Thursday, March 15, 2012

ගූගල්,විමල් සහ My Name is Khan



මගේ දියණිය ලැප්ටොප් එකට වතුර පොවල. ඒ නිස මදර් බෝඩ් එක ගිහින්. මේ දිනවල මගෙ cyber වැඩකටයුතු සෑහෙන්න අඩුයි. මේ දවස් වල පොස්ට් එකක් දාන්නේ බොහොම දුක් විඳලා. ඒ නිසා මගේ රාත්‍රී කාලයෙන් වැඩි කොටසක් ගත වෙන්නේ රූපපෙට්ටිය ඉදිරියේය. දැන් ඉස්සර වගේ නෙවෙයි සැටලයිට් තිබෙන නිසා ජාත්‍යන්තර නාලිකා වල යන වයිවාරන්න දේ නරඹන්න පුළුවං. ඊයේ Star Gold HD එකේ ගියා මරු ෆිල්ම් එකක්. මම සාමාන්‍යෙන් හිංදි ෆිල්ම්  බලන්න කැමැත්තක් නෑ. මොකද මල්ගස් වටේ දුවන ඒවයි, සීයක් දෙසීයක් එක පාරටම පාත් වෙලා නටන සීන් (කථාවට කිසි අදාලත්වයක් නැති ), බොරු ෆයිට් ඇරෙන්න ඒවාගේ අන්තර්ගතයේ ගන්න දෙයක් නැති නිසා. මෙතන දේශපාලනයට සම්බන්ධ දේවල්  පොස්ට් නොකරනයි හිතාගෙන හිටියේ. ඒත් ඊයේ බලපු ෆිල්ම් එකයි, විමල් ඇමති තුමාගේ කතාවයි මරුවට පෑහෙන නිසා පොඩ්ඩක් ලියන්නම හිතුනා. මම සාමාන්‍යෙන් වෙන බලන්න මොනවත් නැත්නම් තමයි ඉතින් ෆිල්ම් එකක් බලන්න සෙට් වෙන්නේ. Star Gold HD වලට ගියාම මම දැක්කා ෆිල්ම් එකේ නම My Name is Khan කියලා. මට කවුරුන් හෝ කියල තිබ්බ මේක හොඳ එකක් බව.  ඉතිං මගින් උනත් කමක් නෑ කියල බැලුව. මං හිතන්නේ මෙතන ඉන්න බොහෝ අය මේක නරඹල ඇති. නොබලපු කෙනෙක් ඉන්නවනම් දැන ගන්න්ත් එක්කයි, බලපු අයට මතකය අලුත් කර ගන්නයි හිතට වැදුන කොටස් ටිකක් ලියන්නම්. 

