Monday, March 12, 2012

මම ඔබ සොයා එමි රැයේ....





මගේ දුව යන්නේ ජාත්‍යන්තර පාසලකට. ජනප්‍රිය පාසලකට මගේ දුවවත් දාන්න මගේ හිතෙත් ලොකු ආශාවක් තිබුනා. ඒත් බොරු කියන්න, බොරු ලියවිලි හදන්න, ලෝකේ නැති බොරු දරුවා ලවා කියවන්න, තවත් කෙනෙකුගේ ලිපිනය බදු ගන්න වගේ දේවල් වලට මගේ තියෙන අකමැත්ත නිසා මං තීරණය කලා ඇයව ජාත්‍යන්තර පාසලකට ඇතුලත් කරන්න. ඉතිං එයාගේ සිංහල දැනුම නාම මාත්‍ර එකක්. ඒ ගැන මගෙ හිතේ ලොකු දුකක් තියෙනව. ඊයේ පත්තරයේ සිංහල උන්ගන්වන්න කැමති ගුරුවරියකගේ දැන්වීමක් දැකලා කතා කර ගත්තා. අපේ ගෙදර, මගෙ දරුවාට සිංහල උන්ගන්වන්න වූ එක දෛවෝපගත සිදුවීමක්. හරියට වඩුවාගෙ ගෙදර පුටුව නෑ වගේ. මොනව කරන්නද ? මේ දරුවා 
වැඩියෙන් දන්නේ ඉංග්‍රීසි වචන නිසා සිංහල වචන ගැන එතරම් අවුබෝධයක් නෑ. මගෙන් දවසක් ටෝයි (සෙල්ලම් බඩුවක්) අරන් ඉල්ලුවාම මම කිව්වා පඩි ගත්තාම ගෙනත් දෙන්නම් කියල. එතකොට එයා අහනවා පඩි කියන්නේ සල්ලි වලටද ? කියලා. මම ඔව් කිව්ව. මටත් ඒ වගෙ පොඩි කාලේ සිංහල වචන ඒ හැටියට තේරුණේ නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ මට පොඩි කාලේ ඉංග්‍රීසි පුලුවන් කියන එක නොවෙයි. අපි කුඩා කාලයේ භාවිතා වුනු සිංහල වචන මහප්පරාන වෙච්ච එකයි. ඒ කාලයේ නිතර ඇහුණු ජනප්‍රිය ගීතයක් තමයි මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන "පියාපත්සල මම ඔබ සොය එමි රැයේ" කියන ගීතය. බොහොමයක් පොඩි එවුන් වගේ මමත් කණට ඇහුණ ගීතය පාඩම් කරගෙන මුමුණන පටන් ගත්තා. මගෙ මුලින් පෝස්ට් එකකදිත් කියල තියෙනව සමහර වචන වලට මම මටම ආවේනික තේරුම් හදාගෙන තිබුන බව. ඒ පොස්ට් එක මෙතැනින් කියවන්න.



http://www.blogger.com/blogger.g?blogID=5312591771037268816#editor/target=post;postID=4140551775925752695


මම ගොඩාක් කාලයක් යනකම් හිතාගෙන හිටියේ "පියාපත්සලා" කියන්නේ වත්සලා, නිසංසලා වගෙ ගෑණු ලමයෙකුගේ නමක් කියල. 

පින්තූරය ගත්තේ :  http://www.wildaboutmovies.com/

4 comments:

  1. නමක් කියල හිතුවත් අදහසට ලොකු හානියක් වෙන්නෙ නෑ.

    ReplyDelete
  2. ඒක ඇත්ත රාජ්. ස්තූතියි කමෙට් කලාට.

    ReplyDelete
  3. හික්ස්...

    ඇයි මම හිතන් හිටියෙ ඕ ලෙවල් වලට කලින් ඒ ලෙවල් ලියන්න ඕනෙ කියලා..මොකද ඒ තියෙන්නෙ ඕ වලට කලින්නෙ..

    ReplyDelete
  4. හී හී හී .... හරී. ඔයාගේ ඒ-ලෙවල් ඕ-ලෙවල් කථාවෙන් මටත් ඒ වගෙ මට වුන එකක් මතක් වුනා. මම 1989දී මම කරද්දී කම්පියුටර් එකක් දැකලා වත් නැතිව ප්‍රෝග්‍රැමින් කරද්දි ඉන්ස්ට්‍රක්ටර් නිතරම කියනවා කම්පයිල් කරලා රන් කරන්න කියල. මම දවසක් ඇහුවා රන් කරල කම්පයිල් කරන්න පුලුවන්ද කියලා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...