Saturday, February 18, 2012

රටටම රහසක් වු

ලංකාවේ පළමු සිංහල බ්ලොග් එක ...... Sri Lanka's 1st ever blog a Secret
blog based on paper 4 x 4 written on a atm cash reiceipt

මම හිතන්නේ ලංකාවේ මුලින්ම බ්ලොග් එකක් ලියන්න ඇත්තේ මං කියල. දැන් අපේ බ්ලොග් ලියන ප්‍රවීණයන්ට අම්බානකට තද වෙලා ඇති. මූ කොහොමද අපට කලින් බ්ලොග් ලියන්නේ කියලා. ඉන්නකෝ මං කථාව කියන කං. හොඳයි 1995 ට කලින් බ්ලොග් ලියපු කවුරුහරි ඉන්නවනම් අත උස්සන්න. සොරි සොරි අත ඉස්සුවාට පේනවැයි. මූ නං හරිම බූරුවෙක් කියලා දැන් ඔබ තුමාලට හිතෙනවා ඇති. මං කියන්නේ ඇත්ත. මං මුලින්ම බ්ලොග් එකක් ලිව්වේ 1995 මැයි මාසෙන් පස්සේ කියල මට සහතිකේටම කියන්න පුලුවන්. මොකද මේ ලිවිල්ල පටන් ගත්තේ මම 1995 දී මහජන බැංකුවට බැඳුනට පස්සේ. ඒ කාලෙදීත් කොළඹට සීමා වෙලා තිබ්බ ATM කාඩ් භාවිතය නිසා තමයි මේකට අඩිතාලම වැටුනේ. වහෙන් ඔරෝ කියන්නේ නැතුව කෙලින්ම කථාව කියන්න්ම. පෙට් ඒ කියන්නේ මහජන බැංකුවේ ඒටීඑම් කාඩ් පත. සාමාන්‍යන් ඔනෑම දෙයක් ඉක්මමන්ටම අත් හදා බැලීමේ පුදුමාකාර අසනීපයක් මට තියෙනවා. ඒක නිසාම වෙන්න ඕනෑ මමත් බැංකුවට ආපු ගමන්ම පෙට් කාඩ් එකකට ඇප්ලයි කලේ. ඒ කාලේ ගන්න තරම් වැඩි දෙයකුත් එකවුන්ට් එකේ නොතිබුනත් මිනි ස්ටෙට්මන්ට් කියලා එකක් තිබ්බ අන්තිම ගණුදෙනු පහ මුද්‍රණය වෙන. මගේ වැඩේ මිනි ස්ටටෙමෙන්ට් ගන්න එක. මුලින්ම මේව ටිකක් ගොඩ ගහගෙන ඉන්නකොට මට හිතුනා. මෙක හුඟක් දෙනා ගුලි කරලා විසි කරලා දාන එකේ මෙකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියල. ඒත් මේ අඟල් 4යි 4රේ කොල කෑල්ලෙන් මොනවද ගන්න පුලුවන් ප්‍රයෝජනය? අනිත් පැත්තේ මොනව හරි ලියන්න නම් පුලුවන්. හොඳයි අද ඉඳලා මම මෙකේ පත්තරයක් ලියනවා කියලා හිතා ගත්ත. ලියන්න නම් ඕනෑ තරම් දේවල් තියෙනවා ඒත් මොකක්ද මේකට දාන නම? පත්තරයක් උනහම නමකුත් තියෙන්න එපැයි. මේ දවස් වල සෙල්ටෙල් ලංකාවේ හොඳටම ජනප්‍රිය කාලෙ. එයාලගේ  පිටතට යන ඇමතුමකට මිනිත්තුවකට රුපියල් 13ක් අය කරනවා. අද කාලයේ හැටියටනම් මේක අස්ප ගණන් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් ඒ කාලයේ කවුරුත් දොසක් නොකියා ඔය ගානට සෙලියුලර් භාවිතා කලා. ඔය අතරේ එයාලගේ විශේෂ දීමනාවක් තිබුණා "ෆෝ බයි ෆෝ" කියලා. ඒ කියන්නේ කැමතිම අංක හතරකට විනාඩියක්ට රුපියල් 4 ගානේ. ඒ කාලයේ හැටියට ඒක පිස්සු හැදෙන දීමනාවක්. හැමෝම පෝලිමේ ඉඳල ගන්න තරමට ජනප්‍රිය වුනා. ඉතිං අර පෙට් යන්ත්‍රයෙන් එන කොළ කෑල්ලේ ප්‍රමනයත් 4 x 4 නිසා මට හිතුනා ඒ පත්තරයට ෆෝ බයි ෆෝ කියලම දාන්න. මේ පත්තරය ඒ කාලයේ නොබලන කෙනෙක් නෑ. අපේ ඉහල නිළධාරීන් පවා මේක හොරෙන් බැලුව කියල පස්සෙ මට ආරංචි   වුනා. මේකේ ලියන්න ඕනෑ තරම් කරුණු ඒ කාළයේ තිබුනා. දැන් ඔයාලගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්ණය මම දන්නව. මේක කොහොමද බ්ලොග් එකක් වෙන්නේ ෆොටෝ නෑ, කමෙන්ට් දාන්න බෑ. හොඳයි ෆොටෝ වෙනුවට මම ඒ කාලේ අතින්ම ඇන්ඳ කියමුකෝ. එතකොට කමෙන්ට් ? එකත් හරිම ලේසියි. තව පෙට් කොලයක කමෙන්ට් එක ලියලා ඒකත් මේකට ස්ටෙප්ලර් කරන්න තියෙන්නේ. එහෙම ලියපු එක කමෙන්ට් එකක් මට තවම මතකයි. ඒක ලිව්වේ ඒ පත්තරෙ හොඳම රසිකාවිය වෙලා හිටිය නර්මදා "කතෘතුමා තමන්ගෙ පුද්ගලික දේවල් මේකේ නොලියා හිටියොත් හොඳයි" කියලා. ඒ කාලේ පෙට් එකට යන හැමෝම මට පෙට් කොල හත අටක් ගෙනත් දෙන එක වරදින්නේ නෑ. ඒ කාලේ මගේ රචනා ශෛලියට හා මාතෘකා වලට ගුරු වුනේ මහින්ද අබේසුන්දර මහාතා ලක්බිමට ලියපු "මහින්දගේ ආගිය කථා" ඒ වාගේම කරුණාසේන සූරිය ආරච්චි මාහතාගෙ රචනා ශෛලියත් අදා පවා මා ලියන දේට දායක වුනා.