රිස්වාන් ඛාන් කියන්නේ මන්ද බුද්ධික තරුණයෙක්. ඔහුට මන්ද බුද්ධික කිව්වාට යමක් කමක් තෙරෙන එකෙක්. මෙ චරිතයට පණ දෙන්න "කිං ඛාන්" නොහොත් ෂා රුක් ඛාන්. මේ රිස්වාන් ඛාන්ට මුණ ගැහෙනව අවුරුදු 11 විතර වයස පුතෙක් ඉන්න හිංදු කාන්ථාවක්. ඇය මන්දිරා. මන්දිරාගේ චරිතයට පණ දෙන්නේ කාජොල්. ඇයගේ ප්‍රතිභාව ගැනත් විස්තර අනවශ්‍යයි කියා සිතනවා. අපි මේ නරඹන්නේ සිනමාපටයක්ද කියා අමතක වෙන තරමට මේ දෙන්නා මේ චරිත වල්ලට ජීවය දෙනවා. කථාවේ මුල් කොටස නරඹන්න බැරි වුනත් ඒ ටික අපේ ඔෆිස් එකේ සහෝදරියක්ගෙන් අද උදේ අහ ගත්තා. මම බලපු තැනදී පෙන්වන්නේ ඇමරිකානු ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වන අල් කයිඩා ප්‍රහාරය. එතැන් පටන් එහි ජීවත් වන මුස්ලිම් ජාතිකයන්ට ඇමරිකානුවන් සලකන්නේ මුර්ගයින් ලෙස. අපේ මෙ කථාවේ ඉන්න පුංචි කොළු පැටියා සමීර්, මුලින් ඛාන් තම මාව සමග එක් වනවාට කැමති වන්නේ නෑ. පසුව ඔවුන් හොඳ මිතුරන් බවට පත් වෙනවා. කොළු පැටියාගේ නමත් සමීර් ඛාන් වෙන්නේ ඉන් පස්සේ. මේ කොළු පැටියා පපන්දු ක්‍රීඩාවට කැමතියි. එක් දිනක් ඔහු සවස පුහුණුව සඳහා ක්‍රීඩංගණයට යනවා. ඔහුගේ ඇමරිකානු මිතුරා ඔහුව නොසලකා හරිද්දි ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් වනවා. අන්තිමේදි ගැටවර වියේ පසුවන කළු-සුදු ඇමරිකානු ගැටවුන්ගේ ප්‍රහාරයට ලක් වෙන කොළු පැටියා මරණාසන්න වෙනවා. ඔහුගේ මිතුරාට තර්ජනය කර අර දාමරික කොළු ගැටව් ටික පැන ගන්නාවා. අන්තිමේදී කොළුවා මරණයට පත් වෙනවා. මන්දිරා කොළුවාගෙ මව කෑ ගසා ඇඬුවත් ඛාන් නිහඬව සිටිනවා. ඒ ඔහුට උපතින් හිමි වූ සිහි මද ගතිය නිසා. දරුවාගේ මරණය ඛාන් නිසා සිදු වූවක් බව චෝදනා කරන මන්දිරා, තමන්ගෙන ඈත් වන ලෙස ඛාන් ගෙන ඉල්ලා සිටී. ‍යලි තමා හා එක් වීම සඳහා තමා කුමක් කල යුතුදැයි ඛාන් අසයි. ඇමරිකානුවන්ට (ජනාධිපතිත් ඇතුළුව) "MY NAME IS KHAN. I AM NOT A TERRORIST" ‍යයි පැවසිය යුතු බවයි. එය විශ්වාස කරන ඛාන් එය ඉටු කිරීමට ඉටා ගනියි. ඔවුන් දෙදෙනාටම රැකියා අහිමි වනවා. මිකැනික් වැඩට ඛාන්ට සහජයෙන් ආ දක්ෂතාවක්. අන්තිමේදී ඛාන් මහ පාරේ බෝඩ් එකක් දිගු කර කර වාහන රෙපෙයාර් කර සුලු මුදලක් උපයා ගන්නවා. 




