Monday, March 12, 2012

ගායක ගායිකාවන් කොංක්‍රීට් පාරවල් වලට කැමති නැතිලු



අමරදේව මාස්ටර් සහ ලතා වල්පොල කිව්වාම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තියපු කලාකරුවන් යුගලක්. මේ දෙදෙනා මා දන්නා තරමින් එකදු යුග ගීයක් හෝ ගායනා කර නෑ. ඒ වගේම මේ දෙදෙනා කිසි විටෙකත් එකම සංගීත ආරක් අනුගමනය කරන්නෙත් නෑ. ඒ වුනාට මේ දෙදෙනාම එකම කාරණයක් නිසා සිත් තැවුලකට පත් වී සිටිනවා යයි කිව්වොත් ඔබ මවිත වනවා නිසැකයි. මා දැනට විශ්වාස කරන ආකාරයට දැනට මේ සිත් තැවුල ඇති වෙලා තියෙන්නේ මේ දෙදෙනාට පමණයි. ඒත් තවත් අයත් ඉන්න පුලුවන්. මේ දෙදෙනා මෙසේ සිත් තැවුල් අති කරගෙන ඉන්න කාරනය කිව්වොත් ඔබට මේ දෙදෙනා සමග උරණ වන බව සිකුරුයි. ඒ වගේම ඔවුන් කුහක අය යයි ඔබ පවසන්ත් ඉඩ තියෙනව. ඔවුන්ට ලොකුම ගැටළුව වී තිබෙන්නේ අවුරුදු කීපයක සිට "මග නැගුම" ව්‍යාපෘතිය කීවොත් ඔබ තවත් කෝප වනවා නිසැකයි. රටේ වැදගත් කලා කරුවන් දෙදෙනෙක් මෙසේ රටේ සිදුවන සංවර්ධන ව්‍යපෘති දෙස අසුබවාදී ආකල්පයක් දැරීම බොහො දෙනාගේ මවිතයට හේතු වී තිබෙනවා. වඩාත්ම බැරෑරුම් කාරණය වනුයේ කුඩා අතු පාරවල් කොංක්‍රීට් කිරීමට පමණක් ඔවුන් විරුද්ධත්වයක් දැක්වීමයි. මෙය කෙතරම් ජර වැඩක්දැයි ඔබට මෙන්ම මටද සිතෙනව. මේ රටේ දුක් විඳින ජනතාවගේ ඉතා ප්‍රසාදයට පාත්‍ර වු මෙම කුඩා මාර්ග කොංක්‍රීට් කිරීමට ඔවුන් විරුද්ධ ඇයි ? සමහර ගීත රචකයන් සහ තවත් විද්වත්හූ බොහෝමයක් මේ කාරණාවෙදි ඔවුන් සමග එකඟ බවද දැන් දැන් අසන්නට ලැබෙනවා. ඔවුන් දෙදෙනා පවසන්න ඉතිරි ගම්බද මාර්ග ටිකවත් ඔහේ තියෙන්නට ඉඩ අරිනවානම් හොඳ බවයි. 


හොඳයි කුඩා මාර්ග කොංක්‍රීට් කිරීමට ඔවුන් අකමැති ඇයි ? කාට හරි හිතන්න පුලුවන්ද පුලුවන් නම් කමෙන්ට් එකක් දාන්න. 


පින්තූරය ගත්තේ : http://www.sundayobserver.lk

7 comments:

  1. නිසි ප්‍රමිතියකින් තොරව දාන කොන්ක්‍රීට් පාරවල් නිසා අද ලෙඩරෝග පෙනහලු ආශ්‍රීත රෝග 100% වැඩිවෙලා කිව්වොත් හරි..

    මාස 2 කට පෙර දාපු අපේ කොන්ක්‍රීට් පාරේ ෆුට් බයිසිකලයක් වත් පාරේ යන්න බැහැ. ලොකු සිමෙන්ති කුඩු + කළුගල් කුඩු + එක්ක දූවිල්ලක් එන්නේ..

    ගෙවල් දොරවල් විනාසයි. ඉතින් මේතරම් සම්පත් දූෂණයක් පරිසර දූෂණයක් ලෙඩරෝග ඇතිකරනවානම් මේවා කරලා මොකටද?

    පාරඉවර වී. තාර ඉසීමක් වගේ පිලියමක් කලානම් මෙය 100% සාර්තක වෙන්න තිබුනා...

    ReplyDelete
  2. සරලව හිතන්න. මේක ඇත්තටම මේ දෙන්නා කියන කථාවක් නොවෙයි. ඒත් එහෙම වෙන්න පුලුවන් කියලා මට හිතෙනවා.

    ReplyDelete
  3. ලතා වල්පොල: රතු ගුරු පාරේ හැන්දෑ වේ ....
    අමරදේව : මේ ගුරුපාරේ මේ දොල අයිනේ ....

    ReplyDelete
  4. චම් : ඔයා හරියටම හරි. මම අදහස් කරපු දේ ඔයාටත් හිතිල තියෙනව. මේ විදියට ඔක්කොම පාරවල් ටික කොංක්‍රීට් කලොත් "ගුරු පාර" කියන එක අපේ ව්‍යවහාරයෙන් අයින් කරන්න වෙනවා. ගුරු පාර කියන එක සඳහන් වෙච්ච තවත් ගීත ඇති. කවුරුහරි දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒත් මගේ පුද්ගලික මතය පාරවල් කොන්ක්‍රීට් කිරීමෙන් ප්‍රශ්ණ ගොඩක් අඩු කර ගන්න පුලුවන්. විශේෂයෙන්ම පාරවල් වල වළවල් වහන්න කොන්ත්‍රාත් ගන්න අය කරන බොරුව නැති කරන්න පුලුවන්. අවුරුද්දකට සැරයක් බුලත් විට කොටනව වගේ කාර්පට් මිශ්‍රණය දාලා තලාගෙන යනවට වඩා මේක හොඳයි. පේවින් බ්ලොක් දාලත් සමහර පාරවල් හදල තියෙනව මම දැක්ක. ඒකත් නරකම නෑ. ඒත් පාරවල් සෝදාපාළුව වලක්වන්න කොන්ක්‍රීට් තමයි හොඳ. හැබැයි කාර්පට් තට්ටුවකුත් දැම්මනම් හොඳයි.

    ReplyDelete
  5. දොළ ළඟ ගුරු පාරදිගේ එවී....
    සිනහ පපා ටිකිරි නගා..
    වසන්තා සන්දනායක

    ReplyDelete
  6. ඒකත් හරි තමයි.

    ReplyDelete
  7. දැන් උත්තරේ ඇවිල්ලනේ.. ඉතිං අපි මක්කැයි කියන්නේ. ගුරු පාර ගැන තව ගොඩක්ම තියනවා රතුපාට මල් මට තාම මතකයි ගුරපාර සරසන්න.......

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...