හොඳයි ඒකත් එක්තරා විදියක බ්ලොග් එකක් නෙවෙයිද ? ඒ කාලයේ හොඳ වෙලාවට මේක ඝනකම කඩදාසියේ මුද්‍රණය කලේ. දැන් වගෙ තර්මල් පේපර් එකේ ගැහුවනම් සොරිම තමයි.

14 comments:

  1. ඇත්තටම මට පස්සෙයි තේරුනේ කොල කෑලිවල ලියන ඒව බ්ලොග් වෙන්න බෑනේ. වෙබ් එකේ ලියන ඒවනේ බ්ලොග්.

    ReplyDelete
  2. වෙබ් වල ලියන ඒව බ්ලොග් නම් ස්ලිප් වල ලියන ඒව ප්ලොග් හො ස්ලොග් විය යුතුය. මේ දෙකින් මා වඩාත් කැමති ස්ලොග් කියන එකට. ඒකට හේතුව එය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වචනයක් නිසායි. ස්ලොග් ලියපු තව කවුරු හරි ඉන්නවානම් කමෙන්ට් එකක් දාන්න.

    ReplyDelete
  3. එහෙනම් මෙන්න මම comment එකක් දැම්මා.............

    ReplyDelete
  4. meka nam pasta kathawa aiye. Mata thamath oyage blog eke athitha katha balanna beri una. Mama nidahasa thiyana welaawata kage hari blog ekaka pathulatama gihin kiyawanawa. Ethakota thamai. Hemotama magaherunu watina lipi hamba wenne.
    Oya link eka daapu eka hodai.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශ්.

      Delete
  5. මම මේක දැක්කෙ අදයි. තව ලිපි තියනවා බලන්නන සුදීකගෙ.

    ReplyDelete
  6. අපිටත් තද වෙනවා හරිය.. හැක්..