වෙලාවකට මජං නාගෙන, තවත් වෙලාවක මහ වැස්සේ තෙමීගෙන ඛාන් එක දිගට වැඩ කරනවා. ඔහුට දිනක් බස් රථයේදි වෙනත් මුස්ලිම් යුවලක් කෑම ලබා දෙනවා. ඔහු දෙකක්ම ගෙන එකක් තම ජැකට්ටුවේ සඟව ගන්නවා. මේ වනවිට ඛාන් සහ මන්දිරා දෙතැනක. ඔහු එක්දිනක් රාත්‍රිය ගත කරන්න තෝරා ගන්නේ පාලු බස් නැවතුම්පොලක්. එහි සිටින ඔහු ඉදිරියට බයිසිකලයක් පැදගෙන ආ ඔහුගේ පුතාගේ වයසේ කළු කොල්ලෙක් බිම වැටී ආධාර ඉල්ල සිටිනවා. එවිට I cant Repair you පැවසූවත් පසුව එම කොළු පැටවා වාරු කරගෙන ඔහුගේ ගෙදරට යනවා. එහි සිටින ඔහුගේ මව තප්පදෝරු සයිස් කාන්ථාවක්. තමාට කල උදව්වට ඔහු බදාගෙන ස්තූති කරනවා. Please don't hug me යනුවෙන පවසනවා. ඉන් පස්සේ ඔහුට රාත්‍රී ආහාරය හා නවාතැන් එම නිවසින් ලැබෙනවා.ඔහු ඉතා ගිජු කමින් ආහාර ගන්නා දිහා කොළුවාගේ මව මම ජිනී බලා සිටිනවා. ඒ අතර වාරයේදි ඔහුගේ කථාව මමා ජිනීට විස්තර කරනවා.      එම නිවසේ හා යාබද් සියලුම නිවෙස් වල සිටින සියළු දෙනාගෙ නිවෙස් වලින් කිසිවකු හෝ අකාලයේ මිය ගොස් සිටිනවා. පසුදින ඔවුන්ගේ පල්ලියට ඛාන් රැගෙන යනවා. ඔවුන් සියළු දෙනා තමන්ගේ දුක හා නැතිවූ තමන්ගේ දරුවන් ගැන් එහිදී අනාවරනය කරනවා. ඛාන් තමන්ගේ කථාව පවසද්දී සියළු දෙනාගෙ දෑට කඳුළු නැගෙනවා. පසුව සියලු දෙනා එක්වී We can overcome this නැමති ගීතය ගයනවා. ඛාන් ඔවුන්ට සමු දී යත්දී ඔවුන්ට පොරොන්දු වෙනවා නැවතත් ඔවුන් හමු වන්න. මන්දිරා ඇගේ උත්සාහය අත අරින්නේ නෑ. ඇය පුතාගේ පාසැලේ පාපන්දු තරගයක් තිබෙන තැනක පුතාගේ ඡායාරූපයක් පෙන්වමින් යනව. පුත මියගොස් මාස 6ක් වනමුත් සාධාරණය ඉටු වී නැති බව එහි සඳහන් වෙනවා. ඔහුගේ මිතුරා සහ පහරදුන් සියලු දෙන භ්‍රාන්ත වී එදෙස බලා සිටිනවා.  

ඛාන් අන්තිමේදී හොලිවුඩ් වෙත යනවා. එහිදි මුස්ලිම් පල්ලියක සිටින තමන්ටම ඩොක්ටර් කියා ගන්න පුද්ගලයෙක් ඔහු යාඤා කරන අතරතුර මුස්ලිම් අන්තවාදීත්වය පතුරනවා. මේය ඉවසා සිටින්නට බැරි ඛාන් ඔහුට තම අත තිබෙන කුඩා ගල් කැබලි වලින් පහර දෙන්නේ HE IS A LIER කියමින්. අන්තිමේදී ඔවුන් පහර දීමට ප්‍රථම ඛාන් එතනින් පැන ගන්නවා. ඛාන් උපයාගෙන තිබෙන ඩොලර් 500ක් ඔහු අප්‍රිකානු කුසගිනි නිවන පුණ්‍ය ආයතනයකට ලබා දෙනවා. එතනදිත් ඔහු මුස්ලිම් නිසා මුලදි ඔහු ප්‍රතික්ෂේප කරනව. පසුව ඔහු අත ඇති මුදල නිසා බාර ගන්නවා. ඒ අතර ලඟ ස්ථානයකට ජානධිපති බුෂ් පැමිණීමට නියමිත බව ඔහු දැන ගන්නව. ඉදිරි පේලියේ සිට දැඩි රැකවල් මැද එන ජනාධිපති තුමාට ඇසෙන පරිදි ඔහු Mr. President MY NAME IS KHAN. I AM NOT A TERRORIST    යන්න රාව ප්‍රතිරාව කරනවා. මේ දෙසට ඉන්දියානු ආදුනික කැමරා ශිල්පියෙක් තම කැමරාව යොමු කරනවා. ඔහු එය පටිගත් කර ගන්නවා. තවත් මොහොතකින් බුෂ්ගේ ආරක්ෂකයකුට TERRORIST කියන වචනය පමණක් ඇසී ජනාධිපතිවරයා එතැනින් ඉවත් කර ඛාන් අත් අඩංගුවට ගන්නවා. ඔවුන් ඛාන්ට පහරදෙමින් ප්‍රශ්ණ කරනවා ඔහු පවසනේ එකම දෙයයි. MY NAME IS KHAN. I AM NOT A TERRORIST . අයිස් කුට්ටියක් මත තබා පහර දෙනවා. ඒත් ඔහු කියන්නේ අර වචන ටික පමණයි. ඔහුව හිර බාරයට පත් කරනවා. මේ දෙස බලා සිටි එක් නිතිඥවරියක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මේ අතර අර ආදුනික කැමරා ශිල්පියා තම වීඩියෝපටිය බලවත් පෙරැත්ත කිරීමකින් පසුව PBC නම් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කර ගන්නවා. අන්තිමේදී රූපවාහිණී විකාශණය මන්දිරා පවා දකිනවා. ඇය කඳුළු පිරි දෙනෙතින් එය බලන්නේ. එහෙත් එම දසුන් කීපය නිසා ඛාන් වට එහි සිටින ආසියාතිකයන් එකතු වෙනවා. ඔවුන් විරෝධතා සංවිධානය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නිදහස් වනවා. ඔහු එලියට එන විට දකිනවා මන්දිරා කාගේ හෝ වාහනයක නැග යන්න පිලිසරණ පතන ආකාරය. ඛාන් ඇයට කථා නොකරම ඒ දෙස බලා සිටිනවා. මන්දිරා ඔහු නොදැකම එම කාරයෙන් පිටත් වී යනවා. 

