Tuesday, January 3, 2012

බ්ලොග් යන්නට සිංහල තේරුමක් (තිබිය නොහැකිද) ? ...... Sinhala word for Blog

picture with word blog and pointer in it
මා තවමත් බ්ලොග් ලිවීමට පටන් අරන් දවස් කිහිපයකි. හරියටම කියනාවානම් දවස් තුනයි. ඒත් මගේ හිතේ බුබුර-බුබුරා නගින ප්‍රශ්ණය නම් "බ්ලොග් යන්නට සිංහල වචනයක් ගොඩ නගා ගත නොහකිද ?" යන්නයි. බ්ලොග් යනුවෙන් හඳුන්වන්නේ ඉංග්‍රීසි Web Log යන වචන දෙක බද්ධ කොට සාදා ගන්න ලද වචනයකි. මුලින්ම එය හඳුන්වා දී ඇත්තේ "ජොර්න් බාර්ගර්"(Jorn Barger) නැමැත්තය. ඒ අදින් අවුරුදු 14 කට පෙර එනම් 1997 දෙසැම්බර් 17 වන දා. ඉන් අණතුරුව එය විහිලුවට මෙන් We Blog ලෙස සන්ඳි කොට භාවිතා කොට ඇත්තේ "පීටර් ම්'ර්හොල්ස්" (Peter Merholz) නැමැති පුද්ගලයායි. පසුව එය වඩාත් ජනප්‍රිය වී බ්ලොග් යන්න ගලේ කෙටූවක් මෙන් ස්ථිර විය.



දැන් අපි බලමු මේ සඳහා ඇති සිංහල තේරුම් මොනවාද කියා. Web යන ඉංග්‍රිසි වචනයට ඇති සිංහල තේරුම්[ජාලය, සියොදුව,කොන්ද, පිළිකඩ, ආනාය, (රෙදි ) කච්චිය, දැල, ඇඟිලි අතරෙහි සවිය, වියමන] වලින් අන්තර්ජාලය යන තේරුම දෙන වචනය ජාලගත හෝ ජාලය ලෙස ගත හැක. Log යන්නට දී ඇති සිංහල තේරුම් [දැව කොටය, ලඝුගණකය, ලොගය, දශමාංශය, ලඝු, ළොඹුව, කොටය, කඳ, ලී කඳ] බොහෝ  විට අදාල නොවන ඒවය. මක් නිසාද Log යන වචනය ඉංග්‍රීසියෙදී බහුවල භාවිතා කරන්නේ ලී කොටය යන තෙරුමෙන් වන නිසාය. එහෙත් ලොග් යන්නට දිය හැකි සිංහල තේරුම් කිහිපයක් වෙයි. ලිපිය, සටහන වඩා අර්ථවත් ඒවාය. ඒ අනුව කෙලින්ම මේ වචන දෙක සම්බන්ධ කර පහත ආකාරයේ සංකරණ ලබා ගත හැක

ජාලගත + ලිපිය        ජාලගත + ලිපි
ජාලගත + සටහන     ජාලගත + සටහන්

ජාල + ලිපිය             ජාල + ලිපි
ජාල + සටහන          ජාල + සටහන්


එහෙත් මේ වචන දෙකෙන් ජාලගත හො ජාල යන පලමු වචනය සඳහා වඩාත් ගැලපෙන වචනය ජාලීය යන්න බව පැහාදිලි වේ. ඒ අනුව ඉහත සංකරණ මේ අයුරින් සකසා ගත හැක

ජාලීය + ලිපිය      ජාලීය + ලිපි
ජාලීය + සටහන    ජාලීය + සටහන්


ඒ අනුව වඩාත් තේරුමක් ඇති වචනය විය හැක්කේ

"ජාලි" බව පැහැදිලිය.


එහි ඒක වචන තේරුම "ජාලිය" හො "ජාලියක්"  වේ.
Blog-කරු යන්නෙහි තේරුම "ජාලිකයා", "ජාලික(යන්)" විය
Blog-කරණය යන්න "ජාලිකරණය" ලෙසද නම් කල හැක.

මා මෙහි සඳන් කලේ ඒ සඳහා ගත හැකි එක් ප්‍රායෝගික වචනයක් පමණි. ඒ සඳහා තවත් නොයෙකුත් වචන් තිබෙන්නට පුලුවන. එක් අතකින් Blog යන්න සමාජගත වී තීබෙන ප්‍රමාණයට මෙම වචනය ජන වහරට ගෙන යා හැකිද යන්න ප්‍රහේළිකාවකි. එහෙත් පීකිං යන්නට බීජ්ං යන්නත් බොම්බාය යන්නට මුම්බායි යන්නත් යොදා ගත්තානම්, එම රටවල් දෙකෙහි ජනගහනය සසඳා බැලීමේදී මෙය කජ්ජ්ක් නොවන බව පැහැදිලිය.

ආශ්‍රිත වෙබ් අඩවි : http://en.wikipedia.org/wiki/Blog
වචන පරිවර්ථන : MADHURA English-Sinhala Dictionary


සුභාෂ් දිල්රුක් කන්නන්ගර
2012-01-03.

8 comments:

  1. යාළුවා ඔයාගේ ලිපිය හරිම රසවත්. blog කියන එකට සිංහලෙන් කියන්නේ "වියුණු" කියලා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තුතියි විශ්වජිත්. "වියුණු" කියන්නේ වියමන කියන තේරුමෙන් හැදුන එකක් වෙන්න ඕනෑ. අහන්න ලැබීම සතුටක්. මොනවා වුනත් දැන් බ්ලොග් කියන වචනය වෙනස් කරන්න අමාරුයි නේද ?

    ReplyDelete
  4. මමත් අසා ඇත්තේ වියුණු ලෙස යෙදෙන බවයි.
    අනික වියුණු කියලා නොදන්නා ඉංගිරිසියෙන් කියනවට වඩා බ්ලොග් කියලා දන්න හිංගලෙන් කියන එක හොඳා!

    මං ආවේ මේ අඩවියේ මූලාරම්භය බලලා යන්නයි..

    ReplyDelete
  5. එහෙනම් අපි මේක පෙන්නමු පොඩි අය්යට... :D

    ඇත්තටම මටත් තිබුණ ප්‍රශ්නයක් මේක....අද හමු උනා උත්තර

    ReplyDelete
  6. එතකොට ඉන්ද්‍ර කියන බ්ලොග් කාරයට කියන්නෙ ඉන්ද්‍රජාලිකයා කියලද?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...