    ReplyDelete
  7. මම 2000,2001 ඉස්කෝලේ 10,11 පන්තිවල ඉන්න කාලේ ලිව්වා පොතක මැද පිටු 2ක් කඩාගෙන ඒක ආය දෙකට නමලා ස්ටේපර් කටුවක් ගහලා"ගගුල"කියලා පොතක් වගේ එකක්.ඒකේ මම ලිව්වේ තනිකරම කුණුහරුප කතා...මට මේකට මූලික අඩිතාලම වැටුනේ අපේ පන්තියේ කොල්ලෙක්ගේ අක්කා කෙනෙක් ගියා ගාමන්ට්..ඒ අක්කාට කොහොමහරි ගෙදර ඇවිත් අමතක වෙලා ගිහින් තිබුනා"මීකිරි" කියලා කුණුහරුප තීරු පත්තරයක්.මේ කොල්ලා මේක මට ගෙනත් පෙන්නුවා.ඉස්කෝලේ 9,10 කියන්නේ කුතුහලේ උපරිමයෙන්ම දැනෙන කාලේ.මම මේක මුල ඉදලා අගටයි අග ඉදලා මුලටයි කියවලා තමයි මාත් මේ වගේ එකක් ලියන්න ඕනි අදහස ඇතිව "ගගුල" ලිව්වේ.
    පන්තියේ කොල්ලෝ කෙල්ලෝ අතර "ගගුල" නැගලා ගියා ටොප් එකට.උසස් පෙළ අයියලා අක්කලා අතටත් මේක ගියා.ඇත්තටම අද උසස් පෙළ පන්තියක ඉන්න අයට වඩා රසවින්දනයක් සංවේදීකමක් එයාලා ළග තිබුනා.එයලාත් මට කිව්වා ලියපන් මල්ලී මරු කියලා.කලාප 5ක්6ක් ලිව්වා,ඒක..කතා නැතුව අන්තිමට ඒක නැවතුනා මට මතක හැටියට.අතින් අතට ගිහින් අන්තිමට බලන අයට නම් ඒකෙන් භාගයක් වත් කියවන්න බැරිවෙනවා,කඩදාසියේ බාල කමත් තින්ත පෑනෙන් ලියපු නිසාත්.ගුරුවරුන්ට නම් එකක් වත් අහුවුන් නෑ.
    කොහොමත් මම ඒ කාලේ ඉදලාත් ආන්දෝලනාත්මකයි.බිත්ති පුවත්පතට ලිපියක් දැම්මත් දෙපැත්ත කැපෙන එකක් තමයි.මගේ ලිපි ගොඩක් වාරණය වුනා ඒ දවස්වල.අද අන්තර්ජාලයට ලියන්නෙත් බොහොම සැරට මම.

    ReplyDelete
    Replies
    1. මම විශ්වාස කරන එක දෙයක් තමයි, අපේ අත්දැකීමක් ලිව්වම තව ඒ වගේ ගොඩක් දේවල් දන ගන්න ලැබෙනවා කියන එක.

      Delete
  8. හයියෝ ඔයත් බැංකුවේ ද මට නම් ඕක පෙන්නේ බෑ.අවුරුදු දවසටත් වැඩ,තව සෙනසුරාදා ඉරිදා promotion එපා වෙන්නේ නැද්ද ආ

    ReplyDelete
    Replies
    1. මම වැඩ කරන්නේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඉතිං සාමාන්‍ය ශාඛාවක යට අදාල වැඩ වලට වඩා වෙනස්. නමුත් ඒ අය වැඩ කරන නිසා අපිටත් වැඩ කරන්න වෙනවා.

      Delete
  9. අපිනන මෑත කාලේ ගොඩ උණු උදවිය ... මමනං බ්ලොග් එක ලියන්න කලින්.. ඉස්කෝලෙදි එකම එක කවියක් ඇරෙන්න වෙන කිසිම.. ලිපයක් ලියල නැහැ.. රචනාවත් ලියන්නේ ලකුණු ඕනි නිසා.. මොකද හැමදාම සම්පුර්ණ ලකුණු මගේ රචනාවට හම්බු උනා..

    ReplyDelete
  10. මම යෝජනා කරනව ඉස්සර ඉස්කෝලෙ වැසිකිලි බිත්තිවල ලියන "රුවන් වැකි" , සම්භාව්‍ය පස් වැනි මණ්ඩලයට අදාල කුරුටු පින්තූර, සින්දු සහ කවි මේ ගොඩටම දාන්න ඕනෑ කියල.

    අර කිව්වත් වගේ මේකට දාන්න වෙන්නෙ "ට්ලොබ්" ( Toilet Log) කියල තමයි 😂

    කවුරු හරි මේ යෝජනාව ස්ථිර කරා නං ?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...