 තවත් ටික දිනකින් ඇමරිකාවෙ ජොර්ජියා ප්‍රාන්තය හරහා සුලි කුණාටුවක් හමා යනවා. ඉන් පසුව ඇති වන මහ වැසි වලින් මුලු ප්‍රාන්තයම යට වී සියළු දෙනා අවතැන් වනවා. එය සාප්පුවක දමා තිබෙන රූපවාහිනි තිරයකින් ඛාන් දකිනවා. ඒ අතර මමා ජිනී ඇතුළු පිරිස පල්ලියේ අවතැන් වී සිටින ආකාරය ඔහු දකිනවා. ඒ මොහොතේම ඔහු ජෝර්ජිය බල පිටත් වනවා. මහ වැස්සේ, දියේ ගිලීගෙන ඔහු කන්දක් උඩ පිහිටා තිබෙන අර පල්ලියට ගොඩ වනවා. සියළු දෙනා ඔහුගේ පැමිණීමෙන මවිත වනවා. තව ටික වෙලාවකින් දැඩි හුලඟ නිසා දේවස්ථානයේ වහලේ තහඩු කීපයක් ගැලවී යනවා. ඛාන්ගෙ දෑතේ හැකියාව මෙහිදී ඉදිරියට එනවා. ඔහු දුව පැන වැඩ කරනව. ඊට ටික වේලාවකට  පසු රූපවාහිනි කණ්ඩායමක් මෙහි පැමිණෙනවා. ඔවුන් එය සජීවීව විකාශණය කරනවා.මෙහි සිටින්නේ දින කීපයකට පෙර සිද්ධියට අදාල ඛාන් බව සියළු දෙනාටම පසක් වෙනවා.  ඉන්පසු ඔහුට ප්‍රවෘත්ති සාකච්චාවක් ලැබෙනවා. ඒ අවස්ථාවේදි ඛාන් තමාගේ දරුවාට සිදු වූ අසාධාරණය ගැන පවසනවා. එය ඔහුගේ හොඳම මිතුරා කඳුළු පිරි දෙනෙතින් බලා සිටිනවා. පසුව ඔහු මන්දිරා මුණ ගැසී සිදු වූ සියල්ල විස්තර කරනවා. කෙසේ හෝ මිනීමරුවන් හිරගෙට නියම වෙනවා.  

