Thursday, February 9, 2012

ඔබට ගී ගයන මා .... For you I Sing ......

A boy singing holding a mic cartoon picture
පින්තූරය ගත්තේ : http://mello-photochallenge.blogspot.com 

මට මහ පුදුම පුරුද්දක් තියෙනවා කියලයි අපේ ඔෆිස් එකේ යාලුවෝ කියන්නේ. එගොල්ලොන්ගේ කටින් පිට වෙන හැම වචනයකටම ගැලපෙන සිංදුවක් මගේ කටින් ඒ මොහොතේදීම පිට වෙනවා. ඒක වෙන්නේ මමත් නොදැනුවත්වම. "උඹව හොඳයි අර ගීතයෙන් ගීතයට යවන්න" කියලා එක්කෙනෙක් කියනවා. ඒත් ඒ වැඩ සටහන තවම තියෙනවාද? කියලා අහන ගමන්ම මම මේ වගේ කථාවකුත් කිව්වා. ඒකෙ තියෙන්නේ නවත්වන අකුරට ගැලපෙන සින්දුවක් කියන්න. ඒත් මෙතන වෙන්නේ වචනයක් සම්බන්ධ කරගෙන සිංදුවක් කියන එක නේද කියලා. ඔන්න එහෙම වැඩ සටහනක් තිබ්බා නම් කියල මම ලිස්සලා ගියා. මේ කථාවේ ඇත්තක් නැත්තෙම නැහැ කියලා මගේ බ්ලොග් එක බලපු ඔයාලටත් දැන් තේරිලා ඇති. ඒ මෙතන තියෙන හැම විජට් එකටම මම දාලා තියෙන්නේ සිංදුවක කෑල්ලක් හින්දා. ඒ මදිවට සමහර මාතෘකා වලට දාන්නෙත් සිංදු වල කෑලි. ඒකෙත් යම් අනන්‍ය බාවයක් තියෙනව නේද ? ඒ වගේම ලොකු අභියෝගයකුත් තියෙනවා මේක දිගටම පවත්වාගෙන යන්න පුලුවන්ද කියලා ?


ඔෆිස් එකේ අය නොදන්න තවත් දෙයක් මගේ ලඟම හිතවතුන් දන්නවා. ඒ හුඟක් සිංදු වල වචන මට කට පාඩම් කියලා. සමහර අය පාටි වලදි සිංදු පටන් අරන මැද්දී හිර වෙනකොට මගේ මුණ දිහා බලනවා. මම ඉතුරු ටික ඇදන් යනවා. එක කාලයක්දී මගේ යාලුවෙක් මාව ලිරික්ස් මාස්ටර් කියලා හැඳුන්නුවෙත් මේ හින්දම වෙන්න ඇති. හැකි හැම විටම සිංදුවක් කියල හිත නිදහසේ ඉන්න එක කොයි තරම් හොඳයිද ? බලමු.

12 comments:

  1. හුඟක්ම පුංචි කාලේ සිසිර සේනාරත්න මහත්මයා ගායනාකරන "නීල ජලාසේ රඟනා හංස කුමාරී" කියන ගීතය පුටුවක් උඩ නැගලා අතින් මයික් එකක් වගේ තියාගෙන කියද්දි අපේ අම්මලා හිතල තියෙන්නේ කවදා හරි මම ගායකයෙක් වෙයි කියලා.

    ReplyDelete
  2. ගීතයෙන් ගීතය දැන් රේඩියෝ එක නම් යනවද දන්නේ නැහැ ඒත් සමහබ ෆොර්ම වල එහෙම ඕක කරනවා මන් දැකලා තියෙනවා

    ReplyDelete
  3. බොහෝ අයට සින්දු කියන්න පටන් ගත්තට අවසානෙ දක්වා කියන්න බැහැ . ඔබට ඒ දක්ශතාවය තියනව වගේ .

    ReplyDelete
  4. මෙහෙට ගොඩවැදුන මුල්ම වතාව.එල! දිගටම කියවන්ඩ ඕනේ කියලා හිතුනා..
    (මාත් සින්දු නම් කියනවා, එත් ඉතින් ගායනා කොරන්ට තමා අමාරු)

    ReplyDelete
  5. අපේ ගෙදර ඔක්කොටොම ඔය ලෙඩේ තියනවා.වචනයක් කියන්න බැ සින්දුවක් කියනවා.

    ReplyDelete
  6. ඕකත් ඉතින් එක්තරා ආකාරයක ටැලන්ට් එකක් තමයි. ඒ ඒ අවස්තාව අනුව ක්ශණිකව අදාල සින්දුවක් එහෙම ලේසියෙන් මතකෙට එන්නෙ නෑනෙ ගොඩ දෙනෙක්ට.

    ReplyDelete
  7. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ - ඇති ඉහලම සතුටයි මෙලොවේ. ඔබ සියලු දෙනා දමන ලද කමෙන්ට් වලට අනේක වාරයක් ස්තුතියි. එය මට දිරියක්.

    ReplyDelete
  8. අපෝ මගෙ යාලුවෙකුටත් ඉස්සර ඔය ලෙඩේ ටිකක් තිබ්බ...... මොකක්වත් කියන්න බෑ මූ කියනව සින්දුවක්...

    ReplyDelete
  9. අර ගීතයෙන් ගීතය ගොඩක් රට වල ( දකුණු ආසියාවේ මගේ දැනීමේ විදියට ) පාර්ටිස් , ෆැමිලි ගැදරින්ග් වලදි ජනප්‍රියයි . බන්ලාදේශ් වල මේකට කියන්නේ අන්තරාක්ෂරී කියලා .එක සැරයක් එහේ ගිහින් මටත් ඔය තරඟෙට ඉන්න වුනා ඔෆිස් එකේ කට්ටියක් එක්ක හවස තේ පාර්ටි එකක .මම කිව්වේ දෙගොල්ලම දන්න හින්දි සින්දු :) වචන වරදමින් :)

    ReplyDelete
  10. මම හැම දාම විශ්වාස කරන දෙයක් තමයි හිතේ තියෙන දේවල් ප්‍රසිද්දිය කථා කිරීමෙන් දැනුම වැඩි කර ගන්න පුළුවන් කියන එක. දැන් මම මේ මාතෘකාව ලිව්වේ නැත්නම් ටීඩී කියන මේ බංගලිදේශ කථාව අපි කාටවත් දැන් ගන්න ලැබෙන්නේ නෑනේ. ටීඩීට උනත් මේක දැන ගත්තත් කියන්න ඒ ගැන මතක් වුනේ මේ නිසයි කියලයි මට හිතෙන්නේ.

    කමෙන්ට් කලාට ස්තුතියි ටීඩී.

    ReplyDelete
  11. මේ තඩි බ්ලොගේ දැක්කහම සුදීක සින්දු වලට වඩා හොඳ වැල් බයිල වලට කියල හිතෙනව ?

    තරහ ගන්ට කාරි නෑ පොඩි කවටකමක් කළේ 😁

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේකේ හොඳම වැල් බයිලා කාරයෝ ගොඩක් ඉන්නවා. මම මොකෙක්ද ? ඕවට කියන්නේ පඳුරු තලනවා කියලා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...