නේ නෑ. ඒ නිසා නිදන් හිටිය සරමත් කැහැපොට ගහගෙන උඩට මොනවත් අඳින්නැතුවම මමත් හිටියා එතන. කල්පනා ලෝකයේ ගැලිල දත් මැද මැද ඉන්න මට  දොර අරින සද්දයක් යාංතමට වගේ ඇහුනා. ඒත් ඒ හරියේ ගෙවල් ලඟ-ලඟ තියෙන නිසා මට ඒ තරම් ෂුවර් නෑ මේ අපේ බෝඩිමේ දොරද ඇරුනේ කියලා.( මම ආවේ පස්ස දොරෙන්). එතකොටම ඒ ගෙදර ඉන්න අර කියපු දුව (ආදරේට හැමෝම කියන්නේ නංගි කියලා ) දුවගෙන ආව මම ඉන්න තැනට. සතියක්ම ඒ ගෙදර හිටි මාත් එක්ක මේ ළමය කුළුපග වෙලා හිටියේ. එහෙම දුවල ඇවිත් මට කියනවා 

"අංකල්-අංකල් මට චූ කරන තැන පෙන්නන්න" කියල

මගේ ඉහ මොල රත් වෙලා ගියා මේ කියපු කතාවට. දෙයියනේ මේ ළමයා මොනවද මේ කියන්නේ මම කොහොමද පොඩි එකෙක්ටවත් මේව පෙන්නන්නේ. මම පොඩි කාලේ ඉඳන් බොහොම ලැජ්ජාවට හැදිච්ච එකා. දැන් මට හීන් දාඩියත් දාගෙන එනව. මම වට පිට බැලුව. තාම කවුරුවත් නෑ. මොනවා වුනත් තව පොඩ්ඩක් ඉවසනව.

"මො...ක....ක්....ද නං....ගි කි....ව්....වේ?" කියලා මම ගොත ගගහා මම ඇහුවා. 

"මට චූ කරන තැන පෙන්නන්න" (ඒ පාර මූණත් පොඩ්ඩක් ඇඹුල් කරගෙන. මේ දවස් ටිකට මම තේරුම් ගත්ත දෙයක් තමයි පොඩි දේකට වුනත් මේ ළමයා අඬන බව)

හත් වලාමේ මම වැටිච්ච අමාරුවක්. ඉඳලා-ඉඳල හොයා ගත්ත බෝඩිමත් නැති වෙන වැඩක් තමයි මේක. ඔන දෙයක් වෙච්චාවේ

"අනේ අංකල් ඉක්මනට පෙන්නන්න. මට ඉන්න බෑ....." කෙල්ල අඬ-අඬා කිව්ව. මට එතකොටයි තේරුණේ. 

"ඔන්න ඔය පැත්තට යන්න කියල මම කිව්ව" 

ඒ පාර කෙල්ල මම පෙන්නපු පැත්තෙන් වාඩි වෙලා චූ කරනව. එතකොටයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ. හත් දෙයියනේ තව පොඩ්ඩෙන් හිරේ ගිහින් තමා නතර වෙන්න වෙන්නේ. එහෙම උනානම් පත්තරේ වැටෙයි "අවුරුදු හතරක කුඩා දැරියකට නිරුවත පෙන්වූ බැංකු නිලධාරියා රිමාන්ඩ්" කියලා. එහෙම උන්නානම් ඉතිං වහ ටිකක් කාලේ කැලේ නිදා ගන්න තමයි වෙන්නේ. මගේ අර ඉවසිල්ල තමයි මාව බේරුවේ. පොඩි-ලොකු කියලා බේදයක් නෑ ඕන එකෙක් ආසයි නෙව එලියේ චූ කරන්න. 


පින්තූරය ගත්තේ :  http://www.second-man.com

9 comments:

  1. ගවේෂකයා විය යුතුයි

    ReplyDelete
  2. ඔව් ඔබ හරි. ඒත් මගේ ග්‍රැෆික්ස් පැකේජ් එක තිබුන ලැප්ටොප් එකේ මදර් බෝර්ඩ් එක ගිහින් නිසා නැවැරදි කරන්න තව ටික කාලයක් යයි.

    ReplyDelete
  3. හාහ්හා තව පොඩ්ඩෙන් ගුටි කන්න වෙන්නේ
    ඇත්තටම ලොල් සහගතයි :)

    ReplyDelete
  4. හොඳ වෙලාව තව පොඩ්ඩෙන් ඇවිද්ද පයත් නැති වෙනවා හික්ස්

    ReplyDelete
  5. මාත් අහල තියනව ඔයවගේ කතාවක්. ට්‍රිප් එකක් ආපු සෙට් එකක එකෙකුට චූ බර වෙලා. කඩේකට ගිහිං මුදලාලිගෙන් අහනව
    "මුදලාලි, මුදලාලි චූ කරන තැනක් තියනවද?"
    මුදලාලි අහනව,
    "මහත්තයෝ මටනං තියනව. ඇයි මහත්තයට එහෙම තැනක් නැද්ද?"

    ReplyDelete
  6. තව පොඩ්ඩෙන් සත්ගුණවත් බැංකු නිලධාරියාට වැලේ වැල් නැති වෙනවා!!

    ReplyDelete
  7. අර අගමැති තුමා ලමයි හම්ම්බවෙන තැන ලොකු කලා වගේ කතාවක් ...හෙක් හෙක්

    ReplyDelete
  8. හෙක් ... හෙක් ... 🤣

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...