මන්දිරා-ඛාන් මුණ ගැසෙන මොහොතේදීම අන්තවාදි මුස්ලිම් ජාතිකයකුගෙ පිහි පාරින් දැඩි තුවාල ලබා ඛාන් රොහල් ගත වෙනවා. මා ඒ දෙස බලා සිටියේ කඳුළු පිරි දෙනෙතින්. මන්දිරාට තම සැමියාද අහිමි වේදැයි බිය ඇගේ මුහුණින්ම පේනවා. කෙසේ හෝ ඔහු යම් මට්ටමකට සුවපත් වෙනවා. ස්වභාවික ආපදාව සමයේදිම ඔබාමා ඇමරිකානු ජනධිපති ලෙස පත් වෙනවා. ඔබාම ඔවුන් සිටින පෙදෙසෙහි ජනතාව අමතන්න එන මොහොතට මන්දිරා-ඛාන් යුවල සහභාගි වෙනවා. ඛාන් සිටිනු දුටු ජනාධිපති ඔබාමා Mr. Khan could you please come here යනුවෙන් පවසනවා. ආරක්ෂකයන් පැමිණ ඔවුන් දෙදෙනා ඔබාමා වෙත ගෙන යනවා. සියළු දෙනාගේ ඔල්වරසන් මැද ජනාධිපතිවරයා වෙත යුවල ගමන් ගන්නවා. ඔබාම ඔහුට ස්තූති කරනවා. 




කෙසේ වෙතත් මෙය සිනමාපටයක් පමණයි. 

මේකේ නිදාන කථාවත් කියන්නම්කෝ මම අහල තියෙන විදියට. අපේ මේ ආසියාතික නළුව ඇමරිකාවේ සංචාරය කරද්දී එයාගේ නම මුස්ලිම් එකක් කියල, ගුවන්තොටුපොල බලධාරීන් ඔහුට එක්තරා ගුවන්තොටකින් ඇතුල්වන්නට හො පිටවන්න්ට අවසර දී තිබෙන්නේ දිගු ප්‍රශ්ණ කිරීමකට පස්සේ. සමහරවිට ෂාරුක්ට ඒ වෙලාවෙ මල පනින්න ඇති.  නමුත් ඔහු තමන්ට දැනුනු දේ හැඟීම්බර නොවී නිර්මාණෂීලි ලෙස ඉදිරිපත් කර ඇතිවා පමණක් නොව එය තමාගේ ගෞරවයට පාත්‍ර වන ලෙසින් සමස්ත ඇමරිකානුවන්ටම් ටොක්කක් ඇණ තිබෙනවා. 



ෂාරුක් ඛාන් යනු මුළු ලෝකයම පිලි ගන්නා ජනප්‍රිය පුද්ගලයෙක්. ඇත්තටම ඔහු පැව්සූවානම ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන්න කියා. උදාහරණයකට ඔහුම දැන්වීම් වල පෙනී සිටි පෙප්සි යයි හිතමු. හින්දි චිත්‍රපට උන්මාදයෙන් සිටින ලෝකයේ බොහෝ දෙනෙක් එය වර්ජනය කරනු ඇත. එසේ වූවානම් ඇමරිකවට යම්කිසි දැනීමක් සිදු වනු ඇත. 



අපේ විමල් වීරවංශ ඇමතිතුමා පැවසූදේ කෙතරම් දේශහිතෛශී වුවත්, ලංකාවේ සහ ලෝකයේ ඔහු පිලිගන්නා අය එය සිදු කලත් ලොව පුරා බිලියන් ගණනින් සිටින ගූගල් පරිශීලකයන් ප්‍රමණයට සාපේක්ෂව සියයට එකක තරම් වත් වෙනසක් එහි ඇති නොවන බව පිලි ගත යුතුය. එනිසා එය කෙතරම් ප්‍රායොගිකදැයි ඇමතිතුමා ඇතුලු අප කවුරුත් කල්පනා කල යුතුය. අප පුංචි ජාතියක් බව සැබෑය. අපට එවැනි ප්‍රකාශ කල හැකි අය සිටීමද ආඩම්බරයට කාරණයක් වුවත්, එයින් ලබා ගත හැකි වාසිය කුමක්දැයි අප සිතා බැලිය යුතුය. ප්‍රතිපත්තිගරුකව ඇමරිකානු දේ වර්ජනය කිරීමට ඔහු සිතුව විය හැක. එය කී දෙනෙක් අනුගමනය කරනු ඇත්දැයි යන්න සැක සහිතය. අප කල යුත්තේ ෂාරුක් ඛාන් කලාක් මෙන් ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීමයි. ගූගල්ම භාවිතා කර ඇමරිකාවට ගහන ආකාරයක් ඇමති තුම පැවසූවානම් අපද එයට දායක වීමට ඉඩ තිබුනි. එහෙත් ඇමරිකාවට රිදෙන්න ගහනවානම් අප වර්ජනය කල යුත්තේ ඇමරිකවට බිලියන ගණනින් මුදල් පොම්ප වන පේටන්ට් ව්‍යාපාරය වර්ජනය කිරීමයි. එසේ වූවනම් ජපානයේ, චීනයේ, කොරියාවේ, මැලේසියවේ තිය ඕනෑම රටක නිෂ්පදනය වන කිසිදු ඉලෙක්ට්‍රොනික හෝ විදුලි භාන්ඩයක් අපට භාවිත කල නොහැක. එසේ වුවානම් අපට නවතින්නට සිදු වන්නේ ගල් යුගයේය. අද කාලයේ චීනයටවත් ඇමරිකාව වර්ජනය කල නොහැක යන්න මගේ මතයයි. ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කල මුස්ලිම් ලෝකයට සිදු වූ දේ "අන්වර් මනතුංග "ගේ බ්ලොග් එකේ හරි අපූරුවට විස්තර කර ඇත. එනිස අප කල යුත්තේ ඇමරිකානු දේ තුලින්ම ඇමරිකාවට රිද්දීමයි. ෂාරුක් ඛාන් අපට දෙන ආදර්ශයද එයයි. 

ප.ලි. : මා මේ චිත්‍රපටය නැර්ඹූයේ ඊයේ නොව පෙරේදායි. මෙම ලිපිය ආරම්බයේ එය ඊයේ නැරඹූ ලෙස සටහන් කර ඇත. ඒ මෙම ලිපිය ඊයේ ආරම්භ කර අද අවසන් කල නිසාය. විමල්ගේ කථාව ගැන නොයෙකුත් බ්ලොග් ලිපි සහ පත්තර වාර්ථා අද වන විට සෑහෙන්න පල වී ඇත. මෙහි අවසාන පින්තූර තුන මා රූපවහිනී තිරයෙන් ජංගම දුරකථනයෙන් ගත් ඒවාය. එහි තිබෙන පැහැදිලි බවේ රහස එය HD විකාශණ මගින් ලබා ගත් ඒවා නිසාය. මෙම ලිපියේදී කිහිප තැනකම 
Star Gold HD 
යනුවෙන් සඳහන් කලේ HD වල තිබෙන සුපැහැදිලි දසුන් ගැන ඔබ දැනුවත් කිරීම සඳහය. 

15 comments:

  1. මමත් ඔය ෆිල්ම් එක බලල නෑ. අපූරුවට විස්තර කරල තියනව.
    විමල් ලොක්කට ගූගල් තියා තාම සීගිරිය ගැනවත් දන්නේ නෑ. පොරම කීවනෙ සීගිරියටවත් ගිහින් නෑ කියල.

    ReplyDelete
  2. කිරිපුතා : කමෙන්ට් කලාට සිතුතියි.
    දුපත් වැසියා : කමෙන්ට් එකට ස්තුතියි. කොහොම හරි බලන්න, හිංදි උනාට හොඳයි. විමල් සහෝදරයා කරන්න හදන්නේ අර නැට්ටෙන් මුහුද හිස් කරන්න හදපු ලේනා වගේ වැඩක්.

    ReplyDelete
  3. විමල් ඔය කතාව කිවම මටත් හිනා ගියා . නමුත් එකට නිශ්චිත පිළිතුරක් ම සතුව තිබුනේ නැ. නමුත් ඔබේ පැහැදිලි කිරීම හරිම විසිස්ථායි .එකට ගොඩක් ස්තුති සහෝදරය ...

    ReplyDelete
  4. විමල් ඔය කතාව කිවම මටත් හිනා ගියා . නමුත් එකට නිශ්චිත පිළිතුරක් ම සතුව තිබුනේ නැ. නමුත් ඔබේ පැහැදිලි කිරීම හරිම විසිස්ථායි .එකට ගොඩක් ස්තුති සහෝදරය ...

    ReplyDelete
  5. ප්‍රියාන් : ස්තූතියි කමෙන්ට් එකට. මා එතරම් හොඳින් එය විස්තර කරාද ?

    ReplyDelete
  6. විස්තර කිරීම ඇත්තටම සාර්ථකයි .

    ReplyDelete
  7. ඔයා පාවිච්චි කරන HD සේවා ලබා දෙන සැටලයිට් එක මොකක්ද??

    ReplyDelete
  8. මම පාවිච්චි කරනන්නෙ Videocon HD box එකක්. ඒකේ තියෙන HD package එකක් ගන්න ඔනේ.

    ReplyDelete
  9. ආසාවෙන් කියෙව්ව. කිසිම මහන්සියක් දැනුනෙ නෑ.

    ReplyDelete
  10. රාජ්. මුල ඉඳලම ඔයාගේ කමෙන්ට් මට දිරියක්. බොහොම සිතූතියි.

    ReplyDelete
  11. අනේ අපිටත් කියන්නකෝ කොහොමද Videocon Box එකක් ගන්නේ කියල!! කොහෙද ගන්න තියෙන්නේ?

    ReplyDelete
  12. අයියේ කතාව ඉතාමත් ලස්සනයි. නමුත් මමත් ඔයා වගේම ෆිල්ම් බලන්නේ නෑ. කමෙන්ට් එකක් දාන්න හිතුනේ අයියාගේ කමෙන්ට් එකක් නිසා.

    අයියා කියලා තිබුනා නැට්ටෙන් මුහුද සින්දවන්න ගිය ලේණා වගේ කියලා.

    අයියේ ඔයා දන්නවද දන්නේ නෑ ඔයා ඒ කතා කරන්නේ අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ බෝධි සවත් ආත්මයක් ගැන.

    තම එකම දරුවා සහ බිරිඳ මුහුදේ ගහගෙන යනවිට තාත්තා කෙනක් හැටියට ඕනෑම දෙයක් කරන්න අපි ඕනෑම ඉදිරිපත් වෙන්නේ නැද්ද? ඒ දෙයම තම්යි අප මහා බෝධිසවයන් වහන්සේත් කලේ. මේක දැන් අපට මෝඩ වැඩක් කියලා පෙනේවී නමුත් අපට ඒ වගේ දෙයක් උනොත් අපිට සිහිසුන් නැති වේවී.

    ඉතින් මේ මහා වීර්යකින් මුහුද හින්දන්න යන බෝධිසත්ව ලේණාව දැක්ක සක් දිවිඳුන් දැක මෙහෙම අහනවා. ලේනෝ ඔබට නැට්ටෙන් මේ මුහුද හින්දන් පුලුවන්ද? ඕක නිශ්පල ක්‍රියාවක් නොවේද? ලේණා දුන්න උත්තරේ බලන්න. හීන වීර්ය ඇති ඔබ වගේ අයට මෙය නිශ්පල ක්‍රියාවක් වෙන්න පුලුවනි කියලා.

    ලේනාගේ මේ වීර්ය ගැන පැහැදුන සක් දෙවිදුන් ලේන් මව සහ පුතාව ගොඩට පාකර එව්වා.

    ලේනා: අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ.


    මෙන්න ලින්ක් එක කියවන්න.

    http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=558:548---&catid=60:501-550-&Itemid=103

    ReplyDelete
  13. මට හිතෙන්නේ ඔයැයි හරියන්නේ චිත්තර පටි වචන වලින් ඇනිමේට් කරන්න. පට්ට විදියට ලියල.. විමලේගේ කේස් එකනං දැනෙන්නෑ කියන එක බොරුවක්. විමලේ තරං දස්සයෙක් මුළු ලෝකේම නෑ.. තැන්කුයි පාර පෙන්නුවට

    ReplyDelete
  14. ඇමරිකානුවන් ඔවුන්ම කරන මෝඩකම් පවා සාධාරණීය කරන ජාතියක් විනා තාර්කිකව කරුනු පැහැදිලි කළ හැක්කෝ නොවෙති !

    වියට්නාමය, දකුණු කොරියාව, ඉරානය, ඉරාකය සහ ඇෆ්ගනිස්තානය මීට නිදසුන්. ට්‍රම්ප් මෙම ලැයිස්තුව සම්පූර්ණ කරාවි 😁

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...